Pages

Sunday, July 2, 2017

උ/පෙළ දුෂ්කර පාසල් වලින් මුසළුවන් අඩු ලකුණින් සරසවියට??? පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම්!

වංචනික ලෙස දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින පිට පළාත් සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පිට පළාත් සිසුන්ට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයේදී ද දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටි සිසුන් 69 දෙනෙකු හසු වූ අතර ඔවුන්ට විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසූ විදුහල්පතිවරුන් සිව් දෙනකුගේ ද වැඩ තහනම් කෙරිණි. 

එලෙස වැඩ තහනම් කළේ නුවරඑළිය ශාන්ත ක්‍ෂේවියර්, පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා යන පාසල්වල විදුහල්පතිවරුන්ගේය. මීට අමතරව එලෙස වංචනිකව විභාගයට පෙනී සිටින සිසුන්ගේ නාම ලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යෑවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අගෝස්‌තු මස 8 වැනිදා උසස්‌ පෙළ විභාගය ආරම්භ කෙරෙන අතර වංචනිකව විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දන්වන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්‌ කරයි.

නිලන්ත මදුරාවල 
http://www.divaina.com/2017/07/02/news04.html

Pic Source

සබැඳි ලිපි -
[
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
]

0 comments: