Pages

Tuesday, April 26, 2016

රු.මිලියන 87 ක හෙරොයින් සමඟ මුසලුවා දැලේ

හෙරොයින් මත්කුඩු කිලෝ 08 යි ග්‍රෑම් 700 ක්‌ සමඟ පකිස්‌තාන ජාතිකයකු ඊයේ (25 වැනිදා) සවස කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත. 

සවස 3.20 ට පමණ කටාර් එයාර්වේස්‌ යානයකින් පැමිණි පකිස්‌තානු ජාතිකයා සතුව තිබී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 87 ක්‌ වේ.

රේගු නිලධාරීන් විසින් සැකකටයුතු අයුරින් පැමිණි පකිස්‌තාන ජාතිකයාගේ බෑගය පරීක්‍ෂා කිරීමේදී එහි අඩියේ රහස්‌ ස්‌ථානයක පාර්සල් 04 ක්‌ ලෙස සඟවා තිබූ කුඩු තොගය හමුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් රේගු පරීක්‍ෂණ අවසන් කර පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතව තිබිණි.

චමින්ද සිල්වා, ප්‍රභාත් විතාන
http://www.divaina.com/2016/04/26/news20.html

Pic Source

සබැඳි ලිපි -
[
කෝටියක කුඩු ගිල පැමිණි ඛාන් සහීර් මොහොමඩ් ජීවිතාන්තය තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_23.html
වෂීඩ් ඉක්‌බාල්ගේ ජැකට්‌ එකේ කෝටි 3 1/2ක කුඩු කිලෝ තුනයි ග්‍රෑම් හතළිහක්‌ සඟවා තිබුණාhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_17.html
දෙරටක්‌ රැවටූ මුසලු කුඩු රජා මුජහදීන්ගේ වෙස්‌ මුහුණ ගැලවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post.html
මැලේසියාවේ කුඩු කප්පිත්තා මොහොමඩ් මුබාරක්‌ගේ කුඩු ජාලයhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_59.html70% ලංකා කුඩු වෙළඳපොල අයිති ශ්‍රී ලංකාවට හෙරොයින් එවන කුඩු රජා - මොහොමඩ් මුබාරක්‌ හඳුනාගනී
http://denethharinna.blogspot.com/2015/07/70.html

හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුවhttp://denethharinna.blogspot.com/2015/06/34.html
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://denethharinna.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇපhttp://denethharinna.blogspot.com/2015/04/135.htmlකුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.htmlඅහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.htmlකුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.htmlදිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

ලාංකික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් මතවාද වර්ධනය වෙමින් පවතිනවා! 40ක් ඉරාක – සිරියා සටන් බිමේ... - රොහාන් ගුණරත්න

ශ්‍රී ලාංකිකයන් 40ක් පමණ ඉරාකයේ සහ සිරියාවේ අයි එස් යුද්ධයට සම්බන්ධව සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද ප්‍රවීන විශ්ලේෂක ආචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

යුද්ධයට මැදවී සිටින පිරිස් නැවත ශ්‍රී ලංකාවට යෑමට බලාපොරොත්තු වන බවත්, ඔවුන් ඉරාකය හා සිරියාව අතර ගමන් කරමින් සිටින අතර එහිදී සමහරක් මිය යන බවද පවසන ගුණරත්න මහතා ඔවුන් නැවත ලංකාවට පැමිණි විට පුනරුත්ථාපනය කළ යුතු බවද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් අයි එස් මතවාද වර්ධනය වෙමින් පවතින බවත්, අන්තවාදය හා ප්‍රචන්ඩත්වය පාදක කරගත් අනුබද්ධ කණ්ඩායම් ඉදිරියේදී බිහිවිය හැකි බවටත් ‍ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ රජය, මුස්ලිම් නායකයන්, ඉස්ලාමීය තරුණ තරුණියන් අයි එස් අයි එස් හා අන්තවාදී ඉස්ලාමීය ආගමික ප්‍රචාරන වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතු බවත් පෙන්වා දෙන රොහාන් ගුණරත්න මහතා, අධ්‍යාපනය සදහා යේමනය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ලිබියාව, ඉරාකය වැනි ගැටුම් පවතින ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් නොයන බවට සහතික කරගත යුතු බවද යෝජනා කරයි.

http://www.colombotoday.com/16300-26/

සබැඳි ලිපි -
[
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ
http://denethharinna.blogspot.com/2016/03/6-isis.html
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
]

Monday, April 25, 2016

දෙමළ භූමියේ බලඇණි පවත්වනවා යැයි සම්බන්ධන් සමග ටීඑන්ඒ පිරිස්‌ කිලිනොච්චි හමුදා කඳවුරකට පැනලා! හමුදා ආඥාපති පොලිසියට පැමිණිලි කරයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළත් පිරිසක්‌ද සමග කිළිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්, එම පක්‍ෂයේ මන්ත්‍රී ශ්‍රීධරන්, සුමන්දිරන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සිවිල් වැසියන් පිරිසක්‌ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ නිවසේ පසුගිය 16 වැනිදා රැස්‌වීමක්‌ පවත්වා ඉන් අනතුරුව යාපනයට යන මුවාවෙන් ගොස්‌ කිළිනොච්චිය පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්‌ථානයේ මාර්ග බාධක ඉවත්කර අතිශය බලහත්කාර ලෙස එයට ඇතුළු වී ඇත.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය භාර ආඥපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ෆ්‍රැන්ක්ලින් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිලි කර ඇත.

ශ්‍රීධරන් මහතාගේ නිවසේ රැස්‌වීම පවත්වා වාහන හත අටකින් පමණ ගිය පිරිස සවස 3.00 ට පමණ රෙජිමේන්තු මූලස්‌ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කරද්දී එය වැළැක්‌වීමට හමුදා නිලධාරීන් උත්සාහ කළද එම බාධක ඉවත්කර කඳවුරට ඇතුළුවී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

බලහත්කාරයෙන් ඇතුළු වූ මේ පිරිස දෙමළ ජනතාවට අයත් භූමිය තුළ බලඇණි පවත්වාගෙන යන බවත් එය නිරීක්‍ෂණය කිරීමට පැමිණි බවත් පවසා ඇත. ඔවුන් පැය කිහිපයක්‌ භූමිය නිරීක්‍ෂණය කරමින් එහි රැඳී සිටින විට අනවසරයෙන් කඳවුරට ඇතුළු වී ඇති බවත් ඉන් ඉවත්වන ලෙසත් හමුදාව විසින් කරන ලද ඉල්ලීමෙන් පසු එම පිරිස ඉවත්ව ගොස්‌ ඇති බවත් එම නිලධාරියා කීය.

ගජබා රෙජිමේන්තු මූලස්‌ථාන භූමිය එල්. ටී. ටී. ඊ. සමයේ ඔවුන්ගේ බැංකු මූලස්‌ථානය ඇතුළු වැදගත් ස්‌ථානයක්‌ව පැවැත ඇතැයි අනාවරණය කරගෙන ඇත.

චමින්ද සිල්වා, හේමන්ත රන්දුනු
http://www.divaina.com/2016/04/25/news01.html

Pic Source

Sunday, April 24, 2016

උන්ගේ කරවල වාඩිය අපේ බොදු පින් බිමද? නැගෙනහිර අවිච්චින්න බොදු උරුමය මුහුදු මහා විහාරයත් මුසලු අන්තවාදීන්ට බිලි දෙමුද? ඔබේ සහජීවන නිහැඬියාව අන්තවාදීන්ට ආශිර්වාදයකි... උරුමය වෙනුවෙන් එකාවන්ව නැගිටිමු!

* වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක්‌ කරගෙන
* පන්සල ඉස්‌සරහා විකුණන අයිස්‌වලට පුරුෂ ශක්‌තිය අඩු කරන බෙහෙත් දාලා
* මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා

හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු මඩුවල එල්ලෙමින් තිබෙන්නේ ද කරවල කූරිය. පන්සලට යන මග දිගටමත් කරවල කඩය. මුහුදු මහා විහාරයෙහි වාහන නැවතුම්පළ ද හරියට කරවල වෙළෙඳපොළක්‌ වැනිය. තැන, තැන කරවල එල්ලූ පොල්අතු මඩුය. ඒ මඩුවල කරවල විකුණන කාන්තාවන්ගේ කන්දොස්‌කිරියාවට දෙසවන අගුළු වැටෙන තරම්ය. නැහැපුඬු පාරවන පිළී ගඳ ඉහ මොළ රත් කරන්නේය. ගිනි ගත් සුදු වැල්ල දෙපා පුච්චන විට කර්කශ පරිසරයෙන් මිදෙන්නට අපි අඩියට, දෙකට පියවර මැන මුහුදු මහා විහාරයට ඇතුළු වීමු.

බුදුපිළිම වහන්සේ ඉදිරියට ගිය විට දැවුණු සිත නිවිණි. එහෙත් මේ ඓතිහාසික පින්බිම අන්‍ය ආගමිකයන්ගේ ගොදුරක්‌ බවට පත්ව තිබෙන අයුරු පෙනෙන විට පහන් වූ සිත යළිත් පෑරිණි. මුහුදු මහා විහාරයට මේ වින්නැහිය අද ඊයේ ඇති වූවක්‌ නොවේ. කාලාන්තරයක සිටම කුහක අන්‍ය ආගමිකයන්ගේ කෙණහිලිකම් සිදුවන්නේය. අප කම්පනයට පත් කරවන්නේ සිදු වන කෙණෙහිලිකම්වල ඉවරයක්‌ නැති නිසාය. මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන සිතට නැඟෙන විටය. එහෙයින් පන්සලට අත්ව ඇති ෙ€දනීය ඉරණම ගැන කතා කිරීමට පෙර මේ පින්බිමේ ඓතිහාසික වටිනාකම ගැන කතා කිරීම වඩාත් වැදගත් යෑයි සිතිණි.

මුහුදු මහා විහාරයේ ඉතිහාසය...

නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල් ප්‍රදේශයේ මුස්‌ලිම් ගම්මාන මැදි කරගෙන පිහිටි එකම සිංහල බෞද්ධ සංකේතය මුහුදු මහා විහාර පින්බිමයි. සුදෝ සුදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත ථෙරවාදී බෞද්ධ පන්සලක්‌ වන මෙම විහාරස්‌ථානය අනාදීමත් ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමකි. එනම් ක්‍රි.ව. පළමුවැනි සියවසේදී මහදැළියමානා නොහොත් මහාදාඨික මහානාග රජු විසින් ඉදිකරන ලදැයි ජනප්‍රවාදයේ කියෑවෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්‌ථානයකි. 

ජනප්‍රවාදයට අනුව එකල මුහුද ගොඩ ගැලූ අවස්‌ථාවකදී මුහුදු රකුසාගෙන් රට බේරාගැනීම සඳහා කැලණිතිස්‌ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුදට බිලි වුවද දෛවයේ හාස්‌කමකින් මෙන්ම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට මැදිව කිරින්දට පාවී ගිය ද ගල් කුළු නිසා ගොඩ බසින්නට නොහැකි වී ඇත. යළිත් මුහුදට පා වී ගිය කුමරිය පොතුවිල් ප්‍රදේශයෙන් වෙරළට ගොඩබට බව ජනප්‍රවාදයේ කියෑවෙන කතාවකි. යාත්‍රාව ගොඩ බැස ඇත්තේ වෙරළට මායිම් වූ තොට්‌ටල විහාරය තුළටය. ජනප්‍රවාදයේ පවතින පරිදි එම විහාරස්‌ථානය ඉදිවී ඇත්තේ තොටලුපොත වරායට එන යන යාත්‍රාවල අයට වන්දනා කිරීමටය. එම විහාරස්‌ථානයේ රහතන් වහන්සේ නමක්‌ වැඩ සිටියහ. සුන්දර කුමරියක්‌ සහිත මුහුදේ පාවෙන යාත්‍රාව ගැන ධීවරයන් මුලින්ම පවසා සිටින්නේ තොට්‌ටල විහාරයේ වැඩ සිටි රහතන් වහන්සේටය. අනතුරුව ධීවරයන් විසින් කුමරිය තොට්‌ටල විහාරයට ගොඩ බස්‌සවන්නේය. එකල රුහුණු රාජධානිය පාලනය කළ කාවන්තිස්‌ස රජුට මෙම පුවත කණ වැකුණු සැණින් එම ස්‌ථානයට පැමිණ රජු දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියෑවෙන තවත් කතාවකි. විහාරයකට ගොඩබට නිසා දේවි කුමරියට විහාර මහා දේවිය කියා නම පටබැඳිණි.

පසු කලෙක තොට්‌ටල විහාරය ලංකා විහාරය ලෙස නම වෙනස්‌ වී ඇති අතර ඊටත් පසු කාලයකදී එය මුහුදු මහා විහාරය නම් විය. මේ ඉතිහාස කතාව සඳහන් යෑයි අනුමාන කරන සෙල් ලිපියක්‌ අදට ද මුහුදු මහා විහාර භූමිය තුළ නටබුන්ව පවතින්නේය. එමෙන්ම මුහුදු මහා විහාර භූමියේ බුදු පිළිම වහන්සේ ඉදිරිපස, දෙපස කාන්තා සහ පිරිමි පිළිම යුවළක්‌ නෙළා තිබේ. එම පිළිම දෙක කාවන්තිස්‌ස රජු හා විහාර මහා දේවියගේ යෑයි විශ්වාස කෙරෙති. එවැනි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන මුහුදු මහා විහාරය පසු කාලීනව කාලයේ වැලිතලාවෙන් වැසී ගියෙය. අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතීන් විසින් කළ පුරාවස්‌තු ගවේෂණයේදී නැවත මුහුදු මහා විහාරය සොයාගනු ලැබිණි. එකල පානම් පත්තුවේ ජීවත් වූ ජන ඝණත්වය හත්අට සියයක්‌වත් නැත. සෙනරත් රජුගේ අණින් මෙරට පැමිණි මුස්‌ලිම් වර්ගයට අයත් මට්‌ටයන් ජනාවාස පිහිටුවාගෙන සිටියේද මුහුදු මහා විහාරය අවට ප්‍රදේශ තුළය. මුහුදු මහා විහාරය සතුව පැවති ඉඩකඩම් ද මට්‌ටයන් අල්ලාගෙන තිබිණි.

අන්‍ය ආගමික කෙණෙහිලිකම්...

1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කළ ගවේෂණයන්හි ප්‍රතිඵලයක්‌ ලෙස මුහුදු මහා විහාරයට අයත් බිම් කඩ 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා ගැසට්‌ පත්‍රය මගින් පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. අක්‌කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනත් පර්චස්‌ දහතුනක්‌ එම රක්‌ෂිතයට ඇතුළත් විය. එහෙත් එම භූමි ප්‍රමාණය අන්සන්තකව ඇති බවට සාක්‍ෂි හමු වීමත් සමඟ නැවත වරක්‌ මැනීSම් කටයුතු සිදු කරමින් 1965 වර්ෂයේ මැයි 28 වන දින නැවත මුහුදු මහා විහාරය සතු භූමි භාගය රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි වපසරිය අක්‌කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස්‌ දහතුනක්‌ විය. ඊට පසුව කළ කැණීම් කටයුතුවලදී අනුරාධපුර යුගයේ පසු භාගයට අයත් පිළිම ගෙයක්‌ සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක්‌ සොයාගනු ලැබිණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්‌ ද, මෛත්‍රී බෝධිසත්ව පිළිමයක්‌ද මෙම පිළිම ගේ තුළ තිබුණු අතර කැණීම්වලින් පසු එම පිළිම සංරක්‍ෂණය කර තැබීමට පියවර ගැනිණ. බුදුපිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවාගෙන ගොස්‌ තිබූ අතර පසුව එය පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ලිප් ගලකට තබා තිබියදී සොයාගෙන ඇත. ඊට අමතරව පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක්‌ ද හඳුනාගෙන ඇත. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ බැවින් පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කර තිබිණි. අසූව දශකයෙන් පසුව කොටි ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රස්‌ත ක්‍රියා හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැණීම් කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදා විය. එහෙත් මුහුදු මහා විහාරස්‌ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්‌වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී එහි වැඩම කර පුරාණ බෝධීන් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක්‌ තනවා ලැගුම් ගත්හ. එහෙත් මුස්‌ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරුගේ කෙණෙහිලිකම් නිසා උන්වහන්සේට වැඩි කාලයක්‌ එහි වැඩ සිටීමට නොහැකි වූහ. අනතුරුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද සහ සද්ධානන්ද යන ස්‌වාමීන් වහන්සේලා දෙනම වරින් වර වැඩ වාසය කළහ. ටික කාලයක්‌ යන විට උන්වහන්සේලාගේ ගමනද නතර වූහ. පසුව කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කර ත්‍රස්‌තවාදයේ ගිනි පුපුරු මැද දුක සේ වැඩ සිටියහ. එහෙත් පෙර කී මුස්‌ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරු සිරිරතන හිමියන්ට ද කෙණෙහිලිකම් කළේය. එමෙන්ම ප්‍රදේශවාසීහු විහාරස්‌ථානයට පිවිසෙන මගෙහි සවි කර තිබූ දැන්වීම් පුවරුව ගලවා මස්‌ජිතුල් පලාෆා මාවත යනුවෙන් නාම පුවරුවක්‌ සවි කිරීමට තරම් ආගම්වාදී කුහකයන් වූහ. එමෙන්ම මුහුදු මහා විහාරයට පැමිණෙන මගෙහි වාහනයක්‌ ගමන් කිරීමට නොහැකි වන ලෙස මග දෙපස ඇහිරීහ. මග ඇහැරීම නිසා විහාරස්‌ථානය වැද පුදාගැනීමට පැමිණෙන සැදැවතුන් මහත් සේ පීඩාවට පත් විය. පොතුවිල් හන්දියේ සිට ත්‍රිරෝද රථයකින් විහාරයට එන සැදැහැවතුන්ගෙන් ගමන් ගාස්‌තු ඩබල් ටිබල් කරගැනීමට තරම් මුස්‌ලිම් ත්‍රිරෝද රථකරුවන් අමනයන් විය. ප්‍රදේශයේ මුලිස්‌ම් පිරිස්‌ විටින් විට විහාරාධිපති සිරිරතන හිමියන්ට ද කරදර කළහ. එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් විහාරස්‌ථානය සතු ඉඩකඩම්වලින් අක්‌කර හතක්‌ ජයභූමි පැවරුම් මගින් මුස්‌ලිම්වරුන්ට බෙදාදෙනු ලැබීය..

කතරගම සිරිරතන හිමියන්ගෙන් පසු මුහුදු මහා විහාරයේ විහරාධිපති ධුරයට පත් වූයේ වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. උන්වහන්සේට ද අන්‍ය ආගමිකයන්ගෙන් සිදු වන කෙණහිලිකම් අඩු නොවිණි. 2012 අවුරුද්දේ දිනක මුස්‌ලිම් මිනිසුන් පැමිණ වැල්ලට යට වී තිබූ පැරැණි චෛත්‍යය ඩෝසර කිරීමට යැමෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක්‌ ඇති විය. පැවති ආණ්‌ඩුවේ මැදිහත්වීම මත සිද්ධිය දුරදිග නොගියේය. එතැනින් නොනිවතින පැවති රජය අම්පාර දැයට කිරුළට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීම ආරම්භ කළේය. විහාරස්‌ථානයට පැමිණීමට අලුත් මාර්ගයක්‌ ඉදිකෙරිණි. නව බුදු මැඳුරක්‌ ඉදිකෙරිණි. විහාරස්‌ථානය ගොඩනැඟීම බලා සිටීමට නොහැකි කුහක ආගම්වාදීන් සංවිධානගතව ආවාස ගෙයට ගිනි තැබීය. එදා සිට විහාරස්‌ථානයේ ආරක්‍ෂාව සඳහා සිවිල් ආරක්‍ෂක බල ඇණියක්‌ යොදවනු ලැබිණි. අදටත් එම ආරක්‍ෂක සේවය ස්‌ථාපිතය. එහෙත් පන්සල අවට මුස්‌ලිම් ජාතීන්ගේ කෙණෙහිලිකම් නැති කිරීමට ඔවුන්ටද අසීරු වී ඇත. අද තත්ත්වය එදාටත් වඩා බරපතලය. පන්සල අවට සිsටින අන්තවාදී කරවල කඩකාරයන් මුහුදු මහා විහාරයේ වාහන නැවතුම්පොළ කරවල මඩුවක්‌ කරගෙනය. පන්සලට යන වාහන නතර කිරීමට කුණු කරවල කඩකාරයන්ගෙන් අවසර ගැනීමට සිදු වෙලාය. කරවලවල මිල අසා කරවල නොගත් විට උන් සැදැහැවතුන්ට බැණ වදින්නාහ. අන්‍ය ආගමිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරන මේ කෙණෙහිලිකම් නිසා පීඩාවට පත්ව සිටින්නේ මුහුදු මහා විහාරස්‌ථානයේ විහාරධිපති සහ පොඩි හාමුදුරුවෝය. එහෙයින් මේ කෙණහිලිකම් ගැන අප කියනවාටත් වඩා මුහුදු මහා විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවෝ වන උඩලමත්තේ රතනප්‍රිය ස්‌වාමීන් වහන්සේ කියන විට වඩාත්ම පැහැදිළිය. මේ උන්වහන්සේ අපට පැවසූ කතාවය.

'පන්සලට එන බැතිමතුන්ට තර්ජන කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. මම ගිහින් කිව්වා විහාර භූමියෙන් කරවල කඩ ඉවත් කරගන්න කියලා. එතකොට ඒ මිනිස්‌සු කියනවා 'එහෙම කොහොමද... මේක අපේ ගම. අපිට ඕන දෙයක්‌ කරන්න පුළුවන්. ඕක කියන්න ගිහින් එක ගෑනු කෙනෙක්‌ මට ගහන්න හැන්දක්‌ උලුක්‌ කරගෙනත් ආවා. කුණුහරුප කියලා බොහෝම සද්ද දැම්මා. ඒ කාන්තාවන්ගේ හැසිරීම ගැහැනු ජාතියටම නින්දාවක්‌. ඒ මදිවට මම ඒ ගෑනුන්ට තර්ජනය කළා කියලා පොලිසියට පැමිණිලා කරලා මාව රිමාන්ඩ් කරන්නත් කියලා තිබුණා. මම ඕවාට බය නෑ. එහෙම බය වුණා නම් මෙහේ වසන්න බෑ. අපේ පූජා භූමිය තුළ කරවල, මස්‌, මාළු විකුණන්න එපා කියන්න අපිට ශුද්ධ අයිතියක්‌ තියෙනවා. පන්සලට එන මඟක තියෙන්න ඕනා මල් පහන් විකුණන කඩ. බුදුහාමුදුරුවන්ට කරවල පූජා කරන්න බෑනේ. මේ කරවල බිස්‌නස්‌ කරන්නේ ගෑනු. පිරිමි එන්නේ නෑ. මෙහේ මුස්‌ලිම් මනුස්‌සයෙක්‌ කසාඳ බැඳලා ඉන්න බොරැල්ලේ දෙමළ කාන්තාවක්‌ තමයි මේ ව්‍යාපාරය මෙහෙවන්නේ. ඒ ගෑනු කෙනා පූජා භූමියට අයිති ව්‍යාජ ලිපි ලේඛන හදපු ඉඩමක්‌ සල්ලිවලට අරගෙන කාමර පේළියක්‌ හදාගෙන වන්දනාවේ එන මිනිස්‌සුන්ට කුලියට දෙනවා. ඒ කාමර පේළිය තියෙන්නේ වාහන පාක්‌ එක ළඟ. 'කාමර කුලියට දෙනු ලැබේ' කියලා පන්සල ඉස්‌සරහා ලයිට්‌ කණුවේ බෝඩ් කෑල්ලුකුත් එල්ලලා තිබුණා. මම ඒක කඩලා දාලා කියලත් පොලිසියේ පැමිණිලි කරලා තිබුණා. අන්තිමට බෝඩ් එක කැඩුවා කියලා මට රුපියල් අටදාහක වන්දියකුත් ගෙවන්න වුණා. ආගමික ගැටලු ඇති කරන්න අපිට ඕනෑ නෑ. ඒ නිසා මම වන්දි මුදල ගෙව්වා. ඒත් මම පොලිසිය ඉදිරියේ වරද කළේ නැති බව සාක්‍ෂි ඇතිව ඔප්පු කළා...

වාහන නැවතුම්පොළේ අයිස්‌ක්‍රීම් අලෙවි කරන මුස්‌ලිම් වෙළෙන්දෙක්‌ ඉන්නවා. ඒ මනුස්‌සයගේ අයිස්‌ක්‍රීම් කෑවහම ඇඟට අමුත්තක්‌ දැනෙනවා කියලා පන්සලට එන බැතිමතුන් කිහිප දෙනෙක්‌ම මට ඇවිත් කිව්වා. අයිස්‌ක්‍රීම් විකුණන්නේම සිංහල බෞද්ධ පුංචි පිරිමි ළමයි ඉල්ලක්‌ක කරගෙන. ඒ බව අපිට ගොඩක්‌ කාලයක ඉඳලා තේරිලා තිබුණේ. දැන් අපිට සැකයක්‌ තියෙනවා අයිස්‌ක්‍රීම්වලට පුරුෂ ශක්‌තිය අඩු කරන කෙමිකල් ද්‍රව්‍යයක්‌ අඩංගු කරලා කියලා. ඒ නිසා මම ඒ අයිස්‌ක්‍රීම් වෙළෙන්දට කිව්වා පූජා භූමියේ අයිස්‌ක්‍රීම් වෙළෙඳාම කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා ඒ මනුස්‌සයත් මට ගහන්න ආවා... වාහන පාක්‌ එකේදී හොරෙන් වාහනවල ලයිට්‌ ගලවපු කොල්ලො කිහිපදෙනකුට මම දොස්‌ කිව්වා. පස්‌සේ රෑක ඒ කොල්ලො ටික මට ගහන්න පන්සලේ හැංගිලා හිටියා. වන්දනාවේ ආපු කෙනෙක්‌ දැකලා මට ඇවිත් කිව්වා. ඒ වගේ හැංගිමුත්තන් වැඩ මේ මිනිස්‌සු ළඟ ගොඩක්‌ තියෙනවා. රැස්‌ කර ගන්aනා පව් ඒ අයම අරගෙන යයි. අපි ඒවට ආරවුල් ඇති කරගන්න ඕන නෑ...

අනිත් එක තමයි මෙහේ ඉන්න මුස්‌ලිම් නීතිඥවරු පොලිසිය හරහා ඉල්ලීමක්‌ කරනවා පන්සලේ ශබ්ද විකාශනවල ශබ්දය වැඩියි, ළමයින්ට පොත් පාඩම් කරන්න බෑ, සද්දය අඩු කරන්න කියලා. පොලිසියෙන් අපිට කතා කරලා කියනවා හාමුදුරුවනේ පීකර්වල ශබ්දය වැඩි කියලා මිනිස්‌සු කියනවා කියලා. අපි පිරිත් දාන්නේ උදේටයි හවසටයි විතරයි. මුස්‌ලිම් පල්ලිවල දවසට හය වතාවක්‌ ප්‍රදේශයම දෙවනත් වෙන්න යාඥා කරනවා. දවසට හය වතාවක්‌ යාඥා කරනොකට අපේ පන්සලේ ඉන්න සාමණේර භික්‍ෂුන් වහන්සේලා ඉගෙනගන්නේ කොහොමද... සිකුරාදා දවස පුරාම පල්ලිවල යකඩකටවල් විසන්ධි වෙන්නේ නෑ. අපි කිසිම දවසක ඒ ශබ්ද විකාශන යන්ත්‍ර නතර කර දෙන්න කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ. චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා පැමිණි උත්සවයට දාලා තිබුණු කොඩි වැල් කපලා තිබුණා. ඒකට නම් අපි නඩු දාලා තියෙන්නේ. මුහුදු මහා විහාරස්‌ථානය වටා ප්‍රදේශවලින් හම්බ වෙච්ච සඳකඩ පහණ පුරා වස්‌තු මුස්‌ලිම් ගෙවල්වල රෙදි හෝදන ගල්වලට තියාගෙන ඉන්නවා. මුර ගල් පඩි පෙළවලට අරගෙන. මේ ප්‍රදේශය තුළ විශාල පුරාවස්‌තු කොල්ලයක්‌ සිදු වෙනවා. මහ කැලෑ මැද ඩෝසර් දාලා පුරා වස්‌තු හාරනවා. අදාළ බලධාරීන් මේ ගැන සොයාබලන්නේ නෑ. විහාරස්‌ථානයට අයිති ඉඩකඩම් සේරම දැන් මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන ඉවරයි. අපි විහාරයට ටොයිලට්‌ එකක්‌ හදන්න ගියත් ඒකට විරුද්ධව පොලිසි යනවා. මේක අපිටත් වදයක්‌. විහාර මහා දේවිය කියන්නේ අපේ අම්මා. මේ තැන විනාශ කරනවා කියන්නේ අම්මට තියෙන තැන නැති කිරීමක්‌. එහෙම වුණොත් බෞද්ධයාට ඉතිරි වෙන දෙයක්‌ නෑ. මේ වනසලා දාන්නේ බෞද්ධ ඉතිහාසය. ඒ නිසා විහාරස්‌ථානයට අයිති ඉඩම් නීත්‍යනුකූලව පවරා දීලා මුහුදු මහා විහාරය පූජා භූමියක්‌ ලෙස නම් කරන්න කියලා අපි පැවති ආණ්‌ඩුවලින් ඉල්ලා හිටියා. ඒත් එක වුණේ නෑ...'

මුහුදු මහා විහාරය දෙසින් ඇසෙන කතාව ඉතාම ඛේදජනකය. එම විහාරස්‌ථානයේ පොඩි හාමුදුරුවෝ පැවසූ අන්දමට ජාතියක්‌ වශයෙන් සිංහල බෞද්ධ රටක උරුමය රැකගැනීමේ ශෝචනීය ඉරණමට අපි මුහුණ දෙමින් සිටිමු. ලෝකයේ අපට කියා වෙනත් බිම් අඟලක්‌ හෝ නැත. අපට ඇති එකම බිම මේ රටය. එහෙයින් පිටරටවලින් පැමිණි මට්‌ටයන්ට අපේ විහාරස්‌ථාන කොල්ලකා ගැනීමට ඉඩ ලබාදීම අපේ වළ අපම කපා ගැනීමකි. ජාතියේ නාමයෙන් අපේ උරුමය අප ආරක්‍ෂා කරගත යුතුය.

තරංග රත්නවීර
http://www.divaina.com/2016/04/24/feature12.html

Pic1 Source

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!http://denethharinna.blogspot.com/2016/04/blog-post_19.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්
http://denethharinna.blogspot.com/2015/10/blog-post_22.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

Saturday, April 23, 2016

සිංහල සිනමාවේ 'හොඳම චරිතය' ඩී.බී. නිහාල්සිංහ

ඩී. බී. ධනපාලයන් පුවත්පත් කලාවේ පතාක යෝධයෙක්‌ වන්නා සේම ඔහුගේ පුත් ඩී. බී. නිහාල්සිංහයන් අපේ සිනමාවේ දැවැන්ත චරිතයක්‌ බවට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු සිනමාවේ පමණක්‌ නොවේ මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේද යුග පුරුෂයෙකි. අපේ රට පමණක්‌ද නැත. මැලේසියානුවන්ටද ඔහු යුග පුරුෂයෙකි. ඒ මැලේසියානු සිනමාව බිහිකිරීමේ පුරෝගාමියා නිහාල්සිංහයන් වන බැවිනි. ඔහු වසර දහයක කාලයක්‌ තුළදී මැලේසියාවට සිනමා කර්මාන්තයක්‌ හඳුන්වා දුන්නේය.

මේ මහා කීර්තිධර සිනමාවේදියා දැන් අප අතර නැත. ඔහු අද (24දා) පෙරවරුවේ කොළඹ කනත්තේදී සිය ජීවිත සිනමාවේ තිරය වසා දමා සදහටම නික්‌මයයි. අපේ සිනමාවේ නිහාල්සිංහ යුගය, සිනමා වංශ කතාවේ නිහාල්සිංහ පරිච්ඡේදය එතෙකින් නිමාවනු ඇත.

ඩියොන්ගු බඩතුරුගේ නිහාල්සිංහ නොඑසේ නම් මහාචාර්ය ඩී. බී. නිහාල්සිංහ උපන්නේ 1939 මැයි 27 දාය. ඔහුගේ පියා මෙරට ශේ්‍රෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාලයන්ය. මව ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියක වූ රතී ධනපාලය. ඇය රවින්ද්‍රනාත් තාගෝර් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අවසාන ශිෂ්‍යාවන් කිහිප දෙනා අතර සිටියාය.

නිහාල්සිංහයන් සිනමාවට ආලය කිරීමට පෙළඹුනේ වයස අවුරුදු පහළොවේදීය. එවිට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකි. මේ කාලයේදී ඔහුට අහම්බෙන් මෙන් සිනමාස්‌ අධිපති කේ. ගුණරත්නම් මහතා හඳුනා ගන්නට අවස්‌ථාව උදාවේ. නිහාල්සිංහ ගුණරත්නම්ගෙන් මිලි මීටර් 16 වර්ගයේ කැමරාවක්‌ ඉල්ලා ගනි. ඒ කැමරාවෙන් ඔහු තරුණ විය නමින් කෙටි චිත්‍රපටයක්‌ හැදුවේය. තරුණවිය ඇලන්සන් මෙන්ඩිස්‌ගේ කතාවකි. ප්‍රෙඩී සිල්වාගේ ප්‍රථම රංගනය රැගත් චිත්‍රපටයද එයයි.

නිහාල්සිංහයන් 1959 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදීද ඔහු කෙටි චිත්‍රපටයක්‌ නිර්මාණය කළේය. ඒ නියදරටා නමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථමවරට සිනමා සංගමයක්‌ බිහි කිරීමේ පුරෝගාමියා වන්නේද නිහාල්සිංහන්ය. ආචාර්ය සරත් අමුණුගම මහතා ද ඔහු සමඟ මේ සඳහා මුල් විය.

නිහාල්සිංහ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරීයෙකි. උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටතට ආ නිහාල්සිංහ කැමරාවක්‌ රැගෙන වියට්‌නාම යුද්ධයට ගියේ යුද්ධය රූගත කිරීමටය. ආනන්දයේ කෙඩෙට්‌ කණ්‌ඩායමෙන් මෙන්ම පසු කාලයේදී යුද හමුදාවෙන් ලද පුහුණුවත් නිහාල්සිංහයන්ට වියට්‌නාම් යුද පිටියේ ගත කිරීමට ශක්‌තියක්‌ විය.

වියට්‌නාමයේ සිට ආ නිහාල්සිංහයන් "භක්‌ති" නමින් කෙටි චිත්‍රපටයක්‌ හැදුවේය. එය පොදු රාජ්‍ය මණ්‌ඩල කාඩිස්‌ සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවිය.

මෙරට ප්‍රථම සිනමාස්‌කෝප් කෙටි චිත්‍රපටය හැදුවේද නිහාල්සිංහය. ඒ 1967 දී "කෙටිකතාව" නමිනි. 

සිනිදු සුදුමුදු තලාවේ.....
පිපෙන පෙණ පිඩු සිනාවේ......

සිරි ගුණසිංහයන්ගේ "සත්සමුදුර" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙසත් සංස්‌කරණ ශිල්පියා ලෙසත් නිහාල්සිංහයන් අපේ සිනමාවට පා තැබූවේය. 1968 දී හොඳම සංස්‌කරණ ශිල්පියා ලෙස සරසවි සම්මානයද ඔහු දිනාගත්තේ" සත් සමුදුර" වෙනුවෙනි.

"වැලිකතර" අපේ රටේ ප්‍රථම සිනමාස්‌කෝප් චිත්‍රපටයයි. එය දකුණු ආසියාවේ දෙවැනි සිනමාස්‌කෝප් චිත්‍රපටයද වේ. " වැලිකතර" ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්‍ෂණයයි. ඊට ජනාධිපති, සරසවි සම්මාන කිහිපයක්‌ම හිමි විය.

ඩී. බී. නිහාල්සිංහයෝ 1972 දී රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා විය. ඉන් පසු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාව පිහිටුවනු ලැබීය. ඔහු චිත්‍රපට සංස්‌ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයාද විය.

චිත්‍රපටයක්‌ නිර්මාණය කරද්දී එහි තිරනාටකය වැදගත් කාර්යභාරයක්‌ සිදු කරන බව ඔහුගේ මතයයි. එමෙන්ම චිත්‍රපටයක්‌ කිරීමට පෙර ඒ පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක්‌ කළ යුතු බවද ඔහු විශ්වාස කළේය. එනිසාම චිත්‍රපට සංස්‌ථා සාමාන්‍යාධිකාරිවරයා ලෙස නිහාල්සිංහයන් 1974 දී චිත්‍රපට තිරනාටක රචනා පාඨමාලාවක්‌ ආරම්භ කළේය. ධර්මසිරි ගමගේ, මෙන්ම ඇමැතිවරයෙක්‌ව සිටියදී ටී. බී. ඉලංගරත්නයන්ද මෙම පාඨමාලාව හැදෑරුවේය. අද ප්‍රවීණ මාධ්‍යවේදියකුව කටයුතු කරන දයා පෙරේරාද එවක මෙම පාඨමාලාව හැදෑරූ අයෙකි. ඉන් පසු නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව යටතේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක්‌ද ආරම්භ කළේය. එවක සංස්‌ථාවේ නිෂ්පාදන කළමනාකරු වු පියසිරි ගුණානන්ද ද මේ සඳහා නිහාල්සිංහට සහාය විය.

අපේ සිනමාවේ ස්‌වර්ණමය යුගය ආරම්භ වූයේ නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව භාරව කටයුතු කරන සමයේදීය.

"මම චිත්‍රපට සංස්‌ථාවට පත්වන විට මිලියන 29 ක්‌ව තිබූ ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 1978 වන විට මිලියන 79 දක්‌වා ඉහළ නැග්ගා. සය වසරක්‌ තුළ මිලියන 50 ක වැඩිවීමක්‌. මෙය ඉබේ ඇති වූ ප්‍රාතිහාර්යක්‌ නොවේ. සැලසුම් සහගත වැඩපිළිවෙල සහ හොඳ චිත්‍රපට හැදීමෙන් ලබාගත් ප්‍රතිඵලයක්‌ යෑයි නිහාල්සිංහයෝ වරෙක මේ ලියුම්කරු සමඟ පැවසූහ.

නිහාල්සිංහ 1978 දී "රිදී නිම්නය" 1985 "මල් දෙනියේ සිමියොන්" අධ්‍යක්‍ෂණය කළේය. නවදිල්ලි සිනමා උළෙලේදී ලොව හොඳම නිළිය ලෙස අනෝජා වීරසිංහ රණ මයුර සම්මානය ලැබුවේ මල්දෙනියේ සිමියොන් රංගනය උදෙසාය. කෙළි මඩල නිහාල්සිංහයන් අධ්‍යක්‍ෂණය කළ අවසන් චිත්‍රපටයයි.

සත්සමුදුර, බිනරමලි, දහසක්‌ සිතිවිලි, පාරාවළලු, කැලෑමල්, මුහුදු ලිහිණි යන චිත්‍රපටවල මෙන්ම ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවලද කැමරා අධ්‍යක්‍ෂවරයා නිහාල්සිංහය.

1979 දී රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවෙන් සමුගත් නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය ආරම්භ කළේය. ඔහු වසර දහයක්‌ එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම ටෙලි නාට්‍ය මලාව ලෙස "දිමුතු මුතු" ඔහු විසින් නිර්මාණය කළේය. දේවිකා මිහිරානි" ප්‍රථම ටෙලි නිළිය වූවා මෙන්ම, අමරසිරි කලංසූරියද ටෙලි නළුවකු වූයේ දිමුතු මුතු ඔස්‌සේය.

ඉන්පසු නිහාල්සිංහ "රේඛා" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළේය. එවක ගායිකාවක ලෙස ජනප්‍රිය වූ චන්ද්‍රලේඛා පෙරේරා "රේඛා" ඔස්‌සේ ටෙලි නිළියක වූවාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැබැඳු ගීත රැසක්‌ "රේඛා" ටෙලිනාට්‍යයේ අන්තර්ගත විය. එම ගී අදද ජනප්‍රියය.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාද ටෙලිනාට්‍ය නළුවකු කළේ නිහාල්සිංහයන්ය. ඒ ඔහුගේ "කලු සුදු" ටෙලි නාට්‍යයෙනි.

1996 දී නිහාල්සිංහයන් හොංකොංහි ටෙලිවිෂන් බ්‍රොඩ්කාස්‌ට්‌ ඕවර්සීස්‌ සමාගම හා එක්‌ විය. ඔහු මැලේසියාවේ ඇස්‌ට්‍රො සමාගමේ සාමාන්‍යාධිකාරී තනතුර හෙබ වූවේය. මැලේසියාවේ සිනමා කර්මාන්තය වඩ වඩාත් වර්ධනය වූයේ ඔහු එහි ගිය පසුවය. මැලේසියාවේ නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපට රැසක විධායක අධ්‍යක්‍ෂවරයා වූයේ ඔහුය. ක්‌වාලාලම්පූර්වලදී නිහාල්සිංහයන් යටතේ මැලේසියානු තරුණ තරුණියන් සිය ගණනක්‌ චිත්‍රපට හා රූපවාහිනී නිර්මාණ නිෂ්පාදනය පිළිබඳ හැදෑරුවෝය.

" මම හැත්තෑ දෙකේදී චිත්‍රපට සංස්‌ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරද්දී අපේ සිනමාව තිබූ තත්ත්වය හා සමාන ආකාරයටයි, මා මැලේසියාවට යද්දී එහි සිනමාව පැවතියේ. පස්‌සේ ඒ අය චිත්‍රපට දහයක්‌ විතර නිපදවූවා. අනෙක්‌ පැත්තෙන් රූපවාහිනී තාක්‍ෂණය බොහෝ ඉහළින් තිබුණා. ඩිජිටල් සැටලයිට්‌ ට්‍රාන්ස්‌මිෂන් ක්‍රමයට තිබුණේ. ඒත් ඔවුන්ට පුහුණු ශිල්පීන්ගේ හිඟයක්‌ තිබුණා. මගේ කාර්යය වුණේ ඒ අය පුහුණු කරවීම. චීන, මැලේ සහ ද්‍රවිඩ මැලේසියන් යන වර්ග තුනම හිටියා. මා යද්දී තවත් ටී. වී. චැනල් තිබුණා. ඒත් නීතියක්‌ තිබුණා. මේ අනෙක්‌ ආයතනවලින් කිසිම කෙනෙකු වැඩි මුදලට සොරකම් කරන්න එපා කියා. එනිසා මට "අ" යනු "ආ" යනු ඉඳලා පුහුණු කරන්න සිද්ධ වුණා. " යෑයිද නිහාල්සිංහයෝ මැලේසියාවේ වසර දහයක්‌ ගත කර මෙරටට පැමිණි පසු එහි අත්දැකීම අපට පැවසූවේ එලෙසිනි.

ලොව පැරැණිතම චිත්‍රපට සංවිධානය ලෙස 1915 ඇරැඹි අමෙරිකා එක්‌සත් ජනපදයේ මෝෂන් පික්‌චර්ස්‌ ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ජිනියරින් සංගමයේ යාවජීව සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයා වන්නේද නිහාල්සිංහයන්ය. අද ලෝක සිනමාව හා රූපවාහිනියේ ප්‍රමිතීන් තීරණය කරන්නේ මෙම සංගමය විසිනි.

ආචාර්ය පදවිය හොබවමින් සිටි ඩී. බී. නිහාල්සිංහයන්ට මීට මාස හයකට පමණ පෙරදී කැලණිය විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය පදවිය පුද කළේය. ඒ ඔස්‌සේ සිය දැනුම හා අත්දැකීම් මතු පරපුරට දායාද කිරීමට අලුත් පියවරක්‌ ඉදිරියට තැබූ හේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථමවරට චිත්‍රපට හා රූපවාහිනී සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්‌ ආරම්භ කළේය. ඒ කැලණිය සරසවියේය. චිත්‍රපට හා රූපවාහිනී පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය ලබා ගත් නිහාල්සිංහයන් යටතේ මෙම උපාධි පාඨමාලාව ඔහු මිය යනතුරු සිදු කෙරිණි.

මෙවන් විශිෂ්ට ගනයේ චරිතයකින් අපේ රට ප්‍රයෝජන ගත්තා දැයි යන සාධාරණ පැනය බොහෝ දෙනාගේ සිත් තුළ ජනිතවේ. අපේ සිනමාව සහ රූපවාහිනිය මැලේසියාවේ සිනමාව හා රූපවාහිනිය තරම් වාසනාවන්ත නැත්දැයි යන පැනයද ඒ සමගම මතුවේ.

කෙසේ වෙතත් අප ප්‍රමාද වැඩිය. නිහාල්සිංහයෝ අද නැත. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කල්යානි නිහාල්සිංහ මහත්මිය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ආදරණීය බිරියයි. එකම පුතා මනීෂ ඔස්‌ටේ්‍රලියාවේ පරිගණක ඉංජිනේරුවරයෙකි.

නිහාල්සිංහයන්ගේ මව රතී ධනපාල මහත්මිය. ඇය මිය ගිය පසු අවසන් කටයුතු කළ අයුරු මෙන්ම මරණ දැන්වීමද ජීවත්ව සිටියදීම ලියා තිබූ බවත් ඒ ආකාරයටම ඔහුගේ සොයුරු ඩී. බී. සුරනිමලගේ අවසන් කටයුතු පැය කීපයක්‌ තුළ සිදු කළ බවත් නුවන් නයනජිත් ලියු නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස" ග්‍රන්ථයේ සඳහන් වේ. 

නිහාල්සිංහයන් එම පොතේ මෙවැනි සඳහනක්‌ කර ඇත.

"මගේ තාත්තා ඉල්ලීමක්‌ කර තිබුණා. ඔහු මිය ගිය පසු පැයක්‌ ඇතුළත අවසන් කටයුතු කරන්න කියා. යක්‌කඩුවේ හිමියන්ට පමණක්‌ මිය ගිය පුවත පවසන ලෙසත් කියා තිබුණා. මගේ අම්මා සිදු කළ ආකාරයටම මගේ මරණ දැන්වීමත් මා ලියා තිබෙනවා. මා මිය ගිය දිනෙක පැය කිහිපයක්‌ ඇතුළත කිසිවෙකුටත් නොදන්වා මගේ අවසන් කටයුතු සිදු කරන්න. ඉන්පසු ඒ දැන්වීම පුවත්පත්වල දකින්නට ලැබේවි."

එහෙත් කනගාටුවෙන් හෝ ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වන්නට ඇත්තේ එකම පුතු තම පියාට අවසන් බුහුමන් දැක්‌විය යුතු නිසාය. අනෙක ජාතික වස්‌තුවක්‌ බඳු වූ අපේ මේ මහා සිනමාකරුවාට අවසන් ගෞරවය දැක්‌වීම සිනමාවට ලැදි සියල්ලන්ගේම අවශ්‍යතාවයක්‌ වන බැවිනි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/04/24/cineart.html

ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකානු මැරීන් භටයන් මුලතිව් වෙරළට පැමිණීමේ සැලසුම

කොටි සංවිධානය පරාජය වී මැයි 19 දාට සත් වසරක්‌ ගතවේ. එහෙත් ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් බේරා ගැනීම සඳහා කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාව සිටි කේ. පී. ඇමරිකානු රජය, නෝර්වේ සහ යුරෝපා සංගමය අතිශයින් රහසිගත මෙහෙයුමක්‌ දියත් කර තිබුණි. මේ රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීම භාර වී තිබුණේ හවායි දූපතේ පිහිටි ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්‌ථානය හෙවත් පැකොට්‌ මූලස්‌ථානයටය.

මෙම රහස්‌ සැලසුමට පෙර අප්‍රේල් මස මුල් සතියේ හවායි දූපතේ සිට සී -130 වර්ගයේ දැවැන්ත යානාවක්‌ පිටත්විය. එහි ඇමරිකානු යුද - ගුවන් නාවික හා මැරීන් බළකාවල නිලධාරීන් 200 ක්‌ සිටි බව පසුව අනාවරණය විය. 

සී -130 යානාව පැමිණෙන්නේ කුමන රටකට දැයි දැන සිටියේ එම යානාවේ නියමුවන් හා එහි සිටි හමුදා නිලධාරීන් පමණකි. මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පාලක මැදිරියට ලත් පණිවුඩයකින් වාර්තා වූයේ ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් යානාවක්‌ පැමිණෙන බවත් එය ශ්‍රී ලංකා අහස්‌ කලාපයට සමීපව පියාසර කරන බවයි. මෙහිදී රජය දැඩි අපහසුතාවයට පත් විය. ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් හර්කියුලිස්‌ යානාව එන්නේ ශ්‍රී ලංකාවට සහය වීමට නොව සිවිල් වැසියන් බේරා ගැනීමේ මුවාවෙන් කොටි නායකත්වය ගලවා ගැනීමට බව ආරක්‍ෂක බලධාරීන්ට අවබෝධ විය. මෙම තත්ත්වය මත ඇමරිකානු යානාවට කටුනායකට ගොඩබැස්‌සීමට ඉඩදෙන්නේද නැත්නම් ආපසු හරවා යවන්නේද යන බරපතළ ප්‍රශ්නය මතු විය.

ඇමරිකානු ශාන්තිකර හමුදා විධානයට අයත් මේ යානාව හවායි දුපතෙන් පිටත්වීමට පෙර තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දිය යුතුව තිබුණත් එවැන්නක්‌ සිදු වූයේ නැත. 

මේ යානාවේ සිටින්නේ මුහුදු මාර්ගයෙන් පැමිණ කොටි බේරා ගැනීමේ මෙහෙයුම සැලසුම් කිරීමේ ඉහළ පෙළේ නිලධාරීන් බව මෙරට ආරක්‍ෂක බලධාරීන්ට හෙළි විය.

එම යානාව මෙරටට ඒවා ඇත්තේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලෙන් බව වැඩිදුරටත් අනාවරණය විය.

කෙසේ හෝ ඇමරිකානු හමුදා යානාවට කටුනායකට ගොඩබැස්‌සීමේ අවසරය හිමි විය. එම යානාවෙන් පැමිණි ඇමරිකානු හමුදා නිලධාරීන් නැගෙනහිරට ගොස්‌ තත්ත්වය විමර්ශනය කර බලා ආපසු පිටත්ව ගියහ.

ප්‍රභාකරන් හා පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි සංවිධානයේ ඉහළ පෙළේ හමුදා නායකයන් 50 ක්‌ හා ඔවුන්ගේ පවුල්වල අය බේරා ගැනීම සඳහා මෙහෙයුමේ මුල් අදියර වෙන් වී තිබුණි. එම පිරිසට එරිටි්‍රයාව, දකුණු අප්‍රිකාව හෝ නැගෙනහිර ටිමෝරයේ රැකවරණ දීමටද යෝජනා විය. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කොටි සංවිධානය අවි බිම තැබිය යුතු බවත් සියලුම අවි නිහඬ කළ යුතු බවටත් නෝර්වේ ඇමරිකාව ඇතුළු කණ්‌ඩායම ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම කේ. පී. විසින් පිටු 16 ක වාර්තාවක්‌ පැක්‌ස්‌ මගින් ප්‍රභාකරන් වෙත යවනු ලැබීය. 'ඊට වචන තුනකින් ප්‍රතිචාර දැක්‌වූ ප්‍රභාකරන් පැවසුවේ එම ඉල්ලීම පිළිගත නොහැකි බවය. 

සිවිල් වැසියන් ගලවා ගැනීමේ මුවාවෙන් දියත් වූ මෙම සැලසුම මත ජාත්‍යන්තර අධික්‍ෂණය යටතේ විශාල නැවක්‌ මුලතිව් වෙරළට යෑවීමටද තීරණය වී තිබිණි. මෙම නැවට ගොඩවන කොටි තම අවි ආයුධ නැවේ බලධාරීන්ට බාරදිය යුතුව තිබූ බව වාර්තා විය. නැවේදී කොටින්ගේ ඡායාරූප ගන්නා අතර ඔවුන් කව්දැයි ශ්‍රී ලංකා රජයට හෙළි කරන්නේ නැත. කොටි සියලු දෙනාටම පොදු සමාවක්‌ ලබාදීමටද තීරණය වී තිබිණි.

මෙම රහස්‌ මෙහෙයුම දියත් වීමට පෙර 2009 පෙබරවාරි මස කුවාලම්පූර් නගරයේ වින්ස්‌ හෝටලයේදී තවත් රහස්‌ සාකච්ජාවක්‌ පැවැත් වුණි. එම සාකච්ඡාවට මෙරට හිටපු නෝර්වේ තානාපති ජෝන් වෙස්‌ට්‌බර්ග් තානාපති නිලධාරියකු වූ තෝමස්‌ ස්‌ටැන්ලන්ඩ් සහ 2009 මෙරට සිටි නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන්, ප්‍රභාකරන්ගේ නීති උපදේශක විශ්වනාදන් රුද්රකුමාරන් සහ ඕස්‌ටේ්‍රලියාවේ සිට පැමිණි ඊළම්වාදියකු වූ ඡේ. මහේවරන් සහ කේ. පීද සහභාගී විය.

ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ප්‍රභාකරන් එකඟ කරවා ගැනීම මෙම කණ්‌ඩායමට භාර විය. මෙම සාකච්ඡාවේදී නෝර්වේ තානාපති ටෝරේ ගැම්රන් පැවසූවේ ඇමරිකානු නාවික සහයක්‌ නොමැතිව එකී මෙහෙයුම දියත් කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් පවසා ඇත්තේ මෙම මෙහෙයුමට ඇමරිකානු නාවික හමුදාව සම්බන්ධව කර ගැනීමේ සැලසුම සඳහා කලක්‌ ගතවන බවයි. 

ඇමරිකානු නාවික හමුදාවට පිළිපීනය දියාගෝ ගර්ෂියාව සහ ස්‌ථානවල සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණීමට පස්‌ දිනක්‌ ගත වන බවද තවදුරටත් අනාවරණය විය.

ඇමරිකානු බලධාරීන් මුහුණ පෑ තවත් බරපතළ ප්‍රශ්නයක්‌ වූයේ මෙම රහස්‌ මෙහෙයුම සම්බන්ධව ශ්‍රී ලංකා හමුදාව කෙලෙස ප්‍රතිචාර දක්‌වන්නේද යන්නයි.

යහපත් ප්‍රතිචාරයක්‌ නොදක්‌වන රජයක්‌ හා හමුදාවක්‌ සමග මෙම ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ හැකිද යන ප්‍රශ්නයද තවදුරටත් මතු විය. 1993 ඔක්‌තෝම්බර් මස සෝමාලියාවේ මොගඩිෂු නගරයට දියත් වු ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ අසාර්ථක වීමත් මැරයින් භටයන් රැගත් බ්ලැක්‌හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක්‌ ප්‍රහාර එල්ලවීමෙන් කඩා වැටීමේ සිද්ධියත් ඇමරිකානු බලධාරීන්ට සිහිපත් වී ඇත.

කොටි සංවිධානය සමඟ ශ්‍රී ලංකා හමුදාව බිහිසුණු සටනක යෙදී සිටින අවස්‌ථාවේ මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේද යන අදහස ද ඇමරිකානුවන් තුළද මතු විය.

මෙම රහස්‌ මෙහෙයුම පිළිඳව එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් වූ රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ පණිවුඩයක්‌ද යවා තිබුණි. 

එහි සඳහන් වූයේ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන් විසින් රොබට්‌ බ්ලේක්‌ අමතමින් කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වු කේ. පී. ගෙන් පණිවුඩයක්‌ ලැබුණ බවත් එහි සඳහන් වුයේ කොන්දේසි රහිතව තෙවැනි පාර්ශවයක්‌ වෙත යටත් වීමට ප්‍රභාකරන් කැමැත්ත පළ කළ බවත්ය.

හැට්‌රන්ගේ පණිවුඩය බ්ලේක්‌ විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී පෝල් කැස්‌ටෙලා වෙත දන්වා ඇත. මේ සඳහා හමුදා හෙලිකොප්ටර් මගින් රතු කුරුස කණ්‌ඩායමක්‌ යෑවීමටද කටයුතු යොදා ඇතැයි කැස්‌ටෙලා ප්‍රකාශ කර ඇත. 

මේ වන විට ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකයන් සියදිවි නසාගත් බවට පුවතක්‌ ප්‍රචාරය විය. මෙය ප්‍රචාරය කරන ලද්දේ කැනඩාවේ සිටින ඩී. බී. එස්‌. ජෙයරාඡ් නැමැත්තායි.

ජෙයරාඡ් පළ කළ පුවත ඇත්තක්‌ දැයි නිවැරදිව දැන ගැනීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට හැකියාවක්‌ නැතැයි රොබ්ට්‌ බ්ලේක්‌ විසින් සිය රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ වාර්තාවේ සඳහන් විය.

මේ අන්දමේ ව්‍යාකූල තොරතුරු නිසා ඇමරිකාව සහ නෝර්වේ ප්‍රමුඛ යුරෝපා සංගමය දියත් කළ ගලවා ගැනීමේ මෙහෙයුම අර්බුදකාරී තත්ත්වයකට පත් විය. 

මෙම රහස්‌ මෙහෙයුම සම්බන්ධයෙන් හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පසුව මෙලෙස ප්‍රකාශ කර ඇත.

අර්බුදය විසඳීම සඳහා ක්‌වාලාලම්පූරයේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වුවද ඊට බැසිල් රාජපක්‍ෂගේ සහය ද ලැබිණි.

අපේ අරමුණ වූයේ සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව කොටු වී ඇති සිවිල් වැසියන් සහ යටත් වීමට කැමැති කොටි ගලවාගැනීමට විශාල නැවක්‌ වන්නි වෙරළට යෑවීම අපේ අදහස වුණා.

කොටි සංවිධානය එදා අපේ යෝජනාව පිළිගත්තේ නම් ඔවුන්ගේ අරගලය ගෙනයැමේ තත්ත්වයක සිටිනවා යෑයි එරික්‌ සෝල්හයිම් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ මෙම රහස්‌ සැලසුම පසුව කොටි හිතවාදියකු වූ ගැස්‌පර පියනම ද හෙළිකර තිබිණි.

එරික්‌ සෝල්හයිම් සහ රොබට්‌ බ්ලේක්‌ එකතු වී කොටි ආයුධ ජාලයේ ප්‍රධානි කේ පී ගේ සහයෙන් දියත් කිරීමට සැලසුම් කර තිබූ එකී මෙහෙයුමේ රහස්‌ තොරතුරු රැසක්‌ මේ වන විට අනාවරණය වී ඇත. එම තොරතුරු මෙලෙස දැක්‌විය හැක.

1. කේ. පී. ව නෝර්වේහි ඔස්‌ලෝ වෙත කැඳවාගෙන යැම සඳහා නෝර්වේ පොලිසියේ ආරක්‍ෂක භටයන් පිරිසක්‌ ක්‌වාලාලම්පූර් නගරයට පැමිණීම.

2. ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ඇතුළු කොටි හමුදා නායකයන් 50 ක්‌ ගෙනයැමට ඇමරිකානු මැරීන් බළකායේ ලැන්ඩින් ක්‍රාපට්‌ හෙවත් මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි යාත්‍රාවක්‌ මුලතිව් වෙරළට එවීම

3. මුලතිව්හි කොටු වී සිටි සිවිල් වැසියන් ඇමරිකානු නැවකින් ත්‍රිකුණාමල වරායට ගෙන ඒම, ඇමරිකානු මැරීන් බළකාය මුලතිව් වෙරළට පැමිණීම

4. කොටින්ගේ බර අවි නිහඬ කිරීම

5. එම බර අවි එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමකට බාරදීම

6. කොටි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් 50 කට සහ පවුල්වල අයව විදේශ රටකට ගෙනයැම

7. කොටි සංවිධානයේ 2 වැනි පෙළ ක්‍රියාකාරීන් පමණක්‌ අත්අඩංගුවට ගෙන ඔවුන්ට අධිකරණය ඉදිරියේ නඩු පැවරීම

8. අනිකුත් පහළ ශ්‍රේණිවල කොටි ක්‍රියාකාරීන්ට පොදු සමාවක්‌ ලබාදීම.

එහෙත් අවි නිහඬ කිරීම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. කොටි සංවිධානය යටත් වන්නේ විදේශ පාර්ශ්වයකට පමණක්‌ බව ප්‍රභාකරන් පැවසූ බවත් වාර්තා වේ.

මෙලෙස නෝර්වේ, ඇමරිකාව සහ කේ පී ඇරඹූ සාකච්ඡාවලින් ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ප්‍රමුඛ ඉහළ පෙළේ කොටි 50 ක්‌ බේරාගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන අවස්‌ථාවේ 58 වැනි සේනාංකය ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපා තිබිණි.

ඒ මුලතිව් වෙරළේ සිටි නාවික හමුදා භටයන්ට ආහාරපාන සැපයීමෙන් වළකින ලෙස ඉහළ පෙළේ හමුදා බලධාරියකු කළ නියෝගයකි.

මේ අයහපත් තත්ත්වය මැද හමුදා නිලධාරීන්ට සිදුවූයේ විශ්වාසවන්ත හමුදා භට පිරිසක්‌ ලවා මුලතිව්හි සිටි නාවික හමුදා භටයන්ට මැදියම් රැයේදී ආහාර පාන සැපයීමයි.

මේ අතර ඇමරිකානු ගලවාගැනීමේ මෙහෙයුම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කළේ ඔහු සහ ඔහුගේ උපදේශකයන් සුරංගනා ලොවක ජීවත්වීම නිසා යෑයි කේ. පී. පසුව හෙළි කළේය.

කේ. පී. කළ හෙළිදරව්වෙන් කරුණු දෙකක්‌ සනාථ වී ඇත. ඒ ප්‍රභාකරන් සුදු කොඩි ඔසවා යටත්වන ලෙස පුලිදේවන් සහ නඩේෂන් ඇතුළු කොටින්ට පවසා නැති බවයි. අවි ආයුධ නිහඬ කරන ලෙසත් ප්‍රභාකරන් පවසා නැත.

එම පසුබිම මත සුදුකොඩි ඔසවා යටත්වීමට පැමිණි පුලිදේවන්, නඩේෂන් සහ ඔහුගේ බිරිය වූ විනිතා ඝාතනය වූ බව පිළිගත හැකිද?

තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේඛා හිටපු කොටි කාන්තා බළකායේ නායිකාව වූ තමිලිනී හා මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය ද සුදුකොඩි කතාවක්‌ ගැන පවසා නැත.

එහෙත් සුදු කොඩි කතාවක්‌ එළිදැක්‌විණි. මෙරටින් ස්‌විට්‌සර්ලන්තයට පැනගිය බොම්බඩියර් නමැත්තා ඔහු සිය මව්බිමේ හමුදාව පාවාදී සුදු කොඩි කතාවක්‌ පවසා ස්‌විට්‌සර්ලන්තයේ සුරසැප විඳී. මේ පාවාදීම කළ ඔහුට තුන්හෙලයේ පෙරමුණ සංවිධානය දේශප්‍රේමී සම්මානයක්‌ ද පුද කළේය.

කෙසේ වෙතත් ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ප්‍රමුඛ කොටි 50 ක පිරිස බේරාගැනීමේ ඇමරිකානු මෙහෙයුම ප්‍රමාද වූයේ මුලතිව් වෙත ගොඩබැසීමට නියමිත වූ ඇමරිකානු මැරීන් භටයන්ට එදිරිවාදිකම්වලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු නිලධාරීන් තුළ තිබූ විශ්වාසයයි.

සිවිල් වැසියන් ඇතුළු කොටි 12,000 කට අධික පිරිසක්‌ ගලවා ගැනීම සුළු ක්‍රියාදාමයක්‌ නොවේ. එය දැවැන්ත මෙහෙයුමකි. එවන් මෙහෙයුමකට ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාගත යුතුව තිබිණි. එකී මෙහෙයුම සාර්ථක කර ගැනීමට එවකට සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හෝ වෙනත් රාජ්‍ය බලධාරියකු වෙත හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පවසා නැත.

එසේ වුවත් ගලවාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබාගැනීමට යොමු වී ඇත්තේ 2009 අප්‍රේල් මස අවසාන සතියේ යෑයි වාර්තා විය.

එසේම ගලවාගැනීමේ මෙහෙයුමට අදාළ සැලසුම 2009 මාර්තු මස මුල් සතියේත් පසුව අප්‍රේල් මස අවසානයේත් ප්‍රභාකරන් වෙත ඉදිරිපත් වී තිබූ බව අනාවරණය විය.

මුල්ලවයික්‌කාල් මෙහෙයුම ලෙස නම්කර තිබූ මෙකී මෙහෙයුම ගැන ගැස්‌පර් රාඡ් පියනම තමිල්නාඩුවේ මාධ්‍යවලට ද තොරතුරු හෙළිකර තිබිණි. හෙතෙම තමිල්නාඩු මාධ්‍යවලට තවදුරටත් දක්‌වා තිබුණේ ප්‍රභාකරන් ඇමරිකානු ගලවාගැනීමේ මෙහෙයුමට එකඟ වුවත් අවි බිම තැබීම ප්‍රතික්‍ෂේප කළ බවය.

ඇමරිකාවේ මෙම රහස්‌ සැලසුම ඇමරිකානු බලධාරීන් ඉන්දියාවේ විදේශ ලේකම් ශන්කර් මෙනන් වෙත ද දැනුම් දී තිබිණි. ඇමරිකානු මැරීන් බළකායේ භටයන් මුලින්ම මුලතිව් වෙත බ්ලැක්‌හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර්වලින් ගොඩබැසීමත් ඉන්පසු ඇමරිකානු ශාන්තිකර බළකායේ නාවික හා ගුවන් ඒකක මුලතිව් වෙත පැමිණීමටත් නියමිතව තිබූ බව ගැස්‌පර් රාඡ් තමිල්නාඩුවේ නකීරන් සඟරාවට හෙළිකර තිබූ බව හෙළිවිය.

මෙම ඇමරිකානු සැලසුම සාර්ථක කරගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් මානුෂික සේවා කටයුතු පිළිබඳ ලේකම් ජෝන් හොල්ම්ස්‌ සමඟ ශ්‍රී ලංකාවට එවා තිබූ බව අනාවරණය විය.

එහෙත් මේ රහස්‌ සැලැසුම ගැන එවකට සිටි රජයේ ආරක්‍ෂක බලධාරීන් තුළ දැඩි නොසතුටක්‌ පළවී තිබිණි. මේ සැලසුමේ තවත් අදියරක්‌ වූයේ කොටි සංවිධානය හා රජය අතර සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඇති බවට කටයුතු යෙදීම බවත් පසුව වාර්තා විය.

මතු වී ඇති බරපතළ තත්ත්වය තේරුම්ගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් කොටි නායකත්වය පැරදවීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස ආරක්‍ෂක ප්‍රධානීන්ට නියෝග කර තිබිණි. ඉන් සිදුවූයේ ඇමරිකානු මෙහෙයුම් ව්‍යාර්ථ වීමයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/04/24/defence.html