Pages

Friday, August 16, 2013

විශ්වාසයි - කච්චතිව් නුදුරේදීම ඉන්දියාව සතුකර ගන්නවා - ජයලලිතා

කච්චතිව් දූපත නුදුරේදීම නැවත ඉන්දියාව සතුකර ගන්නා බව ඉන්දීය නිදහස් දිනය සමරමින් චෙන්නායිහි දී ඊයේ (15දා) පැවැති උත්සවයකදී තමිල්නාඩු ප්‍රධාන ඇමැතිනි ජයලලිතා ජෙයරාම් දේශපාලන බෝම්බයක් පුපුරුවා හැරියාය. නිදහස් දින සැමරුම නිමිත්තෙන් පැවැත් වූ කතාවේදී ඇය අවධාරණය කර ඇත්තේ කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් මධ්‍යම රජයේ වැරැදි දේශපාලන ප්‍රතිපත්ති නිසා අපහසුතාවට පත්වී සිටින තමිල්නාඩු ජනතාව ඉන් මුදා ගන්නා බවත්ය.

තමිල්නාඩුවේ චෙන්නායිහි ශා.ජෝර්ජ් චතුරශ්‍රයේ දී තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍ය ධජය හා ඉන්දීය ජාතික ධජය ඔසවමින් තමිල්නාඩු ප්‍රධාන ඇමැතිනිය පැවැසුවේ කච්චතිව් නැවත පවරා ගැනීම පිළිබඳ තමන්ට මහත් විශ්වාසයක් ඇති බවයි.

1974 දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇති කර ගත් එකඟතාවකට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් අතර ඉන්දීය ධීවරයන් කච්චතිව් අවට මුහුදේ මසුන් මැරීමේ හේතුව උඩ බොහෝ විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබයි. මේ නිසා තමිල්නාඩු රජය මේ අත්අඩංගුවට ගැනීම්වලට විරුද්ධව නැවත කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට බලකර සිටී.

සංජය දසනායක

0 comments: