Pages

Friday, July 7, 2017

රට දැය සමය රැකීම භික්‌ෂුවගේ වගකීමයි. අපට එයින් බැහැර වෙන්න බැහැ! ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් ඇතුළු සංඝරත්නයෙන් ජනපතිට යෝජනා...

ත්‍රෛයිනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (06 වැනිදා) ඉදිරිපත් කරන ලද යෝජනාවලිය මෙසේය. 

සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අන්ත්‍රාවක්‌ හෝ ගැහැටක්‌ පැමිණි හැම කල්හිම එහි සුරක්‌ෂිතතාවය උදෙසා බෞද්ධ භික්‌ෂුන් වහන්සේ තම ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වූ බව ඉතා ප්‍රකට කරුණකි. අප රටේ ජාතික, ආගමික, ශාසනික තත්ත්වයන් සංරක්‌ෂණයෙහි නිරත වීම ශ්‍රී ලාංකේය භික්‌ෂුවගේ ප්‍රමුඛ වගකීමකි. මේ ඓතිහාසික උරුමය වර්තමානයේදීද සංඝ මූලාස්‌ථානයන්හි ප්‍රධාන භික්‌ෂුන් වහන්සේලා වශයෙන් අපටද පැහැර හැරිය නොහැකි කාර්යයකි. එබැවින් පහත සඳහන් අපගේ මතය ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිතුමාටත්, අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජයටත් දැනුම් දීමට අදහස්‌ කළෙමු.

1. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත්, නායකත්වය දෙන බව ගරු ජනාධිපතිතුමා මෙරට වැසියන්ට පොරොන්දුවක්‌ දුන් අතර, ඉන්පසු පැවැත් වූ මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමාද ජනතාවට ප්‍රකාශ කළේ ලිච්ඡවී පාලන තන්ත්‍රයක්‌ ඇති කිරීමට අවශ්‍ය වන ආකාරයෙන් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවය. ඒ සඳහා එතුමාට බහුතර ජන බලයක්‌ නොලැබුණි. එසේ තිබියදී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරමින් සිටින මේ අවස්‌ථාවේ රටේ මහත් අර්බුදකාරී තත්ත්වයක්‌ සහ මෙතෙක්‌ නොපැවති මහත් ගැටලු සහගත තත්ත්වයක්‌ උදාවීමට අවශ්‍ය පෙර ලකුණු ඇති වන බවක්‌ පෙනේ. විශේෂයෙන්ම,

(අ) ඒකීය රාජ්‍ය වෙනස්‌ කෙරෙන යෝජනා ඉදිරිපත් කිරීම

(ආ) බුද්ධාගමේ ආරක්‌ෂාවට ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තියෙන් පිරිනැමෙන ප්‍රමුඛස්‌ථානය අහෝසි වන අයුරින් මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති ඇතුළත් කිරීම

වැනි කරුණු අන්තර්ගතයන්ට නිර්දේශ කර ඇති හෙයින් අර්බුද ඇති විය හැකිවේ යෑයි අපට හැඟේ. එබැවින් වර්තමානයේදී මෙරටට නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම කෙසේවත් සුදුසු නොවේ යෑයි අපගේ වැටහීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මනාප ඡන්ද ක්‍රමය සහිත වූ මැතිවරණ ක්‍රමය රටට සුදුසු නොවන බව අපටද පෙනී යන බැවින් ඒ සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක්‌ ඉක්‌මණින් සකසා ඊට අදාළ සුදුසු අණ පනත් පාර්ලිමේන්තුවට ගෙනවිත් ක්‍රියාත්මක කරන මෙන් දන්වා සිටිමු.

2. සත්‍ය ගවේෂණ කොමිසමක අවශ්‍යතාව.

(අ) වර්තමානයේ ජාතික හා ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් මුස්‌ලිම් ජනතාවගේ ආගමික ස්‌ථානවලට හා වෙළෙඳසැල්වලට හානි කිරීම් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන්ට හා භික්‌ෂූන් වහන්සේලාට කරනු ලබන චෝදනා විනිශ්චය කිරීම

(ආ) එසේම ජන වාර්ගික පදනමකින් ජනාවාස පිහිටුවීමට විල්පත්තුව, සෝමාවතිය ආදී රක්‌ෂිත වනාන්තර හෙළි කිරීම ගැන මුස්‌ලිම් දේශපාලනඥයන්ට කරනු ලබන චෝදනා විනිශ්චය කිරීමට 

(ඇ) උතුරු නැගෙනහිර පළාත්වල පෞරාණික බෞද්ධ සිද්ධස්‌ථාන හා පුරාවස්‌තු විනාශ කිරීම හා දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්‌ථානවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්‌කෘතික ත්‍රිකෝණ අරමුදල මැදිහත් වීමෙන් පෞරාණික බෞද්ධ සිද්ධස්‌ථානවල පාලනය අවුල් කිරීමට ගන්නා උත්සාහය නතර කිරීමට ගරු ජනාධිපතිතුමන් මැදිහත් විය යුතු අතර, ඉදිරියේදී ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක්‌ සඳහා මහනායක හිමිවරුන්ගේ හා විහාරාධිපති හිමිවරුන්ගේ අදහස්‌ ලබා ගැනීමට කටයුතු සිදුකිරීමට 

(ඈ) සිංහල ජන ප්‍රතිශතය අඩු කිරීමේ අරමුණින් කෙරෙන වන්ධ්‍යාකරණය පිළිබඳ සොයා බලා එය වළක්‌වාලීමට පිළියම් නිර්දේශ කිරීම 

ඉහත සඳහන් කරුණු පිළිබඳව හා ඇතැම් පළාත්වල හින්දු ජනතාවට අන්තවාදී පිරිස්‌ සිදුකරනවා යෑයි කියනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව සත්‍ය සොයා පිළියම් යෙදීමට විශ්‍රාමික විනිශ්චයකාරතුමෙකු ප්‍රධාන සත් පුද්ගල සත්‍ය ගවේෂණ කොමිසමක්‌ පිහිටුවීම කළ යුතු අතර, කමිටුවේ සාමාජිකයන් ඒ ඒ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ හසල දැනුමක්‌ ඇති අය විය යුතු අතර, එම කොමිසමේ සාමාජිකයන් පත් කිරීමට පෙර ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගෙන් විමසිය යුතු වේ.

3. වෙසෙසින්ම උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන සිංහල ජනතාවට සිදුවන පීඩාකාරී තත්ත්වයන් සොයා බලා කටයුතු කිරීමට සුදුසු විෂය පථයක්‌ සකසා සිංහල අමාත්‍යවරයකුට එහි වගකීම පැවරිය යුතු වේ.

4. ගරු ජනාධිපතිතුමන්ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්‌ථාන අසල පවත්වාගෙන යන සුරාසැල් ඉවත් කිරීමට දුන් පොරොන්දුවත්, සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන බවට දුන් පොරොන්දුවත් යනාදිය පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමක්‌ කරමු. එමෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පාලක මණ්‌ඩලයේ සංයුතිය සඳහා සඳහා විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඇතුළත් වන පරිදි 1980 අංක 57 දරන මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත සංශෝධනය කර පෞරාණික සිද්ධස්‌ථානවලට කරනු ලබන අනර්ථයන් වළකාලන ලෙසද මතක්‌ කරමු.

5. වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ වතාවරණය තුළ කැපී පෙනෙන දර්ශනයක්‌ වී ඇත්තේ සමස්‌ත භික්‌ෂූන් වහන්සේලාට අපහාසයක්‌, අගෞරවයක්‌ සිදුවන ආකාරයට වචන භාවිත කරමින් ඊර්ෂ්‍යා පරවස සිතිවිලි වපුරමින් වියතුන් යෑයි කියා ගන්නා චාරයක්‌ නොමැති ඇතැම් දේශපාලනඥයන් හා සිවිල් සමාජයේ පුද්ගලයන් කරන කතාබහ සමස්‌ත භික්ෂු - සංඝයා වහන්සේගේත් බෞද්ධ ජනතාවගේත් මධ්‍යස්‌ථ මතධාරීන්ගේත් කනස්සල්ලට හේතුවක්‌ව ඇති බවත් කනගාටුවෙන් මතක්‌ කරමු.

6. රට තුළ පැවැතිය යුතු ආරක්‌ෂාවට හා රටේ පැවැත්මට මෙන්ම ජාතීන් අතර සමගියට බාධා නොවන ආකාරයට රට මෙහෙයවීමේ පූර්ණ වගකීම ඇති රජය මේ රට තුළ ජාති භේද වාදාදිය දියත් කරන සියල්ලන්ට, බෞද්ධයන්ට තවදුරටත් ඔවුන්ගේ ජාතික හා ආගමික හැඟීම් විනාශ කිරීමට තුඩු දෙන අයුරින් නැති නීති පනවමින් ක්‍රියා කරන්නේ නම් ජනතා කලකිරීම් තුළ රටේ ඇති විය හැකි අනතුරුදායක සමාජ වතාවරණයන් සම්බන්ධයෙන් රජයට ඇති වගකීම සුළු කොට නොතැකීම රජයේ වගකීමක්‌ බව තරයේ අවධාරණය කරමු.

7. අද වන විට ශ්‍රී ලාංකේය ජනතාව බදු බරින් පීඩාවට පත්ව අති දුෂ්කර ජීවන තත්ත්වයකින් පෙළෙන බවත් එම තත්ත්වයෙන් හා මේ වන විට ආපදා තත්ත්වයන්වලදී අසරණ භාවයට පත්ව ඇති ජනතාවද ඉන් මිදවීම සඳහා ක්‍රියාකිරීමට රජයේ විශේෂ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කර සිටිමු.

2017 ජුලි මස 06 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදීය.
http://www.divaina.com/2017/07/07/news33.html

Pic Source

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/06/blog-post_21.html

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]


උතුරු හා නැගෙනහිර වැනසෙන අපේ උරුමය සබැඳි ලිපි - 
[
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_6351.html
මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

http://yukthiyawenuwen.blogspot.com/2016/11/blog-post_16.html
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්
http://yukthiyawenuwen.blogspot.com/2016/01/blog-post.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_22.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_5928.html
අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!

http://yukthiyawenuwen.blogspot.com/2016/04/blog-post_19.html
ඉතිහාසයෙන් අතුගෑවෙන නැගෙනහිර
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_4864.html
නැගෙනහිර සිහල බොදු උරුමය සේදීයයිද? දේශපාලකයන් සහ රජ්‍ය නිලධාරීන් හවුලේ මහා ඉඩම් කොල්ලයක...
http://yukthiyawenuwen.blogspot.com/2014/02/blog-post_7802.html
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_11.html
http://yukthiyawenuwen.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post.html

]
සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

0 comments: