Pages

Monday, April 4, 2016

චාවාකච්ෙච්රි ත්‍රස්‌තයා පිටුපස ඩයස්‌පෝරාව! මෙහෙයවා ඇත්තේ හිරේ සිටින කොටි ප්‍රබලයෙක්‌

පුපුරන ද්‍රව්‍ය සහ ඇඳුම් කට්‌ටල
චාවකච්ෙච්රියේදී අසු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා මෙහෙයවා ඇත්තේ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන මොරිල් ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු ලැබී ඇත.

විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මොරිල් ඇතුළු කණ්‌ඩායම විසින් මෙම ත්‍රස්‌තවාදියාව මෙහෙයවා ඇත.

චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියාට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය උත්සාහ ගනිද්දී රජයේ ප්‍රබල ඇමැතිවරයකු එයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි ද මේ වන විට පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

බන්ධනාගාරගතව සිටින ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන "මොරිල්" නමැත්තා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්‌ සැලසුම් කළ මහමොළකරුවාද වේ. ඔහුට විශේෂ ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ඇමැති සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනවල ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක්‌ කළේය.

මේ වන විට අත්අඩංගුවේ පසුවන චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියා කිසිදු ප්‍රකාශයක්‌ සිදු නොකරන අතර ඔහුට බාහිරින් ලැබෙමින් තිබෙන සහයෝගය ඊට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ත්‍රස්‌තවාදියා පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන්ට කළ අසත්‍ය ප්‍රකාශයක්‌ මත ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් පිරිසක්‌ තවත් අවි තොගයක්‌ සොයා විල්පත්තු කැලේ කිලෝමීටර් 10 ක පමණ දුරක්‌ සෝදිසි මෙහෙයුමක්‌ සිදුකර ඇතත් කිසිදු අවියක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත.

දැනට පොලිසිය සිදුකරගෙන යන විමර්ශන අනුව චාවකච්ෙච්රි කොටි ත්‍රස්‌තවාදියා ඇතුළු බන්ධනාගාර කොටින් සමඟ දකුණේ පාතාලය සමඟ සබඳතා පවත්වන බවට ද තොරතුරු ලැබී ඇත.

දකුණේ පාතාලයන්ට ලැබෙන මත්කුඩු තොග සහ විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් ලැබෙන මුදල් හේතුවෙන් මෙම සබඳතාව ගොඩනැඟී ඇතැයි ද පසුගිය කාලයේ දකුණේ පාතාලයන් බන්ධනාගාරගත වූ අවස්‌ථාවලදී සිරගත කොටි ත්‍රස්‌තවාදීන් සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීම මීට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

මේ අතර ඉකුත් දිනවල ධීවර බෝට්‌ටු හරහා නවීන ටී 56 ගිනි අවි 1000 ක පමණ තොගයක්‌ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇතැයි ද ආරක්‍ෂක බුද්ධි අංශවලට තොරතුරක්‌ ලැබී ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2016/04/04/news01.html

සබැඳි ලිපි -
[
මරාගෙන මැරෙන අලුත්ම ඇඳුම් කට්‌ටලය සමග හිටපු කොටියා කොටුවෙයි! පුපුරන ද්‍රව්‍ය වෙනතැනකට යැවීමට සූදානමින් ඉඳලා! රැගෙන ආවේ ප්‍රහාරයකට බව ස්‌ථිරයි! - හමුදා ප්‍රධානීහු
http://denethharinna.blogspot.com/2016/03/blog-post_70.html
]

0 comments: