Pages

Friday, August 16, 2013

ප්‍රංශය අනතුර හඳුනාගනී - ආගමික පළඳනා ප‍්‍රංශ විශ්වවිද්‍යාල තුළ තහනම් කිරීමේ සූදානමක්

ප‍්‍රංශයේ විශ්ව විද්‍යාල සිසුන්ට ආගමික පළඳනා හැඳීම තහනම් කරන නව නීතියක් ගෙන එනු ඇතැයි වාර්තා පළවී තිබේ.

විශ්ව විද්‍යාල තුළ ආගමික විෂමතා සමනය කිරීමේ අරමුණින් අනුකලනය පිළිබඳ උසස් කවුන්සිලය විසින් ඉදිරිපත් කෙරුණු මූලික නිර්දේශයන් තුළ කි‍්‍රස්තියානි කුරුසිය, යුදෙව් කිප්පා හිස්වැසුම් සහ මුස්ලිම් හිස් පළඳනා තහනම් කිරීම වෙත රජයේ අවධානය ලක්කර ඇත.

වාර්තාවේ කතෘවරයෙකු වන ඇලෙයින් සෙක්සිග් පවසන්නේ ආගමික විෂමතා නිසා පැනනැගුණු ගැටළු ගණනාවකට පිළිතුරක් ලෙස මේ පියවර යෝජනා කළ බවයි.


අධ්‍යාපනය කිසිදු දේශපාලන, ආර්ථික, ආගමික හෝ දෘෂ්ඨිමය බලපෑමකට ලක් නොවිය යුතු බව එම කමිටුවේ අදහස වී ඇත.

පාසැල් වල ආගමික සංකේත භාවිතය වළක්වමින් 2004දී නීතියක් සැකසුණද එය විශ්වවිද්‍යාල සඳහා යෙදී නොමැති බව පැවසේ.

2011 වසරේදී මුස්ලිම් කාන්තාවන් සඳහා නිකාබය සහ මුහුණ ආවරණය කෙරෙන බුර්කාව ප‍්‍රසිද්ධ ස්ථාන වලදී හැඳීම තහනම් කරන ලද අතර එය කාන්තා නිදහස අහිමිකිරීමක් බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් සඳහන් කරනු ලැබිනි.  නියෝගය කඩ කළ කාන්තාවන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබූ බවද පැවසේ.

පසුගිය මාසයේදී පැරිස් නගරය ආශ‍්‍රිතව මුස්ලිම් කාන්තාවන් පරීක්ෂා කිරීමේ සිදුවීමකදී කුපිතවූ මුස්ලිම් ජනයා පොලිස් ස්ථානයකට ගල් මුගුරු වලින් පහර දෙන ලදී.

මිලියන 5ක් මුස්ලිම් ජනතාව ජීවත්වන ප‍්‍රංශය යුරෝපයේ වැඩිම මුස්ලිම් ලබ්ධිකයන් පිරිසක් සිටින රට ලෙස සැලකේ.

August 16, 2013 at 3:23 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/99414/

0 comments: