
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රී පිරිස පෙත්සමක් භාරදීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ කාර්යාලයේ දොරටුව වසා ඒ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව හේතුවෙන් දිසාපතිවරයාට කාර්යාලයේ පිටුපස දොරටුවෙන් පිටවීමට සිදුවිය.
දිසාපති වරයාගේ දොරටුව වසා විසඳුමක් ලැබෙන තුරු ඉවත් නොවන බව පවසා එහි ඉදිරිපිට හිඳගැනීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි යාපනය පොලීසිය හා එහි සිටි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී වරුන් අතර උණූසුම් තත්ත්වයක් හට ගත් අතර ඉන් පසුව ඉන් පිරිසකට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවීමට අවස්ථාව ලැබිණි.
අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවට දිසාපති පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අවසන් විය.
http://www.colombotoday.com/45412415121-2/
0 comments:
Post a Comment