Pages

Wednesday, August 1, 2018

යාපනයේ කැළයකින් බෞද්ධ උරුම නටබුන් රැසක්‌ හමුවෙයි

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැලයක බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක්‌ හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ බෞද්ධ පුරාවස්‌තු පිළිබඳව ස්‌ථීර වශයෙන් යමක්‌ පැවසිය නොහැකි බව කියා සිටින යාපනය පුරා විද්‍යා කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව උසස්‌ නිලධාරීන් දැනුවත් කොට ඇති බවද පැවසීය.

යුද සමයේදී යාපනයේ කැලෑබද ප්‍රදේශවල පිහිටි පුරාවස්‌තු රැසක්‌ම විනාශ වී ගොස්‌ ඇති බව පවසන පුරා විද්‍යා නිලධාරීන් මෑතකදී නිලධාරීන් හා සේවකයින් දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගෙන ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ උතුරේ රාජකාරී කටයුතුවල යෙදවීමත් සමගම මෙවැනි නව පුරාවස්‌තූන් සොයා ගැනීමට හැකි වී ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු කියා සිටිති.

දිනසේන රතුගමගේ
Divaina

Saturday, July 28, 2018

රණවිරු දඩයමේ අවසන් කුරුමානම

වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දින සිට යුද්ධය ජයගත් රණවිරුන්ව අසාධාරණ අයුරින් සිරගත කරමින්ද මියගිය ත්‍රස්තයන්ගේ පවුල්වලට රණවිරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සැලැස්වීමෙන්ද කටයුතු කරන ආකාරය අපි දුටිමු. කර්නල් ෂම්මි කුමාරරත්න මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර (ඔහු සහ බුද්ධි අංශයේ තවත් හමුදා නිලධාරීන් 11ක්) ඔවුන් ඇපපිට නිදහස්වීද මාස 14ක් පමණ වන නමුත් තවම ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැත්තේ අවශ්‍ය සාක්‍ෂි නොමැති නිසාය. එසේ නම් මොවුන්ව වසරකට අධික කාලයක් සිරගතව රඳවා සිටියේ ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිව නොවේද? අදටත් හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල්වරයාද රිමාන්ඩ් සිරගතව සිටී. ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේ අතිමහත් වැදගත් කාර්යභාරයක් කළ මෙවැනි නිලධාරීන්ට මෙසේ සැලකීම හේතුවෙන් සතුටට පත් වන්නේ කවුද? සියලුම කොටි හිතවාදීන් සහ බෙදුම්වාදීන්ය. එසේ නම් දරුණු ගණයේ කොටි ත්‍රස්තයන් හිරෙන් නිදහස් කරමින්, කොටි ත්‍රස්තයන් විනාශ කිරීමට දායක වූ හමුදා නිලධාරීන් සාධාරණ සාක්‍ෂි පවා නොමැතිව සිරගෙට යවමින් වර්තමාන යහපාලකයන් කරන්නේ යුද්ධ කළ රණවිරුවන් දුර්මුඛ කරමින් ඔවුන්ව පාවාදීම නොවේද?

එම පාවාදීමේ කූටප්‍රාප්තිය වනුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි’. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාදාමය/ ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත. එසේ සම්පූර්ණ වන ක්‍රියාවලිය ඉතා කෙටියෙන් ජනතාව ඉදිරියේ තැබීම අපේ යුතුකමක් සේ සලකමු.
බටහිර රටවල් සහ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තෘප්තිමත් කිරීම සඳහා වර්තමාන රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද අපේ හමුදා සම්බන්ධ අතිශය සාවද්‍ය යුද අපරාධ චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන අපට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්විණ.

මානව හිමිකම් කවුන්සලය මඟින් අනුමත කරන යෝජනා නිදේශ ක්‍රියාත්මක කිරීමට කිසිම රටක් බැඳී නොමැති නමුත් අපට 30/1 යෝජනාවේ තිබෙන සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන් සිදුව ඇත්තේ අප එයට එකඟවී සම අනුග්‍රාහකත්වය දක්වා ඇති නිසාය. එම නිර්දේශ අනුව ගන්නා ක්‍රියාමාර්ගයන්ගෙන් රණවිරුවා බොරු සාක්‍ෂි ගොතා ජාත්‍යන්තර අපරාධ අධිකරණය තෙක් ගෙන යෑමට මාර්ගය විවෘත කර ඇත්තේ මෙසේය.

පළමුවෙන්ම ආරම්භ වන්නේ අතුරුදන් කිරීමේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙනි. එම පනතට එරෙහිව දැඩි විවේචන තිබූ නිසා එය සම්මත කළේ පාර්ලිමේන්තුවේ ඡන්දයක්ද නොතබා ප්‍රජාතන්ත්‍ර විරෝධීවය. එසේ එම පනත සම්මත වූ විගස එයට සුබ පැතුවේ වෙන කවුරුත් නොව ගෝලීය ද්‍රවිඩ සංසදයයි.
ඊට පසුව ඊට ප්‍රශංසා කළේ කොටි හිතවාදී ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප්ය. එයින්ම මෙම පනත රණවිරුවාට හිතකරද අහිතකරද යන්න අපට හොඳින් තේරුම් ගත හැකිවේ.

මෙම අතුරුදන් කාර්යාලීය පනත පාර්ලිමේන්තුවේ එකී අයුරින් සමමත වූ පසු පසුගිය සැප්තැම්බරයේ ජිනීවා සැසිවාරයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් තර්ජනාත්මක ස්වරයෙන් කියා සිටියේ, පනත සම්මත කළාට කාර්යාලය ස්ථාපිත කර නැති බවයි. අපේ රජය ඊට පසුවදාම කාර්යාලය ආරම්භ කළේය. ඉන්පසු මේ වසරේ මාර්තු මස සෙයිද් හුසේන් තර්ජනය කළේ කාර්යාලය විවෘත කළාට කාර්ය මණ්ඩලය පත් කර නැති බවයි. රජය ඊට පසුවදාම කාර්ය මණ්ඩලයක් පත් කළේය. එසේ නම් මෙම අතුරුදන් කාර්යාලය කටයුතු කරන්නේ කාගේ වුවමනාවටදැයි කාටවුවත් තේරුම් යනු ඇත.

මෙම අතුරුදන් කාර්යාලය කාර්යාලයක් නොව අර්ධ අධිකරණයකි. එහි සාක්‍ෂි කැඳවන්න, වරෙන්තු නිකුත් කිරීමට සහ නඩු ඇසීමට පවා පුළුවනි. එම කාර්ය මණ්ඩලයට ඕනෑම අවස්ථාවක, ඕනෑම වේලාවක ඕනෑම හමුදා කඳවුරකට, පොලිසියකට, බන්ධනාගාරයකට ගොස් ඕනෑම රහස්‍ය වාර්තාවක් වුවද ලබාගත හැකිය. එයට බාධා කරන්නන්ට හෝ සහාය නොදෙන්නන්ට අභියාචනාධිකරණයට අපහාස කළා සේ සලකා දඬුවම්ද කළ හැකිය. මෙම කාර්යාලයට රටේ සාක්‍ෂි ආඥ පනතට පටහැණි සාක්‍ෂි පවා පිළිගත හැකි අතර වීඩියෝ තාක්‍ෂණයෙන් ලබාදෙන සාක්‍ෂිද පිළිගත හැකිය. එවිට ඕනෑම කෙනකුට ඕනෑම රටක සිට තමාට අවශ්‍ය කරන පුද්ගලයාට විරුද්ධව බොරු සාක්‍ෂි දීමට පුළුවනි. නමුත් මෙම කාර්යාලයට දඬුවම් කිරීමේ බලය නැත. දඬුවම් දිය හැකි ප්‍රතිපාදන තිබේ නම් සාක්‍ෂි ආඥා පනත අදාළ කරගත යුතුවේ. එවිට බොරු සාක්‍ෂි ගොනු කළ නොහැකිය. ඒ නිසා බොරු සාක්‍ෂි ගොනු කිරීමට එක් පනතකුත් එනම් මෙම පනත ගෙන ආ අතර දඬුවම් පැමිණ වීමට තවත් පනතක් ගෙන එන ලදී. ඒ පනත වනුයේ 30/1හි තවත් එක් නිර්දේශයක් වන බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනතයි.

උක්ත පනතට විරුද්ධවද ජනතා උද්ඝෝෂණයක්/ විරෝධතාවක් තිබූ අතර එය පාර්ලිමේන්තුවේ අනුමත කළේ දිගන ඇතිවූ කලබලකාරී තත්ත්වය මත හදිසි නීතියද දමා රටේ කලබලයක් තිබූ අවස්ථාවේ ජනතාවට නොදන්වාය. මෙම ප්‍රඥප්තිය ලෝකයේ රටවල් 53ක් අනුමත කොට පාර්ශ්වකරුවන් වී තිබේ. දැන් අතුරුදන් කාර්යාලය මඟින් රණවිරුවෙක්ට විරුද්ධව ‘බොරු’ යුද අපරාධ/ අතුරුදන් චෝදනා සම්බන්ධ සාක්‍ෂි ගොනුකොට ලිපි ගොනුවක් සූදානම් කර ඇති අවස්ථාවක එකී රණවිරුවා පෙර සඳහන් කළ රටවල් 53න් එකකට ගියහොත් ඒ රටේ ‘යුද අපරාධ පිළිබඳ සැක කරන පුද්ගලයකු තම රටේ සිටින නිසා’ ඒ රටට එම අදාළ රණවිරුවා අත්අඩංගුවට ගත හැකිවේ. එසේ අත්අඩංගුවට ගත් රණවිරුවාට එරෙහිව ඒ රටට ක්‍රියාමාර්ග 3ක් ගත හැකිවේ. එනම්,

(අ). ඒ රටේ එම රණවිරුවාට විරුද්ධව නඩු අහන්න පුළුවන.

(ආ). ඒ රට වෙනත් රටක් සමඟ යම් අදාළ ගිවිසුමක් අස්සන් කර ඇත්නම් ඒ රටට එම රණවිරුවා පිටුවහල් කරන්න පුළුවන.

(ඇ). ඒ රට රෝම ප්‍රඥප්තියට අස්සන් කර ඇත්නම් එම රණවිරුවාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන.

මෙසේ යම් කෙනකුට විරුද්ධව යුද අපරාධ/අතුරුදන් සාක්‍ෂි අඩංගු වාර්තා තිබේ නම් මෙම ප්‍රඥප්තියට අස්සන් කළ රටවල් 53න් ඕනෑම රටක් එම රණවිරුවාව ඉල්ලා සිටියහොත් එවන් කෙනෙක්ව එම අදාළ රටට පිටුවහල් කිරීමටද රජය බැඳී සිටී.

දැන් රණවිරුවා දංගෙඩියට යැවීම නමැති මිනී පෙට්ටියේ අන්තිම ඇණය වනුයේ මා පෙර සඳහන් කළ අපරාධ පිළිබඳ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි. වර්ෂ 2002දී අනුමත කර ඇති මෙම පනතට සංශෝධන ගණනාවක් එකතු කරමිනුයි පනත ඉදිරිපත් කර ඇත්තේ. මුල් පනතට අනුව අපරාධ සම්බන්ධ විස්තර, තොරතුරු, සාක්‍ෂිකරුවන් යනාදිය සම්බන්ධ තොරතුරු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සහ ලංකාව සමඟ අදාළ ගිවිසුමක් අස්සන් කර ඇති රටවල් සමඟ හුවමාරු කරගත හැකිය. ඊට අතුරුදන් වීම් යනාදිය ඇතුළත්ව නොතිබිණි. නමුත් මෙම නව පනතට අනුව ඉහත රටවලට අමතරව ලංකාව යම්කිසි අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තියක් අස්සන් කොට නැත්නම් එම ප්‍රඥප්තියට අස්සන් කළ අන් සියලුම රටවල්ද අයත් වේ. එපමණක් නොව ලෝකයේ යම්කිසි අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානයක් වේද ඒ සංවිධානද අයත් වේ. ඒ අනුව බලන විට ජාත්‍යන්තර යුද අධිකරණයටද අපේ රණවිරුවකු සම්බන්ධ තොරතුරු, සාක්‍ෂි, වාර්තා යනාදිය සෘජුව ඉල්ලිය හැකිය.

මෙහි මධ්‍යම බලධාරියා වනුයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. සංශෝධිත පනතට අනුව සියලුම විදේශීය රටවල් සහ අදාළ සංවිධාන අපරාධ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු වාර්තා මධ්‍යම බලධාරියාගෙන් ඉල්ලා ලබා ගත හැකිවේ. තවද මෙම පනත යටතේ විදේශීය රටකින් එවන ලිඛිත සාක්‍ෂි අපේ අධිකරණයේ පිළිගත හැකි සාක්‍ෂි බවට පත්වන අතර විදේශ රටක සිට වීඩියෝ තාක්‍ෂණය මඟින් ලබාදෙන සාක්‍ෂිද පිළිගනී. එසේම එම මධ්‍යම බලධාරියාට තමා වෙනුවෙන් කටයුතු කිරීමට නිසි බලධාරියකු ද (ජේ‍යෂ්ඨ සහකාර ලේකම් ධුරයට පහළ නොවූ) පත් කළ හැකිය. ඕනෑම රටකින් මෙම නිසි බලධාරියාගෙන් විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලූවිට මධ්‍යම බලධාරියාට ‘පිටපතක්’ යවා වහාම එම තොරතුරු අදාළ රටට ලබාදීමට ඔහු බැඳී සිටී. මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම නිලධාරීන් මෙහි ‘රහස්‍ය භාවය’ රැකිය යුතු අතර එය කඩකොට වරදකරුවන තැනැත්තා ඉහළ උසාවියෙන් රුපියල් මිලියන 5ක උපරිම දඩයකට ලක්වේ. ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ යන නීතිය එබැවින් මෙහි කටයුතුවලට අදාළ වන්නේ නැත.

මේ අනුව බලන කල ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අස්සන් කළ සියලුම රටවලට අතුරුදන් වීම් සම්බන්ධ චෝදනා ලැබ සිටින (පෙර කියූ පරිදි බොහෝ විට සාවද්‍ය සාක්‍ෂි මත) සියලුම පුද්ගලයන් සම්බන්ධව ‘අධිකරණ’ බලය ලැබේ. එවන් ඕනෑම රටකට එවන් චූදිත රණවිරුවකුව තම රටට පිටුවහල් කරගෙන අත්අඩංගුවට ගෙන නඩු අසා දඬුවම්ද කළ හැකිය.එම රට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු නම් එසේ තම රටට පිටුවහල් කරගත් හෝ තම රටේදී අත්අඩංගුවට ගත් අපේ රණවිරුවා තමාගේ රටේ පුරවැසියකු මෙන් සලකා ඔහුව ජාත්‍යන්තර යුද අධිකරණයට භාරදිය හැකිය. එසේ නම් අතුරුදන් කාර්යාලයෙන් බොරු සාක්‍ෂි ගොනු කොට දඬුවම් කිරීම සඳහා බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කොට එයට වඩාත්ම පහසුකම් සහ එහි පරිචය ප්‍රසාරණය කිරීම සඳහා මෙම අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනත ගෙනැවිත් තිබේ.ත්‍රස්තවාදීන් සමඟ දිවි පරදුවට තබා සටන් කරමින් සමස්ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදුන් රණවිරුවා වර්තමාන රජය ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාම නින්දිත ලෙස පාවාදී ඇත්තේ එසේය.

මේ අනුව බලන කල අප රට තුළ ස්ථාපිත කිරීමට යෝජනා වූ සහ ජනතා විරෝධයට ලක්වූ ‘දෙමුහුන් අධිකරණය’ එනම් විදේශීය විනිසුරුකරුවන්ගෙන් සමන්විත අධිකරණයක, අවශ්‍යතාවක් පැනනොනඟී. බෙදුම්වාදීන් දැන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේද එබැවිනි. මන්ද එවන් (බොරු) චෝදනාවකට ලක්වූ රණවිරුවෙක්ව මේ පනත මඟින් විදේශීය අධිකරණ බලයට යටත් කොට ඇති නිසාය. රණවිරුවකුට පිටරටකට නඩු ඇසීම සඳහා පිටුවහල් කළ හැකි නීති තිබේ නම් මෙරට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කරන්නේ කුමකටද?

දේශහිතෛෂී කණ්ඩායමක් මෙම අවසාන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර එයට පෙනී සිටියේ කවදත් දේශයට ආදරය කරන මෙවන් නඩුවලට නොමිලයේ පෙනී සිටින මනෝහර ද සිල්වා ජනාධිපති නීතිඥතුමාය. ඉතා දක්‍ෂ ලෙස මෙම පනතේ තිබෙන ‘රණවිරුවා පාවාදීමේ’ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කළ පසු ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත්තේ එහි සඳහන් සමහර වගන්ති රටේ ව්‍යවස්ථාවට පටහැණි බවයි. කථානායකතුමා එය කෙසේ ක්‍රියාත්මක කරන්නේදැයි අපි බලා සිටිමු.

රණවිරුවා සහ රට පාවා දෙන සියලු අණපනත්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ මහජනතාවයි. ඒ ඔවුන් රණවිරුවන්ට කෘතවේදී නිසාය. කෘතවේදීත්වය පළමුවෙන්ම ලොවට පෙන්වා දුන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේය. කෘතවේදීත්වය නොදන්නා පාලකයන් වෙත්නම් ඒ අයට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
http://www.colombotoday.com/sarath-weerasekara-2018-7-22/

තෙල්දෙණියේ ගැටුමෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසකයෝ ටිකක්

මීට මාස කිහිපයකට ඉහතදී මහනුවර, තෙල්දෙණියේ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා නගා අත්අඩංගුවට ගෙන ඇත්තේ “අහිංසකයෝ ටිකක්” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

මේ පිළිබඳව මහනායක හිමිවරු දැනුවත් කිරීමට පියවර ගත් බවත්, අගමැති සහ ජනාධිපති මේ පිළිබඳව දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත් සදහන් කර සිටි ඒ හිමියෝ රටේ විවිධ ස්ථානවල ඇතිවූ ගැටුම්වලදී ඒ සෑම තැනකම මුලින්ම ගැටුම් ඇති කර ඇත්තේ මුස්ලිම් පාර්ශවය බව අවධාරණය කර සිටියා.

මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු එකතුවී එක් සිංහලයෙක් මරා නොදැම්මානම් මේ කිසිදු සිද්ධියක් ඇති නොවන බවත් එයට මැදිවූ අහිංසකයන් අල්ලා සිරකිරීම විනා හේතුව සොයා පිළියම් යෙදීමක් අදටත් දක්නට නොලැබෙන බව පසුගියදා බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා.

http://www.colombotoday.com/gnanasara-thero-theldeniya-2018-7-16/

ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදයෙන් කාන්තා නිදහසට තර්ජණ – ඉස්ලාමය හැරගිය අයගේ සංගමය

මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තාවන්ගේ සාමාජයීය නිදහසට තර්ජන එල්ල කරමින් පවතින බව ඉස්ලාමය අතහැර ගියවුන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබදව ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

වියාප්ත වෙමින් පවතින ඉස්ලාමීය මූලධර්මවාදය කාන්තා නිදහසට බලපෑම් කරන්න වෙරදරයි

ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව තුළ ඉස්ලාමීය මූලධර්මවාදය වියාප්ත වෙමින් පවතින මෙම කාලයේ අර්බුධකාරී ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතී. මෑත සිදුවීම් දෙකක් මෙයට කදිම නිදසුනකි.

පළමු සිද්ධිය මාසයට පෙර මුස්ලිම් කාන්තා පුණ්යාධාර සංවිධානයක් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී, කාන්තාවන් නර්තනයේ යෙදන විඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය හරහා පැතිරීමත් සමග ඇති වූ මතභේදයයි. මූලධර්මවාදීන් එය ගැටළුවක් බවට පත්කරනු ලැබුවේ එම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයාටද නිල වශයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කිරීමට සිදුවීම දක්වා දුර දිග ගෙන යාමෙන්ය.

දෙවන අවස්තාව පසුගිය සතියේ කොළඹ පෞද්ගලික වාණිජ පාසලක් විසින් සංවිධානය කරන ලද තවත් පෞද්ගලික සංස්කෘතික උත්සවයකදී තවත් අහිංසක මුස්ලිම් ගැහැණු ළමයෙක් බැලූන නර්තනයක යෙදී සිටින වීඩියෝ සහ පින්තූර සමාජ මාධ්‍ය හරහා මතු විය. නැවතත් වැඩෙන්නා වූ මූලධර්මවාදී කොටස් නැවතත් ක්‍රියාවට නැඟී ඇගේ ක්‍රියාකලාපය වෙනුවෙන් ඇය සහ ඇගේ පවුල අපකීර්තියට පත් කිරීමට සහ ජන සමාජයේ ගෞරවය ආරක්ෂා කිරීමට අසමත් විය යයි චෝදනා කරන්න පටන් ගත්හ.

ශ්‍රී ලංකාවේ හිටපු මුස්ලිම් මණ්ඩලයේ අපි මේ රටේ කාන්තා නිදහස සීමා කිරීමට දරන ඕනෑම ප්‍රයත්නයක්ම දැඩිව හෙළා දකින අතර, අප මෙම අගතියට මුහුණු දුන් මුස්ලිම් ගැහැණු ළමයින් , කාන්තාවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග මෙම මොහතේ එක්ව රැදී සිටිමින් මුලධර්වදීන්ගේ මෙම උත්සාහයන් පරාජය කිරීමට කටයුතු කරන බවට අවධාරණය කරන්නෙමු.

Colombo Today

තුන්ඩුවක් අතේ තියාගෙන මුසලු ව්‍යාපාරිකයා පුත්තලමෙ තවත් වන සංහාරය – මුසලු ග්‍රාම නිලධාරියා සහ රාජ්‍ය නිලධාරින් මුණිවත රකී.





‘‘මේ කරලා තියෙන හානිය සුළු පටු නැහැ සහගහන අපරාධයක් කරලා තියෙන්නෙ.’’

‘‘ගස් කොළන් විතරක් නෙමෙයි මාළු ටිකත් ඉවරෙටම ඉවරයි’’ මෙසේ අදෝනා කරන්නේ කව්රුන්ද? කුමකටද? යන්න කීමට මත්තෙන් සිදුව ඇති කතාවේ ඇතුළාන්තයට එබිකම් කිරීමට දිණමින අපි ගමන් ආරම්භ කළෙමු.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති සුන්දර වූ මී ඔය අතු ගංඟාවට යාබදව පිහිටි රජය සතු ඉඩමක් පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් පොල් වගා කීරීමට මුවාවෙමින් සංවිධානාත්මකව සිදුකර ඇති දැවැන්ත වන සංහාරයක් පිළිබදව එහි ගිය අප කැමරා කාචයේ සටහන් විය.
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ 5 කණුව නැමති ප්‍රදේශයේ පිහිටි අක්කර 4ට ආසන්න මෙම රජය සතු ඉඩම අදාළ ව්‍යාපාරිකයා අත්පත් කර ගැනීමෙන් පසු බල පත්‍ර සෑදීමටත් මත්තෙන් බල පත්‍රයට අයඳුම් කල බවට ලබා දෙනු ලබන ලිඛිත අවසර පත්‍රය සන්ථකයේ තබා ගනිමින් අදාල පුද්ගලයා කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කරන්නේ ඔය අතරතුරය.


අදාළ ව්‍යාපාරිකයා

එහිදි අදාළ ව්‍යාපාරිකයා තම ධන බලය අයුතු ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ වදවී යාමේ තර්ජනයට මුහුණපා අති දැවැන්ත බක් මී නැමති දේශිය ඖෂධිය ශාක ඇතුළු තවත් කඩොලාන ගණයට අයත් යැයි පැවසෙන තිල්ල හෙවත් තෙල ශාක ඇතුළු තවත් වටිනා ශාක රැසක් මෙන්ම පරිසරයේ සුන්දරත්වය විදහාපාන මී ඔය අතු ගංඟාව යාබදව පිහිටා තිබූ ජලජ ශාක රැසක් ඉවක් බවක් නොතකා ඩෝසර් යන්ත්‍රය ආධාරයෙන් තල්ලු කර මී ඔය ජල පෝෂක අතු ගංඟාවක් සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි වසා දැමීමට ක්‍රියා කර ඇති බවට අදාළ වසම භාර පුත්තලම ප්‍රාදේශිය සභා මන්ත්‍රී රාමනාදන් මහතා සහ වෙප්පමඩුව කොට්ඨාශය භාර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රවී කුමාර් මහතා අදාළ ව්‍යාපාරිකයාට සහ රජයේ වග කිව යුතු බලධාරින්ට තරයේ චෝදනා කරති.

අදාළ ව්‍යාපාරිකයා 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසම භාර ග්‍රාම නිලධාරි වරයාගේ අනුදැණුම මත මෙම අනෝමතික වන සංහාරය සිදුකල බවයි අදාළ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විටත් මී ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් වන මී ඔය අතු ගංඟාවේ ගලා බසින ජල පහර සම්පූර්ණයෙන් අවහිර වන පරිදි කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍රය යොදා තල්ලු කරන ලද දැවැන්ත වනස්පතීන් දමා වැසීම හේතුවෙන් අදාළ අතු ගංඟාවේ ජෛව විවිධත්වය පමණක් නොව එහි වාස භූමියක් බවට පත්කර ගෙන සිටි විශාල මත්ස්‍ය සම්පත මේ වන විට ශීඝ්‍රයෙන් මිය යාමට පටන් ගෙන ඇති බව මනාව හෙළිදරව් විය එයට හේතුව අදාළ මීය ආශ්‍රිතව දෛනිකව බිලි බාමින් මසුන් අල්ලන්නන් කියා සිටින්නේ නිදහසේ ගලන ජල පහර මෙලෙස සම්පූර්ණයෙන් අවහිර වන පරිදි ඇළ මාර්ගය අවහිර කිරීම නිසාවෙන් මත්ස්‍යයින්ට නිදහසේ ගමන් කිරීමට ඇති ඉඩ ප්‍රමාණය අවහිර වීමත්, තැනින් තැන රැදී ඇති ජලය තුළ ඔවුන්ට රැදී සිටීමට ඉඩ ප්‍රස්ථාව ප්‍රමාණවත් නොවන බවත්, පවතින අධික අව් රශ්මිය නිසාවෙන් ජලය සීඝ්‍ර ලෙස රත්වීම වැනි කරුණු හේතු කොට ගෙන මත්ස්‍යයින් මෙලෙස මිය යාමට ලක්වන බවයි.

එපමණක් නොව අදාළ ව්‍යාපාරිකයා තමන්ට රිසිසේ මෙවන් වන සංහාරයක් සිදුකරන තුරු වසම භාර ග්‍රාම නිළධාරි වරයා මුණිවත රැක්කේ කුමණ අරමුණක් පදනම් කර ගෙන දැයි විමතියට මෙන්ම පුදුමය දනවන කරුණක්ව ඇති බවයි අදාළ මන්ත්‍රීවරු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙහිදී ඔබට මෙසේ තීරණය කිරීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව තිබේ ඒ වෙනයම් කව්රුවත් නොව වන සංරක්ෂණ නිළධාරන් මේ බව සොයා බැලීමෙන් බැහැරව සිටිනවාද යන්නය. එය අප හට සෘජුව ඔවුන්ට කිසිසේත් චෝදනා කල නොහැකිය තරම්ය. මන්ද අදාළ නිලධාරින් සුළු පිරිසකට විශාල වපසරියක් භාරව තිබීම ප්‍රධාන කරුණක්ව තිබේ. රාජකාරි ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් නිළධාරින් නොසිටීම නිසාවෙන් මුහුණු සහයක් අත් දොළසක් ඇති කතරගම දෙවිදු වෙස් ගැනීමට ඔවුන්ට සිදුවන අවස්ථා අනන්ත අප්‍රමාණය. මන්ද ඔවුන්ට රාජකාරි එමටය එක් පසෙකින් කඩොලාන සම්පත නිරන්තරයෙන් නා රජෙකු මැණිකක් රකින්නා සේ ඔවුන්ට රැකීමට සිදුව තිබෙන්නේද සංවිධානාත්මක සොර කල්ලි විසින් නිරන්තරයෙන් කඩොලාන පරිසරයට වින කැටීමේ ක්‍රියාන්විතය සූක්ෂමව ආරම්භ කර තිබීම නිසාවෙනි එවැනි හේතු නිසාවෙන් ඔවුන්ට ඉස්පාසුවක් නැති තරමට රාකාරි බහුලය

එපමණක් නොව මෙවන් රජය සතු ඉඩම් යම් කිසි සංවර්ධන කටයුත්තක් සදහා ලබා දෙන්නේ නම් අදාළ විෂය පතය භාර වසමේ ග්‍රාම

නිළධාරි වරයා එය විධිමත් ලෙස මනා අවබෝධයකින් පරික්ෂණයක් සිදු කර එම ස්ථානය ලබා දීමට සුදුසුදුද නුසුදුසුද යන වග ප්‍රාදේශිය ලේකම් වරයාට දැණුවත් කල යුතුය එම නිසවෙන් කැකිල්ලේ නඩු තීන්දුවට සමාන තීන්දු තීරණ ගෙන අවලාද අපහාස ප්‍රාදේශිය ලේකම්ට කිවීම කිසිසේත් සිදු නොකල යුතුයැයි මෙහිදී අපට වැටහින.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී පුත්තලම ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්.රවී කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“සෑම වසරකම පුත්තලම මනල්තිව් වසමේ සේවන්තිව් කියන ගම්මානය සම්පූර්ණයෙන්ම ගං වතුරට යට වෙනවා ඒකට හේතුව තමා මේ මී ඔය ඉස්සන් ගොවිපල් හිමියන් පුද්ගලික ඉඩම් හිමියන් ස්ථාන කිහිපයකින්ම අවහිර කරලා තියෙනවා. ඉතිං මේ සැරේ මේ විදයට මී ඔය ඩෝසර් වලින් ගස් තල්ලු කරලා අවහිර කරලා දැම්මා කියන්නෙ. වැසි කාල වලදී පස් හේදිලා ඇවිල්ලා කපලා දාලා තියෙන ගස් වල රැදුනාම සම්පූර්ණයෙන්ම ජලය ගමන් නොකර හරස් වෙනවා. එතකොට වෙන්නෙ අසරණ ජනතාව ගංවතුරට යටවෙන එක නෙමෙයිද? ඒ විතරක් නෙමෙයි මම දැන් මෙහෙ මන්ත්‍රී වෙලා මාස තුනක් විතර වෙනවා මම අන්ත අසරණ ඉන්න හිටින්න බිම් අඟලක්වත් නැති පවුල් 80ක් විතර පර්චස් 10ක පොඩි ඉඩම් කෑල්ලක් ඉල්ලලා ඔවුන්ට ඉල්ලීම් ලිපි දෙන්න කිව්වා ග්‍රාම සේවකට එයා කියනවා කොහෙ තියෙන ඉඩම්ද කියලා අහනවා. එතකොට මේ වගේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට පොල් හිටවන්න අක්කර ගණන් දුන්නෙ ග්‍රාම සේවක ගෙදරින් ගෙනාපු දේපල වලින්ද කියලා අහන්න හිතෙනවා. අද මිනිසුන්ට ඉන්න තැනැක් නැතුව මිනිස්සු කුලී ගෙවල් වල කොච්චර ඉන්නවද ඒ මිනිස්සුන්ට දෙන්න බිම් අඟලක් නැහැ කියද්දි මෙව්වා දීලා තියෙන්නෙ කොහොමද?”

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අදාළ ඉඩම් හිමි පුද්ගලික ව්‍යාපාරිකයාගෙන අප සිදුකල විමසුමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

අප ලබා දුන් සෘජු ප්‍රශ්ණය ඔබ තුමාට ඔප්පුවක් තිබෙනවාද? “නැහැ මම පෝමිට් එකට ලියලා දැන් මාස දෙකක් තුනක් ඇති මට තාම පෝමිට් එක හම්බුනෙ නැහැ. ඒක කුරුණෑගලට යවලා තියෙන්නෙ. ඒ.ජී. ඔෆ්ෆිස් එකෙන් පෝමිට් එකට ලියලා දාද්දි දුන්න තුන්ඩු කෑල්ලක් මම ලඟ තියෙනවා. ජී.එස්. මහත්තයා කිව්වා මේක සුද්ධ කරලා පොල් දාන්න කියලා.”

ඩෝසර් කරද්දි වසමේ ග්‍රාම නිළධාරි වරයා බලන්න පැමිණියද? ඒ වෙද්දි අදාළ ඇළ වහලා තිබ්බා නේද? ඒක වහලා තියෙන්නෙ ඇයි කියලා ඔයාගෙන් ග්‍රාම නිළධාරි වරයා ප්‍රශ්ණ කලේ නැද්ද?

“ඔව් ජී.එස්. මහත්තයා අවා ඇවිල්ලා බැලුවා ඇළ වහලා තියෙන එක ගැන කමක් නැහැ කිව්වා මට මුකුත් කිව්වෙ නැහැ ඉක්මණට සුද්ධ කෙරුවෙ නැත්නම් ඉඩම දෙන්නෙ නැහැ කියලා කිව්වා. සුද්ධ කරලා මට පොල් දාන්න කිව්වා.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් 606 මනල්තිව් වසම භාර ග්‍රාම නිළධාරි වරයාගෙන් දුරකථනය ඔස්සේ කල විමසුමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

ග්‍රාම නිළධාරි තුමා අර 5 කණුවෙන් පුද්ගලයෙකුට ඉඩමක් දීලා තියෙනවා නේද? ඔව්…ඔව්…

ඒකෙ ග්‍රාම නිළධාරි තුමා එයා මී ඔය අතු ගංඟාවක් වහලා තියෙනවා සම්පූර්ණවම එතකොට ඒ සම්බන්ධයෙන් ඔබ තුමා බැලුවද මී ඔය වහලා කියලා….

ග්‍රාම නිළධාරි

බැලුවා….බලන්න ඕනෙ අද ජංගම සේවෙ තියෙනවා හවස බලන්න ඕනෙ.

ඒකට තාම බල පත්‍ර දීලා නැහැල්ලු ඒ ඉඩම් හිමියා කියනවා බලපත්‍රයට අයඳුම් කරද්දි ලබා දෙන රිසිට්පතක් විතරයි දීලා තියෙන්නෙ කියලා. ඒ රිසිට් එක දීලා තියෙද්දි ඔබ තුමා ඇවිල්ලා බැලුවාලු සුද්ධ කරද්දි. එහෙම රිසිට්පතක් දීලා සුද්ධ කරන්න බැහැ නේද?

මට බලන්නෙ නැතුව මුකුත් කියන්න බැහැ. ඒ ඉඩමට බලපත්‍ර තියෙනවද නැද්ද කියලා මිනිහගෙන් අහන්න ඕනෙ.

නැහැ ඒ පුද්ලයා කියන්නෙ ඔබ තුමා දීලා තියෙන්නෙ ඔබ තුමාගෙ සේවා කාලයෙ කියලා එහෙනම් ඔබ තුමා දැනුවත්වනෙ දීලා තියෙන් ඕනෙ නේද? බලමුකො මම අහලා කියන්නම්. (දුරකථනය අදාල ග්‍රාම නිළධාරි වරයා විසන්ධි කරන ලදි)

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී අදාළ වසම භාර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රාමනාදන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මම ග්‍රාම නිළධාරි වරයාගෙන් මේ සම්බන්ධව විමසීමක් කලා මොකද මේ සිද්ධිය මගෙ කොට්ඨාශයෙ වෙලා තියෙන නිසා මම ඇහැව්වා ඇළ මාර්ගය වහලා තියෙනවා ඔබ තුමා බැලුවද කියලා එයා කිව්වෙ මට අදාළ පුද්ගලයට බල පත්‍ර තියෙනවා කියලා. එයා කියනවා අපි නිරික්ෂණය කරලා බැලුවා එහෙම ඇළ වහළා නැහැ කියලා. මම ඇහැව්වා බල පත්‍රය අදාල ඉඩම හිමියා ලග තියෙනවද කියලා ග්‍රාම නිළධාරිවරයා පවසා සිටියේ ඉඩම් හිමියා ළඟ ඉඩමට අදාල පැරණි බල පත්‍රයක් ඇති බවයි.”

මේ පිළිබදව සොයා බැලීමේදී මනාව හෙලිදරව් වන්නේ අදාළ ග්‍රාම නිළධාරි වරයා දෙබෙඩි පිළිවෙතක් අනුගමනය කරනව නොවේද? රාජ්‍ය පරිපාලනයේ වගකිව යුතු තනතුරක් හොභවන්නෙකු ලෙස මෙලෙස වැනෙන සුළු වචන භාවිතා කිරීම තනතුරටවත් ගැලපෙන්නේදැයි ඔබට තීරණය කිරීමට පහසුවෙන් පුළුවන. මන්ද දේශපාලන අධිකාරිය කල විමසුකදී පවසන්නේ එකකි මාධ්‍ය කල විමසුකදී පවසන්නේ තවත් එකකි. බලන කල අදාළ ග්‍රාම නිළධාරි වරයා හතර බිහිරි කතා ගොතන්නට උපන් හපන් යැයි කිවහොත් එය නිවැරදි නොවේද?

සටහන සේයා රූ
පුත්තලම ප්‍රියංකර කළුපහන

Colombo Today

TNA කියන්නේ බොරු. ප්‍රශ්න ඇත්තේ සුළු ජාතියට නොව මහ ජාතියටයි – වෛද්‍ය රාමසුන්දරම්

ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන සේවාවන් කිසිවක් උතුරේ දේශපාලකයන් සිදු නොකරන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා.

උතුරේ ජනතාවගේ ජලය, රැකියා ලබාදීම ආදී යටිතල පහසුකම් සැපයීම ඇතුළු දේශපාලන නායකයන් විසින් සිදුකල යුතු සියලු දේ හමුදාව විසින් ලබා දෙන බවත්, පොදු ජනතාව හමුදාව වටා එකතුවීම හේතුවෙන් සිංහල නායකයන් උතුරේ බිහිවෙතැයි ප්‍රදේශයේ දේශපාලකයන්ට බයක් තිබෙන බවත් සඳහන් කර සිටි ඒ මහතා තමන් ද්‍රවිඩ නායකයකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට මේ සිදුකරන සේවය පිළිබඳව ස්තූතිය පලකරන බවත් සඳහන් කර සිටියා.

නැවත පදිංචි කිරීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයෙන් හමුදාව යා යුතු බවට උතුරේ දේශපාලකයන් චෝදනා කරන නමුත් හමුදාව උතුරෙන් යැවුවොත් උතුරත් ඉවර වෙන බව රාමසුන්දරම් මහතා ප්‍රකාශ කර සිටියා. මුලික මිනිස් අවශ්‍යතා නොමැතිනම් ඕනිම ජන කොටසකට ප්‍රශ්න ඇති වන බවත් උතුරේ දේශපාලකයන් ත්‍රස්තයන් බවත් එම ප්‍රදේශයේ ජනතාව හමුදාවට දෙවියන්ට සේ සලකන බවත් අවධාරණය කර සිටියා.

සම්බන්දන් ඇතුළු දේශපාලකයන්ට ඇවිල්ලා කොළඹ ඉඩම් ගන්න පුලුවන්නම්, සිංහල ජනතාවටද ඒ අයිතිය උතුරේ තිබිය යුතු බව සඳහන් කර සිටි වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා කිලිනොච්චියේ පන්සල් හදන්න එම ප්‍රදේශයේ දේශපාලකයන් ඉඩ ලබා නොදුන්නද දකුණේ ඕනෑම තැනක කෝවිල් හදන්න සිංහලයෝ ඉඩ ලබා දෙන බවත් ඒ සඳහා උදව් කරන බවත් සඳහන් කර සිටියා.


උතුරු නැගෙනහිර අද වෙන තුරු සිංහල මන්ත්‍රීවරයෙකු බිහිවී නොමැති බවත් ලංකාවේ හැමතැනම දෙමල මන්ත්‍රීවරු බිහිවී ඇති බවත් යාපනයේ විශ්වවිද්‍යාලයෙන් අද වෙනතුරු සිංහල වෛද්‍යවරයෙක් බිහිවී නැති බවත් යාපනයෙන් ඇවිල්ලා අනෙක් විශ්වවිද්‍යාලවල ඉගනනගෙන වෛද්‍යවරු වූ දෙමල ජාතිකයන් ඔනෑතරම් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියා. ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් 9 දෙනෙකු දෙමල ජාතිකයන් බවත්, දකුණේ දේශපාලකයන් ඔවුන්ව උතුරට පන්නා නොදමන බව ප්‍රකාශ කල ඒ මහතා සුළු ජාතියට ප්‍රශ්න ඇති බව දෙමල ජාතික සන්ධානය පැවසුවද ප්‍රශ්න ඇත්තේ මහ ජාතියට බව ප්‍රකාශ කර සිටියා.

මහබැංකුවේ අධිපති වී සිටියේත් සිටින්නේත් ද්‍රවිඩ ජාතිකයන් බවත්, විපක්ෂ නායක තනතුර පවා දෙමල ජාතියට හිමිවී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති ඇතුළු ඉහල තනතුරුවල ද්‍රවිඩයන් සිටින බවත්, උතුරේ දේශපාලකයන් ජාතිවාදය කතා කිරීම සාධාරණ නොවන බවත් රාමසුන්දරම් මහතා සඳහන් කර සිටියා. මෙම තත්වය ජනතාව තේරුම් ගෙන ඇති බැවින් TNA එකට ඉදිරි මැතිවරණවලදී ජනතාව පිළිතුරු දෙනු ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

Colombo Today

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

බදුල්ල ප්‍රදේශයේ සෙල්ලම් බඩු වෙළඳසලකි. කලකට පෙර ආරම්භ වූ මෙම වෙළඳසල කෙටි කලකින් බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ තිහේ කඩේ ලෙසය. වඩාත්ම කුඩා දරුවන් අතරය. මීට හේතුව වූයේ රු 30 සිට මිලදී ගත හැකි සෙල්ලම් බඩු මෙම වෙළඳසලේ ඇති නිසාවෙනි.බොහොමයක් කුඩා දරුවන් මෙම කඩයට ඒම පුරුද්දක් වශයෙන්ද කරගනු ලැබූවකි.ඒ අන් කිසිවක් නිසා නොව සෙල්ලම් බඩු වලට දරුවන් තුළ ඇති කැමැත්ත නිසාවෙනි.

පසුගිය සෙනසුරාදා දිනයේදී කුඩා දරුවන් දෙදෙනෙකු මෙම වෙළඳසලට පැමිණ තිබේ.දෙදෙනාම 13 හැවිරිදි පාසලේ 8 ශ්‍රේණියේ ඉගනගනු ලැබූ දරුවන්ය.මෙම දරුවන් දෙදෙනා එහි යන මොහොතේ වෙළඳසලේ යම් කලබලයකි.මීට හේතුව වී ඇත්තේ අදාළ මුස්ලිම් වෙළඳසල් හිමියාගේ ජංගම දුරකථනය අස්ථානගතව තිබීමියි.කෙසේ හෝ මෙයට වෙළඳසල් හිමියා සහ සේවකයන් අදාළ කුඩා දරුවන් දෙදෙනා සැකකොට ඇත.

“ඇත්ත කියපල්ලා.. උඹලා නේද ෆෝන් එක ගත්තෙ..?” යැයි කියමින් කඩේ සිටි හැඩිදැඩි සේවකයන් කිහිපදෙනෙකු මෙම දරුවන් බියගන්වා ඇත.කෙසේ හෝ දරුවන් දෙදෙනා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ අනේ අපි ගත්තේ නෑ..මේ ඇත්තමයි කියන්නේ යනුවෙන් දහඅතේ දිවුරමින් හඬමිනි.

කෙසේ නමුත් යක්ෂාවේෂ වී සිටි මුස්ලිම් ව්‍යාපාරිකයා මෙය පිළිගෙන නැත.පසුව අසළ ත්‍රීවිල්පාක් එකක සිටි රියදුරන් කිහිපදෙනෙකුද කැඳවා ගත් මෙම ව්‍යාපරිකයා කුඩා දරුවන් දෙදෙනාම ව්‍යාපාරික ස්ථානයේ ඉහළ මාලයකට රැගෙන ගොස් තිබේ.

පසුව “ඇත්ත කියපල්ලා… නැත්තං මේකෙන් පහලට තල්ලු කරනවා..” යැයි පවසමින් මෙම දරුවන් දෙදෙනා බියගන්වා ඇති අතර, දරුවන් දෙදෙනා මරලාතෝනි දෙමින් තමා ජංගම දුරකථනයක් නොගත් බව පවසා ඇත.

මෙයද නොපිලිගත් අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයා දරුවන් දෙදෙනා අතට පිහියක් දෙමින් පවසා ඇත්තේ උඹලා ගත්තෙ නැද්ද?.. හා එහෙනම් ඒක ඔප්පු කරපල්ලා… ගත්තෙ නැත්තං මේ පිහියෙන් අත කපා ගනිල්ලා..” යනුවෙනි.

බියට පත්වූ කුඩා දරුවෙක් පසුව අත කපාගෙන ඇත.කෙසේ නමුත් කැපී ඇත්තේ අතේ ප්‍රධාන නහරයකි.පසුව එම දරුවා ක්ලාන්ත වී ඇති අතර බියට පත්වූ වෙළඳසලේ හිමිකරුවා දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇත.කෙසේ නමුත් කැපී ගොස් තිබුණේ ප්‍රධාන ලේ නහරයක් වන නිසා දරුවා සැත්කමට භාජනය කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති අතර මෙය සුව වීමට කාලයක් ගතවනු ඇති බවද වෛද්‍යවරුන් පවසා තිබේ.

කෙසේ නමුත් සිද්ධියට සම්බන්ධ මුස්ලිම් වෙළඳසැල් හිමියා ඊයේ (23) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ..ඉකුත් (19) වැනිදා සිදුවූ මෙම සිද්ධියෙන් පසුව වෙළදසැල් හිමියා විසින් ළමයා රෝහල් ගත කර ළමයා විසින් සිය කැමැත්තෙන් අත කපා ගත් බවට පොලිසිය හමුවේ පැමිණිළි ද ගොනු කර තිබුණි.කෙසේ නමුත් මෙම ළමයාගේ දෙමාපියන් විසින් යළි පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව තුවාල ලත් සිසුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදි හෙළිකර ඇත්තේ වෙළඳසැල් හිමියා තමා අල්ලාගෙන පිහියක් අතට දි අත කපාගන්නට බල කළ බවය.

නෙත් ගොසිප්

Colombo Today

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි!

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක අධිකරණ 7න් 6කම සිටින්නේ මුස්ලිම් ජාතික විනිසුරුවරුන් බවත්, ඔවුන් පක්ෂග්‍රාහී ලෙස ජාතිවාදීව නඩු තීන්දු ලබා දෙන බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේනලය පවසයි.

එහි නියෝජිතයන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවූ අවස්ථාවේදී මේ බව සැලකර සිටියහ.

නඩු ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ මවුලවිලා හා හාජ්ජියාර්ලා විනිසුරු නිල කාමරවල සිට, විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන බවත්, දකුණේදී එවැනි සිදුවීම් කිසි දිනක වාර්තා වී නොමැති බවත්, නැගෙනහිර මව්ලවිලා එසේ කළද දකුණේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් එසේ නොකරන බවත්, එම නියෝජිතයන් නාහිමියන් හමුවේ පවසා සිටියේය.

මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සිංහල හා දෙමළ ජනතාව දැඩි අසාධාරණයට ලක්ව සිටින බවත්, ප්‍ර දේශයේ මුස්ලිම් ජාතික පොලිස් ස්ථානාධීපතිවරුන්ගේ ක්‍රියාකලාපයද ඉතාමත් ජාතිවාදී හා පක්ෂග්‍රාහී බවත්, හින්දු සම්මේලනය අවධාරණය කර සිටියහ.

මේ අතර, ස්වේච්චා ගුරුවරු බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ පවත්වා 590ක් බඳවාගෙන ඇති අතර එයින් 54 දෙනෙකු පමණක් දෙමල බවත් 46 දෙනෙකු සිංහල බවත් අනෙකුත් සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් බවත් හින්දු සම්මේලනය හඳුනාගෙන ඇති බවත් සිංහලයන් ජාතිවාදී යැයි චෝදනා කරමින් බලය ඇති තැන මුස්ලිම් දේශපාලකයන් සහ නිලධාරීන් ජාතිවාදී ලෙස හැසිරෙන බවත් නාහිමියන් හමුවේ සඳහන් කර තිබෙනවා.

Colombo Today

Sunday, June 17, 2018

විමුක්‌තිකාමී ධර්මද්වීපවාසී අප අද කළ යුත්තේ කුමක්‌ද?

පළමුව අප අපේ මවුබිමේ සුවිශේෂ පිහිටීම සිහියට නඟා ගත යුතුය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුද නාමය ලැබූ ලංකාවට සමාන දිවයිනක්‌ ලොව කිසිම කලාපයක නැත. වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වූ කුඩා දිවයිනක්‌ වුවද අඩි හත් දහසක්‌ තරම් උස පිදුරුතලාගල වැනි කඳු සහ ලෝක පූජිත සිරිපා සටහන සහිත සමනොළ කඳු වැනි සුවිශේෂ සුන්දර කඳු ඇත්තේද ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ලංකාද්වීපයේය. බුදු සිරිපා සටහන සහිත සමනළ කන්දට සම්බන්ධ කඳුවැටිය ගැන "සිංහලයේ කීර්ති රඳනා රන් සමනළ රක්‌ෂා කරනා සෙන්පති මුල වාගේ පෙනෙනා බෑණ සමනළ කුණු දිය පර්වත ගවරවිලේ මහ කන්දේ ඔද තෙජ මහසිහ රාජබැම්ම වාගේ එවැනි හෙළ මවුබිමේ උදාරත්වය පිළිබඳ ගැයෙන ගීතයන්ද ලියවී ඇත. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායකයාණන් වූ අමරදේවයන් විසින් ගයනු ලබන "සිරිපා පියුමේ රොන්සුණු විසිරේ නිවී පහන් වී ළය සැනහේ මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ බැන්ද වියන් සේ පුළුන්වළා පාවී යයි නිසංසලේ" වැනි ගීත පරිසරයේ සුන්දරත්වය හා පූජනීයත්වය ප්‍රකාශ කරන ගීතයන් වේ. බුදුන් වහන්සේට පිදූ දේශයේ පූජනීයත්වය සමඟ ලක්‌වැසි අප සැම නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණ දී ජාතික ආගමික සංස්‌කෘතික උරුමය රැකගන්නට සමත් වූ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක වීරයන්ගේ උදාරත්වයයි. විදේශ ආක්‍රමණ දහසයකට තබා විදේශ ආක්‍රමණ දහයකටවත් මුහුණ දී තම උරුමය රැක ගන්නට සමත් වූ සිංහලයන් වැනි ජාතියක්‌ ගැන ලෝකයේ කිසිම කලාපයකින් අසන්නට නොලැබේ. 

 සුවිශාල ඉන්දියානු අර්ධ මහාද්වීපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවලින් බුදු සසුන අතුගා දමන්නට කිල්ජීභක්‌තියාර්ගේ ඉස්‌ලාමීය හමුදාවන්ට හැකි වුවද ඉන්දියන් සාගර කලාපයකට යටත් කළ මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍යයට පවා ලංකාවේ බුදු සසුන හා උතුම් හෙළ බොදු සංස්‌කෘතික උරුමය විනාශ කළ නොහැකි විය. පුංචි ශ්‍රී ලංකාව යටත් කර අඩ සියවසක්‌ ගත වන්නට පෙර මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍ය බලය පරදවා රට දැය සමය සුරැකිව රැකගෙන ඉන්දියන් සාගර කලාපයට අයත් සියලුම ජනතාවන්ට විමුක්‌තිකාමී විජයග්‍රහණයේ ආදර්ශය ලබාදෙන්නට කීර්ති විජයබාවන් ප්‍රමුඛ සිංහල දේශප්‍රේමීන්ට හැකි වූ බව නීලකණ්‌ඪශාස්‌ත්‍රී වැනි ඉන්දියානු ඉතිහාසඥයින්ගේ පවා ප්‍රශංසාවට ලක්‌ වී තිබේ. පුලහFථ, භාහිය, පිලයමාර හා පණයමාර ආදී පස්‌මහ දෙමළ ආක්‍රමණිකයන්ගේ පටන් පොළොන්නරුව ලේ විලක්‌ බවට පත් කර රජරට යකුන් නැටූ පිටියක තත්ත්වයට පත් කළ කාලිංග මාඝ ආදී කිසිදු ආක්‍රමණිකයකුට රුවන්මැලි මහා සෑයේ කොත් කැරලි ගලවාගෙන ගියද ධාතු ගර්භය දක්‌වා චෛත්‍යය බිඳින්නට නොහැකි වූ නිසාම ධාතු කරඬු පැහැරගත නොහැකි විය. අනුරාධපුර මහමෙව්නාවේ ලෝක ප්‍රකට සමාධි පිළිමය හෝ බුදු හිමියන්ගේ මහා පෞරුෂය නිරූපිත අවුකන බුදු පිළිමය බිඳහෙළන්නට පරසතුරු ආක්‍රමණිකයන්ට නොහැකි විය. පොළොන්නරුව ලේ විලක්‌ කළ කුරිරු ආක්‍රමණිකයා වූ කාලිංග මාඝට පවා ලෝක ප්‍රකට ගල් විහාර පිළිම විනාශ කළ නොහැකි වූයේ ඒ ශේ්‍රෂ්ඨ උරුමය රකින්නට කැපවුණු දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක වීරයන්ගේ ආත්ම පරිත්‍යාගයන් නිසාය. ඉතිහාස යුග ගණනක්‌ තිස්‌සේ අවුකන පිළිමය වැනි ශේ්‍රෂ්ඨ නිර්මාණ රැක ගන්නට හැකි වූ නිසාම මහගමසේකර වැනි අපේ යුගයේ ගේය පද රචකයන්ට "ඉහළ නිල්වන් අහස විනිවිද නැඟෙන ඔබගේ යෝධ බදු බඳ මගේ කුදු බව පසක්‌ කරවයි" වැනි ගී ලියන්නට හැකි වූවා මෙන්ම "කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝ තලයේ" යනුවෙන් සිත් සනසන ගායනාවන් කරන්නට අමරදේවයන්ට හැකි විය. 

 මහියංගන හා කැලණි විහාරවල පටන් තිස්‌සමහාරාම, සේරුවිල මංගල මහා චෛත්‍යය, රුවන්මැලි මහ සෑ, අභයගිරි හා ඡේතවන චෛත්‍ය දක්‌වාත් දඹදෙණි, යාපහුව, කුරුණෑගල රිදී විහාර ආදී දාගැබ් පිළිම නිර්මාණ දක්‌වාත් මධ්‍ය කඳුකරයේ ගඩලාදෙණි, ඇම්බැක්‌කේ හා දෙගල්දොරු විහාර දක්‌වාත් අස්‌ගිරි, මල්වතු විහාර හා දළදා මාලිගාව දක්‌වා වූ ශේ්‍රෂ්ඨ නිර්මාණයන් රැකගෙන ලොවම ආකර්ෂණය කරන මහා පෙරහැර පැවැත්වීමට සිංහල බෞද්ධයන්ට හැකි වූයේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණදී සිංහලේ මහා සංස්‌කෘතික උරුමය රැක ගැනීම සඳහා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක මුතුන්මිත්තන් විසින් කරන ලද උදාර පරිත්‍යාගයන් නිසාය. ධර්මද්වීපවාසී අප හැම අද පළමුවම කළ යුත්තේ ඒ ශේ්‍රෂ්ඨ ලෝක උරුමයන් රැකගන්නට දිවිපිදූ කෝටි සංඛ්‍යාත උතුම් මුතුන්මිත්තන්ගේ උදාර ආත්ම පූජාවන් සිහිකරමින් ඉතිහාසගත ඒ ශේ්‍රෂ්ඨයන්ගේ ආදර්ශය අනුව ඉදිරියට යන්නට අධිෂ්ඨාන සහගත වීමයි. ඉස්‌ලාම් ආක්‍රමණිකයන්ට මුහුණදී තම උතුම් උරුමය රැකගන්නට මැලේසියානු බෞද්ධයන්ට හා ලොව ලොකුම දුපත් රාජ්‍යය වූ ඉන්දුනීසියාවේ කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ට නොහැකි වුවද ශත වර්ෂ එකහමාරක්‌ තරම් වූ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් හෝ මිෂනාරි අධ්‍යාපනයෙන් අතිමහත් සිංහල බෞද්ධ බහුතරය වෙනස්‌ කළ නොහැකි විය. අවුරුදු සියයකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ නැවත නැවතත් කළ උඩරට ආක්‍රමණ මගින් සිංහලේ ජනගහනයෙන් තුනෙන් පංගුවක්‌ ඝාතනය කිරීමට කාලතුවක්‌කුකාර ලෝක බලවතා වූ පෘතුගිසීන්ට හැකි වුවද සිංහලයන් සියයට දහයක්‌වත් කතෝලක ආගමට හරවා ගන්නට කුරිරු පරංගි බලයට නොහැකි විය.

 ඉංගී්‍රසි ඉගෙන ගන්නට හා අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් තාන්නමාන්න ලබා ගැනීම සඳහා එංගලන්ත සභාව, මෙතෝදිස්‌ත සභාව වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි පාර්ශ්වයන්ට එක්‌ වූවන්ගෙන් වැඩි දෙනකු පවා නැවත සම්‍යක්‌ දෘෂ්ටි මාර්ගයට හරවා ගන්නට මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ ශාසන මාමක වීරයන්ට හැකි විය. හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමා, බ්ලැවැට්‌ස්‌කි මැතිනිය හා මියුසියස්‌ හිsඟින්ස්‌ වැනි ඇමරිකානු, රුසියන් සහ ඉංගී්‍රසි ජාතික උතුමන්ට හා උතුමියන්ට අපේ උතුම් උරුමය වෙනුවෙන් සුවිශාල කැපකිරීම් කළ හැකි වී නම් පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, වැලිගම සුමංගල හිමි හා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි වැනි උතුම් හිමිවරුන්ගේ ආදර්ශය අනුව යන අපේ යුගයේ මහා සංඝරත්නයටද ජාතියේ අධ්‍යාත්ම ශක්‌ති උල්පත වූ බුදු සසුන නව පණ ගන්වන්නට හැකිවනු ඒකාන්තය. අවශ්‍ය වන්නේ ධර්ම ඥනය සමඟ උදාර ජාතික ඉතිහාසය පිළිබඳ දැනීම වර්ධනය කරගෙන සේවයට කැපවීමයි. බෙදුම්වාදයට ආධාර අනුබල දෙන නව යටත් විජිතවාදීන්ගේ කූටෝපාය මාර්ගයට යට නොවී රටත් ජාතියත් සිංහලේ මහා සංස්‌කෘතියත් මවුබිමේ සුන්දර පරිසරයත් රැකගෙන බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය ලෝක ජනතාවට නිවැරදි ලෙස පහදා දෙන්නට අපේ පරපුරින් මෙන්ම ඊළඟ පරම්පරාවලින්ද ධර්ම ඥනයෙන් පිරිපුන් සේවයට කැපවුණු ශේ්‍රෂ්ඨයන් සිය දහස්‌ ගණනක්‌ බිහි විය යුතුය. පුරා අවුරුදු හැටකට වැඩි කාලයක්‌ සේවයට කැපවීමේ අත්දැකීම් ඇති හැත්තෑහත් වැනි වියේ පසුවන මේ ලිපිය ලියන මට ලක්‌වැසි ජනතාවගේ ජාතික ඉතිහාසය හදාරා සිංහලේ මහා සංස්‌කෘතික උරුමය ගැඹුරින් අවබෝධ කරගෙන ලෝක ශාසන සේවය උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටීමේ අයිතියක්‌ තිබේ. මා එසේ කියන්නේ තමන් ආදර්ශවත් නොවී අන් අය නිවැරදි මගට හරවාගත නොහැකි හෙයිනි. 

 වත්මන් පරපුරේ සියලු දේශප්‍රේමීන් ජාතිහිතෛෂී ශාසනමාමක පින්වතුන් ජාතියේ මුරදේවතාවූන් වහන්සේලා වන සේවයට කැපවුණු මහා සංඝරත්නයත්, මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය අනුව යමින් තමන්ගේ ඉරිදා නිවාඩු දිනය දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා කැපකරන ලක්‌ෂය ඉක්‌ම වූ දහම් ගුරු භවතුනුත් පුද්ගලික පංතිවලට නොගොස්‌ රූපවාහිනි කාටූන් ආදී විගඩම්වලට යට නොවී ඉරිදා උදැසනින් දහම් පාසල් යන ලක්‌ෂ විසිපහ ඉක්‌ම වූ දරුවනුත් තමන් හරියට නොකා නොබී හෝ තියෙන දෙයක්‌ දරුවන්ට කන්නට බොන්නට දී දරුවන්aa සුදුවතින් සරසා දහම් පාසල් කරා යවන උතුම් දෙමාපියනුත් ආදර්ශයට ගත යුතුය. සේවයට කැපවුණු ආදර්ශවත් උතුම් මිනිසුන්ට කළ නොහැකි යහපත් දෙයක්‌ නැත. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට විෙද්‍යාදය පිරිවෙන පිහිටුවා එහි ශාඛා පිහිටුවන්නට මගපාදමිනුත් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක, ධම්මාරාම හිමිවරුන්ට විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා එහි ශාඛා රටපුරා ගොඩනඟන්නට ක්‍රියා කරමින් අධිරාජ්‍යවාදී මිෂනාරි අධ්‍යාපන අභියෝගය ජය ගන්නට හැකි වී නම් වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ට පානදුරාවාදය වැනි මහා වාද මගින් දේව නිර්මාණවාදී බටහිර චින්තනය පරාජය කළ හැකිවී නම් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි ලෝක පූජිත ධර්මධර උතුමන්ගේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමාට ඇමරිකාවේ චිකාගෝ නුවර දාර්ශනික සමුළුවේ පැවැත්වූ ශේ්‍රෂ්ඨ දේශනයෙන් පටන්ගෙන ලොව පුරා ධර්මදූත මෙහෙවරක යෙදෙමින් බටහිර හා පෙරදිග රටවල් රැසක මහාබෝධි සමාගමේ ශාඛා පිහිටුවා බුදු දහමේ උතුම් පණිවුඩය ජාත්‍යන්තර මට්‌ටමට ගෙන යන්නට හැකිවී නම් මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලි, මාධ්‍ය හා රූපවාහිනි මාධ්‍ය ආදී විවිධ පහසුකම් තිබෙන යුගයක රට, දැය, සමය පුබුදුවා මාතෘ දේශයත්, ජාතියත්, බුදු සසුනත් ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරයත් රැකගෙන ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරක යෙදෙන්නට අපේ පරපුරටද හැකි විය යුතු වේ. 

 අනගාරිකව රට පුරා ධර්ම චාරිකාවේ යෙදෙමින් විද්‍යාල, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල ආදී ජාතික පාසල් ඇතුළු පාසල් දෙදහස්‌ ගණනකත් දහම් පාසල් දහසකට වැඩි ගණනකත් රටපුරා පිරිවෙන් සියයකට වැඩි ගණනකත් දේශන පවත්වා වරාය බෞද්ධ සමිතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ සමිතිය, ඛනිජ තෙල් සංස්‌ථා බෞද්ධ සංගමය වැනි විවිධ වෘත්තීය ක්‍ෂේත්‍රයන්හි සංවිධාන රැසකත්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන ගණනාවකත් ස( ණ( ස( ශාඛා සංවිධාන වැනි දීප ව්‍යාප්ත සංවිධානවලත් දේශන පවත්වා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානයේ කළ දේශනවල පටන් කළුතර සේරුපිට සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, කල්පිටිය සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, අම්පාර සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර ආදී පුහුණු කඳවුරුවලත් දේශන කර තන්තිරිමලේ හමුදා කඳවුරේ පටන් තිරිකුණාමලේ දක්‌වා හමුදා සංවිධානවල මෙහෙයවීමෙන් හමුදා බල පිරිස්‌ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක හැඟීමෙන් පුබුදු කළ සමාජ ආර්ථික වශයෙන් දුප්පතෙකු වූ මේ ලිපිය ලියන මට ටාටා ඩීමෝ වාහනයේ යමින් රටපුරා රාජසිංහ පැණි වරකා කොස්‌ පැළ අසූදෙදහස්‌ ගණනක්‌ බෙදා දී ජාතික ආර්ථිකය හා පරිසරය සංවර්ධනය කිරීමේ මෙහෙවරක්‌ කළ හැකිවී නම් හොඳ වාහන හිමි සිය ගණන් ආචාර්ය මහාචාර්ය උගතුන්ටත් රටපුරා වන ලක්‌ෂ සංඛ්‍යාත ගුරුවරුන්ටත් ජනතාව දැනුවත් කර ජාතිය අවදි කර රට දැය සමය නඟා සිටුවා මවුබිමේ පරිසරයද සංවර්ධනාත්මක ලෙස පෝෂණය කළ හැකි බවට සැකයක්‌ නැත.

 ජාතික, ආගමික, සංස්‌කෘතික හා සොබා පරිසරවාදී සංවර්ධන සේවාව සඳහා කැපවීමේදී නව යටත් විජිතවාදී බටහිර රටවල තර්ජනවලට බිය යුතු නොවේ. අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිස්‌ විශේෂ කාර්ය සිවිල් ආරක්‌ෂක හමුදාදී අංශවලට අයත් වූ දේශප්‍රේමීන්ට නව යටත් විජිතවාදී බලවතුන්ගේ ආධාර අනුබල ලැබූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව අධිෂ්ඨාන සහගතව නැඟී සිටිමින් ජීවිත තිස්‌දහක්‌ තරම් සංඛ්‍යාවක්‌ පූජා කර දාසයදහස්‌ ගණනක්‌ තරුණ සෙබළුන් සදාකාලික ආබාධිතයන් වී රට එක්‌සේසත් කළ හැකිවී නම් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අප පසුබට විය යුත්තේ කුමකටද? පුංචි වියට්‌නාම් ජනතාවට ඇමරිකානු උත්තර බලවතාගේ හමුදාවන් පරදවා තම මවුබිමෙන් පලවා හරින්නට හැකිවී නම් ඇමරිකානු නව යටත් විජිතවාදී මූලස්‌ථානයට සැතපුම් සියයකට අඩු දුරකින් පිහිටි පුංචි කියුබාවේ ජනතාවට බටහිර ආධිපත්‍යය පරදවා ස්‌වෛරී, ස්‌වාධීන ජාතික ආරථිකයක්‌ මත පදනම් වූ සමාජවාදී මඟ ගත හැකිවීනම් නව යටත් විජිතවාදී ඇමරිකානු මූලස්‌ථානයේ සිට සැතපුම් දහස්‌ ගණනක්‌ දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී අපට ඇමරිකානු තර්ජන පරාජය කළ හැකි බවට සැකයක්‌ නැත. අවශ්‍ය වන්නේ ලොවටම ආදර්ශයක්‌ වූ විමුක්‌තිකාමී අභිමානවත් ඉතිහාස උරුමය මත පදනම් වී නිවහල් අදීන ක්‍රියාමාර්ගයක සංවිධානාත්මකව ඉදිරියට යාමයි.

 අරන්තලාවේදී භික්‌ෂූන් වහන්සේලා තිස්‌ ගණනක්‌ කපා කොටා ඝාතනය කර ගර්භණි මවුවරුන් පවා ඝාතනය කරවා සිංහලයන් රජරටින් පලවා හැරීමේ කුරිරු ප්‍රයත්නයක යෙදුණු මිනීමරු ප්‍රභාකරන් මහත්මයකු ලෙස හඳුන්වන්නට තරම් ජාතිදොaහී වූ දේශපාලනඥයන් සිටියත් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අතිමහත් බහුතර ජනතාව ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහීන්ගේ අමන කතාවලින් සසල නොවී වඩාත් ධෛර්යවත්වනු නිසැකය. ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී කතා අසන දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක ජනතාව සතුරු බලවේගයන් පරාජය කරන්නට එක හිතින් එකමුතුවනු ඒකාන්තය. මේ ලිපිය අවසන් කරන්නට "රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි යනුවෙන් ගැයෙන සමූහ ගායන ගීතයේ පදවැල් දෙක තුනක්‌ද මේ සමඟ ලියා දැක්‌විය යුතු බව මගේ විශ්වාසයයි. ඒ ගී පද වැල් මෙසේ වේ. 

 "මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළුE ලේ කඳයි."

 "ගංගා තරංග රාවදී රිදී වණින් පද්ම රේණුයෙන් සුගන්ධ වී රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නෙ උන් හෙළුE ප්‍රාණ වායුවයි."

 ඉතිහාසගත ඒ කෝටි සංඛ්‍යාත වීරයන්ගේ ප්‍රාණ වායුව වත්මන් පරපුරේ අපේ සිත් සතන් පණගන්වන මහා බලවේගයක්‌ වනු ඒකාන්තය, නිසැකය. අධිරාජ්‍යවාදී වධක කඩුවට මුහුණදෙන මොහොතේ සතුරු හමුදා බලවතුන් පවා විශ්මයට පත් කරන අයුරින් තමමුවින් බුදු ගුණ ගාථා කියෑවෙද්දී එක පහරින් තම හිස සිඳින්නැයි වධකයාට පවා නියෝග කරන තරම් උදාර වූ කැප්පෙටිපොල ඇහැලේපොල වැනි උතුම් වීරයන් සිහිකරන ඒ උදාර වීරයන්ගේ ජීවිත පරිත්‍යාගයට දෙසිය වස පිරෙන මේ අවධියේ ජීවත්වන අප කැප්පෙටිපොල, පුරන්අප්පු මෙන් ආත්ම පූජාවේ මඟ ගන්නට අධිෂ්ඨාන සහගත විය යුතුය. ලොවටම ආදර්ශවත් වන තරම් උදාර වූ වසර දෙදහස්‌ ගණනක ඉතිහාසයෙන් පන්නරය ලැබූ අපේ ජයග්‍රහණය ඒකාන්තය, නිසැකය. 

 මාලේවන ධම්ම විජය හිමි (කලින් අනගාරික ධර්මසේකර තුමා)
http://divaina.com/sunday/index.php/visheshanga2/4297-2018-06-14-07-11-7

සිව් බුදුවරු වැඩම කළ මිහින්තලේ අනුහස්‌ - ලෝකයේ ඉපැරැණිම රෝහල ඉදිවුණේ මෙතැනයි...

අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පළමු පැළය රෝපණය කර ඇත්තේ මිහින්තලේ...

මිහින්තලේ මංසන්ධියේ ඉඳලා ඉන්දියාවට වැඩි දුරක්‌ නෑ

තුරු හිස්‌ තෙමන ඉදිකටු වැස්‌ස අවට සීත සළුවෙන් පොරවාගෙනය. තුරු, ගොමු අතරින් ඉගිලෙන සුළඟ ගත දැවටෙන විට සියොළඟම කිතිකැවිණි. විහඟුන්ගේ ගී නාදයට මුසු වූ ගහ කොළ නැළවෙන හඬ මගේ සිත ඒකාත්මික කිරීමට සමත් වූ බව සැබෑය. ගල් පඩි සිය ගණනක්‌ ඉහළට තරණය කළ ද ගතට කිසිදු විඩාවක්‌ නොදැනේ. අවට සොබාසිරිය සිත් පුරා විඳගනිමින්, දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ මෙරට බෞද්ධ සංස්‌කෘතියේ මහගෙදරටය. එනම් මිස්‌සක පව්වටය. මීට වසර දෙදහස්‌ තුන්සිය විසිහයකට පෙර පොසොන් පෝය දිනයේදී මිහිඳු හිමියන් සහ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්‍ෂූන් ද සුමන සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කළ අති උතුම් පුණ්‍ය භූමියටය. දඩ කෙළියේ නිරතව සිටි දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දහසක්‌ සේනාව පංචශීලයේ පිහිටුවමින් ධර්මය අවබෝධ කර දුන් පින්බිමටය.

හතළිස්‌දහසක සේනාවක්‌ ආයුධ බිම තබා පන්සිල් සමාදන් වූ ලෝකයේ ඇති එකම ස්‌ථානය මිහින්තලය පුද බිම පමණි. එමෙන්ම පංචශීලය පිහිටුවීම, පැවිදි කිරීම, උපසම්පදාව, ධර්ම දේශනාව යන සියලු පින්කම් එකම දිනයක, එකම ස්‌ථානයක මෙරට පළමු වරට සිදුකරනු ලැබුවේ ද මිස්‌සක පව්වේදීය. එදා මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම දේවානම්පියතිස්‌ස රජුට දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව අදට ද මිස්‌සක පව්වේ රැව් පිළිරැව් දෙන බව සැබෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි 'මිහිඳු කුටිය' ඒ පුණ්‍ය භූමියේ අදට ද ජීවමානය. මිහින්තලා පුදබිමේ පිහිටි අෂ්ටඵල බෝධිය, විෂ්ණු දේවාලය, කටුසෑය ආශ්චර්ය පිරුණු සිද්ධස්‌ථානය. ආරාධනාගල, මිහිඳු සෑය, මහා සෑය, කණ්‌ඨක චෛත්‍යය, ගිරිභණ්‌ඩ සෑය, අම්බස්‌තල වටදාගෙය, ඇත් වෙහෙර, පෝය ගෙවල්, අටසැට ලෙන්, ධාතු මන්දිරය, මනිනාග මන්දිරය එම පින්බිමේ ඇති සෙසු පූජනීය ස්‌ථානය. මැද මළුව, දාන ශාලාව, සන්නිපාත ශාලාව, පොත්ගුල, රාජගිරි ලෙන නටබුන්ව පැවතිය ද බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්‌ථානය. එමෙන්ම එම පින්බිමේ ඇති සිංහ පොකුණ, කළුදිය පොකුණ, නාග පොකුණ තිඹිරි පොකුණ, අදට ද දිය පිරුණු විසල් පොකුණුය. මැද මළුවේ දකුණු පසින් වූ ගොඩනැඟිල්ල, මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ, පැරැණි රෝහල, සහ උප ග්‍රන්ථය 1, සෙල්ලිපි, පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි, මහාදාඨික මහානාගගේ ගිරිලිපිය, ෂඪ වැනි මිහිඳුගේ පුවරු ලිපි ද්වය, උප ග්‍රන්ථය 2 ද මිහින්තලේ පුද බිමේ ඇති ඓතිහාසික වස්‌තූන්ය. එහෙත් එම සිද්ධස්‌ථාන සහ ඉපරැණි නටබුන් ගැන බෞද්ධ සමාජයේ කතාබහට ලක්‌වන්නේ ඉතාම අඩුවෙනි. බොහෝ බෞද්ධයන්ට මිහින්තලය සිහිපත් වන්නේ පොසොන් පෝය කිට්‌ටු වන විට පමණි. එහෙයින් අපි මිහින්තලේ රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ මිහින්තලේ පුරාණ ගම්වැසියන් හමු වී මෙරට බෞද්ධාගමේ තිඹිරිගෙදර ඉතිහාසය සහ ආශ්චර්ය ගැන සාකච්ඡා කළෙමු. මේ පෙළගැසෙන්නේ මිහින්තලේ ආශ්චර්යය ගැන කියෑවෙන කතාවය...

"මිහිඳු හාමුදුරුවෝ හිතුමතේ මිහින්තලයට වැඩම කළා නොවේ. බුද්ධගයාවේ බුදුවරු පහළ වන්නා සේම ලක්‌දිව බුද්ධ ශාසනය පිහිටුවනු ලබන්නේ මෙරට කේන්ද්‍රස්‌ථානය වූ මිහින්තලයේදී. ඒ වගේම මේ කල්පයේ පහළ වූ සිව් බුදුවරු මිශ්‍රක පව්වට වැඩම කර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. සිව් බුදුවරු මිහින්තලයට වැඩම කළේ මේ බිමේ තියෙන ආශ්චර්යයට. අපි මිහින්තලේ ආශ්චර්යය ගැන කතා කරන්න ඕන ඒ ඉතිහාස කරුණුත් පාදක කරගෙනයි..." මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අපේ කතාවට එසේ ප්‍රවේශයක්‌ ලබාගත්තහ.

"අනුරාධපුර අටමස්‌ථානය පිහිටුවන්න මිහිඳු මහරහතන්වහන්සේ දේවානම්පියතිස්‌ස රජුට උපදෙස්‌ දී ඇත්තේ මිශ්‍රක පව්වේ වැඩහිඳිමින්. අරිට්‌ඨ ඇමැති ඇතුළු ලාංකීය කුලදරුවන් හැට එක්‌දෙනකු සසුන්ගත කළේ මේ පින්බිමේදී. මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායමත්, සසුන්ගත කළ හැට එක්‌නමත් පළමු වස්‌ වැසීම සිදු කරන්නේ මිහින්තලා පින්බිමේ ඇති අටසැට ලෙන්වල. ඒ වගේම තිස්‌ස රජුගේ ඉල්ලීමක්‌ අනුව මෙරටට වැඩම වූ ධාතූන් වහන්සේලා සොළොස්‌මස්‌ථානයන්වලට බෙදා දී ඇත්තේ මේ පින්බිමේදී. (දළදා ධාතූන් වහන්සේ හැර) මිනිස්‌සු ගස්‌, ගල්වලට වැඳුම් පිදුම් කරනවා දැකලා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ වැඩමවීමට මිහිඳු මහරහතන් වහන්සේට අදහස පහළ වෙන්නේ මේ පින්බිමේදී. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කරලා මාස හයක්‌ සම්පූර්ණ වෙනකොට සංඝමිත්තා තෙරණිය, කුල දහඅටක සේනාවක්‌ සමඟ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක්‌ මෙරටට වැඩමවාගෙන පැමිණියා. සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමත් සමඟ භික්‍ෂුණි ශාසනය ආරම්භ වුණා. ශාරීරික, උද්දේශික, පාරිභෝගික සියලු වස්‌තූන් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර කෙරුණා. ඒ සමඟ තමයි මෙරට ආගම, දහම, සංස්‌කෘතිය සියලු සකලාංග බිහිවුණේ. හිත් පිත් නැති කළු ගල්වලට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා සතර බ්‍රහ්ම විහරණ ඔබ්බලා ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කෙරුණේ. මෙරට බෞද්ධ ජනතාව තුළ බෝසත් ගතිගුණ ඇති කළේ මිහිඳු හාමුදුරුවො. ඒ උත්තම හිමි වැඩ සිටි මිහිඳු කුටිය අදටත් ලෝක බෞද්ධයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අදටත් විරාජමානයි. ශ්‍රී මහා බෝධියෙන් පැළ වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගෙන් පළමු පැළය රෝපණය කරලා තියෙන්නේ මිහින්තලේ පූජා භූමියේ..."

"මිහිඳු හිමියන්ගේ කාලයේ නිර්මාණය කරපු මිහින්තලේ ඉස්‌පිරිතාලය ලෝකයේ පැරැණිම රෝහල. ඒ රෝහල් භූමියෙන් සොයාගත්ත මෙවලම් කොහෙන් ගෙනද්ද කියලා පුරාවිද්‍යා නිලධාරීන්වත් තවම නිගමනය කරලා නෑ. රෝහලේ තිබුණු ශල්‍ය උපකරණ වෙනත් ග්‍රහලෝකවලින් ගෙනත් ඇති බවට ජනප්‍රවාද පවතිනවා. ඒවා මහා විස්‌මිත දේවල්. ඒ වගේම තමයි මිහින්තලේ හතරමංහන්දිය. භූගෝලීය පිහිටීමට අනුව මිහින්තලේ හතරමං හන්දියේ ඉඳලා ඉන්දියාවට විශාල දුරක්‌ නෑ. ඒ වගේම මිහින්තලේ හන්දියේ ඉඳලා මෙරට සෑම දිසාවකටම යන්න පුළුවන්. මිහින්තලා පුද බිම කියන්නේ උත්තම පින්බිමක්‌. ඒ බිමේ තියෙන සෑම සිද්ධස්‌ථානයක්‌ම අනුහස්‌ පිරිලා. නටබුන් ලෙස ශේෂ වූ සිද්ධස්‌ථානවල පවා හරි පුදුම දේවල් වෙනවා..."

"මිහින්තලේ උඩමළුවේ, අෂ්ටඵල බෝධිය ළඟ විෂ්ණු දේවාලය අසල සුනඛයන්ට කැත කරන්න බෑ. වැරැදිලාවත් සුනඛයෙක්‌ හිටියොත් මහා රෑට කෑගහගෙන දුවනවා. ආයෙත් ඒ සතා පේන්නවත් එන්නේ නෑ. සමහර දවස්‌වලට උදේට අෂ්ටඵල බෝධිය වටා අතුගාන්න දෙයක්‌ නෑ. පොළොව පිරිමැද්ද ඉඳල් පාරවලුත් තියෙනවා. ඒත් පිරිමැදපු කෙනෙක්‌ නෑ. ඒ වගේම රෑ නවයට, දහයට දේවතා එළි පාත් වෙනවා නිතරම අපි දකිනවා. සමහර දවස්‌වලට රෑට විදේශිකයන් ඇවිත් ඡායාරූප ගන්නකොට ඒ පින්තූරවල එළි තියෙනවා. ඒවා දැකලා ඒ මිනිස්‌සුන්ටත් පුදුමයි. එක්‌දහස්‌ නවසිය පනස්‌ ගණන්වල මහා සෑයේ බුදුරැස්‌ විහිඳිලා තියෙනවා. ඉඳ හිට අෂ්ටඵල බෝධිය ළඟට විශාල සුදු නායෙක්‌ ඇවිත් පෙනිලා යනවා. කැලෑව ඇතුළෙන් මහා රෑට පිරිත් හඬ, හේවිසි හඬ ඇහෙනවා. රෑට සුදු ඇඳ ගත්තු අය ඇවිත් බෝධිය ළඟ භාවනා කරනවා පේනවා. ළඟට යනකොට කවුරුවත් නෑ. මස්‌ මාංශවලින් වැළකිලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරගෙන ඉන්න අයට ඔය දේවල් පේනවා. අපි දවසට හතර වරුවක්‌ තේවාව කරනවා. උදේ පාන්දර පහට, හතට බුද්ධ පූජාව, දවල් බුද්ධ පූජාව, හවස ගිලන්පස පූජාව කරනවා. සෙනසුරාදා, බදාදා දවස්‌ දෙකේ විෂ්ණු පූජාව පවත්වනවා..."

"විෂ්ණු දේවාලයත් අනුහස්‌ පිරුණු තැනක්‌. දවසක්‌ අපේ ප්‍රධාන දායක මහත්මයකුගේ කිරි හරක්‌ කිහිපදෙනෙක්‌ හොරකම් කරගෙන ගිහින්. හොරකම කරපු පුද්ගලයාව හොයාගෙන ගිහින් අපි කිව්වා පොලිසී ගානේ යන්නේ නෑ, අපිට හරක්‌ ටික දෙන්න කියලා. මිනිහා හොරකම් කළේ නෑ කියලා පරසක්‌වල ගැහුවා. ඊට පස්‌සේ මම කිව්වා මට කරන්න දෙයක්‌ නෑ, මේ මහත්තයා විෂ්ණු දේවාලයට ගිහින් පලි ගහයි කියලා. මම කිව්වා වගේම හරක්‌ අයිතිකරු විෂ්ණු දෙවියන් ඉදිරියට ගිහින් නඩුව කිව්වා. එදා රෑ දොළහ වෙනකොට කිහිපදෙනෙක්‌ හරක්‌ හොරකම් කරපු පුද්ගලයාව උස්‌සාගෙන පන්සලට ආවා. අත, පය පණ නෑ. අදටත් ඒ මනුස්‌සයාගේ අත, පය පණ නෑ. ඒ වගේ සිද්ධි අනන්තයි. විෂ්ණු දේවාලයට ගිහින් දුක කියලා බාරයක්‌ වුණොත් පිහිට අනිවාර්යයි. කටුසෑයෙත් එහෙමයි. නිරන්තරයෙන්ම අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන තැනක්‌. කඩවර, සහ බහිරව හත්කට්‌ටුව හොඳට සහ නරකට දෙකටම ක්‍රියාත්මක වෙනවා. නරක පැත්තේ අත්දැකීම් මට නෑ. හොඳ පැත්තේ අත්දැකීම් මටත් තියෙනවා. සඵල නොවී කල්මැරෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා කටුසෑයට බාරයක්‌ වුණහම සතියෙන්, දෙකෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අත්දුටුයි, ප්‍රත්‍යක්‍ෂයි. සෙනසුරාදා, බදාදාට කටුසෑය ළඟ ඉඩක්‌ නෑ සෙනඟ පිරිලා. ඒ සේරම එන්නේ බාර හාර වෙන්න. බලාපොරොත්තු සඵල වෙච්ච අය බාර ඔප්පු කරන්න. ඒ වගේම තමයි අෂ්ටඵල බෝධිය ළඟට ඇවිත් දුකක්‌, කරදරයක්‌ කියලා පිහිටක්‌ ප්‍රාර්ථනා කළොත් අනිවාර්යයෙන්ම ශාන්තියක්‌ අත් වෙනවා. බාබාලා පරක්‌කු අම්මලා ඇවිත් දින හතක්‌ බෝධී පූජා පැවැත්තුවම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා මේ ගම්වල දායකයෝ මාත් එක්‌ක කියලා තියෙනවා. එහෙම පූජා පවත්වලා ප්‍රතිඵල ලබාගත්ත අය මටත් ඇවිත් පිං දීලා යනවා. ඒ දේවල් මිහින්තලේ පුරාණ ගම්වාසීන්ගෙන් ඇහුවම මට වඩා හොඳට කියයි..." අපේ කතාව වෙනත් මානයකට යොමු කරමින් ධම්මරතන හාමුදුරුවෝ නිහඬ වූහ.

අප අතර නිහඬතාවකි. අම්බස්‌තලය පීරාගෙන හමන සුළඟේ ඝෝෂාව නොඇසෙන්නට මැද මළුවේ කිසිදු හඬක්‌ නොනැඟෙයි. මගේ දෙනෙත් අම්බස්‌තලය සිසාරා දිවෙයි. නිල්ලෙන් දිළෙන වන පෙත මැද අඹ පිරුණු ගස්‌ තවමත් දෙනෙත්හි පැටලේ. තණ උලා කන මුව රංචු ඇස නොගැටුණාම නොවේ. මේ බිම ජාතියේ පිනටම පහළ වූ පින්බිමකි. එදා රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා අම්බස්‌තලයේ ජීවත් වන සතුන් මැරීම තහනම් කරමින් පූජා භූමිය පුරා තැන, තැන දැන්වීම් ප්‍රසිද්ධ කරමින් මේ පින්බිමට වැඳුම් පිදුම් කළහ. එහෙත් රටේ කරුමයකට අපේ නායකයන් මෙරට බෞද්ධ ආගමේ මහගෙදරට පැමිණෙන්නේ පොසොන් උත්සවයේ ආලෝක පූජාව විවෘත කිරීමට පමණි. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ පවසන පරිදි මිහින්තලේ පුදබිමේ අඩු පාඩු ගොඩකි. එමෙන්ම අපේ කාලේ මස්‌ වැද්දෝ අම්බස්‌තලයේ ජීවත් වන මුවන් මරාගෙන කති. එවැනි පාපකාරි තිරිසනුන්ට ඒ පව් මිහිපිටදීම පඩිසම් දෙන්නේය. ඒ බව අපිට කීවේ අත්දැකීම් සහිත ප්‍රදේශවාසියෙකි. ඒ කතාව ඇතුළුව මිහින්තලය පූජා භූමියේ අනුහස්‌ ලබන සතියේ ද පෙළගැස්‌වීමට අපගේ කැමත්තය...

තරංග රත්නවීර, මිහින්තලේ රංගචතූ
http://divaina.com/sunday/index.php/visheshanga1/4350-2018-06-15-05-44-30

කෝසල රාජධානිය සහ සැවැත්නුවර

 ගන්ද කුටිය

අපගේ ශාස්‌තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක්‌ වූ සම්බුදු දිවියෙන් 25 වසරක්‌ ම වැඩවාසය කළේ සාවත්ථි හෙවත් සැවැත් නුවරයි. එහිදී වස්‌කාල 19ක්‌ අනේපිඬු සිටාණන් කරවූ ඡේතවනාරාමයේ ද, වස්‌කාල 06ක්‌ විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස්‌ වසා වැඩ වාසය කොට තිබේ. ශ්‍රාවස්‌ථි හෙවත් සැවැත්නුවර බුද්ධකාලීන දඹදිව සොළොස්‌ මහා ජනපදයන් අතරින් ප්‍රබල රාජ්‍යයක්‌ වූ කෝසල ජනපදයේ අගනුවර ය. එහි එකල පාලකයා වූයේ ප්‍රසේනජිත් කොසොල් රජතුමා ය. මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද, දකුණින් ගංගා නම් නදිය ද, නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සළකුණු වී තිබිණි. ධර්මපට්‌ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත් නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් සෘෂිවරයාගේ වාසස්‌ථානය වූ හෙයින් ශ්‍රාවස්‌ථි නම් වී යෑයි ද ශ්‍රාවගේ පුත් යුවන්නාශ්ගේ මුණුපුරු ශාවස්‌ත විසින් පිහිටුවන ලද හෙයින් ශාවස්‌ති නම් වී යෑයි ද හරිවංශ මහාභාරතාදී ග්‍රන්ථවල සඳහන් වේ. මිනිසුන්ගේ උපභෝගය පරිභෝගය සඳහා අවශ්‍ය සියල්ල මෙහි තිබූ බැවින් සාවත්ථි නම් වී යෑයි අටුවාචාරීන් වහන්සේලා පවසති. මිනිසුන් එක්‌රැස්‌ව කුමක්‌ ඇද්දැයි විමසූ කල්හි සියල්ල ඇත (සබ්බං අත්ථි) යන වදන් පැවසූ හෙයින් සාවත්ථි නම් වී යෑයි මඡ්Cධිම නිකාය අට්‌ඨකතාවේ සඳහන් වේ. 

 ආනන්ද බෝධීය

යොදුන් තුන් සියයක්‌ (කිලෝමීටර් 3000ක්‌ පමණ) විශාල වූ පුරාණ සැවැත් නුවරට අයත් ගම් අසූ දහසකි. ජනගහනය කෝටි අටකි. පවුල් පනස්‌ දහසක්‌ එහි වාසය කළහ. අයෝධ්‍යාවෙන් සැතපුම් පනහක්‌ පමණ උතුරින් රප්ති නදියේ දකුණු ඉවුරෙහි වූ මෙකල සහේත්-මහේත් වශයෙන් හඳුන්වන පෙදෙස පුරාණ සාවත්ථිය ලෙස පුරා විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. වර්තමාන ඉන්දියාවේ ගෝණ්‌ඩා හා බහරිච් දිස්‌ත්‍රික්‌ක සීමාවේ පිහිටි සහේත් මහේත් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රාවස්‌ථිය පිළිබඳ ඡේතවනාරාම ශිලා ලේඛන කිහිපයකින් ද තහවුරු වී ඇත. වත්මන් සහේත්, මහේත් කොටස්‌ දෙකකින් සංයුක්‌ත ප්‍රදේශ දෙකකි. වඩා විශාල වූ Ñමහේත්' අක්‌කර හාරසියයක්‌ පමණ විශාල වූ ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත. මෙයට සැතපුම් කාලක්‌ පමණ ඈතින් නිරිත දිගින් පිහිටි අක්‌කර තිස්‌ දෙකක්‌ පමණ වූ සහේත් 

 ඡේතවනාරාමය පිහිටි භූමියයි. වස්‌කාල විසිපහක්‌ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩසිටීම නිසා පරම පූජ්‍යභාවයට පත්වූ විහාර භූමිය විහාර, ස්‌ථූප, සංඝාරාම ආදියෙන් සමලංකෘතව පැවතුණි. ක්‍රි.ව. හතර වැනි සියවසේ ශ්‍රාවස්‌ථියට පැමිණි පාහියන් තෙරුන් තමන් දුටු ප්‍රතිමා ස්‌ථූප හා සංඝාරාම පිළිබඳව ද හත්වන සියවසේ පැමිණි හියුංසියැං තෙරුන් දුටු නටබුන් වූ විහාරාරාම, ස්‌ථූප, සංඝාරාම පිළිබඳව ද දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් ස්‌ථූපයකින් බුදුරජාණන් වහන්සේගේ ම යෑයි තහවුරු කරන ලද ධාතූන් වහන්සේලා සොයාගත් අතර ක්‍රි.ව. පළමු වැනි සියවසේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක්‌ ද හමුවී ඇත. තවද ධර්මාශෝක අධිරාජයාගේ සමයේ සිට දොළොස්‌ වැනි සියවස තෙක්‌ කරන ලද ඉදිකිරීම් රාශියක්‌ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අනාවරණය කරගෙන ඇත.

 සැවැත්නුවර ඡේතවනාරාම පින්බිම

 බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ශ්‍රාවස්‌ථිය බුදු සසුනේ කේන්ද්‍රස්‌ථානය වූයේ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමා ඡේතවනාරාමය කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුවය. මෙම භූමිය කොසොල් රජුගේ පුත්‍රයකු වූ ඡේත නම් කුමාරයකුට අයත්ව තිබූ උද්‍යානයකි. වෙළෙඳාම් කටයුත්තකට රජගහ නුවරට ගිය ගමනකදී සම්බුදු රජුන් සරණ ගොස්‌ සෝතාපන්න බවට පත්වූ අනේපිඬු සිටුතුමා මෙම භූමිය දහඅට කෝටියක්‌ රන් කහවණු අතුරා මිලදී ගන්නා ලදී. අනතුරුව 18 කෝටියක්‌ වැය කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාර, පිරිවෙන්, උපස්‌ථානශාලා, ගිනිහල්ගෙවල්, සක්‌මන් මළු, ළිං පොකුණු, මණ්‌ඩප, වැසිකිළි කැසිකිළි ආදී සියලු අංග සහිතව ආරාමයක්‌ ඉදි කළේය. ඡේත කුමරුගේ ඉල්ලීම පරිදි එය 

 ඡේතවනාරාමය ලෙස නම් කළ අතර විහාර පූජාවේදී ද අනේපිඬු සිටුතුමා 18 කෝටියක්‌ වියදම් කොට මහත් වූ උත්සවශ්‍රීයෙන් ආරාම පූජාව සිදුකළේය.

 බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් දේශනා කිරීම ද විනය ශික්‌ෂාපද පැනවීම ද සිදුකළේ මෙම ඡේතවනාරාමයේදී ම ය. 

 මඡ්Cධිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා 152න් හැටපහක්‌ ම මෙහිදී කළ සදහම් දේශනාවන් ය. සංයුක්‌ත නිකායේ සහ අංගුත්තර නිකායේ ඇතුළත් දහස්‌ ගණනක්‌ වූ සූත්‍ර දේශනාවන්ගෙන් හතරෙන් තුනක්‌ පමණම 

 ඡේතවනාරාමයේදී කළ දේශනා ය. එමෙන්ම,

 * ප්‍රිය විප්‍රයෝගයෙන් සිහිවිකල්ව සිටි පටාචාරාව සහ කිසාගෝතමිය දහම් අසා සුවපත්ව සසුන් දායාදය ලැබීම.

 * දරුණු මිනීමරුවකුව සිටි අංගුලිමාලයන් දමනය කරවා සසුන් දායාදය ලබාදීම.

 * සුනීත, සෝපාක අසරණ දරුවන් හට සසුන් දායාදය ලබාදීම.

 * චූලපන්ථක තෙරුන් අරහත්වයට පත්වීම.

 * බාහිය දාරුචීරිය අරහත්වයට පත්වීම.

 * සුභා තෙරණියගේ ගැළවුණු ඇස සුවපත් වීම.

 * පූතිගත්තතිස්‌ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් ගිලන් උපස්‌ථානය කිරීම.

 ආදී සුවිශේෂ ශාසනික සිදුවීම් රාශියක්‌ සිදුවී ඇත්තේ ඡේතවනාරාමය හා සැවැත් නුවර ඇසුරු කරගෙන ය.

 ගන්ධ කුටිය

 බුදුරජාණන් වහන්සේ වැඩවිසූ විහාරය ගන්ධ කුටිය හෙවත් ගඳකිළියයි. අනේපිඬු සිටුතුමා විසින් කුටියේ වහළ මුළුමනින්ම සුදු හඳුන් ලීයෙන් කරවා තිබූ හෙයින් ද, දෙවියන් විසින් නිරතුරු දිව්‍ය සුවඳින් සුවඳවත් කරවූ හෙයින් ද, මෙයට ගන්ධ කුටිය යෑයි ව්‍යවහාර විය. මෙය දේව විමානයක්‌ හා සමානව සුන්දරව තිබුණු බව සංයුක්‌ත නිකාය අට්‌ඨ කථාවේ සඳහන් වේ. එහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි ඇතුල් කුටිය දිග උඩි 8ක්‌ සහ පළල අඩි 7ක්‌ පමණ වන අතර අදට ද එහි පදනම දකින්නට තිබේ. ගන්ධ කුටියට පිටතින් පිළක්‌ වූ අතර එයට මඳක්‌ ඉහළින් දොරටුව පිහිටා තිබුණි. මෙයට නඟිනු පිණිස පඩි පෙළක්‌ තිබුණි. පිළට පහළින් එළිමහන් පිටියක්‌ වූ අතර මෙහි පිළ ගන්ධකුටි පමුඛ වශයෙන් හැඳින්වෙයි. දහවල් දන් වැළඳීමෙන් පසු ශාස්‌තෘන් වහන්සේ භික්‌ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නේ මෙම ස්‌ථානයේ සිටයි. දානයෙන් පසුව බුදුරදුන් මෙම පිළට වැඩිය පසු සියලු භික්‌ෂූහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරති. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියට වැඩම කරන සේක. ගන්ධකුටියේ පිළට පහළින් ඇති කොටසේ ගන්ධකුටි පිරිවෙන නමින් ශාලාවක්‌ විය. මෙබඳු පිරිවෙන් 3ක්‌ ඡේතවනාරාමයේ පිහිටා තිබූ අතර එවා දම්සභා මණ්‌ඩප ලෙස සැළකේ. ගන්ධ කුටිය ඉදිරිපිට බුදුරදුන් පැන් වැළ» ළිඳ පිහිටා තිබුණි. 

 පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදය

 සැවැත් නුවර නැගෙනහිර දොරටුවට පිටතින් විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා ගොඩනංවන ලද සංඝාරාමය පූර්වාරාමය හෙවත් මිගාර මාතු ප්‍රාසාදය යි. විශාඛා උපාසිකාව, තමන්ගේ මේල පළඳනාව නවකෝටි එක්‌ ලක්‌ෂයකට මිල කොට එම මුදල් යොදවා කරවූ මෙම දෙමහල් සංඝාරාමය කුටි දහසකින් සමන්විත විය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටු මැදුරෙන් දන් වළඳා, නොයෙක්‌ වර පූර්වාරාමයට වැඩ විවේක සුවයෙන් වැඩ සිටියහ. අග්ගඤ්ඤ, අරියපරියේසන, පාසාදකම්පන ආදී සූත්‍ර දේශනා වදාළේ ද ඇතැම් විටෙක කොසොල් රජතුමා සමඟ දහම් පිළිසඳරේ යෙදුණේ ද පූර්වාරාමයේදී ය. බුදුරජාණන් වහන්සේ හය වරක්‌ වස්‌ වසා වැඩසිටි පූර්වාරාමය ද ශාසනික අතින් වැදගත් පුණ්‍ය භූමියකි.

 අන්ධ වනය

 අන්ධ වනය පිහිටියේ සැවැත්නුවර ඡේතවනාරාමයට වයඹ දිගිනි. මෙම වනය කාශ්‍යප බුද්ධ කාලයේ ද මේ නමින් ම හැඳින්විණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙහි විවේකය කැමති අය උදෙසා කූටාගාර ශාලාවක්‌ තනවා තිබුණි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සමථ විදර්ශනා වැඩීම පිණිස භික්‌ෂු භික්‌ෂුණීහු බොහෝ විට මෙම අන්ධ වනයට වැඩම කළහ. 

 දම්සභා මණ්‌ඩපය

 මෙය තිබෙන්නේ ගන්ධ කුටිය සමීපයේ ම ය. දෙව්රම් වෙහෙරට පැමිණි පිරිසට සහ දෙව්රම් වෙහෙරේ වැඩ විසූ සඟ පිරිසට බුදුරජුන් දහම් දෙසූ ස්‌ථානය මෙය යි. මෙහි උස්‌ පීඨිකාව බුදුරජුන් දම් දෙසුමට වැඩසිටි ස්‌ථානයයි. එA අසල ම ඇති සමචතුරස්‍ර භූමිභාගය පිරිස ධර්ම ශ්‍රවණය කළ භූමියයි.

 සක්‌මන් මළුව

 දෙව්රම් වෙහෙරේදී බුදුරජුන් බොහෝ විට සක්‌මන් කරමින් වැඩසිටි ස්‌ථානය මෙය යි. සම්බුදු සිරිපා පහස ලද මේ භූමියේ පසුකාලීනව කරවූ පූජනීය ඉදිකිරීමක නටබුන් අද එහි දක්‌නට ඇත.

 ආනන්ද බෝධිය

 මෙම බෝධීන් වහන්සේ සැවැත් නුවර ඡේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවධියේ ම ය. දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ වස්‌ පවාරණය කොට භික්‌ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්‍යයෝ බුදුරජුන් බැහැදැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්‍රව්‍ය හා පිරිකර රැගෙන දිනපතා ම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්‌තූන් පිදීමට තැනක්‌ සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක්‌ නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්‌තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහුය.

 මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැළ කළේය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේය.

 'ස්‌වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්‌ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්‍යයෝ තිබෙත්දැ'යි විමසූ විට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක. 'ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්‍යයෝ තුනකි. ශාරීරික චෛත්‍යය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්‍රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්‍යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්‍යයක්‌ වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.'

 මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයක්‌ ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරීය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක්‌ ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්‌ෂයක්‌ බවට පත් විය. භාග්‍යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක. 

 ආනන්ද ස්‌වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණය වූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. එමෙන්ම බුදුරජුන් දෙව්රම් වෙහෙර නොසිටි අවස්‌ථාවල සැදැහැවතුන් මේ බෝධීන් වහන්සේ දැක දිවමන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ බැවින්ද ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. කෙසේ වුවද අද දක්‌වාම 2500 වසරකට අධික කලක්‌ පමණ පුද සත්කාර ලබමින් මේ පින්බිමේ උතුම් ආනන්ද බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටීම ආශ්චර්යයකි.

 ඡේතවන පොකුණ

 වරක්‌ කොසොල් රටට වර්ෂාව නොමැති වී යැම හේතුවෙන් වැව්, පොකුණු ආදිය සිඳී ගොස්‌ රටවාසීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් අවස්‌ථාවක අප බුදුරජාණන් වහන්සේ සියලු සතුනට අනුකම්පාවෙන් යුතුව වර්ෂාව වැසීමට අධිෂ්ඨාන කළ සේක.

 එහිදී මහා වර්ෂාවක්‌ ඇදහැලී ගිය අතර බුදුරජාණන් වහන්සේත් භික්‌ෂු සංඝයාත් වර්ෂා දියෙන් පිරීගිය මෙම පොකුණේ වර්ෂාවේ ම පැන් පහසු වූහ. මෙහිදී භික්‌ෂූන් විසින් පැන් පහසුවේදී නානකඩය පාවිච්චි කළ යුතු බවට සිල්පදය පැනවීම ද සිදු විය.

 රාජකාරාමය

 පසේනදී කොසොල් රජතුමා විසින් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරවන ලද මෙම සුවිසල් විහාරයේ ඡේතවන විහාර සංකීර්ණය පසෙකින් තිබේ. බුදුරජුන් දහම් දෙසද්දී අන්‍යාගමික තීර්ථකයන්ගේ ආරාම මිනිසුන්ගෙන් හිස්‌ වන්නටත් ලාභ සත්කාර ආදිය පිරිහී යන්නටත් විය. මෙය භූමි ලාභයකියි සිතූ තීර්ථකයෝ පසේනදී කොසොල් රජුට රන් කහවණු ලක්‌ෂයක අල්ලසක්‌ දී සැවැත් නුවරට යාබදව අන්‍යාගමික ආරාමයක්‌ කරවන්නට පටන් ගත්තේය.

 මෙය අනාගතයට මහත් අර්බුදයක්‌ වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනවශ්‍ය ගැටුම් හටගන්නා බව රජු හට තේරුම් කරවීය. ඉන්පසු රජු විසින් එම ස්‌ථානයේ ම බුද්ධප්‍රමුඛ මහා සඟරුවන උදෙසා රාජකාරාමය කරවීය.

 සැරියුත් මහරහතන් වහන්සේගේ ස්‌ථූපය

 ගෞතම බුදු සසුනේ අග්‍රශාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කලක්‌ ඡේතවනාරාමයේ වැඩවාසය කළ සේක. උන්වහන්සේ එA අවස්‌ථාවලදී භික්‌ෂූන් හට දහම් කතාවෙන් අනුග්‍රහ කළ සේක. සාරිපුත්තයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට තනවා තිබෙන ස්‌ථූපයක නටබුන් මෙහිදී දැකගත හැක.

 එමෙන්ම සාරිපුත්ත මහරහහන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ හා රාහුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටි කුටි ද නටබුන් අතරේ දැකගත හැකිය.

 අනාථපිණ්‌ඩික සිටු මාළිගය

 ඡේතවනාරාම භූමියේ සිට කිලෝමීටරයක්‌ පමණ දුරින් අනේපිඬු සිටු මාළිගයේ නටබුන් හමුවේ. ගෞතම බුදු සසුනේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුවරයාගේ සැබෑ නම සුදත්ත ය. පසුව දහම් ඇසීමෙන් සෝතාපන්න ඵලයට පත් සිටුවරයා බොහෝ ධනය බුදුසසුන වෙනුවෙන් නිර්ලෝභීව අත්හළේය. එහෙයින්ම අනේපිඬු යන නාමය පටබැඳිණි. මෙම සිටු මාළිගයේ දිනපතා භික්‌ෂූන් දෙදහසක්‌ උදෙසා දන් වැටක්‌ පවත්වාගෙන ගිය බව සූත්‍ර දේශනා තුළ සඳහන් වේ.

 අංගුලිමාල චෛත්‍යය

 අනේපිඬු සිටු මාළිගය අසල මෙය පිහිටා ඇත. දරුණු සොරෙක්‌ සහ මිනීමරුවකු වූ අංගුලිමාල සදහම් අසා බුදු සසුනේ පැවිදි උපසම්පදාවට පත්විය. දිනක්‌ පිඬු පිණිස වඩිනා උන්වහන්සේට දරු ප්‍රසූතියකදී දරුගැබ සිරවී වේදනාවෙන් සිටින ස්‌ත්‍රියක්‌ දැක මහත් අනුකම්පාවක්‌ හට ගත්තේය.

 බුදු රජුන්ගේ අවවාද ලැබූ අංගුලිමාල තෙරුන් වහන්සේ Ñනැඟණිය, මම ආර්ය ජාතියෙහි යම් දිනක උපන්නෙම් ද, එදා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කර නැත්තෙමි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා... ඔබේ දරුවාගේ ප්‍රසූතිය සුවසේ වේවා...' යි සත්‍ය ක්‍රියා කරනවිට ම අසිරිමත් ලෙස සුවසේ දරු ප්‍රසූතිය සිදුවිය. එම ස්‌ථානයේ ඉදිකරන ලද ස්‌ථූපය අංගුලිමාල චෛත්‍යය ලෙස හඳුන්වයි. අද එහි නටබුන් දක්‌නට ඇත.

 ගණ්‌ඩම්බ චෛත්‍යය

 ඡේතවනාරාමයට කිලෝමීටරයක්‌ පමණ දුරින් ප්‍රධාන මාර්ගය අසල මෙය පිහිටා ඇත. සැවැත්නුවර මහසිටුතුමා විසින් ඉතා උස කණුවක්‌ මත සඳුන් පාත්‍රයක්‌ තබා සෘද්ධිමත් රහතුන් සිටී නම් මෙය අහසින් පැමිණ ගනිත්වා යි අභියෝග කළේය. රහතුන් යෑයි කියාගෙන සිටි අන්‍යාගමික පිරිස කිසිවක්‌ කරකියාගත නොහැකිව සිටියදී පිණ්‌ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩ මහා පෙළහර පා සඳුන් පාත්‍රය ගත් අතර මෙකරුණට ගර්හා කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර පිණිස ගිහි පිරිසට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතු බවට ශික්‌ෂාපදයක්‌ පැනවූ සේක.

 මෙය ඇසූ අන්‍ය තීර්ථකයෝ 'දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ තටු සිඳිලා' යෑයි ගරහන්නට වූහ. එකල්හී බුදුරජුන් එයට පිළිතුරු ලෙස යමක මහා පෙළහර සහිතව අසිරිමත් පෙළහර දැක්‌වීමක්‌ සිදුකළ ස්‌ථානය මෙයයි. ගණ්‌ඩ නම් උයන්පල්ලා පූජා කළ අඹ ගෙඩිය වළඳා එහි ඇටය මේ ස්‌ථානයේ රෝපණය කරවූ බුදුරජාණෝ පාත්‍රය සෝදා එ මතට පැන් වත්කළ විගස ම සුවිසල් අඹ ගසක්‌ ඇති විය. එය ගණ්‌ඩම්බ රුකයි. එ මූලයේ පෙළහර පෑ අප බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස එළැඹීමට තව්තිසාවට වැඩම කළ සේක.

 මේ ස්‌ථානයේ පසුකාලීනව ස්‌ථූපයක්‌ ඉදිකරවා තිබේ. එය ධර්මාශෝක රජ දවස කරවූවකි. එනමුත් අද එහි ඇත්තේ විනාශ වී ගිය ස්‌ථූපය තිබූ තැන පස්‌ ගොඩක්‌ පමණි.

 මීට අමතරව සැවැත් නුවරදී නව ඡේතවන විහාරය (ශ්‍රී ලංකාරාමය), දේවදත්තයන් හා චිංචිමානවිකාව පොළොව පැලී නිරයට ගිය ස්‌ථාන දැකබලා ගත හැකිය.

 මෙතරම් ලේඛනගත හා ඉතිහාසගත සාක්‌ෂි තිබියදී, ආනන්ද බෝධිය වැනි ජීවමාන සාධක පවා තිබියදී, සැවැත් නුවර යනු ලංකාවේ රිටිගල යෑයි පවසන අමූලික ආර්යෝපවාද මුසාවාදයට නොරැවටෙත්වා! සැබෑ සම්බුදු පුදබිම් සැදැහැයෙන් වන්දනා මාන කොට පින් රැස්‌කර ගනිත්වා!

 පූජ්‍ය යටිබේරියේ  සෝමඤාණ ස්‌වාමීන් වහන්සේ
 ඡායාරූප - ප්‍රසන්න බ්‍රාහ්මණ 
http://divaina.com/sunday/index.php/visheshanga2/4298-2018-06-14-07-11-8

හෙළ සමාජය විනිවිදි කලාවේ විශිෂ්ටත්වය - සෝමවීර සේනානායකයන්

පුරා දශක හතරක්‌ මෙරට සාහිත්‍ය ලෝකය නේක වර්ණයෙන් ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ඇරඹූ සිය ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම් දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා පසුගිය නව වැනිදා අලුයම ඔහු දැයෙන් සමුගත්තේය.

ඔහුගේ ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර පිළිබඳ මේ වන විටත් බොහෝ දේ ලියෑවී කියෑවී තිබුණද සෝමවීර සේනානායකයන් අපේ ගමේ වීරයකු බවට පත්වන්නේ ඔහු සිය ප්‍රථම නවකතාව ලිවීමත් සමගය. 'ආදරයට බය මිනිස්‌සු' ලොකු අයියාගේ පළමු නවකතාව අපේ ගමේ කෙනෙකු ලිවූ මුල්ම නව කතාව විය. ඉනික්‌බිති අඹු සැමියෝ, මවකගේ ගීතය, එක්‌ටැම් ගෙවල්, මතු දවස, ඉරහඳ පායන ලෝකය, යශෝරාවය, මැණික්‌ නදිය ගලා බසී සහ බලදේවගේ ලෝකය ඔහු අතින් ලියෑවෙන විට ඔහු තුළ වූ දැවැන්ත නිර්මාණ ප්‍රතිභාව මෙරට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රය පුරා පැතිරී හමාරය. ඔහු 'බලදේවගේ ලෝකය' නිර්මාණය කළ අවදියේ සිට වෘත්තීය පුවත්පත් කලාවේ නිරතවූවකු මෙන්ම ඔහුගේ සමීප ඥාතියකු ලෙස ඔහු ඇසුරේ රැඳෙන්නට මට අවකාශ ලැබිණ. සෝමවීර සේනානායකයන් වඩාත් යොමුව සිටියේ පුවත්පත් විශේෂාංග අංශයට බැවින් ඔහු ඇසුරේ ගුරුහරුකම් ලැබීමට මම භාග්‍යවන්තයෙක්‌ වීමි. නවකයන් නිවැරදි මගෙහි යොමු කරවන්නට ඔහු සිය අත්දැකීම් උපයෝගී කරගත්තේය. 1999 වසරේ දිනක වත්මන සඟරාව සඳහා ලිපියක්‌ ලිවීමට ඔහුගෙන් වේලාවක්‌ වෙන්කරගත් මම කාර්යාලයේ වාහනය ප්‍රමාද වීම නිසා ඔහුගේ නිවසට යන විට මඳක්‌ පමාවිය. සාකච්ඡාව ඇරඹීමට පෙර මට ඔහුගේ අත්දැකීමකට සවන් දීමට සිදුවිය.

ලේක්‌හවුස්‌ එකේ මම වැඩකරන කාලෙ විශේෂාංග ලිපියක්‌ සඳහා සාකච්ඡාවක්‌ කරන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙන් වෙලාවක්‌ ඉල්ල ගත්ත. කාර්යාලයෙන් වාහනයක්‌ නොලැබුණ හින්ද මම නුගේගොඩ පීටර්ස්‌ ප්ලේස්‌ එකට යන විට ටිකක්‌ පරක්‌කු වෙලා. පරණවිතාන මහත්තය පුටුවක වාඩිවෙලා ඇස්‌දෙක පියාගෙන ඉන්නවා. මම 'සර්' කියලා කතා කළා.

"ආ.. ඔහේ ආවද"

"ඔව් සර්... කාර්යාලයෙන් වාහනයක්‌ හම්බ වුණේ නෑ. බස්‌ එක ටිකක්‌ පරක්‌කු වුණා"

"ඇයි ඔහේට බයිසිකල් පදින්න බැරිද?"

පරණවිතාන මහත්තය ඇස්‌ දෙක පියාගෙනම මගෙන් ඇහැව්ව. බයිසිකලයක්‌ පැදගෙන හරි වෙලාවට පැමිණීමේ වැදගත්කම මම අවබෝධ කරගත්තෙ එදා."

අත්දැකීම් ඇසුරෙනුත් නිවැරදිව අභීතව අපක්‍ෂපාතීව කටයුතු කිරීමෙනුත් සෝමවීරයන් සමාජයට ආදර්ශයක්‌ විය. අපේ රටට රූපවාහිනියේ ආගමනයත් සමග නවකතාකරණයෙන් ඔහු හෙළි කළ සාරවත් ජීවන දෘෂ්ටිය රූප මාධ්‍යයට නැගුවේය. දේශීය නව කලා සම්ප්‍රදායකට අත්පොත් තැබූ පළිඟු මැණිකේ, මැණික්‌ නදිය ගලා බසී, මවකගේ ගීතය, යශෝරාවය, දූදරුවෝ වැනි ටෙලි නාට්‍ය රැසක්‌ රචනා කරමින් නිවසේ ආලින්දයට ඔහු ජීවිතය රැගෙන ආවේය.

කාලය හා යුගය විසින් සියල්ල උඩු යටිකුරු කරද්දීත් සෝමවීරයෝ ඒ මහා ප්‍රවාහය හමුවේ නොසැලී සිය නිර්මාණ මෙහෙවර එයට එරෙහිව උඩුගම් බලා මෙහෙයවූහ. "වෙනත් රටවල ටෙලි නිර්මාණ කලාව පහළම තැනකින් පටන් අරගෙනයි ඉහළට ගියේ. අපේ රටේ මේ කලාව ඉහළම තැනකින් පටන් අරන් පහළටම ගියා." අපේ රටේ වර්තමාන ටෙලි නිර්මාණ කලාව පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවති සාකච්ඡාවකදී ඔහු සිත් වේදනාවෙන් කතා කළේය. ටෙලි නාට්‍ය රචනය පිළිබඳ එදා අප අතර පැවති එම සාකච්ඡාව ඔහුගේ නිර්මාණ ජීවිතයේ ඇරඹුම දක්‌වාම ගලා ගියේය.

"මේ කලාව අපට දායාද කළේ අපේ ආතා. මාත් එක්‌ක ගමේ පන්සලට ගිහින් මං ලවා සිල් ඇත්තන්ට ජාතක පොත කියෙව්ව ආතා කොළඹ ඇවිත් ටවර් හෝල් එකෙන් නාට්‍ය බලල ඒවා හිතේ තියාගෙන ගෙදර ගිහින් මටත් ගමේ අයටත් චරිත දීල නාට්‍ය හැදුවා. අපේ තාත්ත ළඟ තිබුණු ග්‍රැමපෝනයෙන් පැරණි ගීත අහන්න මට අවස්‌ථාව ලැබුණා. සමහර පැරණි ගීත අඩංගු එච්. එම්. වී තැටි මට ගෙනත් දුන්නේ ඒ කාලේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රැකියාව කළ පොඩි බාප්පා. ආතා හදපු නාට්‍යත් ග්‍රැමපෝනයෙන් අහපු ගීතත් මගේ ලේඛන කලාවට බලපෑවා."

ටෙලි නාට්‍ය රචනයත් සමගම පෙති ගෝමර චිත්‍රපටයේ තිර රචනය ලිවීමෙන් චිත්‍රපට තිර රචනා කලාවට අවතීර්ණ වූ සෝමවීරයන් සිය 12 වැනි චිත්‍රපට තිර රචනය ලෙස ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ අධ්‍යක්‌ෂණය කළ අම්මාවරුණේ චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිනමාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නියෑලුණේය.

"මගේ තිර රචනා ජීවිතයේ නොමැකෙන සිහිවටනය ලෙස්‌ටර් මහත්තය සමග වැඩ කිරීමයි."

ගිරය ටෙලි නාට්‍යය පිළිබඳ අප සෝමවීරයන් සමග කළ කතා බහක දී ඔහු සඳහන් කළේය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ සිනමාවේදියාණන් සහ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් පිළිබඳ සෝමවීරයන් සිය මතක අවදි කළේ දැඩි අභිරුචියකිනි.

"චරිත තුනක්‌ ටෙලි නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්. ඒක කරන්න අපි පේරාදෙණියට ගියා. එදා රෑ මමත් තිලක්‌ ගුණවර්ධනයනුත් අමරදේවයනුත් නිදාගත්තෙ එකම කාමරයක. නින්දට වැටුණු ගමන් තිලක්‌ ගොරවන්න ගත්තා. අපි දෙන්නම එළිවෙනකම් හිටියෙ අවදියෙන්. උදේ නැගිටපු තිලක්‌ 'නින්ද නම් ෂෝක්‌ නේද'යි අපෙන් ඇහුවා. අපි කතා නැතිව ඉන්නැද්දි 'ෂෝක්‌ ෂෝක්‌' කියාගෙනම මිනිහ එළියට ගියා. ඔහු දෙස බලා සිටි අමරදේවයන් 'ගෙරවිල්ලට රිද්මයක්‌ තිබුණ නම් එළිවෙනකන් වුණත් අහගෙන ඉන්න තිබුණා' යෑයි කීවේ එළිවෙන තුරු නොනිදා සිටීමට සිදුවීමටත් වඩා තිලක්‌ගේ ගෙරවිල්ලට රිද්මයක්‌ නොමැතිවීම ගැන කනගාටුවෙන්."

නොයෙක්‌වර අප මුණගැසුණු විට අප උපන් ගමේ අතීත සිදුවීම් සහ වර්තමාන සමාජ සිදුවීම් පිළිබඳ ඔහු කළ කතා බහ අප පුදුමයටත් සතුටටත් පත්කළේය. ඩී. එස්‌. සේනානායක පරපුර සමග අපේ ඥාතිත්වයක්‌ ඇතැයි වරක්‌ සිය නිවසේ දී ඔහු මා සමග පැවසීය.

"ඩී. එස්‌. සේනානායක මහත්තය අපේ ළඟම ඥාතියෙක්‌ කියලයි ආතා කියන්නෙ. එතුමාගේ පියාගේ පියාත් අපේ ආතගේ ආතත් එක කුස උපන් සහෝදරයෝලු. ආතගෙ ආත බෝතලේ වලව්වෙ අයට නොගැළපෙන තක්‌කඩිකම් කළ හින්ද පවුලෙන් පලවා හැර තිබෙනවා. ඔහුගේ නම නෝනිස්‌ සේනානායක. අපේ නම්වලට නෝනිස්‌ නාමය ඇවිත් තියෙන්නේ එහෙමයි."

දේශපාලනය පිළිබඳ උනන්දුවක්‌ නැත්තේ මන්දැයි එවැනි අවස්‌ථාවක මම ඔහුගෙන් ඇසුවෙමි.

"ඔය ප්‍රශ්නය දවසක්‌ ටී. බී. ඉලංගරත්නයනුත් මගෙන් ඇහුවා. ඒ ළසඳා නවකතාව ගැන ලිපියක්‌ ලියන්න සාකච්ඡා කරන්න ගිය වෙලාවක. ඒ වෙනකොට ඉලංගරත්න ඇමතිවරයෙක්‌. දේශපාලනය ගැන මගෙ කිසිම උනන්දුවක්‌ නෑ කියල මම කිව්වා. මම මේ ඔබතුමා ළඟට ආවෙත් ඇමැතිවරයෙක්‌ ළඟට එන හැඟීමෙන් නෙමෙයි ලේඛකයෙක්‌ ළඟට එන හැඟ මෙන් කියල මම කිව්වම බොහෝම හොඳයි කියල ඔහු හිනාවුණා."

දේශපාලනය පිළිකෙව් කළ සෝමවීරයන් අපක්‌ෂපාතීව සිය අදහස්‌ නිරවුල්ව ප්‍රකාශ කරමින් නිර්මාණකරණයේ නියෑලුණේය. බෞද්ධ දර්ශනය සමග අත්වැල් බැඳගත් සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි පුරෝගාමී මෙහෙවරක නියෑලුණු සෝමවීර සේනානායකයන් මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි සිදුකරනු ලැබූ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශවීය සංඝ සභාව 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමය ඔහුට පිරිනැමුවේය.

නවකතාකරණයෙන් රූපවාහිනී මාලා ටෙලි නාට්‍ය රචනයටත්, ජනකතා සහ ජාතක කතා ඇසුරෙන් පාරමිතා සහ සිත නිවන කතා ලෙස ඒකාංග ටෙලි නාට්‍ය රචනයටත්, ඉන් අනතුරුව චිත්‍රපට තිර කතා රචනයටත් පිවිසි සෝමවීරයන් බෞද්ධ ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි නිර්මාණ රැසක්‌ බිහි කළේය. සිය ජීවිත කතාව වන අපි තවමත් සංසාරේ කෘතිය දශක හතරක්‌ ඉක්‌ම වූ ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ චාරිකාවේ අවසන් මංසලකුණ විය.

එම කෘතියේ අවසන් සෝදුපතත් රැගෙන ඔහු ගංගොඩවිල විශ්වවිද්‍යාලය අසල පිහිටි අප නිවසට පැමිණියේය.

"ඔක්‌කොම හරි..." සිය සුපුරුදු අවිහිංසක සිනහවෙන් මුව සරසාගත් ඔහු අවසන් සෝදුපත මේසය මත තබා ආලින්දයෙන් ඈත පෙනෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වහළ දෙස බලා සිටියේය.

"මගේ විශ්වවිද්‍යාල ජීවිතයත්, නිර්මාණ ජීවිතයත් පටන් ගත්තෙ මෙහෙන්. හැට ගණන්වල විඡේරාම හංදියේ මම මුද්‍රණාලයකුත් පටන් අරගෙන තිබුණ. නුපුරුදු දේවල් කරන්න ගිහිං බංකොලොත් වුණා. පුරුදු කලාව මිසක්‌ අපට වෙන දෙයක්‌ හරි යන්නේ නෑ"

ඔහු සෙමින් නිවසේ පියගැටපෙළ බැස්‌සේය. පසුදා උදයෙන්ම ඔහු ගියේ එදා කුඩා දරුවකු ලෙස ජාතක පොත හිසින් ගෙන තම ආතා සමග ගිය තම උපන්ගම වූ කුඩගම පන්සලේ ඔහුගේ බාල සොහොයුරු වෛද්‍යාචාර්ය පැරකුම් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ගේ ද උපකාර ඇතිව ඉදිකරන චෛත්‍යයේ කොත පැළඳවීමටය. තම ගතට දැනුණු කිසියම් අපහසුතාවක්‌ නිසා කොත පැළඳවීම සිය බාල සොහොයුරාටම පැවරූ සේනානායකයෝ ආපසු ආහ.

හෘදයාබාධයක්‌ වැළදී පසුදින රාත්‍රියේ ඔහු රෝහල් ගත කෙරිණි.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතය යන්ත්‍රයකට බාර කොට දින කිහිපයකින් යළි පියවි සිහිය ලද විගස 'මල්ලී, අපේ පොතේ වැඩ කොහොමදැයි ඔහු මගෙන් විමසා සිටියේය. ජීවිතය දිනාගත් මිනිසකුගේ රූපකාය ඒ මොහොතේ මම ඔහු වෙතින් දුටුවෙමි.

දෛවයේ තීරණයට කිසිවකුටත් පිටුපෑ නොහැකි බව දැඩි සේ විශ්වාස කළ සෝමවීරයෝ නිහඬ මුවින් හා නිසල දෙනතින් ඊට අවනත වූහ.

පාලිත සේනානායක
http://divaina.com/sunday/index.php/visheshanga2/4348-2018-06-15-05-44-28

ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට! කිළිනොච්චිය කඳුළින් තෙත් කළ ලුතිනන් කර්නල්

* ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට
* උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 15000 ක්‌ සිවිල් ආරක්‌ෂක බළකායට බැඳීම ස`දහා පෝලිමේ

ඉකුත් වර්ෂයේදී ජාතීන් අතර පැවතිය යුතු "සංහිඳියාව" පිළිබඳ කදිම ආදර්ශයක්‌ රට හමුවේ ප්‍රදර්ශනය වූ එක්‌තරා සිදුවීමක්‌ උතුරෙන් වාර්තා විය. යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ "විනිසුරු දැසින් " කඳුළු ගලනු දුටු රටම ඉන් කම්පනයට පත්වූ අතර විනිසුරුවරයාගේ සිත වෙඬරු පිඬක්‌ මෙන් උණුව යන්නේ තම ආරක්‌ෂකයා වූ සිංහල ජාතික පොලිස්‌ නිලධාරියාගේ අකල් මරණය වාවාගත නොහැකිව වූ තැනය.

 එය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව නැතැයි පවසමින් ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පෙත්සම් ලියන "කුක්‌කන්" හැර රටම සංවේදී කළ මොහොතක්‌ විය.

 එම සිදුවීම නිමාවට පත්ව මේ වනවිට කෙටි කලක්‌ ගතවී ඇත. ඉතිහාසය යළි යළිත් ප්‍රතිනිර්මාණය වන්නක්‌ය. ඒ බව සනාථ කළ තවත් සිදුවීමක්‌ ඉකුත් දිනක උතුරු ප්‍රදේශයෙන් වාර්තා විය. එය සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර නැතැයි යනුවෙන් ඇතැමුන් චෝදනා කරන "සංහිඳියාව" ඇතැයි යනුවෙන් ප්‍රදර්ශනය කළ ජීවමය දසුන් පෙළක්‌ වූ අතර එහි ඇති විශේෂය වන්නේ කලක්‌ කොටි මර්මස්‌ථානයක්‌ව පැවැති කිළිනොච්චිය ප්‍රදේශය මුල් කර ගනිමින් එම පුවත ලෝකය හමුවේ නිරාවරණය වීමය.

 ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තු නිලධාරියෙකු වන ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු වසර හයකට ආසන්න කාලයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව යාපනය, මුලතිව්, කිළිනොච්චිය ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කොට ස්‌ථාන මාරුවක්‌ ලබා එම ප්‍රදේශයෙන් නික්‌ම යැම මූලික කොට සංවිධානයක කර තිබූ උත්සව මාලාවක්‌ අතර එම සංවේදි දසුන් පෙළ දැක බලා ගැනීමට හැකිවිය.

 උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව විසින් සංවිධානය කරන ලද එම උත්සව මාලාව ජාතීන් දෙකක්‌ අතර මේ වනවිට පවතින "සංහිඳියාව" පිළිබඳ පරමාදර්ශයක්‌ බ`දු විය. ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව පිළිබඳ කම්පාවට පත්ව හඬා වැටුණ පිරිස අතර කලක්‌ ප්‍රභාකරන් යනු දෙවියකු යෑයි ඇදහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ දෙනෙක්‌ විය. පසු කලෙක එම දුර්මතයෙන් බැහැරවූ ඔවුන්ට ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු දෙවියකු බඳු පුද්ගලයෙක්‌ විය. ඔහුගේ වෙන්ව යැම උතුර- නැගෙනහිර පදිංචි ලොකු කුඩා කාගේත් සිත් සසල කළ සිදුවීමක්‌ බවට පවත්වන්නේ එබැවින්ය. එය මාධ්‍ය මගින් දැක බලා ගැනීමට බොහෝ දෙනකුට හැකි වූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සම්බන්ධව වැඩි වැඩියෙන් සමාජ කතාබහක්‌ ගොඩ නැඟීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. 

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය උතුරේ ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක්‌ දැයි මීට පෙර මෙම ලියුම්කරු ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට දැක ගැනීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඒ මීට මාස තුනකට පමණ එපිට එක්‌තරා දිනයකදීය. මාධ්‍ය සංචාරය සංවිධානය කරනු ලැබුවේ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය විසින්ය. එම සංචාරයේ අරමුණක්‌ බවට පත්ව තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශය මුල් කරගනිමින් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නඟා ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රට දැනුවත් කිරීමය. එහිදී උතුරු නැගෙනහිර ස්‌ථාන රැසක සංචාරය කිරීමේ අවස්‌ථාව උදාවූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු උතුරු නැගෙනහිර ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයකු ද යෑයි මාධ්‍යවේදීන්ට දැක බලා ගත හැකි විය.

ඒ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පමණක්‌ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 කට ආසන්න ප්‍රමාණයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තු භටයන් ලෙස රාජ්‍ය සේවයට එක්‌ව සිටි අතර ඉන් සියයට අනූවක්‌ පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් අතර කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව සිටි මරාගෙන මැරෙන බළකායට අයත් බොහෝ දෙනෙක්‌ වූ අතර කොටි ප්‍රාදේශීය නායක නායිකාවන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ තරුණ තරුණියන් ද ඒ අතර වූහ. ඒ වන විට ඔවුහු ලුතිනන් කර්නල් රත්නප්‍රියගේ නායකත්වය යටතේ ඒ වන විට රට සංවර්ධනයේ කොටස්‌කරුවන් බවට පත්වූ පිරිසක්‌ව සිටියහ.

 වසර 30 ක්‌ පුරා පැවැති යුද්ධයත් අවසන්ව වසර දෙක තුනක්‌ ගතවන්නට මත්තෙන් ජාතීන් දෙකක්‌ අතර හටගත් අමනාපකම් සමහන් කිරීම යනු තරමක්‌ බැරෑරුම් කරුණක්‌ය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු එම අසීරු අභියෝග උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සැබෑවක්‌ බවට පත්කළ මිනිසකු විය. ඔහු ජාතිවාදයේ "විස" උතුරු පොළොවෙන් අතුගා දැමූ යුද හමුදා නිලධාරියකු බවට උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව අතර මතයක්‌ ගොඩනැඟී ඇත්තේ එබැවින්ය. තත්ත්වය එසේ වූවද ඒ බව පිළිගැනීමට අකමැති ස්‌වල්ප පිරිසක්‌ද තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙති.

උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යනු ඉන් එක්‌ අයෙකි. ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන ඔහු ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් කඳුළු සැලූ කිළිනොච්චි වැසියන් කර ඇත්තේ බරපතළ වරදක්‌ බවකි. ඒ හරහා නිජ බිමක්‌ වෙනුවෙන් සටන් කොට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපහාසයක්‌ සිදුකළ බවට චෝදනා නගන සිවාජිලිංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඒ හරහා තවදුරටත් යුද හමුදාව උතුර නැගෙනහිර රැඳී සිටිය යුතු බවට කිළිනොච්චි වැසියන් විසින් ලෝකය හමුවේ වැරදි චිත්‍රයක්‌ නිර්මාණය කළ බවකි.

 උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාන්‍ය වැසියන් තේරුම් ගනිමින් සිටින "සැබෑව" පිළිබඳ නොතේරුම් සහිතව පසුවන සිවාජිලිංගම් ඇතුළු සුළු පිරිස සම්බන්ධව අපට ඇත්තේ කනගාටුවකි. තිස්‌වසරක්‌ පුරා පැවැති යුද්ධයේ කටුක බව පිළිබඳ මේ වන විට උතුරු නැනෙනහිර ජනතාව තුළ ඇත්තේ වෙනම මතයකි. ඔවුහු පටු ජාතිවාදී හැඟීම සහ අවස්‌ථාවාදී දේශපාලනයෙන් අත් මිදෙමින් සිටිති. සිවාජිලිංගම් ඇතුළු ජාතිවාදී ද්‍රවිඩ දේශපාලකයන් පවසන පරිදි ශ්‍රී ලංකාව යුද අපරාධ කරන ලදැයි පැවසෙන අභූත චෝදනා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ මුවෙන් පිට නොවෙති. ඔවුන් උස්‌ හඬින් ඉල්ලා සිටින්නේ නිදහස්‌ සාමකාමී ජීවිතයක්‌ පමණි. සිංහල ජාතියට අයත් යුද හමුදා නිලධාරියෙක්‌ වූ රත්නප්‍රිය සම්බන්ධයෙන් ඔවුන් හැඟීම්බර වන්නෙත් ඔහුට උපහාර දක්‌වන්නෙත් එබැවිනි. සිවාජිලිංගම් කුමන ආකාරයේ අදහස්‌ නිකුත් කළද ඉකුත්දා කිළිනොච්චියෙන් රට හමුවේ වාර්තාවන්නේ "සංහිඳියාව" පිළිබඳ කිසිවකුටත් බැහැර කළ නොහැකි ඇත්ත සිදුවීම් පෙළකි.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මේ වන විට වසර 29 ක රාජකාරි අත්දැකීම් සහිත යුද හමුදා නිලධාරියෙකි. ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර 10 ක්‌ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි. කලක්‌ සිවිල් ආරක්‌ෂක බළකා පුහුණු අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු නැවත සිවිල් ආරක්‌ෂක බළකා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, ඒකාබද්ධ අණදෙන නිලධරියා ලෙස පත්ව එන්නේ යුද්ධය අවසන්ව වසර තුනක්‌ ගතවීමත් සමගිනි. 2012. 09.13 වන දින එවකට සිවිල් ආරකAෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාව සිටි රියාර් අද්මිරාල් සරත් වීරසේකරගේ ඉල්ලීම පිට රාජකාරි කටයුතු භාර ගන්නා ලුතිනන් කර්නල්වරයා තමන් එතෙක්‌ දිනක්‌ සේවය කළ 53 වන සේනාංකය (මාන්කුලම්) සිට කිළිනොච්චිය බලා පිටත්ව යන්නේ ඔහු වෙත පවරණ ලද අභියෝග රැසක්‌ මහ පොළොව මත ඇත්තක්‌ බවට පත් කිරීමේ දැඩි අදිටනෙන් යුතුවය.

 ඒ වන විට යුද්ධය නිමාවට පත්ව ගතව තිබුණේ තෙවසරක්‌ පමණි. එම වකවානු යනු යුද්ධයෙන් බැටකන ලද සහ පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළිත් තම උපන් ගම් බිම් කරා නැවත පදිංචිය පිණිස පැමිණෙමින් සිටි අවදියකි. එවකට එම ප්‍රදේශවල දකින්නට ලැබී ඇත්තේ වසර 30 ක්‌ පුරා යුධ නායකත්වය විසින් මෙහෙයවන ලද ජනතාවත් නැවත සමාජ ගත කිරීමේදී ලබාදිය යුතු නායකත්වයේ රික්‌තකයකි. යුද බිම මෙන්ම සාමාන්‍ය සමාජය පිළිබඳ අවබෝධයකින් පසුවූ ලුතිනන් කර්නල්වරයා ඒ බව මනාව වටහාගනිමින් පළමුව කිළිනොච්චිය ප්‍රදේශයේ වැසියන් මුල්කර ගනිමින් නායකත්වයේ ගමනක්‌ අරඹන අතර එය නිමාවට පත්වන්නේ වසර 6 ට ආසන්න කාලයක්‌ පුරා පැවැති තම සේවා කාලය නිමාකොට වෙනත් ප්‍රදේශයක්‌ කරා ස්‌ථාන මාරුවක්‌ ලබා ඉකුත්දා එම ප්‍රදේශයෙන් පිටත්ව යැමත් සමගිනි.

 ඉහත සඳහන් කළ පරිදි අප එම ප්‍රදේශයන්හි සංචාරය කරන අතරතුර ලබාගත් තොරතුරුවලට අනුව ඔහු රාජකාරිය බාර ගන්නා අවදිය යනු එම ප්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජීවිතය මුළු මනින්ම අඩාල ව පැවැති අවදියකි. එහිදී ඔහු වෙත පැවරෙන ප්‍රධානතම වගකීම වන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පුනරුත්ථාපනය ලබන ලද ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනිමින් ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම පිණිස ඒ හරහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමය.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින් කිළිනොච්චිය දෙවන වරටද දිනාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ එතැන් සිටය. එය අසීරු අභියෝගයක්‌ වී ඇත. වසර 30 ක්‌ එල්. ටී. ටී. ඊ. යුද නායකත්වයක්‌ යටතේ දිවි ගෙවූ ද්‍රවිඩ වැසියන් හා රජය අතර සුහදතාවය වර්ධනය කිරීම එහි වූ පළමු අභියෝගය වී ඇත. මේ වන විට කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානය එකල හැඳින්වූවේ "කැස්‌ත්‍රො බේස්‌" යනුවෙන්ය. කොටි නායකයෙකු වූ කැස්‌ත්‍රෝගේ නමින් හැඳින්වූ එම ස්‌ථානය එකල තිබී ඇත්තේ මුළුමනින්ම සුන්බුන් ගොඩක්‌ බවට පත්වය. එවැනි තත්ත්වයක්‌ තුළ 2012.01.10 වන දින පළමු සිවිල් ආරක්‍ෂක භට කණ්‌ඩායම බදවා ගන්නා ලෙස කර්නල් රත්නප්‍රිය වෙත ඉහළ හමුදා නායකත්වය විසින් අණක්‌ නිකුත් කරන අතර ඒ වන විට උතුරේ ද්‍රවිඩ තරුණ තරුණියන් තුළ සිංහල ආරක්‍ෂක හමුදා කෙරෙහි තිබී ඇත්තේ සැක උපදවන සුලු හැඟීම් සමුදායක්‌ය. ඒ සඳහා හේතු වූ තවත් කාරණා රැසක්‌ද ඒ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ වන විට ගොඩනැඟෙමින් තිබුණ අවදියකි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාතිවාදී ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ විසින් විවිධ කටකතා පතුරවමින් සිවිල් ජනතාව ආරක්‍ෂක හමුදාවන්ගෙන් දුරස්‌ කිරීම පිණිස එවැනි කටකථා නිර්මාණය කොට තිබුණි.

 ඒ පිළිබඳව යම් වටහා ගැනීමක්‌ සිදු කරන ලුතිනන් කර්නල් රත්නප්‍රිය දින කීපයක්‌ ඇතුළත එම ප්‍රදේශවල ජනතාවගේ ආගම සංස්‌කෘතිය, කලාව, ආචාර ධර්මයන්, විශ්වාසයන් සහ ඇදහිලි පිළිබඳ අධ්‍යයනයක්‌ සිදුකර ඇති අතර ද්‍රවිඩ ජනතාව දෙවන වරටත් දිනා ගැනීමේ දෙවැනි මෙහෙයුම අරඹා ඇත්තේ ඒ පදනම මතය. පැය 72 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව 2012/09/18 වන දින ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් සමන්විත පළමු සිවිල් ආරක්‍ෂක බළකා භට පිරිස බඳවා ගන්නා ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් පිරිසක්‌ද ඇතුළත් කරගෙන ඇත්තේ මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඔවුන් සමඟ කළ කථා බහක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඒ අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ කැස්‌ත්‍රෝ බේස්‌හි අලුතින් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට සමත් වන රත්නප්‍රිය ඇතුළු එකල රාජකාරියේ නිරතව සිටි ආරක්‍ෂක භට පිරිස්‌ තම පළමු උත්සාහය සාර්ථකව නිම කර ඇත්තේ තිබිය යුතු අවම පහසුකම් පවා අහිමි තත්ත්වයක්‌ තුළය.

 සැකබිය පහව ගිය වටපිටාවක්‌ තුළ ද්‍රවිඩ වැසියන් යළි නඟා සිටුවීමේ මෙහෙයුම ආරම්භ කළද එකල විවිධ බලපෑම්වලින්ද අඩුවක්‌ තිබී නැත. රාජ්‍ය නොවන සංවිධාන යම් යම් ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් දේශපාලන සංවිධාන තුළින් විවිධ අභියෝග ඉදිරිපත් වන්නට ගන්නා අතර ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රධාන අභියෝගය වී ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකා හමුදාවන් වෙත උතුර නැගෙනහිර ද්‍රවිඩ තරුණ තරුණියන් සිය දෙනෙකු බඳවා ගන්නා ලෙසය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඇතුළු එම පළාතේ රාජකාරී කළ ආරක්‍ෂත අංශයන්හි ඉහළ නිලධාරීන්ට එය තව දුරටත් අභියෝගයක්‌ බවට පත්වී නැත. ඒ සඳහා පෙරමුණ ගනු ලබන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින්ය. ජනපදනම ගොඩනැඟීමට පෙර ජන මනස ජයගත යුතු බව තරයේ විශ්වාස කළ ඔහු පළමුව උතුරු නැගෙනහිර ජනතාවගේ මිතුරකු බවට පත් වන්නේය.

 රාජකාරී ගිනි අවිය පසෙකින් තබන හේ කළු පැහැති අව් කන්නාඩි යුගලයකින් ඝන දිප්ත වර්ණ ඇඳුමින් සැරසී ජනතාව අතරට යන අතර ඒ හරහා ඔහු ද්‍රවිඩ ජාතිකයන් සමඟ ගොඩනඟා ගෙන ඇත්තේ දැඩි මිත්‍ර සමාගමකි. ඒ හරහා එතෙක්‌ කලක්‌ ආරක්‍ෂක හමුදා කෙරෙහි ද්‍රවිඩ වැසියන් තුළ පැවැති අමනාපකම අමතක කරවන ලුතිනන් කර්නල්වරයා අප එහි සංචාරය කරන ලද අවදිය වන විට පමණක්‌ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන් 3500 ට ආසන්න සංඛ්‍යාවක්‌ සිවිල් ආරක්‍ෂක බලකායට සම්බන්ධ කර ගැනීමට සමත්කම් දක්‌වා තිබුණි. ජලය විදුලිය, දුරකථන පහසුකම් ආදී කිසිවකින් තොරව ආරම්භ කරන ලද සිවිල් ආරක්‍ෂක බළකා කිළිනොච්චි මූලස්‌ථානය අද වන විට අංග සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයක්‌ සහිත බළකා මූලස්‌ථානයකි. මෙහි ලියා තැබිය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ මේ වන විට උතුර නැගෙනහිර පිහිටි රාජ්‍ය ආයතන අතර ජනප්‍රියම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත්තේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බවකි.

 අපි එහි සංචාරය කළ අවස්‌ථාවේ ඒ බව මනාව දැකගත හැකි වූ අතර සමස්‌ත කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයත් මුලතිව් හා යාපනය යන දිස්‌ත්‍රික්‌ දෙකත් මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති රාශියකි. මේ වන විට එම කටයුතු බළකා අණ දෙන නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඒ වන විටද මෙහෙයවන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි.

 මේ වන විට මුලතිව් සහ කිලිනොච්චි සිවිල් ආරක්‍ෂක බළකා මුලස්‌ථාන මුල්කොට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතීන් අතර තල් අල, රටකජු, රබර්, උක්‌, වී ගොවිතැන, පළතුරු සහ එළවළු මුල් තැනක්‌ ගන්නා අතර එක්‌ කන්නයකදී පමණක්‌ ඉන් රජයට උපයා දෙනු ලබන ආදායම රුපියල් මිලියන ගණනකි. එහි අස්‌වනු සරුවන්නේ කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව වෙනම රටක්‌ පැතූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ දහදිය මහන්සියෙනි.

 ඊට අමතරව එම දිස්‌ත්‍රික්‌ මුල් කරගනිමින් ආරම්භ කොට ඇති විශේෂ ව්‍යාපෘතින් රාශියක්‌ද වේ. ඒ අතරින් මූර්ති නිර්මාණය, අත්කම් නිෂ්පාදන, රූපලාවන්‍ය වැඩසටහන්, අභ්‍යාස පොත් නිෂ්පාදනය, මැහුම්, ගෙතුම්, බ්ලොක්‌ ගල්, පපඩම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ත්ව පාලනය, ආහාර ඇසුරුම් කරණය ප්‍රමුඛ වේ. මේ සියලු කටයුතු හරහා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යහපත් ඉසව්වක්‌ කරා රැගෙන යැමට නායකත්වය සපයන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි. ඊට අමතරව වඩාත් යහපත් අනාගතයක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පෙර පාසල් අධ්‍යාපනය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක සාර්ථක වැඩ සටහනකි. ගත වූ වසර පහ තුළ පමණක්‌ ඉන් පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද දරු දැරියන් සංඛ්‍යාව හැට දහසකි. ඔවුන් සියල්ලන්ම මේ වන විට ශ්‍රී ලාංකික ජාතික කොඩිය හා ජාතික ගීය හඳුනන පිරිසක්‌ බවට පත්ව සිටිති.

 මෙම සියලු සාර්ථක ප්‍රයත්නයන් පිටුපස ශ්‍රී ලංකා යුධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවත් සිටින අතර ඒ සඳහා එම ආයතන දෙක මගින් ලබාදෙනු ලබන අනුග්‍රහය වෙසෙසින් අගය කළ යුත්තකි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෙම වෙහෙසකර වෑයම උතුරු නැගෙනහිර මහ පොළොව මත යථාර්ථයක්‌ බවට පත්කළ පෙරගමන් කරුවෙකි.

රුවන් ජයවර්ධන
http://divaina.com/sunday/index.php/main-news/4382-2018-06-15-13-38-50