Pages

Thursday, July 27, 2017

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගේ බිරිද හා ඔහුගේ පුතුට ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා

මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ලන්ඩනයේ අවන්හලකදීයි.

තමීම්ගේ බිරිද ආයිසා සිද්ධිකා හා ඔවුන්ගේ පුතු ලන්ඩනයේ අවන්හලකට ඇතුලුවී ඇති අතර ආයිසා හිජාබය (ඉස්ලාම් කාන්තාවන්ගේ හිස් වැසුම) පැළද සිටීම හේතුවෙන් අවන්හල් හිමිකරු සහ සේවකයින් ඔවුන්ව එලවා දැමීමට කටයුතු කර ඇත.

හිමිකරු එය ගලවා ඇතුලු වන ලෙස අවවාද කර ඇති අතර එහිදි එය ප‍්‍රතික්ෂේප කල නිසා ඇසිඩි ප‍්‍රහාරය එල්ල වී ඇත බව වාර්තා වෙයි.

මේ හේතුව නිසා එංගලන්තයේ Essex Eagles කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටි තමීම් හදිසියේම එය ප‍්‍රතික්ෂේප කරමින් සිය මව් රටට ගොස් තිබේ.

http://www.colombotoday.com/36041-232563/

බාලවයස්කාර දැරියන් 18 දෙනෙකුට වසර ගණනාවක් ලිංගික අතවර කළ මොහොම්මදු මොහාර් රක්ෂිත බන්ධනාගාරයට... දැරියන් සිටි කාමර වල කැමරා සවිකර බලා ඉඳලා!

කළුබෝවිල ප්‍රදේශයේ ළමා නිවාසයක රදවා සිටි බාලවයස්කාර දැරියන් අදහට (18) දෙනෙකුට වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු ලබන අගෝස්තු 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (25) නියෝග කළේය.

මොහොම්මදු සරිප්පුගේ මොහාර් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර ඔහු අදාළ ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා බවටද අනාවරණය වේ.

අධිකරණ නියෝග මත මව්පියන් විසින් භාර දෙන ලද 10 හා 17 හැවිරිදි වියේ පසුවන මෙම දැරියන්, එම ළමා නිවාසයේම රැදි සිටි සැකකරු විසින් කරන ලද අතවරයන් පිළිබදව එහි පාලිකාවට කොතෙක් දැන්වූවත් ඇය එම තොරතුරු වසන් කර ඇති බවද, එම ළමා නිවාසය පරීක්ෂාවට එන නිලධාරීන්ට එම සිද්ධිය අනාවරණය කිරීමට දැරියන් උත්සහාගත් සෑම අවස්ථාවකදීම ඇය විසන් එය වළක්වා ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ.

දැරියන් රැදී සිටි කාමර වල සීසීටීවි කැමරා සවිකර තිබෙන අතර අදාල පුද්ගලයා පුළුල් තිරයකින් එම දර්ශන නැරඹීම සිරිතක් කරගෙන සිටි බවද හෙළිවී තිබේ.

කොහුවල පොලීසියේ කොස්තාපල් දයාසිරි (33789) මහතා පැමිණිල්ල මෙහෙයවීය.

http://www.colombotoday.com/36438-23256/

Tuesday, July 25, 2017

රෙදි පෝලිමක් එක දිගට ගැලවී වැටෙයි.. බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…

මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.

අදාල මහල් නිවාසය අයත් ව්‍යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.

නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.

හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප‍්‍රවෘත්තිය මෙතනින්

Lanka C News

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසු බව කියූ බොදු බලේ දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරේ.. බොරු චෝදනා කලාට පොලිසියට අධිකරණයෙන් කුණු බැණුම්..

මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉකුත් මැයි මස 21 දා අලුයම කාලයේදී කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරමින් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර අසාඩ් සාලි වැනි පිරිස් මුස්ලිම් ජනතාව කුලප්පු කිරීමේ නින්දිත උත්සහයක ද යෙදුණා හ.

ඇති වු තත්ත්වය හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරය මුස්ලිම් පල්ලියට එල්ල කිරීම සම්බන්ධව ගලගොඩාඅත්තේ හිමිගේ බොදුබල සේනාවේ සමාජිකයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවයි. ඒ සඳහා ඒ දිනවල මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුනි.

එහෙත් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල එම සැකකාර තරුණයන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම පසුගිය දා කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් නිසා නිදොස් කොට නිදහස් කර ඇත.

රස පරීක්ෂක ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැරදි නිගමනයන්ට එලබ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුයන්ව සැක පිට අත් අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට දැඩිලෙස අවවාදය කොට එම තරුණයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.


Lanka C News

Saturday, July 22, 2017

ඇමති බදියුදීන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි.. රට පුරා විකාශනය සූදානම්..

ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම නාලිකාවන් රට පුරා විකාශණය කිරීම සදහා ආණ්ඩුවෙන් අවසර ලබා ගැනීම සදහා ඇමතිවරයා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් සිටින බවත් එය සාර්ථක මට්ටමට පැමිණ ඇති බවත් සදහන්ය.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට පෙර මෙම නාලිකාවල විකාශණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙයි.

Lanka C News

අවුකන-රැස්‌වෙහෙර බුදු පිළිම නෙලූ දෙසොහොයුරන්ගෙන් තරගයෙන් පැරදුණු ගල් වඩුවා ගල් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනී!

කලාවැව කිට්‌ටුව පිහිටි අවුකන බුදු පිළිමය හා කැකිරාවෙන් ඔබ්බෙහි පිහිටි රැස්‌වෙහෙර බුදුපිළිමය සමකාලීනව නිර්මාණය වූ බුදුපිළිම දෙකකි. පිහිටි ගලේ නෙළා ඇති මේ යෝධ හිටි බුදුපිළිම පිහිටි ගලේම නෙරා ඇති බුදුරූ ඉදිරියට විදහාපායි. බුද්ධ රූප පිටුපසින් ස්‌වාභාවික ගල්තලාවට පෑහී පවතී. වඩාත් කලාත්මක පරිසමාප්ත බුදු පිළිමය අවුකනයි. රැස්‌ වෙහෙර අවුකන සමඟ සසඳනවිට මටසිලිටු බව අඩුය. බිමින් මේ බුදු පිළිම දෙක අතර පරතරය සැතපුම් පහළොවකට කිට්‌ටුය. ඒ වටරවුමේ මාර්ග ඔස්‌සේ යා යුතු බැවිනි. එහෙත් අහස්‌ දුර සැතපුම් පහකට අඩුය. රැස්‌ වෙහෙර පිළිමය ගැන රසවත් ජනකතාවක්‌ පවතී. ගලේවෙල මහා විද්‍යාලයේ උපගුරුවරයකු ව අප සිටියදී අප මිත්‍ර ජයතිලක මහතා සමඟ අසීරු පටු රැස්‌වෙහෙර පාරේ ගිනියම් අව්වේ පාපැදියකින් රැස්‌වෙහෙරට යැමට හැකිවිය. ගිනියම් අව්ව ඇඟපත පුළුස්‌සයි. පාපැදිය පැදවූ ජයතිලක විඩාවෙන් හෙම්බත් ව ඇත. ඉදිරියේ හිඳගෙන ගිය මගේ දෙපා හිරි වැටී ඇත.

තේ කෝප්පයක්‌ බීමට අසල පිහිටි කුඩා කඩයකට අපි ගොඩ වැදුනෙමු. එහි සිටි මහල්ලෙකු මේ කතාවට මුල පිරුවේය. මේ කිට්‌ටුව ගමක එක පවුලක්‌ හිටියා බුදු පිළිම ගලෙන් නෙළන ශිල්පි පරම්පරාවක්‌ . බොහෝම ලස්‌සනට රුවට ඔපයට හැඩ වැඩ කරලා බුදු පිළිම නෙළන්නට ඒ පවුලට පරම්පරාවෙන් උපන් හපන්කම් තිබුණා. පියා මහලුය. දැන් ළඟ පාතක මිසක්‌ ඈත වැඩට ගියේ නෑ. ඔය කාලේ තමා අවුකන පිළිමෙයි රැස්‌ වෙහෙර පිළිමෙයි නෙළන්නට ඉදිරිපත් වෙන්න කියලා ශිල්පීන්ට දන්වලා රඡ්ජුරුවෝ රටේ අණබෙර ගැහැව්වේ. ගමේ අණබෙර ගහන කොට අර මහලු පියා ගිහින් අණ බෙරය නැවැත්තුවා. මගේ පුත්තු දෙන්නා ඔය බුදුපිළිම දෙක නෙළන්න --- හපන්නු කියලා දැන්නුවා අණ බෙරකාරයා එක්‌ක පියයි පුත්තු දෙන්නයි රජවාසලට ගියා. 

රඡ්ජුරුවෝ සන්තෝෂවෙලා එකම දවසේ පිළිම දෙකේ වැඩ නැකතට ආරම්භ කරන්නට කීවා. හොඳ සුබ වේලාවක්‌ බලලා පුත්තු දෙන්නා පිළිමවල වැඩ ආරම්භ කළා. ඒ අයගේ පවුලට රජවාසලෙන් කෑම බීම යෑපුම් ආහාර ද්‍රව්‍ය සැරෙන් සැරේ ලැබුණා. අවුරුදු තුනක්‌ දෙන්නා වෙන වෙනම පිළිම දෙක නෙළුවා. අයියා තමා අවුකන පිළිමේ නෙළුවේ. රැස්‌වෙහෙර පිළිම නෙළුවේ මල්ලී. හැම පසළොස්‌වක පෝයකම දෙන්නා ගෙදර ඇවිත් පිළිමවල කරපු වැඩ කොටස්‌ විස්‌තර කරනවා. ඔහොම පිළිම දෙක නෙළුවේ තරගෙට වාගේ.

මහල්ලා බුලත් විට සපමින් ගිනියමෙන් පුපුරු ගහන අව්වේ මිදුලට බැස කඩේ ඉදිරිපිට තිබූ රූස්‌ස ගහයට තබා ඇති බංකුවේ වාඩිවී අප දෙස බලයි.

"ඉතින් මොකද වුණේ?"

අවුරුදු තුනක්‌ ගතවෙලා ගියා. අයියා නෙළපු අවුකන පිළිමේ වැඩ ඉවරයි. හරියටම පසළොස්‌වක පෝයදා වෙන කොට පිළිමේ වැඩ මුළුමනින්ම ඉවර කරන්න පුළුවන්කම ලැබෙනවා. රැස්‌වෙහෙර පිළිමය නෙළුවේ බාල සහෝදරයා ඒකේ ඔපමට්‌ටම් කරන්නට තව වැඩ ඉතිරි වුණා. තවත් කාලයක්‌ ගියාමයි රැස්‌වෙහෙරේ පිළිමේ වැඩ ඉවර වෙන්නේ.

පසළොස්‌වක පෝයට දෙබෑයෝ ගමට ආවා. තමන්ගේ පිළිමේ වැඩ ඉවරයි කියලා අවුකන පිළිමේ නෙළු අයියා කීවා. බාල සහෝදරයාට ලොකු වේදනාවක්‌ ඇති වුණා. වැඩි කතාබහක්‌ නැතිව පසළොස්‌වක පොහොය ගෙවිලා එයා රැස්‌ වෙහෙරට ගියා. තමන් නෙළපු පිළිමේ දිහා පැය ගණනක්‌ ගල් ගැහිලා වගේ බලා සිටියා. හිත එක අරමුණකට ගත්තා. සහෝදරයාට වුණත් පරාජය ලැඡ්ජාවක්‌. බුදු පිළිමයත් එක්‌ක තියෙන ගල් පර්වතයට ශිල්පියා නැග්ගා. දැස්‌ පියා ගත්තා. හුලඟත් එක්‌කම බිමට පැන්නා. මුළු ශරීරයම ලේ විලක්‌ මැද කෑලි කෑලි විසිරිලා ගියා. රඡ්ජුරුවෝ ගම්වැසියෝ බොහෝම විස්‌සෝපවෙලා ගෞරවයෙන් ශිල්පියාගේ ආදාහනය සිද්ධ කළා. නෙළන්නට ඉතිරිවෙලා තිබුණු කොටස්‌ අදත් ඒ විදිහටම තියෙනවා. 

ඔහු කතාව නවතා අප දෙස බලයි.

තුනුරුවන්ගේ පිහිටයි. මහත්තයලා ගිහින් එන්න.

රැස්‌වෙහෙර පිළිමය අවට පරිසරය නරඹන විට මහලු ගැමියා කී කතාව අපට මතක්‌ විය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/07/23/feature04.html

Aukana Pic Source
Reswehera Pic Source

ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද? මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

(බුද්ධානුස්‌සතිය - 4)

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ හෙළු රුධිරය බව දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ 'මගේ කරගෙන' බැඳී සිටින ඔය කුමන රූපයක්‌වත් ඔබ වෙනුවෙන් මේ ජීවිතයේදී අවම වශයෙන් කඳුළු බාල්දියක්‌ හෙළා තිබෙනවාද?

කඳුළු සාගරයත්, කඳුළු බාල්දියත් සංසන්දනාත්මකව දකිමින් පිංවත් ඔබේ සැබෑ සැපය උදෙසා, දුකෙන් මිදීම උදෙසා ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ අයෝමය කැපවීම, ආරක්‍ෂාව නුවණින් දකින්න. පිංවත් ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම වෙනුවෙන් අතීතයේ දන් දුන් ශරීර මාංශ බව නුවණින් දකින්න. බුදුරජාණන්වහන්සේ දෙපා තබාගෙන වැඩසිට පිරිනිවී ගිය මේ මහපොළොව මත, යම් දවසක ඔබේ ශරීරය මළකුණක්‌ කොට තබා, නැවන උපතකට නොයනවාය කියන අධිෂ්ඨානය ඔබ ඇතිකොට ගන්න. 

බෝධි සත්ත්වයන් දන් දුන් සක්‌විති රජ පදවි, තනතුරු, කීර්ති ප්‍රසංශා නුවණින් දකිමින් බෝධි සත්ත්වයන්ගේ අරමුණ කෙරෙහි කැපවීම, වීර්යය නුවණින් දකින්න. තනතුරු උදෙසා බලය උදෙසා ජීවිතයක්‌ පාවා දෙන සමාජයක, පිංවත් ඔබේ සැබෑම මාර්ගෝපදේශකයා, මගපෙන්වන්නා, බුදුරජාණන්වහන්සේ යෑයි නුවණින් දකින්න. සද්ධන්ත කුලයේ ඇතකුව ඉපිද, තම පෞරුෂත්වයෙන් යුත් දළ යුගල අපරාධකාරී මනුෂ්‍යයෙක්‌ අතින් කපා දමද්දිත්, එම මරණීය වේදනාව, සිහි නුවණින්, මෛත්‍රියෙන් යුක්‌තව ඉවසමින් ඒ අසත්පුරුෂ මනුෂ්‍යයාටත් මෙත් වැඩූ තිරිසන්භාවය තුළත් අයෝමය බෝධිසත්ත්ව ගුණය ප්‍රකට කළ ඒ ගුණය සිහියට නඟාගන්න. පිංවත් ඔබේ භවදුක නිවීම උදෙසා මෙවන් කැපකිරීමක්‌ කළ තවත් උත්තම පුරුෂයෙක්‌, තවත් බුදුරජාණන්වහන්සේ නමක්‌ම හැර මේ ලෝක ධාතුව තුළ නොමැති බව නුවණින් දකින්න.

සිදුහත් කුමරුන් ලෙස මහාමායා දේවියගේ මවුකුස පිළිසිඳගත් මොහොතේ පටන් සිදුවූ ආශ්චර්යමත් සිදුවීම් සියල්ලම බුදුරජාණන් වහන්සේනමකගේ උතුම් පාරමී කුසල් ශක්‌තියේ ඵලයන්මය. බෝධිසත්ත්වයන් වහන්සේ නමක්‌ මවුකුස පිළිසිඳ ගැනීම සිදුවන්නේද, බෝධිසත්ත්ව මෑණියන් දැනුවත්මය. දස මසක්‌ කුසේ වැඩෙන දරුවා, මවුකුසේ වැඩෙන්නේද බාහිරට දර්ශනය වන ආකාරයටය. බෝධි සත්ත්ව දරුවා මවුකුස පිළිසිඳගත් මොහොතේ පටන් බෝධිසත්ත්ව මෑණියන්ට තම ස්‌වාමිපුරුෂයා නිසාවත් රාග සිතක්‌ හටගන්නේ නැත. දස මසක්‌ ගිය තැන බෝසත් දරුවා, බෝසත් මව සිටගෙන සිටින ඉරියව්වෙන්මයි ලෝකයට බිහිකරන්නේ. ලෝකයට, බිහිවන බෝසත් දරුවා දෙවියන් විසිනුයි, දෝතට පිළිගන්නේ. මවුකුසින් බිහිවන දරුවා රුධිරය, සැරව තැවරීමකින් තොරව දඹරනින් සෑදූ ළදරුවෙක්‌ සේ පිරිසිඳු භාවයෙන් යුක්‌ත වෙනවා. දෙවියන් දෝතට පිළිගත් දරුවා නැහැවීම සඳහා ස්‌වාභාවිකවම සිසිල් දිය වැස්‌සකුත්, උණුදිය වැස්‌සකුත් ඇතිවෙනවා. බෝසත් දරුවා උපන් මොහොතේම සත් පියවරක්‌ ඉදිරියට තබා උතුරු දෙසට මුහුණලා 'මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මගේ අවසාන උපතයි' යනුවෙන් සිංහ නාදයක්‌ කරනවා. මේ සියලු ධර්මතාවන් උතුම් පාරමී ශක්‌තියෙන් ක්‍රියාත්මක වන උතුම් බුදුගුණයන්මය. 

ඉහත ධර්මතාවන් නුවණින් මෙනෙහි කරමින්, බුදුරජාණන් වහන්සේ නමක්‌ සතු උතුම් පුණ්‍ය ශක්‌තියේ බල මහිමයෙන් එම පුණ්‍ය ශක්‌තිය නිසා ස්‌වාභාවික ලෝක ධර්මයන් ආශ්චර්යවත් අයුරින් වෙනස්‌ වෙන ආකාරයත්, පූජනීයත්වයට පත්වෙන ආකාරයත් නුවණින් දකින්න. දරුගැබක්‌, දසමසක්‌ කුසේ දරාගෙන සිටිය කාලය තුළ කිසිදු ක්‌ලාන්ත වීමක්‌, කායික මානසික වේදනාවකින් තොරව දරු ප්‍රසූතිය සිදුකොට සත්වන දින කලුරිය කරන බෝසත් මෑණියන්, සශ්‍රීක දිව්‍ය තලයක උපත ලැබීමද, උතුම් බුදුගුණයක මහිමයක්‌මය. 

ස්‌වාභාවික ලෝක ධර්මය කම්පා කරවීමට, වෙනස්‌ කරවීමට සමත් මෙවැනි උත්තමයෙක්‌ බුදුරජාණන් වහන්සේ නමක්‌ම හැර මේ ලෝක ධාතුව තුළ නොමැති බවද නුවණින් දකින්න.

චිත්තානුපස්‌සනාව - 40, ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2017/07/23/feature27.html

අම්බලන්ගොඩ ඒකාලෝක කළ මිණි පහන් ද්විත්වය - පී. ද එස්‌. කුලරත්න සහ එල්. එච්. මෙත්තානන්ද

අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්‌. කුලරත්න මැතිතුමා මෙන්ම අම්බලන්ගොඩ උපන් තවත් සුවිශේෂී චරිතයක්‌ වන ලොකු සතුහේවා මෙත්තානන්ද (එල්. එච්. මෙත්තානන්ද) යන දෙපල මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක්‌ කළ යුග පුරුෂයන්ය.

1893.03.31 අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්‌. කුලරත්න සහ එල්. එච්. මෙත්තානන්ද පටබැදිමුල්ල ඉංග්‍රීසි බෞද්ධ පිරිමි පාසලෙන් සිය මුලික අධ්‍යාපනය අරඹන අතර ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළත් වන ලදී. මෙම දෙදෙනාගෙන් පී. ද එස්‌. කුලරත්න 1912 වර්ෂයේදී පමණ උසස්‌ අධ්‍යාපනය පිණිස ශිෂ්‍යත්වයක්‌ ලබා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට යන අතර 1915 වර්ෂයේදී කලා අංශයෙන් සහ 1916 වර්ෂයේදී විද්‍යා අංශයෙන් පළමු පංතියේ ගෞරව උපාධි ලබන අතර ඉන් අනතුරුව 1917 වර්ෂයේදී නීති උපාධිය දිනාගනු ලබන්නේය.

1918 වර්ෂයේදී නැවතත් ලංකාවට පැමිණෙන කුලරත්නයන් එතෙක්‌ කලක්‌ පරම විඥානාර්ථ සමිතිය යටතේ පැවැති කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩභාර ගන්නා අතර ඒ වන විට ඔහු වයස අවුරුදු 25 ක්‌ තරම් වූ තරුණ වයසේ පසුවිය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 350 ක්‌ වූ අතර කුලරත්නයන් විසින් ඇති කළ ශිෂ්‍යත්වයක්‌ හේතුවෙන් වසරක්‌ ගතවීමත් සමඟ එම සංඛ්‍යාව සිසුන් දහසක්‌ දක්‌වා ඉහළ අගයක්‌ ගන්නේය. එකල කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටියේ "මරියකඩේ" නම් නොදියුණු වැඩි වශයෙන් මුඩුක්‌කු පැල්පත් තිබූ ප්‍රදේශයකය.

කුලරත්න මහතාගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම හේතුවෙන් පසු කලෙක කොළඹ ආනන්ද විද්‍යාලයය ලංකාවේ පළමු පෙළ විදුහලක්‌ බවට පත් විය. 1923 වර්ෂයේදී පමණ කුලරත්න මහතාගේ මූලිකත්වයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයය ආරම්භ කළ අතර 1932 වර්ෂයේදී පමණ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධිපතිව කටයුතු කර ඉන් අනතුරුව වර්ෂ 1942 දී පමණ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ අටියෙන් විශ්‍රාම ගන්නා තුරු එහි විදුහල්පතිවරයා හැටියට විදුහලට මාහැඟි සේවයක්‌ ඉටු කළේය.

එතුමන් විවාහ වූයේ සිංහල බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ පුරෝගාමී කාන්තාවක්‌ වූ ඉංග්‍රීසි ජාතික හිල්ඩා වෙස්‌ට්‌බෲක්‌ මෙනෙවිය සමඟය. මෙම දෙපලගේ සුසංයෝගයෙන් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, බණ්‌ඩාරවෙල කාන්තා මහ විදුහල, මොරටුව විදුහල, නුගේගොඩ අනුලා බාලිකා විදුහල, පානදුර ශ්‍රී සුමංගල පිරිමි සහ ගැහැනු විදුහල්, මාතර රාහුල විදුහල සහ එදා දික්‌වැල්ල සෙන්ට්‍රල් මේ වන විට විජිත මධ්‍ය මහා විදුහල යන නමින් හැඳින්වෙන විදුහල් බිහි කරමින් මෙරට අධ්‍යාපනය උදෙසා විසල් මෙහෙවරක්‌ සිදු කරන ලදී.

එවකට මෙරට අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ නිදහස්‌ අධ්‍යාපනයේ පියා ලෙසින් හඳුන්වනු ලබන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සංකල්පයකට අනුව රට පුරා මධ්‍ය මහා විද්‍යාල බිහිකිරීමේ සංකල්පයේදී ඔහු කුලරත්න මහතා අමතා අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසය වෙනුවෙන් මධ්‍ය මහා විද්‍යාලයක්‌ පිහිටුවිය යුතු ස්‌ථානයක්‌ විමසූ විට කුලරත්න මහතා විසින් එවකට ඉතාම නොදියුණු හා අඩු අධ්‍යාපනික තත්ත්වයකින් හෙබි වූ එනිසාම දාමරික හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ගහනව පැවති කරන්දෙනිය යෝජනා කළේය. ඒ අනුව බිහි වූ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය කුලරත්න මහතාගේ මුලිකත්වයෙන් ඉදිවූවක්‌ය. එතුමන් සිහිපත් වනු පිණිස අම්බලන්ගොඩ නගරයට සැතපුම් අටක්‌ පමණ උතුරට වන්නට පිහිටි කරන්දෙණිය මධ්‍ය මහ විදුහල් භූමියේ එතුමන්ගේ පිළිරුවක්‌ද නිර්මාණය කොට ඇත. කරන්දෙණියට අමතරව අලුත්ගම බාලිකා විදුහල, කුරුණෑගල මලියදේව විදුහල අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආදියටද කුලරත්න මහතා විසින් ඉටු කළ මෙහෙවර අතිමහත්ය.

විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට අතිමහත් මෙහෙවරක්‌ සිදුකළ කුලරත්න මහතා දේශපාලනයට පිවිස ඇත්තේ 1942 වර්ෂයේදීය. අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසයේ මන්ත්‍රීවරයෙකු වන මෙතුමන් එම වර්ෂයේදීම ජාතික සංගමයේ සභාපතිවරයා බවටද පත් විය. 1956 වර්ෂයේදී බෞද්ධ කොමිෂන් සභාවේ සභිකයෙකු වූ මෙතුමන් 1958/59 වර්ෂ සඳහා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයටද පත්විය.

එතුමන් අනුස්‌මරණය කිරීම පිණිස අම්බලන්ගොඩ හිටපු මන්ත්‍රීවරයෙකු වන රයිටර් තිලකසේකර මහතා විසින් ඇති කරන ලද පී. ද. එස්‌. කුලරත්න මහ විද්‍යාලය මේ වන විටද ප්‍රදේශයේ නමගිය විදුහල් පවා අභිබවා යමින් සිය විදු ගොස පැතිරුවද අම්බලන්ගොඩ උපන් කුලරත්න මහතාගේ සමකාලීනයෙකු හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නියමුවා වශයෙන් හැඳින්විය හැකි එල්. එච්. මෙත්තානන්ද මහතා ගැන කිසිදු සිහිවටනයක්‌ නොමැතිවීම පළාතට අඩුපාඩුවක්‌ වශයෙන් දුටු අම්බලන්ගොඩ දේශප්‍රේමී සංවිධානයේ සභාපති වන මෙම ලියුම්කරු මෙම යුග පුරුෂයන් දෙදෙනා සිහිවීම පිණිස ස්‌මාරකයක්‌ ඉදිකිරීමට බලාපොරොත්තු වූයේ කලක පටන්ය. ඒ සඳහා කුලරත්න මහතාගේ ප්‍රතිමාව නොමිලයේ ඉදිකර දීම පිණිස කලාකරුවකු ඉදිරිපත් වූවේ ඔහුට අකුරු කියවූයේ පී. ද එස්‌. කුලරත්න මැතිතුමා වූ හෙයින්ය. එහෙත් එම කලාකරුවාගේ ලිපිය හා ලිපිනය යම් අතපසුවීමක්‌ හේතුවෙන් මේ වන විට අස්‌ථානගතව ඇති බැවින් මෙම ලිපිය කියවන එතුමන් යළි මා අමතනු ඇතැයි මාගේ විශ්වාසය වී ඇත.

අම්බලන්ගොඩ නගර සභාව විසින්ද කලක සිට මෙම යුග පුරුෂයන් සිහිවීම පිණිස යමක්‌ කළ යුතු බවට තීරණය කර ඇතත් පසු කලෙක " කුලරත්න පාර" යනුවෙන් මාර්ගයකට පමණක්‌ එය සීමා කොට ඇත.

අධිනීතිඥ බුද්ධික කුරුකුලරත්න
http://www.divaina.com/2017/07/23/feature20.html

බොදු දේපළ පාලනයට මහසඟරුවනට ඇති බලයට අභියෝග කරන යහපාලනයේ යටි අරමුණ කුමක්ද?

රන්ගිරි දඹුලු විහාරයේ චිත්‍ර සංරක්‌ෂණය සහ ලෝක උරුම වගකීම පිළිබඳව පසුගියදා ඇතිවූ ඝට්‌ටනයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන යළිත් වරක්‌ කතිකාවක්‌ මතු විය. නමුත් සාංඝික දේපළ පරිහරණය සහ එම වපසරිය තුළ පුරාවිද්‍යාවේ වගකීම කුමක්‌දැයි එහිදී වඩාත් පැහැදිලි නොවුණු බව පැවසිය හැකිය. ඊට හේතුව අනවශ්‍ය ලෙස අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයට මැදිහත්වීමයි. අමාත්‍යවරයාගේ නියෝගය මත සංරක්‌ෂණ කටයුතුවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉවත් වීමත් යළිත් දඹුලු විහාරයේ විහාරාධිපති හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවෙන් පසු එම කටයුතු යළි ආරම්භ කිරීමට එකඟත්වය පළ වූ අතර මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ උපදේශක කණ්‌ඩායමක්‌ අස්‌ගිරි මහා විහාරයට ගොස්‌ අස්‌ගිරි මහනායක හිමියන් සහ සංඝ සභාව මුණ ගැසී එම එකඟතාවය තවත් ශක්‌තිමත් කරගත් ආකාරයත් දැක ගන්නට හැකි විය. නමුත් මෙහි අලුත් තත්ත්වය නම් අමාත්‍යවරයාගේ අවසරය නොලබා සංරක්‌ෂණ කටයුතු ඇරඹීමට පුරාවිද්‍යා බලධාරීන්ට නොහැකි වන බවයි. පුරාවිද්‍යා පනතේ 23 වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට එම බලය ඇතැයි නීති උපදෙස්‌ ලැබී ඇත. අමාත්‍යවරයා ජූනි 17 දින අස්‌ගිරියට පැමිණ අස්‌ගිරි සංඝ සභාවේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක කළ ප්‍රකාශනයෙන් ද ගම්‍ය වන්නේ ඔහු ආපස්‌සට පියවරක්‌ තැබීමට සූදානම් නොවන බවයි. 

රන්ගිරි දඹුලු රජමහා විහාරය ලෝක උරුමයක්‌ ලෙස නම් කර ඇති බැවින් තමන්ට තිබෙන බලතල ප්‍රකාරව ප්‍රවේශ පත්‍ර අච්චු ගසා මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් මුදල් අය කිරීම ආරම්භ කරන බවට ඇමතිවරයා කීප වරක්‌ම ප්‍රකාශයට පත් කළේය. මධ්‍යම සංස්‌කෘතික අරමුදල ආරම්භ වූයේ 1980 වසරේ වුවද සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස මතුව එන්නේ පැරිස්‌ නුවරදී පැවැත්වුණු යුනෙස්‌කෝ සමුළුවේදීය. පසුව 1970 දී ලක්‌ෂ්මන් ජයකොඩි සංස්‌කෘතික ඇමතිවරයාගේ නියෝගයෙන් සංස්‌කෘතික ත්‍රිකෝණය නම් කර ඇත. සංස්‌කෘතික හා ආගමික ස්‌මාරක සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටු වූ මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙහි සභාපතිවරයා වන්නේ නිල බලයෙන් අගමැතිවරයාය. සංස්‌කෘතික ඇමැති, සංචාරක ඇමැති, හින්දු සංස්‌කෘතික ඇමැති, පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ නියෝජිත පිරිසක්‌ද අගමැතිවරයා නම් කරනු ලබන පුද්ගලයන් දෙදෙනකුද මේ අරමුදල නියෝජනය වේ. 1998 පුරාවස්‌තු සංශෝධනය මගින් සුදුසු ස්‌ථානවලින් මුදල් අය කිරීමට අධ්‍යක්‌ෂ ජනරාල්ට බලය ලැබුණි. එහෙත් සුදුසු ස්‌ථාන ලෙස අර්ථ ගැන්වෙන්නේ රජයේ ඉඩමක පවතින සිද්ධස්‌ථානයක්‌ හෝ ස්‌මාරකයක්‌ පමණකි. ඇමැතිවරයාට හෝ මධ්‍යම සංස්‌කෘතික අරමුදලට බලය ලැබෙනුයේ එවැනි ස්‌ථානවලින් මුදල් අයකර ගැනීමටයි. ඒ අනුව ස්‌ථාන විසිනවයකින් දැනටමත් ඔවුහු මුදල් අය කිරීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කරති. වර්තමාන රජය පත් වූ පසු අධ්‍යාපන ඇමතිවරයා හීන් සීරුවේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනතට සංශෝධන කීපයක්‌ ගෙනවුත් තිබේ. අගමැතිවරයාට තිබෙන බලතලවලට අමතරව රේ‚ය අමාත්‍යවරයාටද ලේකම්වරයාටද බලය ලැබෙන පරිදි එහිදී කරන ලද වෙනස්‌කම් මත අද වන විට මෙම ආයතනයට සේවකයන් 1600 ක්‌ පමණ බඳවා ගෙන ඇති බව දැන ගන්නට ඇත. වර්ෂයකට රුපියල් දශ ලක්‌ෂ 3600 ක්‌ පමණ දළ ආදයමක්‌ මෙම ආයතනය උපයා ගනී. එයින් සියයට විසිපහක්‌ පමණ පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු පිණිස නිදහස්‌ කිරීමටද එකඟතාවක්‌ තිබේ. එහෙත් පසුගිය කාලයේදී විශේෂඥයන්ගේ හිඟය නිසා මෙම මුදලෙන් දෙපාර්තමේන්තුව භාවිත කොට තිබෙන්නේ සියයට පහක්‌ දහයත් අතර ප්‍රමාණයකි. එලෙසම මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් තමන් ලද වාර්ෂික ආදායමෙන් වියදම් කොට තිබෙන්නේ රුපියල් දසලක්‌ෂ පන්සීයක්‌ පමණක්‌ බවද දැන ගන්නට ඇත. එසේ වූ විට තවදුරටත් දඹුල්ල වැනි සිද්ධස්‌ථාන වලින් මුදල් අය කිරීමට කැස කවන්නේ කුමන කරුණකට දැයි සැකයක්‌ මතුවේ.

1931 විහාර දේවාලගම් පනත 1940 පුරාවස්‌තු ආඥා පනත මෙන්ම 1980 මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත ආදී සියල්ල ඉංග්‍රීසීන්ගෙන් රට භාර ගත් පසු ඔවුන්ගේ නීති රීති පද්ධතිය යටතේ මෙරට වර්තමාන ආණ්‌ඩු විසින් ඇති කරන ලද නීතිමය ලියවිලි වේ. නමුත් මෙම නීතිවලට ඉහළින් මෙරට සාම්ප්‍රදායික ව්‍යවස්‌ථා ලියවිලි කීපයක්‌ තිබේ. ඒවා නීති පොතේ නොමැති වුවත් ගලේ කොටවා තිබෙන බව ද ඉර හඳ පවතිනා තාක්‌ කල් වලංගු වන බවද පෙන්වා දිය යුතුය. එයින් එකක්‌ නම් අනුරාධපුර ඡේතවන විහාරය ආසන්නයේ රත්න ප්‍රාසාද භූමියේ පවතින දහවන සියවසට අයත් පස්‌වන කසුප් රජුගේ සෙල් පුවරු ලිපියයි. එහි 53 වන ඡේදයේ මෙලෙස සඳහන් වේ. 'පිරිවෙන ලදුවන් තමන්ට නියම කළ වස්‌තුවෙන් වැඩි ඉතිරි වූ තාක්‌ දෙයින් සංඝයාගේ දාසයන්ට උපස්‌ථාන කොට කර්මාන්ත නව කර්මාන්ත පූජා චිත්‍ර කර්ම කොට වැඩියෙන් ඇතොත් ඉඩම් ගැනීම මැනවි.'

මෙයින් කියෑවෙන්නේ කුමක්‌ද ගම් බිම් වලින් සහ රජය විසින් නියම කළ දීමනාවන් ගෙන් ලබන ලද ආදායම පරිහරණය කරන ආකාරයයි. විහාර දේවාලගම් පනතින් යම් ආකාරයකට ආවරණය වන්නේ ද මෙම සම්ප්‍රදායයි. එබැවින් දඹුලු විහාරයෙන් යම් මුදලක්‌ එකතු කරන ලද්දේද ඒම වස්‌තුව පරිභෝග කිරීමේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ විහාර පාලනය කරන මහා සංඝරත්නයටයි. එම මුදල් පරිපාලනය කිරීමට රජය මැදිහත් විය හැකි නමුත් ඒවා වෙනත් කටයුතු වලට යෙදීමෙන් හෝ පුද්ගලික පරිභෝජනයට යෙදවීමෙන් බලු කපුටු වන්නට හැකි බවද එම සෙල් ලිපි පාඨවල සඳහන් වේ. පැරණි විහාරවල නව කර්මාන්ත හෝ සංරක්‌ෂණ කටයුතු සිදු කරන ලද්දේද මහා සංඝ රත්නයේ මූලිකත්වයෙනි. එම ශිල්පීන්ට කලාකරුවන්ට දීමනා ගෙවීම ආදිය සියල්ල උන්වහන්සේලා ගේ වගකීම බව මෙම සෙල් ලිපි පාඨවලින් පැහැදිලි වේ. ඒ අනුව මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් ආරෝපණය කරනු ලැබ ඇත්තේ මෙම බලයයි. එය අනිසි ලෙසට භාවිත කිරීමට හෝ සංඝයා වහන්සේලාගේ කැමැත්ත නැතිව පාලනය කිරීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදලට හෝ ඇමතිවරයාට හේ අගමැතිවරයාට නොහැකිය. රෝලන්ඩ් සිල්වා හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාගේ කාලයේදී එලෙස අත්තනෝමතික ලෙසට සිද්ධස්‌ථාන සංරක්‌ෂණය කරලීමට යැමෙන් තිවංක පිළිමගෙය වැනි අගනා තැන් විනාශ මුඛයට ගිය හැටි අපට අසන්නට ලැබේ.

පුරාණ සෙල් ලිපි පාඨවලින් මෙලෙස මහා සංඝරතනයේ බලය ප්‍රකාශ වන අතර වර්තමාන පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු වල වගකීම පැවරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට උපදෙස්‌ සැපයීමට පුරාවිද්‍යා උපදේශක කමිටුවක්‌ පුරාවිද්‍යා පනතේ 39අ(1) වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ගැසට්‌ කළ යුතුය. අස්‌ගිරි මල්වතු මහානායක ස්‌වාමීන් වහන්සේලා හෝ උන්වහන්සේලා විසින් නම් කරන ලද නියෝජනයක්‌ද ඇතුළත්ව මෙම කමිටුවට පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය ආවරණය කරන විද්වතුන්ද නීති ක්‌ෂේත්‍රය ආවරණය කරන විද්වතුන්ද පත් කළ හැකිය. එම කමිටුවෙන් බලාපොරොත්තු වනුයේ යම් සංරක්‌ෂණ කටයුත්තකදී හෝ තහවුරු කරලීමකදී හෝ ගැටලුවක්‌ පැන නැගුණ කල්හි උපදෙස්‌ ගැනීමයි. දීඝවාපී ස්‌ථූප ප්‍රතිසංස්‌කරණයේදී ඡේතවන දාගැබ ප්‍රතිසංස්‌කරණයේදී නීලගිරි දාගැබ කැණීම් කටයුතු වලදී එලෙස පෙර පැවති උපදේශක කමිටුව විසින් පුරා විද්‍යා පනතට අනුව මෙන්ම මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි නිසි උපදෙස්‌ ලබා දී තිබේ. යම් සංවර්ධන කාර්යයකදී පුරාවිද්‍යා හානි අගැයුමක්‌ කරන කල්හි ඇතිවන ගැටලුවකදී ද මෙලෙස මෙම කමිටුවට උපදෙස්‌ ලබා දිය හැකිය. නමුත් මෙම වටිනා කමිටුව 2015 නව රජය පත්වූවායින් පසු නම් කර යළිත් ගැසට්‌ගත කර නොමැත.එය අනවශ්‍ය බව ඇමතිවරයා කීප වරක්‌ම ප්‍රකාශ කළ බව දැන ගන්නට ඇත. වත්මන් දඹුලු විහාර ප්‍රශ්නයේ දී අධ්‍යක්‌ෂ ජනරාල් වරයාට සෘජු තීරණවලට සහ සිය වගකීම් ඉටු කරලීමට බාධාවක්‌ වී ඇත්තේ මෙම පත් නොකිරීමයි. ඒ වෙනුවට මධ්‍යම සංස්‌කෘතික අරමුදලට යාවුණු කමිටුවක්‌ පත් කර ගෙන තිබේ. පසුගියදා අස්‌ගිරි සංඝ සභාව ඉදිරියේදී එම කමිටුව තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කර දී තිබේ.

මෙයින් පෙනී යන්නේ අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බලය යටතේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත හරහා සිද්ධස්‌ථාන පාලනය කිරීමට ගත් නිහීන උත්සාහයකි. දෙමල ඩයස්‌ පෝරාවෙන් සහ එන්.ජී.ඕ. බත් බැලයන්ගෙන් යෑපෙන එමෙන්ම ජාත්‍යන්තර කමිටු ඉදිරියේ දණින් වැටෙන ආණ්‌ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක්‌ ශූන්‍ය කිරීමට මුළු ගැන්වෙන බව මෙම සිද්ධියේදී පෙන්නුම් කර තිබේ. නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේදී ජාත්‍යන්තරය සහ ජගත් එන්.ජී.ඕ. වල ඉලක්‌කයක්‌ පරිදි ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම වත්මන් රජයේ අභිප්‍රායයි. බුද්ධාගම ප්‍රමුඛස්‌ථානය හිමිවන නව වන වගන්තිය ඒ මගින් අහෝසි වේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්‌ථාදායක සභාවේ කමිටු නිර්දේශ මගින් එය තහවුරු වේ. දඹුලු විහාරය දළදා මාළිගය ඇතුළු සාංඝික දේපළ පාලනය සංඝයා වහන්සේලා වෙතින් ඉවත් කර රජය මගින් පාලනය කිරීම පිණිස පසුබිම සකස්‌ කරලීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල යොදා ගැනීම මේ උපායයි. දඹුලු විහාර භාරකාරත්වය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යම් එකඟතාවකට පත්ව සිටිද්දී පවා එයට ඇමතිවරයා විසින් බාධා පමුණුවන්නේ එම කපටි උපාය සාර්ථක කරගැනිමටයි. එසේම ලෝක උරුම කමිටුව විසින් දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නොතිබියදීත් ජනතාව ඉදිරියේ බොරු බේගල් ඇදබාන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ පවා මහා සංඝරත්නය හෑල්ලුවට ලක්‌ කිරීමටයි. නමුත් අවසානයේ අසමත්භාවයට පත් වන්නේ පවත්නා ආණ්‌ඩුවම බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2017/07/23/feature34.html

බෙන් ඉමර්සන්ගේ තර්ජනය සහ පාලකයන්ගේ නිවටත්වය...

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සහ ත්‍රස්‌ත විරෝධී විෂයය සම්බන්ධව පත් කර ඇති විශේෂ නියෝජිතයකු වන බෙන් ඉමර්සන් නමැත්තා මෙම මස (ජුලි) 4 වැනිදා දින 10 කට ලංකා රජයේ ආරාධනාවෙන් දිවයිනට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ අප ජාත්‍යන්තර නීතියට අනුකූලව ත්‍රස්‌තවාදයට එරෙහිව යුද කර ඇත්දැයි බැලීමට සහ "සංහිඳියාව" සඳහා සම්මත වූ ජිනීවා යෝජනාවට අනුව රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ ගෙන ඇති පියවර කවරේද යන්න සොයා බැලීමටය. රජයේ දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, නීතිපති මෙන්ම, සිරගෙයි ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින කොටි ත්‍රස්‌තවාදීන්ද හමුවූ මොහු සිය වාර්තාව සමඟ කොළඹ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ ද පවත්වා පිටව ගියේය. මොහු පිටව ගියේ නිකම්ම නොවේ. යුද අපරාධ කළ හමුදා භටයන්ට විරුද්ධව කටයුතු කිරීම ප්‍රමාද යෑයිද, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත දෙමළ ජනයාට අසාධාරණයක්‌/හිංසා කිරීම සඳහා යොදා ගත්තේ යෑයිද, ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්‌වූ ජිනීවා යෝජනාව පූර්ණව ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී දරුණු විපාකවලට මුහුණදීමට සිදුවේ යෑයිද යනුවෙන් දැඩි තර්ජනයක්‌ ද කළ පසුවය.

වසර 2500 ක අභිමානවත් ඉතිහාසයක්‌ ඇති, විදේශිකයන්ගේ ආක්‍රමණ හමුවේ පවා නොසැලී අභීතව මුහුණ දුන්, ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය පරදා ජනතාවට සාමය ලබාදුන් අපට කොහේවත් නැති සුද්දෙක්‌ පැමිණ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් තර්ජනය කරන විට ඔහුට කිසියම් අයුරකින් හෝ විරුද්ධත්වයක්‌ පළ කිරීමට කශේරුවක්‌ තිබූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට අපගේ ගෞරවය පළ කළ යුතුවේ. බෙන් ඉමර්සන් හමුවූ සෙසු සියල්ලන්ම ඔහු ඉදිරියේ හැසිරී ඇති ආකාරය සහ ඔහුට පිළිතුරු දීමට උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවගෙන් සමාව ගත යුතුය. මන්ද ජනතාව නියෝජනය කරන උන් සැම එසේ නිවටව හැසිරීම තුළින් සමස්‌ත ජනතාවගේම ආත්ම ගෞරවයට හානි පමුණුවා ඇති නිසාය. 

ඒ සම්බන්ධයෙන් වර්තමාන රජයේ අගමැති, බෙන් ඉමර්සන්ට පවසා ඇත්තේ, ත්‍රස්‌ත විරෝධී පනත සම්බන්ධයෙන් කටයුතු කරන බවත්, සත්‍ය සහ සංහිඳියා කොමිසම් පත් කිරීමට රජය නීති සම්පාදනය කරමින් සිටින බවත්, එ. ජා. සංගමයේ විශේෂ නියෝජිතයාට මෙහි කාර්යාලයක්‌ විවෘත කළ පසු යුද අපරාධ කළ අයට විරුද්ධව චෝදනා ගොනු කරන බවත් ය. බෙන් ඉමර්සන්ගේ වාර්තාවේ දැක්‌වෙන්නේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක්‌ අත්අඩංගුවට ගැනීම තුළින් රජය යම්කිසි ප්‍රගතියක්‌ දක්‌වා ඇති බවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දෙමළ/මුස්‌ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගෙන නැති බැව් නීතිපති හඳුනාගෙන ඇති බවත්ය. බෙන් ඉමර්සන්ගේ තර්ජන හමුවේ රටේ අගමැති නිවටව රණවිරුවා පාවාදී ඇති අන්දමත්, මෙසේ කඩිමුඩියේ යුද්ධයේ දක්‍ෂතා දැක්‌වූ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක්‌ සිරභාරයට ගත්තේ වෙන කිසිදෙයක්‌ නිසා නොව මෙරටට පැමිණෙන බෙන් ඉමර්සන්ව තෘප්තිමත් කිරීමට බවත් මෙයින් පැහැදිලි වේ. මෙම විශේෂ නියෝජිතයා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන වාර්තාවේ ලංකාවේ සිරගෙවල්, පොලිසි තුළ සැකකරුවන්ට වධහිංසා පමුණුවන විධි සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ මෙසේය. පොලුවලින් පහරදීම, ශරීරය අසීරු ආකාරයට තැබීම, භූමිතෙල් පෙඟවූ ප්ලාස්‌ටික්‌ මලුවලින් හුස්‌ම හිරකිරීම, නියපොතු ගැලවීම, ජල හිංසා, පැය කිහිපයක්‌ මහපට ඇඟිල්ලෙන් එල්ලා තැබීම, නියපොතු අස්‌සේ ඉඳිකටු ගැසීම, රහසඟ තලා දැමීම යනාදියයි. දින දහයක්‌ පමණක්‌ ලංකාව තුළ රැඳී සිටි මෙම විදේශිකයා මෙවන් දැ සිය වාර්තාවට එක්‌කර ඇත්තේ ත්‍රස්‌තවාදී පනත යටතේ සිර කර සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් සමඟ කළ සාකච්ඡාවට පසුවය. මෙවන් වධහිංසා ඇත්ත වශයෙන්ම සිදු වූවාද නැද්ද යන්න සනාථ නොකොට හුදෙක්‌ කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රකාශ මතම මෙවන් සටහනක්‌ යෙදීම සම්බන්ධයෙන් රජය විරෝධය පළ නොකිරීම අප එවන් දැ කළ බව පිළිගැනීමක්‌ නොවේද? තවද ඔහු විසින් ලංකාව ජාත්‍යන්තරයේ ඉවසීමේ සීමාව ඉක්‌මවා යන සේ කටයුතු නොකළ යුතුයෑයි කීමෙන් තේරුම් ගත යුත්තේ අද වනවිට වර්තමාන රජය ජාත්‍යන්තරය සහ එක්‌සත් ජාතීන්ගේ සංගමය කියන අන්දමට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ක්‍රියා කරන නිවට නියාළු තත්ත්වයට පත්වී අවසාන බවය. "ජාත්‍යන්තරය දැන් අප සමඟයි." යනුවෙන් අගමැති සහ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර කටමැත දෙඩුවත් දැන් සිදුවී ඇත්තේ ජාත්‍යන්තරය පනවන කොන්දේසි, උපදෙස්‌ අනුව කටයුතු කිරීම සහ එම කටයුතුවල ප්‍රගතිය අඩාල වනවිට ඔවුන්ගේ ඇනුම්, බැණුම්, තර්ජනවලට ගොදුරුව නිවටව බලා සිටීමය. මෙය කොතරම් නම් අවාසනාවන්ත තත්ත්වයක්‌ද? අපේ රටේ අභිමානය, ආත්ම ගෞරවය මෙසේ ජාත්‍යන්තරයට පාවාදීමට ජනතාව වර්තමාන පාලකයන්ට බලයක්‌ දී තිබේද?

අද සිදුවී ඇති දේ ඉතාම පැහැදිලියි. මෙම රජය බලයට පත් වූයේ බටහිර රටවල්වල සහ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ ආධාරයෙන් වන අතර එම ආධාර /උපකාර ලබා ගැනීම සඳහා දැනට කෙරීගෙන යන රට සහ රණවිරුවා පාවා දීමේ කොන්දේසිවලට ඔවුන් එකඟ වී ඇති බව පැහැදිලියි. එම කොන්දේසිවලින් සමහරක්‌ නම් රට පෙඩරල් කිරීමේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සහ ත්‍රස්‌තවාදය ජයග්‍රහණය කළ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මාර්ගය විවෘත කරදීමය. වර්තමාන රජය බලයට පැමිණි දා සිටම කළේ තමන් බලයට ගෙන ඒමට අත දුන් බටහිර/කොටි ඩයස්‌පෝරාවේ මනදොළ පිනවීමට කටයුතු කිරීමය. මන්ද එය ඔවුන් පොරොන්දු වූ දෙයක්‌ බැවිනි. එහි ප්‍රථම පියවර වූයේ අපේ හමුදාවන් යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනයා සමූල ඝාතනය කිරීම, දෙමළ කාන්තාවන් දූෂණය කිරීම, දෙමළ ජනතාවට (උතුරේ) ලබාදෙන මානුෂීය ආධාර බලහත්කාරයෙන් නවතාලීම යනාදී අභූත යුද අපරාධ චෝදනා අන්තර්ගත මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාව මංගල සමරවීර ලවා කිසිදු සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නොමැතිව අගය කරමින් පිළිගැනීමය. ඉන්පසු ඒ මත පිහිටා, ඇමරිකාව විසින් අප රටට විරුද්ධව ගෙන ආ 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීමය. ලෝකයේ කිසිදු රටක විදේශ අමාත්‍යවරයෙක්‌ තමන්ගේ රටේ හමුදාවක්‌ යුද අපරාධ කළා යෑයි පිළිගෙන තම රටට විරුද්ධව ගෙන එන යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්‌වා ඇද්ද? කිසිදාක නැත.

දැන් රජයට සිදුවී ඇත්තේ තමාද පිළිගත් එම යෝජනාවට අනුව ක්‍රියා කිරීම සහ එය ප්‍රමාද වුවහොත් ජාත්‍යන්තරයෙන් බැණුම් ඇසීම සහ අපහාස විඳීමය. එයට අනුව දැන් එජා සංගමයේ විශේෂ නියෝජිතවරුන් එකාට පසු එකා බැගින් රටට පැමිණ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට සහ කොටි ත්‍රස්‌තයන්ට වාසි වන සේ වාර්තා සකස්‌ කරමින් සිටි විනිසුරුකරුවන් සහ නීතිඥයන් සම්බන්ධ විශේෂ නියෝජිතවරයකු වූ මොනිකා පින්ටෝ නමැත්තිය මීට සති කිහිපයකට පෙර මෙහි පැමිණ දින 8 ක්‌ වැනි සුළු කාලයක්‌ දිවයිනේ රැඳී සිට ප්‍රකාශ කළේ අපේ රටේ අධිකරණය ඉතාමත් පක්‍ෂග්‍රාහී, දූෂිත, දේශපාලනීය වූ තනතුරුවලට කෑදරයෙන් රජයට පක්‍ෂපාතී ලෙස තීන්දු ලබාදෙන විනිසුරුකරුවන්ගෙන් සමන්විත බවය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අප විරෝධය පැනවූ දා රජයේ නීතිඥ සංගමය ඒ පිළිබඳව එයට විරුද්ධව කිසිදු ප්‍රකාශයක්‌ නොකිරීම විමතියට කරුණික. "නිශ්ශබ්දව සිටීම, අනුමත කිරීමේ ලක්‍ෂණයකි" යන සුප්‍රසිද්ධ කියමන අනුව නිශ්ශබ්දව සිටීමෙන් තමන් දූෂිත, අකාර්යක්‍ෂම නීතිඥ විනිසුරු කණ්‌ඩායමක්‌ බැව් නීතිඥ සංගමය පිළිගෙන ඇති යෑයි කෙනකුට තර්ක කළ හැක. මොනිකා පින්ටෝ දින 8 ක්‌ මෙහි රැඳී සිටිමින්, වසර 200 ක ඉතිහාසයක්‌ ඇති අපේ අධිකරණය මෙසේ හෑල්ලු කරනුයේ සහ එයට අපහාස කරනුයේ යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුකරුවන් ගෙන ඒම සාධාරණීය කිරීමටය. අපේ රටේ විනිසුරුකරුවන් දෙමළ ජාතීන්ගේ නඩු සම්බන්ධව ඔවුනට අසාධාරණයක්‌ වන සේ බොහෝ විට ක්‍රියාකරන්නේ යෑයි චෝදනා කරන්නේ එය සනාථ කිරීමට කිසිදු නඩු සාක්‍ෂියක්‌ හෝ වෙන කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිවය. අපේ අධිකරණයට තදබල ලෙස අපහාස කරමින් නිකුත් කළ එම වාර්තාව ප්‍රතික්‍ෂ්ප නොකිරීම තුළින් පෙන්වන්නේ රජයේ පාලකයන්ගේ නිවට නියාළු බටහිර ගැති බව නොවේද?

වසර ගණනාවක්‌ තිස්‌සේ පැවතෙන කාශ්මීර් යුද්ධය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු එජාගේ සංගමයේ නියෝජිතවරයකුට, ඉන්දියාවට පය තැබීමට කුමන රජයක්‌ බලයට පැමිණියත්. ඉන්දීය පාලකයෝ ඉඩ දෙන්නේ නැත. ඔවුන් තම රටේ හමුදා සාමාජිකයන් ආරක්‍ෂා කරනුයේ එසේය. එංගලන්තයේ වර්තමාන අගමැතිනිය වන "තෙරේසා මේ" ඉතා පැහැදිලිව කියා සිටිනුයේ ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කරන තමාගේ හමුදා සෙබළුන් ආරක්‍ෂා කිරීමට තමා මානව හිමිකම් නීතිරීති වෙනස්‌ කිරීමට පවා නොපැකිළෙන බවය. ඇමරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැවසුවේ තම හමුදා නිලධාරීන් කිසි දිනක ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට කිසිසේත්ම ඉඩ නොදෙන බවය. තම නිවටකම වසා ගැනීමට අප රටේ අග්‍රාමාත්‍යවරයාද විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒමට ඉඩ නොදෙන බැව් කීවත් දැනටමත් මෙහි පැමිණි එජාප විශේෂ නියෝජිතයන් සියල්ලන්ම තදින් කියා සිටිනුයේ විදේශ විනිසුරුකරුවන් ගෙන ආ යුතු බවත් ඒ බව සඳහන් ජිනීවා 30/1 යෝජනාව මුළුමනින්ම වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් ය. ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ නිල වශයෙන් ප්‍රතිචාර නොදක්‌වා ඇත්තේ මන්ද? විදේශ විනිසුරුකරුවන් ගෙන ඒමට මෙම රජය සිංගප්පූරුවේදී මුළුමනින්ම එකඟ වූ බැව් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් පැහැදිලි ප්‍රකාශයක්‌ කර සිටී. ඔහු පවසා සිටියේ මෙම කොන්දේසි සහිත ලියවිල්ල සකස්‌ කිරීමට ඇමරිකාවේ නියෝජිතයන් සහ ලංකා රජයේ නියෝජිතයන් සමඟ තමා ද සහභාගී වූ බවයි. දෙමළ සන්ධානය යනු කොටි ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන හස්‌තයයි. එසේ නම් කොටි ත්‍රස්‌තයන් විනාශ කළ අපේ රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර කොන්දේසි අඩංගු කෙටුම්පත සෑදීමට රජය සහාය ගෙන ඇත්තේ කොටින්ගේම දේශපාලන පක්‍ෂයේ සාමාජිකයකුට නොවේද? එය කෙතරම් සාහසික පාවාදීමක්‌ද?

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධ පනත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජිනීවා යෝජනාවට අනුව සහ බටහිර සහ කොටි හිතවාදීන් සතුටු කිරීමටය. රටේ දේශප්‍රේමී ගරුතර සංඝයා වහන්සේ සහ ජනතාවගේ බල කිරීම මත ජනාධිපතිතුමා එම පනත් කෙටුම්පත වැළැක්‌වුවද රජයේ අනෙකුත් ප්‍රබල අමාත්‍යවරුන් කියා සිටින්නේ එය කෙසේ හෝ නැවත ගෙන එන බවය. මංගල සමරවීර ඇමැතිවරයා පවසන්නේ මෙය අතීතයට බලනොපාන බැවින් කලබල විය යුතු නැති බවය. එය පට්‌ටපල් බොරුවකි. මෙය ඉදිරියේදී වන අතුරුදන්වීම්වලට පමණක්‌ බලපාන පනතක්‌ නම් මෙසේ කඩිමුඩියේ ගෙන ඒමේ තේරුම කුමක්‌ද? අනෙක දැන් වර්තමාන රජයේ පොලිසිය කාර්යක්‍ෂම නම්, සංහිඳියාව තිබේ නම්, ත්‍රස්‌තවාදය නැතිනම්, සුදු වෑන් සංස්‌කෘතිය නැතිකර ඇත්නම්, පාතාලය නැත්නම් ඉතා හදිසියේ මෙවැනි පනතක්‌ ගෙන ආ යුතු ද? ජනතාව තවදුරටත් රවටාලීමට රජයේ පාලකයන්ට අප ඉඩ දිය යුතු නැත. මීට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මේ රජය බලයට ආ පසු 2015 දෙසැම්බර් මස අත්සන් කොට 2016 සැප්තැම්බර් ස එය බලාත්මක කරන ලදී. ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ බලාත්මක කළ පමණින් අපේ රටේ එය නීතියක්‌ බවට පත් වන්නේ නැති නිසා මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තුව මගින් එය රටේ නීතියක්‌ බවට පත් කිරීමය. අපට මානව හිමිකම් පිළිබඳ චෝදනා කරන බටහිර රටවල් කිසිවෙක්‌ එනම් ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. සියලුම ස්‌කැන්ඩිනේවියානු රටවල් වන නෝර්වේ, ඩෙන්මාර්ක්‌, ස්‌වීඩන්, ෆින්ලන්ඩ් මෙම ප්‍රඥප්තිය බලාත්මක කර නැත. ඉන්දියාව, බංග්ලාදේශය මෙයට අත්සන් තබා ඇති නමුත් කිසිදා බලාත්මක කර නැත. පාකිස්‌තානය ඇතුළු කිසිදු දකුණු ආසියානු රටක්‌ මෙය අත්සන් කර නොමැත. ලෝකයේ රටවල් 193 න් මෙය අත්සන් කර ඇත්තේ රටවල් 52 ක්‌ පමණි. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ මෙය අත්සන් නොකළ නමුත් මෙම රජය බලයට ආ විගස එය අත්සන් කොට, ඊට පසුව කෙටි කාලයකින් බලාත්මක කොට, දැන් කඩිමුඩියේ එය රටේ නීතියක්‌ බවට පත් කිරීමට යන්නේ කාගේ වුවමනාවකටද?

බෙන් ඉමර්සන් මෙහි පැමිණ තර්ජනය කර ගියේ ඉදිරියේදී වන අතුරුදන්වීම් සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බව ද නැතිනම් යුද්ධයේදී සිදු වුණා යෑයි චෝදනා කරන යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු ප්‍රමාද වී ඇති නිසාද? මොනිකා පින්ටෝ මෙහි පැමිණ විදේශීය විනිසුරුකරුවන් ගෙන ආ යුතු යෑයි කියන්නේ ඉදිරියේ වන අතුරුදන් වීම්, අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමටද? අපට එරෙහිව ඇති, මංගල සමරවීර අගය කරමින් පිළිගත්, ජිනීවා යෝජනාවේ මුලින්ම තිබෙන්නේ අතීතයේ සිදුවූ වැරදි සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු බවයි. එම යෝජනාවේ ක්‍රියාකාරී අංශයේ 4 වැනි පරිච්ඡේදයෙන් කියෑවෙන්නේ පෙර සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිළිබඳව වන අතර දැන් රජය අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසෙන්නේ එයටය. මෙම ජාත්‍යන්තර පනතට අනුව චූදිතයෙක්‌ව රටින් පිටුවහල් කිරීමට බැඳී සිටින අතර දැනටමත් නීතියක්‌ බවට පත් කොට ඇති අතුරුදන් වීමේ කාර්යාල පනත මගින් ස්‌ථාපිත කොට ඇති කාර්යාලය මගින් අපේ රණවිරුවන් බොරු සාක්‍ෂි මත වරදකරුවන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මන්ද එම කාර්යාලයට "සාක්‍ෂි ආඥ" පනතට පටහැනි "සාක්‍ෂි පිළිගැනීමට අවසර දී ඇති බැවිනි. එසේ අභූත චෝදනා මත රණවිරුවන් වරදකරුවන් කොට වාර්තා සකස්‌ කළ පසු මෙම ප්‍රඥප්තිය නීතියක්‌ බවට පත් කොට ඇති ඕනෑම රටක සිට කෙනකු පෙර කී චූදිතයෙක්‌ බවට "පත් කළ රණවිරුවාට එරෙහිව නඩුවක්‌ පැවරුවොත් අපේ රට එම රණවිරුවාව එම රටට පිටුවහල් කිරීමට බැඳී සිටී. ඒ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට තිබේ නම් එකී රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට පවා ඉදිරිපත් කළ හැක. වර්තමාන රජය අපේ රටේ රණවිරුවාව පත් කර ඇති ඛේදනීය තත්ත්වය එයයි. ත්‍රස්‌තවාදය තුරන්කොට රටේ සමස්‌ත ජනතාවට බියෙන් තොරව ජීවත් වීම සඳහා අපේ රණවිරුවෝ 29,000 ක්‌ දිවි පිදූහ. 14,000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පැමිණ තිබේ. ගෙලෙන් පහළ මුළු ශරීරයම අප්‍රාණික සෙබළු සිය ගණනක්‌ ඒ අතර වෙති. සෙසු හමුදා සාමාජිකයෝ යුද්ධ කොට නොමැරී ජීවත් වෙති. මෙම රජයේ නිවට පාලකයෝ මේ සැරසෙන්නේ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීමට/බලකිරීමට අනුව එසේ යුද්ධයේදී නොමැරී ජීවත් වුණු රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියට යෑවීමටය. එය සිදුවන තෙක්‌ ජනතාව බලා සිටිය යුතුද?

මා වරක්‌ ඇමරිකාවට ගොස්‌ නැවත එනවිට ඇමරිකානු ගුවන් යානයක්‌ තුළ සිදුවූ සිද්ධියක්‌ සඳහන් කොට මෙම ලිපිය නිම කරමි. ගුවන් යානය පිටත් වීමට මොහොතකට පෙර යානයේ නියමුවා මගීන් සියලුදෙනාට නිශ්ශබ්ද වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු මෙසේ පැවසීය. "අද මේ මොහාතේ මෙම ගුවන් යානය තුළ අපේ රට වෙනුවෙන් යුද්ධ කළ වීර රණවිරුවෙක්‌ සිටී. "එය අපට මහත් ප්‍රීතියක්‌ මා ඔබ සැම වෙනුවෙන් ඔහුව ගෞරවයෙන් පිළිගනිමි" එම ප්‍රකාශයත් සමඟ මුළු ගුවන් යානයේම සිටි මගීන් ඉතා තදින් අත්පොළොසන් නාදයක්‌ ලබා දුනි. එම රණවිරුවා කවුරු දැයි මා නුදුටිමි. නමුත් එම ප්‍රතිචාරය මගේ නෙතට කඳුළක්‌ නැඟීමට සමත් විය. එසේ සිදුවූයේ වෙනත් රටක්‌ ආක්‍රමණය කළ යුද සෙබළෙක්‌ට ඇමරිකානුවෝ සලකන ආකාරයත්, අපේ රටේ අහිංසකයන් බුරුතුපිටින් මරා දැමූ සාහසික ත්‍රස්‌තයන් විනාශ කළ රණවිරුවන්ට අපේ රටේ පාලකයන් සලකන ආකාරයේ වෙනස දැනුණු නිසාදැයි නොදනිමි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
http://www.divaina.com/2017/07/23/feature38.html

වල්ලිපුරම් අම්මාගේ සංහිඳියාවේ නවාතැන - "අම්මයි - අප්පන්"

දකුණේ සිහළ දරුවන්ගේ සුබසිද්ධිය පතා තම ජීවිත කාලයෙන් වැඩිම පරිච්ඡේදයක්‌ ගත කළ එස්‌. වල්ලිපුරම් රසායන විද්‍යා ආචාර්යවරිය ගෙවීගිය හැට.... හැත්තෑව... අසූව.... දශක තුනෙහි වෛද්‍ය, ඉංජිනේරු, කාර්මික ශිල්පීන්, ආචාර්ය මහාචාර්යවරුන් රැසක්‌ දැයට දායාද කළ අති දක්‌ෂ ගුරු මාතාවකි.

අපේ රසායන විද්‍යා.... ටීචර් නමින් එවක සිසු පරපුර අතර විරුදාවලි ලත් වල්ලිපුරම් ගුරු මාතාව අසූදෙවැනි වියෙහි පසුවන්නීය. ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවද සමාජ මෙහෙවරයෙහි ඕ...තොමෝ... තවමත් විශ්‍රාම ලබා නම් නැත. දමිළ.... සිහළ සහජීවනයේ උත්තුංග මෙහෙවරක නිහඬවම නියෑළීs සිටින එතුමියගේ ජීවිතයෙන් වැඩිම කොටසක්‌ ගෙවී ගොස්‌ ඇත්තේද... දකුණේ සිහළ දරුවන්ගේ දෙනෙත් පැදීම සඳහාය.

තම ජීවිතයේ මෙන්ම .... ගුරු සේවයේද... අතීතය ආවර්ජනය කිරීමේදී, වල්ලිපුරම් ගුරුමාතාවට කනගාටු වීමට..... ළත වීමට කරුණු කාරණා කිසිවක්‌ නැත. විඳවීමට නොව විඳීමට හැකි අතීතයක්‌ එම ගුරු මාතාවට ඉතිරි කරමින් කාලය ගෙවී ගොස්‌ ඇත. මිල මුදලට අද අධ්‍යාපනය ද කිසිම හිරිකිතක්‌ නැතිව අලෙවි වේ. වෘත්තියෙන් ගුරුවරයකු විය හැකිය. නමුත් ඒ සෑමදෙනාටම 'ගුරු දෙවියකු' වීමට අපහසුය. එවන් තත්ත්වයක්‌ හමුවේ වල්ලිපුරම් ගුරු මාතාව එදා සිසු පරපුර අතර ගුරු දේවතාවියක වූයේ වචනයේ පරිසමාප්ත අයුරින්ම ගුරුමාතාවකම වූ බැවිනි.

ඊට රටේ දකුණේ එතුමියගෙන් අධ්‍යාපනය ලද දහස්‌ ගණනක්‌ සිසු කැළ සාක්‌ෂි දරනු ඇත.

මන්නාරම - තිරුකේතීශ්වරන් කෝවිල අසල ඉදිකර ඇති ''අම්මයි - අප්පන් නිවස ''නිර්මාතෘවරිය වන වල්ලිපුරම් ගුරුමාතාව පිළිබඳව තොරතුරු සොයා පසුගිය සති අන්තයෙහි එම මහත්මියගේ ශිෂ්‍යයකු වන මහජන බැංකුවේ සහකාර ප්‍රධාන ගණකාධිකාරී කීර්ති ගුණසේකර මහතා ඇතුළු පිරිසක්‌ සමඟ එහි ගියෙමු.

බොහෝ ළෙන්ගතුව අප පිළිගත් වල්ලිපුරම් මහත්මිය රසවත් උණු උණු උළුඳු වඩේ සහ එළකිරි පානය සඳහා අපට පිළිගන්වන ලදී. ඉන් අනතුරුව 'ඉරිදා දිවයින' සමඟ කළ පිළිසඳරයි මේ. 

මම උපන්නේ චාවකච්ෙච්රිවල මට්‌ටුවිල් ගමේ. සින්නතම්බි සාගර පිල්ලෙයි මගේ තාත්තා. සංගර පිල්ලෙයි කැට්‌පහම් මගේ අම්මා. අපේ තාත්තා හොඳ ගොවියෙක්‌. හොඳම... හොඳ හින්දු භක්‌තිකයෙක්‌. තාත්තට ඉඩකඩ ලැබෙන හැම මොහොතකම එයා කටයුතු කළේ දෙවියන් වෙනුවෙන්. කෝවිල්වලට ගිහින් ඒ කෝවිල් ගැන... දෙවියන් ගැන දේශනා කළා.

අයියලා දෙන්නයි. නංගියි, මල්ලියි මගේ පවුලේ සාමාජික පිරිස. අයියලා දෙන්නා අභාවප්‍රාප්ත වෙලා. විදුහල්පතිවරයෙක්‌ ලෙසත් එවකට භාණ්‌ඩාගාරයෙත් ඒ අය සේවය කළා. මල්ලී දැනට ඔස්‌ටේ්‍රලියාවේ සේවය කරනවා. ගමේ පාසලට පහේ පංතිය දක්‌වා ගියා. හය - අට දක්‌වා මට්‌ටුවිල් ජූනියර් ඉස්‌කෝලයට ගියා. ඊට පසුව චුන්නාගම් හි රාමනාදන් විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේදී 1952 වර්ෂයේදී මම ඉන්දියාවට ගියා. ඉන්දියාවේ හෝලික්‍රෝස්‌ කොලිජියේ පනස්‌ හත(1957) දක්‌වා සිට රසායන විද්‍යා උපාධිය සම්පූර්ණ කරගත්තා.

අපේ තාත්තා.... තමයි මට චරිතය වුණේ. තාත්තට ලොකු ආශාවක්‌.... උවමනාවක්‌ තිබුණ මටත්.... අනික්‌ පවුලේ අයටත් උගන්වාගන්න. ඒ නිසා ඒ අධිෂ්ඨානය සඵල කරදෙන්න කැපකිරීමෙන් යුතුව ඉගෙන ගන්තෙ. කෘෂිකර්මාන්තය මගේ තාත්තා කළේ. තාත්තා දක්‌ෂ ගොවි මහතෙක්‌. ඒ නිසා ඒ ලැබුණු මිලමුදලින් තමයි මාව ඉන්දියාවේ යවලා වැඩිදුර ඉගැන්වූයේ. මගේ පවුලේ අය ගමේ අනික්‌ අයට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියට ගියා. ශිව දෙවියන් සහ කතරගම දෙවියන් අදහනවා. අපට ඒ පිහිටත් ලැබුණ කියල මා විශ්වාස කරනවා.

උපාධිය සම්පූර්ණ කරගෙන ලංකාවට ආවාම පසුව දාම මට මාතලේ පාක්‍ය විද්‍යාලයට මුල්ම පත්වීම ලැබුණා. ඒ අවස්‌ථාව මට ලැබුණේ මගේ තාත්තා නිසයි. තාත්තා ඒ පාසලේ දේශණවලට එක්‌වුණා. ඒ කරුණුත් එක්‌ක මට විදුහලේ සේවය කරන්න ලැබුණා. මම රසායන විද්‍යා උපාධිධාරිණියක්‌ වුණත් මට ලැබුණේ 1 සහ 2 ප්‍රාථමික පංතිවලට උගන්වන්න. ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරියක්‌ ලෙස. ඔය අතරතුරදි මගේ ගමේදීම මට්‌ටුවිල් ගමේම තරුණයකු සමඟ මා විවාහ වුණා. වී. වල්ලිපුරම් භාෂා පරිවර්තක ලෙස සේවය ඇරඹූ මගේ මහත්මයා පාසල් පෙළ පොත් ද්‍රවිඩ බසට සංස්‌කරණය කරන ප්‍රකාශන අංශයේ සහකාර කොමසාරිස්‌ ධුරයක්‌ දැරුවා. ලොකු දුව බාල සරස්‌වතී වල්ලිපුරම්. පංච ලක්‌ෂ්මී වල්ලිපුරම් මගේ දෙවැනි දුව.

මාතලේ ඉන්න ගමන් කොළඹට මාරුවීමක්‌ ඉල්ලුවා. 1962 වර්ෂයේදී මට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීම ලැබුණා. ඇත්තටම මම මේ අවස්‌ථාව දකින්නේ මගේ ජීවිතේ තවත් එක්‌ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ ලෙසයි. එක අතකට ඒක අභියෝගයකට මුහුණ දීමක්‌ ද වැනියි. ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඒ වන විටත් වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ උසස්‌ පෙළ සයන්ස්‌ (විද්‍යා විෂය ධාරාව) ආරම්භ කරලා තිබුණා. සිංහල දරුවන් සමඟයි මට කටයුතු සිද්ධ කරන්න වුණේ. උසස්‌ පෙළ රසායන විද්‍යාව උගන්වන ගමන් මම මහත්තයාගේ සිංහල පත - පොත කියවන්න පරිශීලනය කරන්න පටන් ගත්තා, මහත්තයටත් හොඳට සිංහල පුළුවන්. කොහොම කොහොම හරි මමත් ඉක්‌මනට සිංහල ඉගෙන ගත්තා. මට ඒකට මගේ සිසු දරුවොත් උදව් කළා. රසායන විද්‍යාව සංකීර්ණ විෂයක්‌. මට ඇත්තටම අවශ්‍ය වුණා සරලව මේ දරුවන්ට උගන්වන්න. මම පාසලට එන්න කලින් කන්දයියා සහ තවත් මහත්මයකුයි සේවය කර තිබුණා. රසායන විද්‍යා ගුරුවරිය හැටියට දරුවෝ මට පුදුම බැඳීමකින් කටයුතු කළා. ඒ ළෙන්ගතුකම අදටත් එළෙසමයි.

1971 වර්ෂයේ උසස්‌පෙළ වර්තාවක්‌ තබමින් අපේ පාසල සමඟ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල සම ස්‌ථාන හිමිකරගත්තා. මහින්දදාස කියන දරුවා තමයි අපේ පාසලේ උසස්‌ම ප්‍රතිඵලය හිමිකරගත්තේ. මගේ විශේෂ අවධානයක්‌ යොමු වූ දරුවෙක්‌ එයා. මම මේ ටික කියන්නේ ඒ දරුවට මදි පුංචිකමක්‌ කරන්න නොවේ. රටේ අනෙක්‌ දරුවන්ටත් ආදර්ශයක්‌ ගන්නයි. සමස්‌ත ලංකා ජයග්‍රහණය හිමිකරගත් මේ දරුවා හරිම දුප්පත්. අභ්‍යාස පොතේ රූල් දෙක අතර තනිපෙළ වෙනුවට, පේළි තුනක්‌ මේ පුතා ලියනවා. එහෙම දුක්‌ විඳලා කැප කිරීම් කරලා තමයි එදා ඒ දරුවා ඉගෙන ගත්තේ.


එදා A එකක්‌ ගන්න හරිම අමාරුයි. මට මතක විදිහට උසස්‌පෙළ උසස්‌ අයුරින් ප්‍රතිඵල හිමිකරගත්ත අවධියෙම හර්මන් ලුස්‌ කුසලානයත් විදුහල හිමිකරගත්තා. එදිරිසිංහ සහ ප්‍රඥරත්න විදුහල්පතිවරු මගේ මතකයේ හැටියට ඒ කාලයේ සේවය කළා. මට මතකයි උසස්‌ පෙළ සාර්ථක ප්‍රතිඵල හිමිකරගත් බී. ඇම්. කරුණාරත්න දරුවා දෙවැනි වසර සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන තිබුණා. වසර දහතුනක්‌ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ සේවය කළා. ඒ ගැන මම හරිම තෘප්තිමත්.


ඔය කාලේ අපි පදිංචිවෙලා හිටියේ ගම්පහ - පහළගම. සාමකාමි පරිසරයක්‌. දැන්නම් ආසයි ඒ පළාත්වලට ගිහින් එන්නත්. වේයන්ගොඩ සිට දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට මාරුවීමක්‌ ලැබුණා. 74 සිට 79 දක්‌වා එහි සේවය කළා. ඊට පසුව කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයට පැමිණියා. එහිදී විසි හතර වර්ෂයක්‌ සපුරා (1981) ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවා. දෙහිවලට මාරුවීම් ලැබුණාට පසුව තමයි අපි වැල්ලවත්තට පදිංචියට අවේ.


ඔබ එවකට කොළඹ - වැල්ලවත්ත සිටි ජනප්‍රියම ප්‍රකට රසායන විද්‍යා ගුරුවරිය බවට පත්වුණා. අද වගේ අත් පත්‍රිකා, බැනර්, පෝස්‌ටර් හෝ දැවැන්ත ප්‍රචාරක මාධ්‍යයක්‌ නැතිව කොහොමද ඔබ ඒ තත්ත්වයට පත් වුණේ....?

(සිනාසෙයි)... මම කරන දේ දරුවෝ... හරියට කළා. රසායන විද්‍යාව නිරස විෂයක්‌. අමාරුයි, ඒ අමාරු දේ සරලව මම දරුවන්ට බෙදලා දුන්නා. දරුවෝ වාර්තා තබමින් රසායන විද්‍යාව සමත් වුණා. මම මුදල් බලාගෙන කරපු දෙයක්‌ නොවේ ඒක. ඔබ කී පරිදි කිසිම ප්‍රචාරක මාධ්‍යයක්‌ නැතිව, දරුවෝ මම සොයාගෙන දහස්‌ ගණනක්‌ එන්න ඇති. කටින් ... කට පැතිරිලා ගියා මිසක්‌. ළමයි මා ළඟට ගෙන්වා ගැනීමට සත පහක වියදමක්‌ මම දරලා නැහැ. අනික අතුල්වීමේ ගාස්‌තු නෑ. පංතියට ඇතුළත් කරගැනීමේදී නම් ගම් ලේඛනගත කළා. පංති පීස්‌ දුන්නද නැද්ද කියලවත් කිසිම සටහනක්‌ තිබුණේ නැහැ. බොහෝ දෙනා මාසික රුපියල් තිහ දුන්නා. දෙන්න බැරි අයත් සිටියා. රට වටෙන්ම දුර කතර ගෙවාගෙන දහස්‌ ගණනක්‌ මගේ පංතියට ආවා. නම්ගම් අවශ්‍ය නෑ කියන්න. පාසල් ගිය කාලෙත් යම් යම් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට උදවු උපකාර කළා. ඒ දරුවෝ අද සාර්ථක ජීවිත ගත කරනවා. ඒක මට ලොකු සතුටක්‌. අද ලොකු මහත්වෙලා ලොකු රැකියා කරන දරුවන් තුන් දෙනෙක්‌ මට කියනවා... ටීචර් එක මාසයක අපි ටිචර්ට පංති පීස්‌ කට්‌ කරලා චිත්‍රපටි බැලුවා. අපරාදෙ කියන්න බෑ ටීචර් අපෙන් පීස්‌ ගැන කවදාවත්ම ඇසුවේ නැහැ... සිනාසෙමින්... එලෙස වල්ලිපුරම් මහත්මිය පැවසුවාය.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

අපේ පරම්පරාවම නිර්මාංශිකයි. අපිත් එහෙමයි. මගේ දරුවන් දෙදෙනාත් හොඳට ඉගෙන ගත්තා. ලොකු දූ බාල සරස්‌වති වල්ලිපුරම් කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන වැඩිදුර විදේශ අධ්‍යාපනය ලබා අක්‌ෂි විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කළා.

ඉංජිනේරුවරයකු සමඟ විවාහ වී සිටියා. අනුරාධපුර සහ මීගමුව රෝහල්වල සේවය කළා. තිස්‌අට හැවිරිදි වියේහිදී ලොකු දූ පිළිකාවක්‌ වැළදී මියගියා. ලොකු දුවගේ අභාවයට පසුව මගේ මහත්මයාත් පිළිකා රෝගය නිසා අභාවප්‍රාප්ත වුණා. පංචලක්‌ෂ්මි මගේ දෙවන දූත් වෛද්‍යවරියක්‌. ඒ දූ... ටත්... පිළිකාවක්‌ හැදුණා... දරුවෝ. දූ... ට ඔපරේෂන් එකක්‌ කළා. ඒ ඔපරේෂන් එක කරල මගේ... දූ... වසරදහයක්‌ ජීවත් වුණා. ඔය.... විදිහට තමයි... මගේ මහත්තයත්... දරුවෝ දෙන්නත් මට නැති වුණේ. ඉන් අනතුරුව අප අතරේ... ඇති වූ දැඩි නිහැඬියාව බිදිමින්.... විදේශ යුවතියන් තිදෙනකු අප ඉදිරියට පැමිණීමත් සමඟ, එම යුවතියන් සමඟ සුළු මොහොතක්‌ කතාබස්‌ කර මා සමඟ නැවත වල්ලිපුරම් ගුරු මාතාව පිළිසඳරට එක්‌ වූවාය.

83 කළු ජූලිය කාලයේදී ඔබ කොළඹ - වැල්ලවත්ත පදිංචිව සිටියා. ඒ සිදුවීම කොහොමද ඔබ පවුලට බලපෑවේ.

අනේ.... දරුවෝ.... මගේ ජීවිත කාලයෙන් වැඩිම කාලයක්‌ ගත කළේ සිංහල දරු දැරියන්ගේ නෙත් පාදන්නනේ. මම දමිළ කියන අදහසකින් නෙමෙයි ඒ දරුවෝ මට සළකන්නේ. මමත් එහෙමයි. අපි අතර ජාති බේදයක්‌ එදත් නෑ අදත් නෑ හෙටත් නැහැ. එදත් අපිට ලොකු විශ්වාසයක්‌ තිබුණා කරදරයක්‌ අපට වෙන්නෑ කියලා. අපි ගෙදරම සිටියා මාසයක්‌. කොහෙවත් ගියේ නැහැ. ඩී. ඇස්‌. එකේ දරුවෝ හාල්, පොල්, පරිප්පු අඩුම කුඩුම දෙවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගෙනත් දුන්නා. ඒ දරුවොත් සමඟ විදුහල්පතිව සිටි අලස්‌ මහත්තයත් ආවා ගියා. අපේ පවුලට කියන්න තරම් කිසිම කරදරයක්‌ වුණේ නැහැ.

''අම්මයි - අප්පන් නිවස්‌' ආරම්භ කරමින් ඔබ තවත් සමාජ සත්කාරක මෙහෙවරක යෙදී සිටිනවා. යමක්‌ ඒ ගැන පවසනවා නම්.

මගේ දෙවැනි දුවගේ අදහසක්‌ මේ ක්‍රියාත්මක කළේ, දුව මැරෙන බව දැනගෙන හිටියේ. ඒ නිසා මේ වගේ දෙයක්‌ කරන්න එයාට අවශ්‍ය වුණා. දුවට ඒ කිසිම දෙයක්‌ කරගන්න බැරිවුණා. අදහස සහ සැලසුම ඉතිරි කරලා දුව ජීවිතයෙන් ද සමුගත්තා. දුවගේ අපේක්‌ෂාව ඉටුකරන්න තරම් මුදලක්‌ මා ළඟ තිබුණේ නෑ. වැල්ලවත්ත ගෙදර..... මහත්තයත්....දරුවෝ දෙන්නත් නැතිව මට වැඩක්‌ නැහැ. වර්ෂ 2006 දී ලක්‌ෂ හතළිහකට විකුණුවා.

තිරුකේතීශ්වරන් කෝවිල ළඟ මේ ඉඩම ඒ මුදලින් අරගෙන මේ නිවාසය ආරම්භ කළා. වල් බිහිවෙලා තිබුණු මුඩු ඉඩම අද ගොඩනැඟිලි තුනක්‌ සහිත ඇඳන් හැටක නිවසක්‌ බවට පත්ව ඇත. අපි ආරම්භක අවධියේදී මේ ප්‍රදේශවල යුද්ධයෙන් අනාථ වූ වැඩිහිටියන් දෙසීයකට පිළිසරණ වුණා. යුද්ධය අවසන්වී උතුරු - දකුණු සබඳතා ගොඩ නැගුණයින් පසුව මන්නාරමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නවතින්න තැනක්‌ තිබුණේ නැහැ. එදා සිටම හමුදාව මට උදව් උපකාර කරනවා විශේෂයෙන් එය පැවසිය යුතුමයි. බහුතරයක්‌ම එන්නේ සිංහල අයයි. ඕනෑම කෙනකුට මෙහි නැවතීමට හැකියි. බේද කිසිවක්‌ නැහැ.

කෝවිලට සහ මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා දෙමහල් ගොඩනැඟිල්ලේ පළමු මහළ කාමර දහයකින් සහ දෙවන මහළ රැස්‌වීම් ශාලාවක්‌ ලෙස ඉදිකිරීම සඳහා රුපියල් ලක්‌ෂ සීයක්‌ ඇස්‌තමේන්තු කර තිබෙනවා. එහි වැඩකටයුතු ආරම්භ කළා. ඊට රුපියල් ලක්‌ෂ විසිපහක්‌ කැනඩාවේ සේවයේ නියුතු එස්‌. ෂන්මුගම් වන මගේ මල්ලී ලබා දුන්නා. මගේ සහ මහත්තයාගේ විශ්‍රාම වැටුපෙන් ලද මුදල් ඇතුළු සොයාගත් රුපියල් ලක්‌ෂ විසිපහක්‌ එකතුව ලක්‌ෂ පනහක්‌ දැනට තිබෙනවා. ඉතිරි ලක්‌ෂ පනහක මුදල සඳහා පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය මා බලාපොරොත්තු වනවා. මට දැන් වයස අවුරුදු අසූදෙකයි. මේ කිසිම දෙයක්‌ මගේ පුද්ගලික සුඛ විහරණයට මා යොදාගෙන නැහැ.

මගෙන් පසුව භාරකාර මන්ඩලයකට මේ සියල්ල පැවරෙනවා. මේ සත්කාරය සඳහා දායකත්වය තමයි අපේක්‌ෂා කරන්නේ. ජීවිතේ මේ ඉතිරි කෙටි කාල සීමාව තුළ ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව මට කරන්න හැකි දෙයක්‌ තියෙනවා නම් ඒ දේ ''අම්මයි - අප්පන් නිවස්‌' තුළින් සිදුකිරීම තම එකම අරමුණ බැව් වල්ලිපුරම් ගුරුමෑණීයෝ වැඩිදුරටත් පැවසූහ.

මන්නාරම - ඓතිහාසික මාතොට රජමහා විහාරාධිපති අඹගහවැවේ සංඝරක්‌ත හිමියෝ මෙසේ පැවසූහ.

මහත්තයෝ ජාතික සමඟියට ඔය කියන සංහිඳියාවට හොඳම අරුත මේ වල්ලිපුරම්... අම්මා. රට වටෙන් එන කීදෙනෙක්‌ එනවද මේ පංසලට නවාතැන් ඉල්ලාගෙන. කෝ අපට දෙන්න තැනක්‌ තියෙනවද? ගම්පොල ප්‍රදේශයේ හාමුදුරුවරු 40 නමක්‌ දවසක්‌ වැඩියා. නවාතැන් දුන්නේ මේ වල්ලිපුරම් අම්මගේ නිවසෙයි. බස්‌ පිටින් ආවම යවන්නේ මම එතනට. මේ පළාතේ නෑ. නවතින්න තැනක්‌. මේ අම්මා කරන්නේ ලොකු මෙහෙවරක්‌. නිවාසයේ පැවැත්ම සඳහා බොහෝම සාධාරණ මුදලක්‌ තමයි ගන්නේ. මේ ස්‌ථානය වැඩිදියුණු කරගන්න ඇත්තටම උදවු උපකාර කළයුතුයි. දරුවො දෙන්නයි - මහත්තයයි නැතිව අවුරුදු 82 ක ගැහැණියකට කරන්න හැකි දෙයක්‌ නෙමෙයි මේ අම්මා කරන්නේ. රුපියල් ශතවලට මේ සේවය මිල කරන්නත් අගයන්නත් බැහැ.

එස්‌. වල්ලිපුරම් මහත්මිය, අම්මෙයි - අප්පන් නිවස, තිරුකේතීශ්වරන්, මන්නාරම. එම ගුරුමාතාවගේ ලිපිනයයි. මන්නාරම ලංකා බැංකු ශාඛාවේ 990000 ගිණුම් අංකයට පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය යොමුකළ හැකිය. 023-2050822 දුරකථන අංකයෙන් මේ පිළිබඳව වැඩිදුර විස්‌තර විමසිය හැකිය.

නිමල් දයාරත්න
http://www.divaina.com/2017/07/23/feature08.html

Friday, July 21, 2017

කොකේන් තොගය ගැන ඇමති බදියුදීන්ට සෘජු චෝදනා.. වහා ඉල්ලා අස්වනු.. පොලීසිය කුඩු සීනි නොකරනු..

සතොස ගබඩාවකට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.

පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.

Lanka C News

සබැඳි ලිපි -
[
කෝටියක කුඩු ගිල පැමිණි ඛාන් සහීර් මොහොමඩ් ජීවිතාන්තය තෙක්‌ හිරේ
http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_23.html
වෂීඩ් ඉක්‌බාල්ගේ ජැකට්‌ එකේ කෝටි 3 1/2ක කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හතළිහක්‌ සඟවා තිබුණා
http://yukthiyawenuwen.blogspot.com/2015/09/blog-post_17.html
දෙරටක්‌ රැවටූ මුසලු කුඩු රජා මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවෙයි
http://yukthiyawenuwen.blogspot.com/2015/08/blog-post.html
මැලේසියාවේ කුඩු කප්පිත්තා මොහොමඩ් මුබාරක්‌ගේ කුඩු ජාලය
http://yukthiyawenuwen.blogspot.com/2015/07/blog-post_59.html
70% ලංකා කුඩු වෙළඳපොල අයිති ශ්‍රී ලංකාවට හෙරොයින් එවන කුඩු රජා - මොහොමඩ් මුබාරක්‌ හඳුනාගනී
http://yukthiyawenuwen.blogspot.com/2015/07/70.html
හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුව
http://yukthiyawenuwen.blogspot.com/2015/06/34.html
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://yukthiyawenuwen.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇප
http://yukthiyawenuwen.blogspot.com/2015/04/135.html
කුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!
http://yukthiyawenuwen.blogspot.com/2015/03/blog-post_57.html
අහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යය
http://yukthiyawenuwen.blogspot.com/2015/03/blog-post_60.html
කුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයි
http://yukthiyawenuwen.blogspot.com/2015/03/blog-post_48.html
දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයි
http://yukthiyawenuwen.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://yukthiyawenuwen.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://yukthiyawenuwen.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’
http://yukthiyawenuwen.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://yukthiyawenuwen.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://yukthiyawenuwen.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’
http://yukthiyawenuwen.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?
http://yukthiyawenuwen.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරී
http://yukthiyawenuwen.blogspot.com/2014/06/blog-post_1487.html
කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!
http://yukthiyawenuwen.blogspot.com/2014/06/68.html
අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටු
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_9095.html
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේ
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_14.html
කෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්
http://yukthiyawenuwen.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...
http://yukthiyawenuwen.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේ
http://yukthiyawenuwen.blogspot.com/2014/03/3-36.html
කුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේ
http://yukthiyawenuwen.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩු
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_6273.html
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩු
http://yukthiyawenuwen.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්
http://yukthiyawenuwen.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'
http://yukthiyawenuwen.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_4466.html
ලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_1825.html
මුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_3391.html
පාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයි
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_8.html
කුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌
http://yukthiyawenuwen.blogspot.com/2013/09/200.html
ජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙන
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.
http://yukthiyawenuwen.blogspot.com/2013/10/2670.html
]

රුසියානු ශේ්‍රෂ්ඨාධිකරණය යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය අහෝසි කරන නියෝගය තහවුරු කරයි!

යෙහෝවා සාක්‌ෂිකරුවෝ නමැති ආගමික සංවිධානය විසුරුවාහරින ලෙස රුසියානු අධිකරණයෙන් දුන් නියෝගය එරට ශේ්‍රෂ්ඨාධිකරණය අනුමත කර ඇත.

මෙම සංවිධානය අන්තවාදී ආගමික සංවිධානයක්‌ ලෙස ප්‍රසිද්ධ වී තිබේ.

රුසියානු අධිකරණයේ තීන්දුව අහෝසි කරන ලෙස යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙම ආගමික සංවිධානයේ ශාඛා 395 වහාම වසාදමා එහි වත්කම් තහනම් කරන ලෙස රුසියානු අධිකරණ අමාත්‍යාංශය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මේ අතර ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පැමිණිලි කරන බව යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2017/07/21/forign.html

ඉස්‌ලාමීය හිස්‌ ආවරණ ජර්මනිය තුළ තහනම්! ජර්මන් විනිසුරු එය ඉවත් කරන ලෙස සිරියානු කාන්තාවකට නියෝග කරයි!

ජර්මන් අධිකරණය තුළ ආගමික සංකේතවලට අවසර නැති බව ජර්මන් විනිසුරුවෙක්‌ සිරියානු කාන්තාවකට ප්‍රකාශ කර ඇත.

ඉස්‌ලාමීය හිස්‌ ආවරණයෙන් සැරසී අධිකරණ ශාලාවට පැමිණි ඇයව වහාම එම හිස්‌ ආවරණය ඉවත්කරන ලෙස විනිසුරු නියෝග කර තිබේ.

ජර්මනිය තුළ ඉස්‌ලාමීය හිස්‌ හා මුහුණ ආවරණ පැළදීම තහනම්ය.

සිය සැමියාගෙන් දික්‌කසාදවීම සඳහා ඇය ජර්මන් අධිකරණ වෙත අයදුම්පතක්‌ යොමුකර තිබුණි.

විනිසුරුගේ මෙම නියෝගය ගැන එම කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා පැවසුවේ එය නීතිවිරෝධී බවයි.

http://www.divaina.com/2017/07/21/forign.html

සබැඳි ලිපි -
[
මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළුමනින්ම තහනම් කළයුතුයි - ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර්
http://yukthiyawenuwen.blogspot.com/2016/12/blog-post_40.html
බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි.
http://yukthiyawenuwen.blogspot.com/2016/09/57.html
ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_64.html
ප්‍රංශ පොලිසිය නීස්‌ මුහුදු වෙරළේ සිටි මුස්‌ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයි
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_79.html
ස්‌විස්‌ ටිසිනෝ ප්‍රාන්තය බුර්කා මුහුණු ආවරණය තහනම් කරයි
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_4.html
බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!
http://yukthiyawenuwen.blogspot.com/2016/07/blog-post_49.html
බ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/01/blog-post_21.html
ඉස්‌ලාමීය මුල්ධර්මවාදයෙන් තර්ජන! ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය - බුර්කා තහනම්
http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_8.html
බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!
http://yukthiyawenuwen.blogspot.com/2015/09/blog-post_99.html
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටු
http://yukthiyawenuwen.blogspot.com/2015/04/blog-post.html
ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්
http://yukthiyawenuwen.blogspot.com/2014/10/blog-post_31.html
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයි
http://yukthiyawenuwen.blogspot.com/2014/10/blog-post_67.html
නිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්
http://yukthiyawenuwen.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???
http://yukthiyawenuwen.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයි
http://yukthiyawenuwen.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයට
http://yukthiyawenuwen.blogspot.com/2013/08/blog-post_27.html
බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
http://yukthiyawenuwen.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_10.html
කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයි
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBS
http://yukthiyawenuwen.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://yukthiyawenuwen.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරති
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්
http://yukthiyawenuwen.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමති
http://yukthiyawenuwen.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාව
http://yukthiyawenuwen.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://yukthiyawenuwen.blogspot.com/2013/09/blog-post_22.html
]