
අනිල් කුමාර් නැමැති ඉන්දීය ජාතිකයාට මෙසේ මැලේරියා රෝගය වැලදී තිබිණි. ඔහු අනවසරයෙන් මෙරට රැඳී සිටිමින් නුවරඑළිය මහගස්තොට ප්‍රදේශයෙන් ගොඩනැගිලි වැඩපොළක කුලී වැඩ කරමින් සිට ඇත. ඔහුත් සමග තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රෝගීව සිටි මෙම ඉන්දියන් ජාතිකයාට හාවාඑළිය පදිංචි චන්ද්‍රමෝහන් නමැති ත්‍රිරෝද රථ රියැදුරු නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උදව් උපකාර කර ඇත. එහි සිටි වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නුවරඑළිය මූලික රෝහලට ගොස් ඇතුළත් කරන ලෙස ද දන්වා තිබේ. රෝගියා රෝහලට ඇතුළත් කිරීමට ලේඛන ගත කිරීමේදී භාරකරුවෙකු අවශ්‍ය බව කී විට ත්‍රිරෝද රථ රියැදුරු විසින් භාරකරු ලෙස ඔහුගේ නම සහ ලිපිනය මෙන්ම දුරකථන අංකය ද ලබා දී ඇති බව සඳහන් වේ.
මැලේරියා රෝගය මේ වන විට ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කොට ඇති බෝවන රෝගයක් නිසා මෙම රෝගය හඳුනාගත් සැණින් අදාළ අංශවලට දැනුම් දුන් පසු රෝගියා වහාම ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා ඉකුත් 6 වෙනි දින කොළඹ ආගමන විගමන නිලධාරීන් පැමිණ රෝගියා රැගෙන ගිය බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවැසීය.
http://www.colombotoday.com/5631123241512121-2/
0 comments:
Post a Comment