අද අපරභාග 7.48 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වීම සමරන්නට ජාතියක් ලෙස එකට එකතුවීම සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පුරාවටම දකින්නට ලැබේ. මෙරටට උරුමවූ අනන්‍ය වූ අපූර්වතම සංස්‌කෘතික උළෙලක් වශයෙන් සිංහල අලුත් අවුරුද්ද අර්ථ දැක්‌විය හැකිය. එහෙත් වර්තමානය වන විට සිංහල අලුත් අවුරුද්ද එකී අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අර්බුදයකට එළැඹ සිටින බවක් පෙනේ.
මේ උත්කර්ෂවත් ජාතික උත්සවයේදී අපට ඒ ඒ නැකැත් කාල හෝරාවන් තුළ ඉටුකරන චාරිත්‍ර වාරිත්‍රයන් අතිශය වැදගත්ය. ඒ තුළින් ප්‍රකට වන්නේ නවීන විද්‍යාව පවා පිළිගනු ලබන බොහෝ යථාර්ථවාදී කාරණාය. ආර්ථික රටාව, සෞඛ්‍ය රටාව, දැහැමි දිවිපෙවෙත, අධ්‍යාත්මික වටිනාකම් ජනතාව අතර ගොඩනැඟෙන සංහිඳියාව යන සියලු කාරණා ඒ තුළ ගැබ්ව පවතී. එහෙත් අප පෙර සඳහන් කළාක් මෙන්, මේ සියල්ල වර්තමානය වන විට තරගකාරී ජීවන රටාවත්, වාණිජ්‍ය බලපෑම්වලට යටත් වීමත් නිසා වියෑකී යන තත්ත්වයක් මතුව තිබෙන බව කිව යුතුය.
ගමක හතරෙන් තුනක් පමණ වූ පිරිස රැකියාව කරන්නේ නොඑසේනම් වාසය කරන්නේ (කොළඹය) නගරයේය. අලුත් අවුරුදු දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශ සුනාමියට හසුවූවා සේ පෙනෙන්නේ ඒ නිසාය. කොටින්ම කීවොත් මුළු කොළඹම ගමේ ගොසිනි. අතීතයේ මෙන් නොව මේ ගමට යන කවරෙකුට වුවද යහපත් මානසික ඒකාග්‍රතාවකින් යුතුව අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමට කාලයක් නැත. සියල්ල සිදුවන්නේ කඩිමුඩියේය. බොහෝ දෙනකුට ගමට පැමිණෙන්නට නිවාඩුවක් ලැබෙන්නේ හරියටම අලුත් අවුරුද්දට පෙර දිනයේය. ඒ නිසාම එම පිරිස ගමට එන්නේම යහපත් මානසික තත්ත්වයකින් නොවේ දැඩි පීඩනයකින් යුතුවය. ඒ නිසාම ගමට පැමිණ අවුරුදු කෑම (චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම) බොහෝ දෙනකුට බරකි. එහෙත් "කළ යුතුම" නිසා අවුරුදු සමරති. ඒ නිසාම අවුරුදු සැමරීම එක්‌තරා ආකාරයකට විලාසිතාවක් බවට පමණක් පරිවර්තනය වෙමින් යන බවක් පෙනේ. සිංහල අලුත් අවුරුද්දට අනන්‍ය වූ සාරධර්ම ගුණාංග, බොහොමයක් වෙළෙඳ වටිනාකම් මත තීරණය කරන්නට සිදුව ඇති බවද කිව යුතුය. සමස්‌තය වෙළෙඳ වටිනාකම් අනුව තීරණය වන මොහොතක සිංහල අලුත් අවුරුද්ද ගැන අමුතුවෙන් කිවයුතු නැත. ගමේ වෙල් ඉපනැල්ලක පැවැත්වෙන අවුරුදු උත්සවයකට සහභාගි වී අත්දැකීම් විඳගන්නවාට වඩා, බහුජාතික සමාගමක අනුග්‍රහය මත රූපවාහිනි තිරය මත දිස්‌වන "මහා බක්‌මහ උළෙලක්" නැරඹීම අද රටේ බොහෝ දෙනකුගේ පුරුද්ද වී තිබේ. නෑගම් යනවාට වඩා, වැඩි දෙනෙක් කැමැත්ත දක්‌වන්නේ විනෝද චාරිකාවක් යැමටය. අලුත් අවුරුද්දේ ලිප ගිනි මොලවා, ආහාර අනුභවයෙන් හා ගනුදෙනු කිරීමෙන් පසු එක මොහොතක් හෝ නිවසෙහි රැඳී නොසිට සවාරිය යැම වඩා වැදගත් බව බොහෝ දෙනකුට සිතෙන්නේ ඇයි? එම සවාරිය දූ දරුවන්ගේ විනෝදය පිණිසම නම් සාධාරණය. එසේත් නැත. වැඩිහිටියන්ගේ මධුසාද සවාරිවල ප්‍රධානම අරමුණයි.
මෙවැනි අවුරුදු සැමරීමකින් අප ඉහත සඳහන් කළ අර්ථවත් කාරණා කිසිවක් සපිරෙන්නේ නැත. අලුත් අවුරුද්දේ "කන බොන" හැටි දකින විට සෞඛ්‍යය ගැන හිතන වගක් පෙනෙන්නේ ද නැත. ආර්ථිකය ගැන හිතන බවක් පෙනෙන්නේ ද නැත. දැහැමි දිවිපෙවෙත ගැන කතා කළ යුතුම නැත. ලක්‌වාසී සියලු ජනතාවට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරන අතරවාරයේම ඉහත කී කරුණු ගැනද ටිකක් පමණ කල්පනා කරන ලෙස අපි ඉල්ලා සිටිමු. අවුරුදු ලබන්නට තවත් හෝරා කිහිපයක් ඉතිරිව ඇත. ඒ කාලය වෙනස් ආකාරයකට අලුත් අවුරුද්ද දෙස සිතන්නට ප්‍රමාණවත් කාලයක් බවද සිහිපත් කරමු.
http://www.divaina.com/2016/04/13/editor.html
Pic Source

0 comments:
Post a Comment