Pages

Saturday, August 24, 2013

ෆොන්ටෙරාට එරෙහි වාරණය ඉවතට

ෆොන්ටෙරා සමාගමට අයත් කිරිපිටි ඇතුළු සියලු නිෂ්පාදන විකිණීම බෙදාහැරීම සහ ප්‍රචාරණය සම්බන්ධව මෙම මස 30 වැනිදා දක්‌වා පවරා තිබූ වාරණ නියෝගය ඊයේ (23 වැනිදා) ගම්පහ දිසා අධිකරණයේ දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මෙනවිය විසින් ඉවත් කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් පසු නියෝගය නිකුත් කෙරිණි. 

මෙම නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ නිලධාරි මණ්‌ඩලය විසිනි. ෆොන්ටෙරා සමාගම නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි සහ ආශ්‍රිත ද්‍රව්‍යවල ඩී. සී. ඩී. ඇති බවට එහිදී ඔවුන් චෝදනා කර තිබිණි. 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරිය විසින් ෆොන්ටෙරා සමාගමට එරෙහි වාරණය අහෝසි කළ අතර මෙම අධිකරණයේදී එම සමාගමට එරෙහිව ගොනු කර තිබූ වාරණ නියෝග උල්ලංඝනය කිරීම වෙනුවෙන් විත්තිකාර සමාගමේ අධ්‍යක්‌ෂවරුන්ට ලබන මස 25 වැනිදා ගම්පහ දිසා අධිකරණයේ පෙනී සිටීමටද නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ සුදත් පෙරේරා මහතා ඇතුළු නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

ගම්පහ අධිකරණ - විල්සන් පලිහවඩන, ගම්පහ සමූහ - සුසිල් රණමුක

2 comments:

EMoney said...

වාරණය ඉවත් කළාට අ‍පි දැන ගන්න ඕනි පරිස්සම් වෙන්න.

EMoney said...

වාරණය ඉවත් කළාට අ‍පි දැන ගන්න ඕනි පරිස්සම් වෙන්න.