Pages

Tuesday, July 18, 2017

කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය - ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට ගිය ක්‍රමයට මෙවර තිත???

උසස්‌ පෙළ විභාගයට සියල්ල සූදානම් ය. අගෝස්‌තු මස 8 වැනිදා විභාගය ආරම්භ කෙරේ. උසස්‌ පෙළ යනු අතිශය තීරණාත්මක කඩඉමක්‌ හෙයින් සිසුහු සිය උපරිම ය යොදති. විභාගයට පෙනී සිටින බොහෝ පිරිසකගේ එක ම අරමුණ කෙසේ හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම ය. ඒ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් සිසුන් නොගන්නා උත්සාහයක්‌ නැත. නොකරන දෙයක්‌ නැත. සාපේක්‍ෂ වශයෙන් ගත් කල සාමාන්‍ය පෙළ විභාගයට වඩා විභාග වංචා සිදු වන්නේ ද උසස්‌ පෙළ විභාගයේදී ය. 

විශ්වවිද්‍යාල ප්‍රවේශය එකම අරමුණ වන හෙයින් මෙම තත්ත්වය දක්‌නට ලැබෙන අතර විශේෂයෙන් දුෂ්කර දිස්‌ත්‍රික්‌ක 16 සඳහා ලැබෙන කෝටාව මත හිමි වන අඩු ඉසඩ් ලකුණු ප්‍රමාණයේ වාසිය සොරා ගැනීම සඳහා ද සිසුන් පෙළඹෙන්නේ ද මේ නිසා ම ය. දුෂ්කර දිස්‌ත්‍රික්‌කයන්හි සිසුන් හට ලැබෙන එම සහනය සොරා ගැනීමට උත්සාහ කිරීමේ නිර්ලඡ්ජිත ක්‍රියාවලියට කිසිදු සිංහල මාධ්‍ය සිසුවෙක්‌ සම්බන්ධ නොවූ බව පසුගිය වසරේ කළ විමර්ශනයේ දී අනාවරණය විය. දුෂ්කර දිස්‌ත්‍රික්‌ සිසුන්ට සිදු වන මෙම අසාධාරණය වසර ගණනක සිට සිදු කෙරෙන නමුත් සියල්ල හෙළිකර ගැනීමට හැකි වූයේ පසුගිය වසරේ දී ය. ඒ සම්බන්ධයෙන් මීට පෙර විභාග දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනිණි. ඒ නිසා ම වංචා සහගතව දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටි පිට පළාත් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත් අවස්‌ථා පිළිබඳ තොරතුරු ද පසුගිය කාලයේ අනාවරණය කෙරිණි. විශේෂයෙන් පුත්තලම හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයන්ගෙන් මෙලෙස වංචා සහගතව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙක්‌ වූහ. එලෙස පිට පළාත් අයදුම්කරුවන්ට දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටීමට ඉඩ දුන් විදුහල්පතිsවරුන්ගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මතය. 

මෙවර ද එම වංචා සහගත ක්‍රියාවට සම්බන්ධ වන අයදුම්කරුවන් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන්ට පමණක්‌ නොව ඒ සඳහා උපකාර කරන සියලු දෙනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. එවැනි අයදුම්කරුවන් හසු කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විශේෂ වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක කරයි. යම් හෙයකින් මෙවරත් පිට පළාත් අයදුම්කරුවන් එලෙස හසු වුවහොත් ඔවුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඒ සඳහා පහසුකම් සලසන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරීමේ දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාගය පැවැත්වෙන අතරතුර දී ම එම දඬුවම ක්‍රියාත්මක කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මෙවර උසස්‌ පෙළ විභාගයේ දී වංචා හා අක්‍රමිකතා අවම කරලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කරනු ලැබ තිබේ. ඒ නුව බෙදා හැරෙන ප්‍රශ්න පත්‍ර ගබඩා කෙරෙන සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයන්හි පොලිස්‌ ආරක්‍ෂාව වැඩි කෙරේ. මෙතෙක්‌ එම මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාව සඳහා යෙදවූ පොලිස්‌ නිලධාරීන් සංඛ්‍යාව දෙදෙනෙක්‌ වූ නමුත් මෙවර එම සංඛ්‍යාව තුන් දෙනෙක්‌ දක්‌වා වැඩි කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබීම විශේෂත්වයකි. එලෙස යෙදවෙන නිලධාරීන් දින තුනකට වරක්‌ වෙනත් මධ්‍යස්‌ථානවලට මාරු කිරීමට ද දෙපාර්තමේන්තතුව සැලසුම් කර ඇත. 

තව ද විභාගය පැවැත්වෙන කාලසීමාවේ මධ්‍යස්‌ථානවල ආරක්‍ෂාව වෙනුවන් ක්‍රියාතත්මක ජංගම පොලිස්‌ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. පොලිස්‌ ජංගම රථ සංඛ්‍යාව මෙන්ම යතුරු පැදි සංඛ්‍යාව ද මෙවර වැඩි කෙරේ.

විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක්‌ දෙපාර්තමේන්තුවේ ස්‌ථාපිත කෙරෙන අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ. අයදුම්කරුවන් සම්බන්ධයෙන් මෙන්ම විභාග කාර්ය මණ්‌ඩලය සම්බන්ධයෙන් ද වන පැමිණිලි මෙම ඒකකයට ඉදිරිපත් කළ හැකි ය. අක්‍රමිකතා සිදු කරන හෝ ඒ සඳහා අනුබල දෙන අයදුම්කරුවන් මෙන්ම කාර්ය මණ්‌ඩලය සම්බන්ධයෙන් ද උපරිම දඬුවම් දෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

* නිලන්ත
http://www.divaina.com/2017/07/17/feature02.html

සබැඳි ලිපි -
[
උ/පෙළ දුෂ්කර පාසල් වලින් මුසළුවන් අඩු ලකුණින් සරසවියට??? පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම්!
http://yukthiyawenuwen.blogspot.com/2017/07/blog-post_2.html
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
]

0 comments: