Pages

Friday, July 21, 2017

මරා දමන ලද හරක් කටු, ගව කොටස් සහිත අපද්‍රව්‍ය පුරවා දීඝවාපී දාගැබට නුදුරින් හැදෙන දීඝවාපිය දාගැබ තරමටම විශාල කුණු කන්ද... වහ වහා එරෙහි වෙමු!

කුණු පසුගිය කාලයේම රටපුරා මහා ලොකුවට මතෘකාවක්‌ වෙලා තිබ්බා. වෙන රටවල ගිනි කඳු විපත් ගැන කථා කරද්දි අපේ රටේ කුණු කඳු කරපු විපත් ගැන මහා ලොකුවට අපිට කතා කරන්න සිදු වුණා. අපි මේ කියන්නේ මීතොටමුල්ල කුණු කන්ද ගැන නම් නොවෙයි. මේ හෙළිදරව්ව දීඝවාපිය කුණු කන්ද ගැනයි.

දිඝවාපිය පුරාණ රජමහා විහාරයට නුදුරින් ඇති දීඝවාපිය කුණු කන්ද දීඝවාපිය දාගැබ තරමටම විශාල වෙමින් තිබෙනවා. කල්මුණේ, අක්‌කරපත්තුව, සමන්තුරය, ආදි වෙරළබඩ තීරයේ කූණු දිනපතාම වගේ ටොන් ගණනින් මෙතැන්ට ගෙනල්ලා ගොඩ ගහමින් තිබෙනවා. කිසිම ක්‍රමවේදයක්‌ නැතිව ලෝඩර් යන්ත්‍රයක්‌ දමා දිනපතාම වගේ එන ටොන් ගණන් කුණු මෙම ස්‌ථානයේ අහස උසට ගොඩ ගහනවා. මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන්න කිසිම ක්‍රමවේදයක්‌ නැහැ. ඒ නිසා මෙම ස්‌ථානයේ අක්‌කර ගණනාවක්‌ පුරා පොලිතින් විසිරිලා තියෙන්නේ. ඒ අස්‌සේ මරා දමන ලද හරකුන්ගේ කොටස්‌ද මදි නොකියන්න තියෙනවා. රෝහල්වල අපද්‍රව්‍ය සේලයින් බට වගේ දේවල් සහ එන්නත් කටු පවා නොසෑහෙන්න තියෙනවා. මේවා ඔක්‌කෝම එකට දාලා අච්චාරුවක්‌ වගේ සෑම තැනම පැතිරිලා තියෙනවා.

කුණු සම්පතක්‌ කරගෙන කාබනික පොහොර හදන්න පුඵවන්. නමුත් කරුමය නම් ලංකාවේ බලධාරීන් එහෙම කරන්නේ නැහැ. එතන දිගට හරහට කුණු ගොඩ ගැහෙන විදිහට මිනිස්‌සු අන්න දීඝවාපියටත් වැඩිය ලොකු දාගැබක්‌ කියලා කුණු කන්දට සාදු සාදු කියලා වඳින්නත් ඉඩ තියෙනවා.

http://www.divaina.com/2017/07/21/feature02.html

Pic Source

0 comments: