Pages

Wednesday, July 12, 2017

ඉස්‌ලාම් ආගම මිථ්‍යාවක්‌; මනාව තේරුම් ගත් නිසා ඉවත් වූවා - ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් සංගමය

ඉස්‌ලාම් ආගම මිථ්‍යාවක්‌ බව මනාව තේරුම් ගත් තමන් ඉන් ඉවත් වූ බව ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් සංගමය ප්‍රකාශ කර සිටී.

ඉස්‌ලාම් ආගම හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයක්‌ වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංගමය පුවත්පත් නිවේදනයක්‌ මගින් සියලු මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සීමාව ඉක්‌මවා ඉස්‌ලාම් ආගම විශ්වාස කිරීමෙන් හෝ ඇදහීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බැවින් ඉන් ඉවත් වන ලෙසය.

ඔබ විශ්වාස කරන අන්දමට වුවද මෑතක්‌ වනතුරු සීමාව ඉක්‌මවමින් ඉස්‌ලාම් ආගම ඇදහුවා. නමුත් එය මිත්‍යාවක්‌ බව පසුව තේරුම් ගත් අප එකී විශ්වාසයන්ගෙන් ඉවත් වුණා. ලක්‌වාසී සියල්ලන්ගේ සුබසාධනය හා යහපත් ජීවිතය තකා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස හිතවත් මුස්‌ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුළු පිරිසක්‌ ඉස්‌ලාම් දහම අන්තවාදී ලෙස පිළිපදිමින් මෙම කාලවකවානුවේදී ක්‍රියාකිරීම නිසා මුස්‌ලිම්වරුන්ට එරෙහි පුද්ගලයන්ට රුකුල් ලබාදෙනවා.

ජමියතුල් උලමා සංවිධානය වැනි ආගමික සංවිධානවල පැවැත්ම රඳාපවතින්නේ මහජනයා අන්ධ ආගමික විශ්වාස තුළ තබා ගැනීමෙන් පමණයි. ඔවුන්ගේ මෙම ක්‍රියාපිළිවෙත නිසා දරුණු ප්‍රතිවිපාක ඇතිවිය හැකියි.

ඉස්‌ලාම් ආගම තුළ උන්මාදවාදය, ආගම රැකගැනීම උදෙසා යුද්ධ කිරීම, ජීවිත පරිත්‍යාග කිරීම, ජිහාඩ් සංවිධානය, ලිංගික වහල් සේවය වැනි ඉතා ප්‍රචණ්‌ඩකාරී සංකල්ප අඩංගු වෙනවා. වසර කිහිපයකට පෙර බේරුවල පල්ලියක්‌ තුළ සිදුවූ ඝාතන, මෑතකදී කාන්තන්කුඩි හිදී අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌ත සංවිධානයට සහාය දක්‌වන ජමාන් සංවිධානය විසින් සිදුකරන ප්‍රචණ්‌ඩ ක්‍රියා, පසුගිය රාමසාන් උපවාස සමයේදී ඔට්‌ටමාවඩි ප්‍රදේශයේ ඉස්‌ලාම් නිකායකට කළ පහරදීම්, අවුරුදු දිනවල මුස්‌ලිම් සංවිධානයක්‌ විසින් යාච්ඥ කරමින් සිටි තවත් මුස්‌ලිම් පිරිසකට කළ පහරදීම, අයි එස්‌ අයි එස්‌ සංවිධානය දෙවැනි ශ්‍රී ලාංකික මුස්‌ලිම් සාමාජිකයා මරණයට පත්වීම, කොළඹ තුළ අයි එස්‌ අයි එස්‌ සංවිධානය විසින් පහරදීම සැලසුම් කරන බවට පළවන ප්‍රවෘත්ති මේවාට නිදසුන්.

එනිසා ඉස්‌ලාමය මිථ්‍යාවක්‌ ලෙස තේරුම් ගෙන සිහිබුද්ධියෙන් ජීවත්වන ලෙසත් එහි ඇති අන්තවාදී අදහස්‌වලින් ප්‍රතිවිපාක සිදුවිය හැකි බවත් එක්‌තරා කාලයක්‌ මුස්‌ලිම්වරුන් ලෙස සිටි අපි බැගෑපත්ව ඉල්ලා සිටිනවා යෑයි ද ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් ජාතිකයන් ඉල්ලා සිටී.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2017/07/12/news17.html

0 comments: