Pages

Friday, August 23, 2013

කච්චතිව් දූපත අපේ. සීමාව පනින ධීවරයින් නිදහස් කරන්නේ නෑ - ජී.එල්. ඉන්දියාවේදී කියයි

gl-peiristපොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් තිබේ. එහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එරට මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ දෙරටේ එකඟතාව මත ශ්‍රී ලංකාවට පවරා දී ඇති කච්චතිව් දූපත සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමක් අවශ්‍ය නොවන බවය. ඉන්දියාවේ දෙදින සංචාරයක නිරතව සිටින මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ කච්චතිව් දුපත පිළිබඳ ගැටලුවක් නොමැති බවයි. මේ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් වරකට 1500ක් පමණ යාත්‍රා 400ත් 500ත් අතර ප්‍රමාණයකින් පැමිණ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වන බවත් ඔවුන් මුදානොහරින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මෙරට අත්අඩංගුවේ පසු වු ඉන්දීය ධීවරයින් සිය දෙනෙකු පමණ පසුගියදා මුදාහැර ඇති අතර සෙසු ධීවරයින් වෙනුවෙන් එවැනි සහනයක් ලබාදීමට අපේක්ෂා නොකරන බවද ඇමතිවරයා පවසයි. 
මෙරට වෙරළ තීරයේ සිට මීටර් 700ක් පමණ ආසන්නයට පැමිණ මත්ස්‍ය සම්පත නෙළා ගන්නා ඉන්දීය ධීවරයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද අමාත්‍යවරයා තහවුරු කරයි. 

2013 අගෝස්තු 19  02:35 p:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16140:2013-08-19-09-10-28&catid=34:news&Itemid=62

1 comments:

EMoney said...

ලංකාවේ සම්පත් රැක ගැනීමටත් ස්වාධිනත්වය ආරක්ෂා කර ගැනීමටත් ගෙන ඇති හොද තීරණයක්.