Pages

Monday, July 3, 2017

යුරෝපා සංගමයේ ඕස්ත්‍රියාව ඉස්ලාමීය ලදරු පාසල් වසා දමයි.. ඉස්ලාමීය ආගම ඉගැන්වීම සහජීවනයට හානියක්..- ඕස්ට්‍රියා විදේශ ඇමති

යුරෝපා සංගමය ද ඇමරිකාවේ පිලිවෙත අනුගමනය කරමින් එම රටවල්තුලට පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයන් සඳහා නව නීති හදුන්වා දීමට පටන් ගෙන ඇත.

විශාල වශයෙන් මුස්ලිම් සංක්‍රමණිකයන් යුරෝපා සංගමයේ රටවල් වලට මධ්‍යධරණි මුහුද හරහා සරණාගතයින් ලෙස ඇතුල්වන අතර ඔහුන් සඳහා පසුගිය කාලය තුල විශේෂ සහන සැලසීමට යුරෝපා සංගම් රටවල් කටයුතු කොට තිබුණි.

එමෙන්ම යුරෝපා සංගම්යට අයත් ඕස්ත්‍රියාවේ ජනගහනයෙන් 7% මුස්ලිම් ජනතාව ජීවත්වන අතර අගනුවර වන වියානාහි මුස්ලිම් 12.5% ජීවත් වෙති. මොවුන් සියලු දෙනාම අවට මුස්ලිම් රටවලින් සංක්‍රමණ වූ පිරිසකි. වියනා අගනුවර මුස්ලිම් ලදරු පාසල් 150 ක් පමණ තිබෙන අතර මේ හරහා ඔහුනට කූරාණය ඉගැන්වීම මෙතෙක් කර ගෙන ගියහ.

ඒත් විදේශ ඇමති සෙබස්තියන් කෲස් ගේ මතය වී ඇත්තේ ජර්මන් භාෂාව අනිවාර්යයෙන්ම රටේ සහජීවනය සඳහා අත්‍යවශ්‍ය බැවින් මෙවෙනි මුස්ලිම් ලදරු පාසල් හරහා සාමාජයේ ඒකාබද්ධ වීමට ඇති අවස්ථාවන් අවම කරන බවයි.

එමෙන්ම මින් ඉදිරියට ඕස්ත්‍රියාවේ ජීවත්වීමට කැමති මුස්ලිම් සංක්‍රමණිකයන් අනිවාර්යයෙන්ම ජර්මන් භාෂාව ඉගෙන ගත යුතු බවත් ඔහුනට මුස්ලිම් ලදරු පාසල් ලබා නොදෙන බවත් අනිවාර්යයෙන්ම මුස්ලිම් ලදරු අධ්‍යපන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන්ම ඉදිරියේදී ඉවත් කරන බවයි.

එමෙන්ම මුස්ලිම් සරණාගතයන් තම රටට අනවශ්‍ය බවත් දැනට එසේ මුස්ලිම් ලදරු පාසල් අධ්‍යාපනය අවශ්‍ය පුද්ගලයින් එසේ අවශ්‍යනම් නැවත තමන් පැමිණි මුල් රටවලට යායුතු බවත් ප්‍රකාශ කොට ඇත.

Lanka C News

0 comments: