කාර්මික පර්යේෂණ ආයතනය විසින් ෆොන්ටෙරා සමාගමේ කිරිපිටි නිෂ්පාදනවල ඩී.සී.ඩී. විෂ රසායනිකය ඇති බවට වාර්තාවක් නිකුත් කර තිබියදී, තම කිරිපිටි නිෂ්පාදනවල කිසිදු විෂ රසායනිකයක් නොමැති බව එම සමාගම විසින් කළ ප්රචාරයන්ට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ගම්පහ දිසා අධිකරණයේ ගොනු කරන ලද නඩුවකට අනුව වාරණ නියෝගය පනවන ලදී. මෙසේ ගොනු කරන ලද නඩුවේ පැමිණිලිකරුවන් විසින් කරනු ලැබූ පැමිණිල්ලෙන් ලෝaකයේ විවිධ රටවල තහනම් කර තිබෙන ආකාරයට නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටිවල ඩී.සී.ඩී. විෂ රසායනිකය අඩංගු වී ඇති බවත් ඒ අනුව යමින් රුසියාව, වියට්නාමය, චීනය හා තායිලන්තය වැනි රටවල් නවසීලන්ත කිරිපිටි ආනයනය නවතා ඇති බවත් සඳහන් කර තිබේ.
තවද මෙම නඩුවේ පළවැනි විත්තිකාර සමාගම වන ෆොන්ටේරා ලංකා සමාගම නවසීලන්තයේ පිහිටි සිය මවු සමාගමෙන් ආනයනය කරනු ලබන කිරිපිටිවල අන්තර්ගත බටර් මිල්ක් පවුඩර්, හෝල් මිල්ක් පවුඩර්, ස්ටේන් මිල්ක් පවුඩර් යන සංයෝගවල ඩී.සී.ඩී. රසායනිsක සංඝටකය අඩංගු බව තහවුරු වී ඇති බවත්, කාර්මික තාක්ෂණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කැරොල් බානාඕ විසින් සනාථ කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ. මෙයට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝගී අංශ ප්‍රධානී වෛද්‍ය චන්න ජයසිංහ මහතා විසින් නවසීලන්තයේ සිට ආනයනය කරන ලද කිරිපිටිවල ඩී.සී.ඩී. කෘෂි රසායනිකය සුළු වශයෙන් හෝ අඩංගුව තිබීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
නවසීලන්තයේ පිහිටි ෆොන්ටෙරා කිරිපිටි නිෂ්පාදනයන් කීපයකට ඩොට්යුලිනම් බැක්ටීරියාව ඇතුළු වී ඇති බවට ප්‍රකාශ වී ඇති බවත්, එම බැක්ටීරියාව අඩංගු කිරිපිටි භාවිත කිරීම මනුෂ්‍ය ශරීරයට අහිත කර බවද පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ.
ඒ අනුව විත්තිකාර ෆොන්ටෙරා සමාගම විසින් නවසීලන්තයෙන් ගෙන්වා බෙදාහරිනු ලබන කිරිපිටි මිනිස් සිරුරට අහිතකර විෂ රසායනික අඩංගුවීම මත එම කිරිපිටි දේශීය වෙළඳපළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා අතුරු ඉන්ජන්සන් තහනම් නියෝගයක් හා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.
මෙම ඉල්ලීමට අනුව ගම්පහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසින් පැමිණිල්ලෙන් ඉල්ලා සිටි පරිදි බියගම දෙල්ගොඩ පාරේ නො. 100 දරණ ස්ථානයේ පිහිටි ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගමට හා එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ලියෝන් ක්ලෙමන්ට් මහතාට එරෙහිව එම සමාගමේ කිරිපිටි නිෂ්පාදන විකිණීම, බෙදාහැරීම, වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී.
නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි නිෂ්පාදනවල විෂ රසායනිකයන් හා බැක්ටීරියාවක් අඩංගු බවට තහවුරු කිරීම සඳහා කරුණු 42 ක් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්නප්‍රිය, ලේකම් නාලක හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ඊ. ඒ. ජයසිංහ යන මහත්වරු මෙම නඩුවේ පැමිණිලිකරුවෝ වෙති.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සංගමයේ ලේකම් උපුල් ජයසූරිය, නීතිඥ උපුල් දේශප්‍රිය යන මහත්වරු ඇතුළුÊනීතිඥ පිරිසක් පෙනී සිටියහ.
මෙම නඩුqවේ වැඩිදුර විභාගය අගෝස්තු 30 ගම්පහ දිසා අධිකරණයේදී සිදුකෙරේ.

0 comments:
Post a Comment