Pages

Thursday, April 14, 2016

මහා කවි භාරතීගේ සිහිනයක්‌! ඉන්දු - ශ්‍රී ලංකා පාලම හදන එක හදනවා - ඉන්දීය රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම අනිවාර්ය බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් පවසා ඇත.

රාමනාතපුරම්හිදී වාර්තාකරුවන් ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම මහා කවි භාරතීගේ සිහිනයක්‌ සැබෑවීමක්‌ බව ද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා රජය අනුමැතිය පළ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

රාමේශ්වරම් හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකෙරෙනු ඇත.

2014 මැයි මාසයේ බලයට පත් වූ නරේන්ද්‍ර මෝදි ආණ්‌ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය.

කවරක්‌ නමුත් ශ්‍රී ලාංකික සංවිධාන රැසක්‌ මේ පාලම ඉදිකිරීම පිළිබඳ විරෝධය පළ කර ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2016/04/11/news06.html

0 comments: