Pages

Sunday, May 26, 2019

සහරාන්ලා බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡ ඉගැන්වීම මතයි... අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමටයි! අපිඑදා කියූ දේවල් ඇහුවානම් සහරාන්ලාට මේරටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරාගන්න ලැබෙන්නේනැහැ...


සාකච්ඡුා කළේ - සිරිමන්ත රත්නසේකර
 
  * මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ

  * අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි

  * මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක භික්‍ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ.
 
  * කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි

  * උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික, පාරම්පරික සහෝදර මුස්ලිම් ජනතාවත් අප ආරක්‍ෂා කරගත යුතුයි.
 
  * මුස්ලිම් සමාජයට එක ගල් පහරක් හරි එල්ල කළොත් එය අප ලබන පරාජයක් බව කිව යුතුමයි. අන්තවාදීන් සුළු පිරිසක් කරන කටයුතු නිසා මුළු මුස්ලිම් සමාජයම පීඩාවට පත්කළ යුතු නැහැ.
 
  * අපි එදා ඉඳන් කෑගසා කියූ දේවල් ඇහුවා නම් සහරාන්ලාට අද මේ රටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරා ගන්න ලැබෙන්නේ නැහැ.
 
නව මසක සිර ගත ජීවිතයකට ගුලි කරන ලද චීවරයක උරුමය පසුගිය බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නිදහස් විය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිර ගත වන්නේ ජාතිය උදෙසා ගෙන ගිය විසල් අරගලයට වන්දියක් ලෙසය. උන් වහන්සේ හඬ අවදි කරන මොහොතේ, නින්දා අපහාස උපහාස තොග ගණනින් උන් වහන්සේ වෙත පෙරලූ සමාජයට, පාස්කු ඉරිදා පෙරළා ලැබුණු දඬුවම සුළු පටු නොවීය. එදා උන් වහන්සේට ගැරහූ සමාජයම පෙරළා උන් වහන්සේට වන්දනා මාන කරන්නට වූයේ එදා උන් වහන්සේ දේශනා කළ සත්‍යය ඇස් මානයේ දිස් වන්නට වූ නිසාය. තවුහිද් ජමාත් අන්තවාදය පිළිබඳව ඥානසාර හිමියෝ වදාළ බර සාර සත්‍යය උන් වහන්සේට උරුම කරන ලද්දේ සිර බතය. එසේ වුවත් එහි වන්දිය ජාතියක් ලෙස අප තවම ගෙවා අවසන් නැත.
 
උන්වහන්සේ වදාළ සත්‍යයම, උන්වහන්සේ හිර ගෙදරින් නිදහස් කරන ලෙස ඉහළට බලපෑම් කරනා ධර්මායුධය විය. සමාජයෙන් ලැබුණු බලපෑම මතම උන් වහන්සේ නිදහස් වීමෙන් අනතුරුව රුක්මලේ ධර්ම විජයාරාම විහාරස්ථානයට වැඩම කළේය. ඉන් අනතුරුව එළැඹුණු මධ්‍යම රාත‍්‍රියේදී උන්වහන්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග පැය කිහිපයක් කතා බස් කළහ. මේ පළ වන්නේ ඒ කතා බහය.
 
 
  අවසරයි හාමුදුරුවනේ...!
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේව මුණගැසෙන්නේ මාස නමයකට පසුවයි. එම මාස නමය ගැන ඇත්තටම මොකද හිතෙන්නේ?
 
  පිළිතුර - ඒ මාස නමය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් කළා වගේ. ඒ මාස නවය තුළ ඉගෙන ගත්ත දේවල් බොහෝයි. අපගේ ඉදිරි ඉලක්ක, අභියෝග ජයගන්න සුදුසු වාතාවරණයක් දැන් ගොඩනැ`ගී ඇති බවයි මාගේ හැ`ගීම. පසුගිය මාස නවයේ ලැබූ අත්දැකීම් අති විශාලයි. බන්ධනාගාරය තුළදී නිලධාරීන්, සිරකරුවන් ඇතුළු සියලූ දෙනා හිමිනමකට එහි වාසය කරන්න අවශ්‍ය වාතාවරණය සකසා දුන් බවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.
 
  ප‍්‍රශ්නය - මේ තරම් කෙටි කාලයක් තුළ ජනාධිපති සමාව ලැබේ යැයි ඔබ වහන්සේ විශ්වාස කළාද?
 
  පිළිතුර - මගේ හදවත දන්නවා මම වරදක් කළාද, නැද්ද කියලා. මගේ හදවතේ විශ්වාසයක් තිබුණා සිදුවී ඇති වරද ජනාධිපතිතුමා නිවැරදි කරාවියැයි කියා. 2015 සිට 2018 නොවැම්බර් වනතුරු අවස්ථා ගණනාවකදී මාව බන්ධනාගාරගත කරනු ලැබුවා. මට වැටී ඇති මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ. රටටත්, දැයටත්, සමයටත් එල්ල වූ අභියෝගවලට අභියෝගයක් වූ නිසයි ඒ නඩුහබ සියල්ල වැටී තිබුණේ. මේ සියලූ ගැහැට ඒ රට වෙනුවෙන් කටයුතු කිරීම නිසයි. අපට තිබෙන්නේ වීර යති පරපුරක ඉතිහාසයක්. අපි කතා කරන්නේ ඒ මහා කැපවීම් කරපු ඒ වීර පරපුර ගැන. වර්තමානයේ බොහෝ අය රට වෙනුවෙන් වැඩ කරන්නේ කටින් විතරයි. කැප කිරීම් කරන්න කවුරුත් නැහැ. නමුත් ඒ කැපකිරීම් අපි නොපිරිහෙලා ඉටු කළා. ඒ කැපකිරීම්වලට ලැබුණු දායාදය මේ දුක් ගැහැට තමයි.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ මානසික ඇදවැටීමකට ලක්වී ඇති බවයි පේන්න තිබෙන්නේ?
 
  පිළිතුර - නැහැ, කිසිසේත් නැහැ. ප‍්‍රශ්න පැමිණියා කියා, ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා කියා අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි. පසුගිය කාලසීමාව තුළ මට ඉතා හොඳින් ආත්ම පරීක්‍ෂාවක් කරගන්න ඉඩප‍්‍රස්ථාව ලැබුණා. ඉදිරි ගමනට එය හොඳ ශක්තියක් වේ යැයි මම විශ්වාස කරනවා. මට වැරදුනු තැන්, මට වරද්දපු තැන් මා සමග සිටි යාළු මිත‍්‍රයෝ විපතේදී, සැපතේදී මා සමග සිටි මිත‍්‍රයෝ, වංචාකාරයෝ, අවස්ථාවාදියෝ කවුද, කල්‍යාණ මිත‍්‍රයෝ කවුද යන්න මේ කාලසීමාවේදී හොඳින් දැනගැනීමට මට අවස්ථාවක් ලැබුණා. මේ කිසි දෙයක් ගැන මට කිසිදු කනගාටුවක් නැහැ. ඔබ මගෙන් ඇහුවේ ජනාධිපති සමාව මෙතරම් ඉක්මනට ලැබෙයිද කියායි. මට විශාල විශ්වාසයක් තිබුණා මොනයම් වෙලාවක හෝ මට නිදහස හිමිවේවි කියලා. මම තුන් හිතකින්වත් වරදක් කරපු භික්‍ෂුවක් නොවෙයි. මට සිරගතවෙන්න සිදුවුණේ රටේ තිබුණ ප‍්‍රශ්නයක් ගැන කතා කිරීම නිසයි. මම කිව්වේ බුද්ධි අංශ දුර්වල කරන්න එපා කියලයි. එම ඉල්ලීම රටේ සියලූ ජනතාව උපනූපන් සියලූ දෙනා, සතා සිව්පාවා ඇතුළු සියලූ දෙනා ගැන සිතා කළ අහිංසක ඉල්ලීමක්්. මේ ලෝකේ සත්‍ය කියල දෙයක් තිබෙනවනම්, දෙවියන් වැඩ ඉන්නවනම්, තුනුරුවන් වැඩ ඉන්න මේ වගේ රටක නායකයන්ට අපි වගේ හාමුදුරු නමක් නිදහස් කරන්න සම්මා චිත්තාව පහල වෙන්න ඕනෑ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඇත්තටම මට හිතෙන්නේ ඒ සත්‍යය ජයග‍්‍රහණය කළා කියලයි.
 
ප‍්‍රශ්නය - ඔබ වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය ගැන ඔබ වහන්සේට සිතෙන්නේ කුමක්ද?
 
  පිළිතුර - මාව නිදහස් කිරීමට එතුමා ගත් තීරණයට එරෙහිව ජනාධිපතිතුමාට නොයෙකුත් පැතිවලින් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇතැයි මා විශ්වාස කරනවා. එම බලපෑම් මුස්ලිම් සමාජයටත් වඩා සිංහල යැයි සම්මත සිංහල දේශපේ‍්‍රමීන් යැයි කියා ගනිමින් පෙනී සිටින කණ්ඩායම්වලින් එන්න ඇතැයි මා විශ්වාස කරනවා. ‘ඔය හාමුදුරුවන්ව එලියට දාන්න එපා ජනාධිපතිතුමා, මොනව හරි දෙයක් වුණොත් වගකීම ගන්නේ කවුද ජනාධිපතිතුමා, ඔය හාමුදුරුවෝ එලියට ඇවිත් මොනව කරයිද දන්නෑ ජනාධිපතිතුමා’ වගේ දේවල් මේ කට්ටිය කොච්චර ජනාධිපතිතුමාට කියන්න ඇත්ද? ඔවුන් මාව නිදහස් නොකිරීම සඳහා මොන තරම් මතවාද ගොඩනැ`ගුවාද? මාව දේශපාලන පාපන්දුවක් කරගැනීම සඳහා කොච්චර නූල් සූත්තර ඇද්ද? මේ වගේ කකුලෙන් ඇදීම් රැසක් හමුවේ තමයි මේ ජනාධිපති සමාව මට ලැබී තිබෙන්නේ. පෙනෙන හතුරාට වඩා නොපෙනෙන හතුරා බොහෝ බලවත්ව කටයුතු කරමින් සිටින බව සිහිපත් කරන්න කැමැතියි.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ ඞීල්කාරයෙක් යැයි ප‍්‍රබල චෝදනාවක් පසුගිය සමයේ එල්ල වුණා.
 
  පිළිතුර - අපිට මොන තරම් චෝදනාවන් එල්ල කළාද? අපි ඞීල්කාරයෝ කිව්වා. අපි නෝර්වේවලින් සල්ලි ගත්තා කිව්වා. අපි ගෝඨාභයගේ මිනිස්සු කිව්වා. තවත් සමහරෙක් අපි රනිල්ගේ මිනිස්සු කිව්වා. තවත් සමහරෙක් අපි චම්පිකගේ මිනිස්සු කිව්වා. සමහරු අපි මහින්දගේ කිව්වා. මේ වගේ නොකළ ගැරහීමක් නොකළ චෝදනාවක් නැහැ. අපි අඩුම ගානේ පන්සලේ ගොඩනැ`ගිල්ලක්වත් හදා නොගත් හාමුදුරුවෝ. හදිසියේ අපවත් වුණානම් මිනියවත් තියා ගන්න තැනක් නැහැ. අපි වැඩ කලේ පන්සල් හදන්න, දායකයන් හදන්න නොවෙයි. අපි හිතුවේ මුළු රටේම පන්සල්, මුළු රටේම දායකයෝ අපේම දායකයෝ කියලා. බුදු වදනක් තිබෙනවා ‘නත්ථි ලෝකෝ අනින්දිතෝ’ කියලා. එහි තේරුම මේ ලෝකේ නින්දා නොලබන්නෙක් නැති බව. මම භික්‍ෂුවක් විදිහට ලබන්න ඕන නින්දා අපහාස මේ වෙනකොට විඳ අවසන්. අපි රට වෙනුවෙන් කළ මෙහෙවර සඳහා කවුරුන් හෝ උදව් කළා නම් ඔවුන්ටත් එලව එලවා ගැහුවා. අන්තිමේදී අපිට ගහල ගහලා හිරගෙට ඇදල දාන්න දක්වාම ඔවුන් වැඩ කළා. මේ වෙලාවේ කියන්න ඕනා අපිව ඒ තැනට දැම්මෙත් සමහරු ඔය දේශපේ‍්‍රමීන් යැයි කියන අයම තමයි. අපි එදා ඉඳන් කෑගසා කියූ දේවල් ඇහුවා නම් සහරාන්ලාට අද මේ රටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරා ගන්න ලැබෙන්නේ නැහැ. අපි කිව්ව දේවල් ඇහුවනම් මිනිස් ජීවිත දේපළ ඉතුරු වෙනවා වගේම සහරාන්ලත් අඩුම තරමේ හිරගෙදරක හෝ ජීවත් වෙන්න ඉඩ තිබුණා. එදා අපි ඇත්ත කියනකොට දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා කොටස් කිව්වේ ඔන්න ඥානසාරලා බිල්ලො මවනවා කියලයි. දැන් මේ බොරු දේශපේ‍්‍රමියෝ මෙච්චර වෙලා අවසන්ව තිබියදී අපටත් වඩා දේශපේ‍්‍රමියෝ වෙලා කෑගහන්න අරගෙන තිබෙනවා. මේ මිනිස්සු ගැන මට තිබෙන්නේ කනගාටුවක් විතරයි. මේ සමාජයට මට කියන්න තියෙන්නේ කයිවාරු ගසා බතල හිටවලා වැඩක් නැහැ. අපි හදන්න ඕනේ කැපකිරීම් කරන්න පුළුවන් පරපුරක්. මේ සමාජය හොඳ තැනකට ගෙනෙන්න පුළුවන් වෙන්නේ එලෙස කැපකිරීම් කරන්න පුළුවන් පිරිසකට පමණයි. භික්‍ෂූන් වහන්සේලා දේශපාලනඥයන්ගේ වලව්වල වළං හෝදන්නේ නැතිව ඔවුන්ගේ එහෙයියන් නොවී දේශපාලනඥයන්ට වඩා උඩින් ඉඳගෙන ඔවුන්ට අනුශාසනා කිරීම තමයි කරන්න ඕනේ. මිනිසුන් එම වගකීම ඉටුකළොත් පමණයි අපට දණ්ඩ නමස්කාර කරනු ලබන්නේ. අපේ වගකීම වියයුත්තේ එයයි. මම එම වගකීම් හිසින් දරාගෙන වැඩ කළා. කිසිදු දේශපාලනඥයකුගේ සතයක වරදානයක් නොගෙන, කිසිවකුට යට නොවී වැඩ කරපු ඉතිහාසයක් අපට තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරිකයෝ තුන් හතර දෙනෙක් පිටරට සොච්චම් පඩියක් ගන්න අපේ දායකයන් අපට කරපු උපකාරයක් ඇරෙන්න අනෙක් බොහෝ දෙනා අපට කළේ අපේ කකුලෙන් ඇදීම පමණයි. බාධක අභියෝග මැද අපි කියූ සියල්ල අද සත්‍ය වෙලා තියෙනවා. මේ ව්‍යසනය නතර කර ගන්න බැරිවීම ගැන මට විශාල කම්පනයක් තිබෙනවා. දෙයක් වූ පසු කඳුළු සලා ඒ ගැන කතා කිරීම වීරත්වය නොවේ. සැබෑ වීරත්වය කියන්නේ ප‍්‍රශ්නයක් ඇති වෙන්න කලින් එය කල්තියා දැක ඒවා නොවෙන තැනට කටයුතු සම්පාදනය කිරීමයි.
 
  ප‍්‍රශ්නය - ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන අතකොලූවක් බවට පත්කර ගැනීම සඳහා ඔබ වහන්සේට ජනාධිපති සමාව දුන්නා කියා ඇතැමුන් චෝදනා කරනවා.
 
  පිළිතුර - මගේ නම ඥානසාර කියලා පමණක් මතක තියා ගන්න. කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි. අපිව හසුරුවන්න නොයෙක් අය ආව. එහෙම බැරිවෙච්ච සිංහ හම පෙරවගත්ත බැටලූවෝ තමයි අපිව මේ බොරු වළවල්වල දාන්නේ. අපිව පාරේ සරුංගල් කරන්න කාටවත් අපි ඉඩදෙන්නේ නැහැ. අපි ස්වාධීනව අපේ ගමන පැමිණ ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරනවා.
 
  ප‍්‍රශ්නය - දේශපාලනයට පැමිණීම සඳහා ඔබවහන්සේගේ අදහසක් තිබෙනවාද?
 
  පිළිතුර - අපි කවුරුත් කරන්නේ දේශපාලනයක් තමයි. හැබැයි අපි කරන්නේ ඓතිහාසික දේශපාලන වගකීමක් ඉටුකිරීම. එය පක්‍ෂ දේශපාලනයට අදාළ කරගන්න එපා. අපට ඉතිහාසය විසින් පවරපු රාජකාරියක් තිබෙනවා. ඒ රාජකාරිය කරන්න භික්‍ෂූන් වහන්සේලා බැඳී සිටිනවා. භික්‍ෂූන් වහන්සේලාගේ ඓතිහාසික කාර්ය භාරය පක්‍ෂ දේශපාලනය විසින් විනාශ කළා. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ. අපේ නායකයා බුදුහාමුදුරුවෝ බව බොහෝ භික්‍ෂූන් වහන්සේලා අමතක කර තිබෙනවා. එහි විපාකය තමයි අද අපි අත්විඳිමින් තිබෙන්නේ. ඉතිහාසයේ වීර යතිවරු අපට පවරපු කාර්යභාරය තමයි අපි මේ ඉටු කරමින් තිබෙන්නේ.
 
  ප‍්‍රශ්නය - ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස හිමි වුණා. ඇත්තටම ඔබ වහන්සේ නිදහස්ද?
 
  පිළිතුර - මෙහෙමයි.... මට තව නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. අපට එරෙහි බොහෝ සතුරු බලවේග තවමත් නිෂ්කී‍්‍රය වෙලා නැහැ. ඔවුන් පෙරටත් වඩා සක‍්‍රීය වෙලා තිබෙනවා. විඳිමින් සිටි සිරදඬුවම වෙනුවෙන් නිදහස හිමිවුවත් රට දැය සමය හමුවේ ඇති ප‍්‍රශ්නවලින් අපි නිදහස් නැහැ.
 
  මාව නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව පුද කිරීමට මෙය මා අවස්ථාවක් කර ගන්නවා.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේව නිදහස් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ‘පොලිටිකල් ගේම්’ එකක් කියලයි ඇතැමුන් චෝදනා කරන්නේ?
 
  පිළිතුර - මිනිස්සු මොනවද නොකියන්නේ? මිනිස්සු මේ සම්බන්ධයෙන් නොයෙක් දේවල් කියාවි. මාව නිදහස් කරවා ගැනීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා. කාදිනල්තුමා ඇතුළු අන්‍යාගමික පූජ්‍ය ප‍්‍රසාදීන්වහන්සේලා ඉල්ලීම් කළා. ඒ සියල්ල වගේම මේ රටේ බහුතරයක් මිනිස්සු මෙම දඬුවම සම්බන්ධයෙන් විශාල සාතිශය ආතතියක සිටියේ. මෙම කරුණු කාරණා සියල්ල අනුව තමයි ජනාධිපතිතුමා සුදුසු වෙලාවේදී සුදුසු තීරණය ගෙන ඇත්තේ. එතුමා ජනමතයට හිස නමා ඇති බවයි මාගේ හැ`ගීම. එතුමාට පැමිණි සියලූ අභියෝගයන්ට අභියෝගයක් වෙමින් ජනාධිපතිතුමා මා කෙරෙහි විශ්වාසය තබා නිදහස ලබාදී තිබෙනවා. ඒ විශ්වාසය මා රකිනවා වගේම රැකිය යුතුව තිබෙනවා.
 
  ප‍්‍රශ්නය - ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේදී ඔබවහන්සේව බැහැදැක සාකච්ඡුාවක් පවත්වා ඇති බව සඳහන් වෙනවා. ඇත්තටම එහිදී සාකච්ඡුා වුණේ කවරක්ද?
 
  පිළිතුර - අනපේක්‍ෂිත බෝම්බ ප‍්‍රහාරය හා රට තුළ ඇති ආතතිය පිළිබඳව සාකච්ඡුා කළා. ස්වර්ණ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා සේ මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බව මම එතුමාට සඳහන් කළා. ඔය ටික තමයි අපි සාකච්ඡුා කළේ. මෙම ප‍්‍රශ්නය දේශපාලන පාපන්දුවක් කරගත්තොත් අනාගත පරපුර අපට ශාප කරාවි. මේ රටේ සාම්ප‍්‍රදායික, ස්වදේශික, පාරම්පරික මුස්ලිම් ප‍්‍රජාව මෙම ප‍්‍රශ්නයට වගකිවයුතු නැහැ. වහබ්වාදී කඳවුර වෙන්කොට හඳුනාගෙන එය නිෂ්ක‍්‍රීය කළ යුතුයි.
 
  ඒ කඳවුර පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. එම කඳවුර නිෂ්ක‍්‍රීය කිරීමේ කටයුත්තට යම් ආකාරයෙන් සහය වීමට මට හැකියාවක් තිබෙනවා. මා එය කරන්නේ රට වෙනුවෙන්.
 
  ප‍්‍රශ්නය - රට තුළ මතුව ඇති ඉස්ලාම් වහාබ් ත‍්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් රජය මේවන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේට සෑහීමකට පත්විය හැකිද?
 
  පිළිතුර - සෑහෙන්න මට්ටමකට.... මේක අලූත් තත්ත්වයක්්. මේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය වගේ එකක් නෙමේ. ඔවුන්ට තිබුණේ දේශපාලන අරමුණක්. නමුත් මේක තනිකරම බිලි පූජාවක්. අපට නොපෙනෙන බලවේග රැසක් මේ මොහොතේ රටට බැහැලා තිබෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාකාරීව වැඩ කරන්න ඕනෑ. භයානක ත‍්‍රස්තවාදයක් පරාජය කළ උදාරතර හමුදාවක් සිටින රටකට මේ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් එතරම්ම බය වෙන්න ඕනේත් නැහැ. හේතුව නොනසා ඵලය නසන්න බැහැ. ප‍්‍රශ්නයක් වුණා. ජීවිත රැසක් නැතිවුණා. මේක දැකලා බොහෝ අය නහයෙන් අඬනවා. ශෝකය ප‍්‍රකාශ කරනවා. බැනර් දානවා. මේව කරලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. සහරාන්ල වගේ අය බිහිකරන න්‍යායාත්මක මතවාදය පරාජය නොකර මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. මේ නිසා අප කළ යුත්තේ හේතුව නසන වැඩපිළිවෙල හදන එකයි. මුස්ලිම් සමාජයට එක ගල් පහරක් හරි එල්ල කළොත් එය අප ලබන පරාජයක් බව කිව යුතුමයි. අන්තවාදීන් සුළු පිරිසක් කරන කටයුතු නිසා මුළු මුස්ලිම් සමාජයම පීඩාවට පත්කළ යුතු නැහැ.
 
  ප‍්‍රශ්නය - නමුත් ඔබ වහන්සේ මේ කියන මුස්ලිම් සමාජයම මීට පෙර පීඩාවට පත්කර ඇති බවට විරුද්ධ පාර්ශ්වයන් චෝදනා කරනවා.
 
  පිළිතුර - නැහැ. එය වැරදියි. වහාබ්වාදී අනතුර දුරතියා දැක ඒ අනතුර රටට කීමයි අප සිදුකළේ. ප‍්‍රබුද්ධ මුස්ලිම් සමාජයේ කොටස් සමග සාකච්ඡුා කර ඊට විසඳුම් සෙවීමයි අපි කරමින් සිටියේ. නමුත් එහිදී අපේ හෙඬ් ශබ්දය ගැන කතා කළා මිසක් ප‍්‍රශ්නය කුමක්ද යන්න කවුරුත් විමසා බැලූවේ නැහැ. මේ ප‍්‍රශ්නය ගැන කියන්න අපට මාධ්‍ය ඉඩදුන්නේ නැහැ. හැමෝම කළේ මාව වැරදිකාරයෙක් කර හංවඩු ගැසීම පමණයි. සහරාන් රටට පණිවුඩයක් ගෙනැවිත් තිබෙනවා. මේ සිදුව ඇති විපත්තිය සම්පත්තියක් කරගෙන නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමයි අප කළ යුත්තේ. උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික, පාරම්පරික සහෝදර මුස්ලිම් ජනතාවත් අප ආරක්‍ෂා කරගත යුතුයි.
 
  ප‍්‍රශ්නය - හොඳයි.... බන්ධනාගාරයෙන් නිදහස් වන මොහොතේ ඔබ වහන්සේගේ පැමිණීම මාධ්‍ය ඇතුළු බොහෝ පිරිසක් බලාපොරොත්තුව සිටියා. නමුත් ප‍්‍රධාන දොරටුවෙන් ඔබ වහන්සේ පිටතට වැඩම කළේ නැහැ. පස්සා දොරෙන් හොරෙන් පැනල යන්න වුණේ ඇයි?
 
  පිළිතුර - ඒ එකක්වත් මට තීරණය කරන්න පුළුවන් දේවල් නොවෙයි. මා යන්නේ කිනම් දොරටුවකින්ද යන්න මා දැන සිටියේ නැහැ. මට අවශ්‍ය තිබුණේ බන්ධනාගාරයෙන් එලියට බැසීම පමණයිි. මම හිතන්නේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබෙන්න ඇති කියලයි. දුර බැහැර ගෙවාගෙන මාව බැහැ දැකීමට පැමිණ සිටි සෑම සියලූ දෙනාටම හිස නමා මා ආචාරය පුදකර සිටිනවා. මගේ නිදහස් වීම වැළැක්වීමට බොහෝ කණ්ඩායම්වලට අවශ්‍යව තිබුණා. ඒ නිසා මෙවැනි ආරක්‍ෂක ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කළා වෙන්නට පුළුවන්.
 
  ප‍්‍රශ්නය -

  බන්ධනාගාරයෙන් පිටතට වැඩම කළ ඔබ වහන්සේගේ පළමු රාජකාරිය වුණේ අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට යෑමයි. එහිදී උන්වහන්සේ සමග සිදුකළ සාකච්ඡුාවේදී ‘මට හොඳටම මහන්සියි’ යැයි ඔබ වහන්සේ සඳහන් කළා. ඉන් අදහස් වන්නේ ඉදිරි කටයුතුවලින් ඈත් වෙනවා කියලද?
 
  පිළිතුර - ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම, බලයට ඇති කෑදරකම, අරමුණට අවංක නොවීම, දේශපාලනඥයන්ගේ කොන්ත‍්‍රාත් ඉටුකිරීම පිළිබඳව මාහට විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා.
 
  ප‍්‍රශ්නය - ඔබවහන්සේ කලකිරිලද සිටින්නේ?
 
  පිළිතුර - ඔව්... ඇත්තටම විශාල කලකිරීමක් තිබෙනවා. මොකටද මේ ජාතියට තවත් කරලා කියලා. අපි මහන්සි ගත්තේ මිනිස්සු හදන්න. අපි කිසිදු දේශපාලනඥයකුගෙන් අබමල් රේණුවක වැඩක් කරගෙන නැහැ. නිස්සරණාධ්‍යාසයෙන් ගමක් ගමක් ගානේ

  ගොස් බණක් කියලා ලැබෙන දෙයක් පිරිමහගෙන ඒ තරම් පරිස්සමින් වැඩකරපු මටයි මේ පහර දුන්නේ. ඇත්තටම මම නිසා මේ දේවල් ඉවසුවා. ඒ සඳහා සංසාරෙන් ගෙනාපු ශක්තියක් මට තිබුණා. ඇත්තටම දැන් වෙලාවකට හිතෙනවා මේ ජාතියට කරපු දේවල් ඇති කියලා.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ මේ ඓතිහාසික කාර්යභාරයෙන් ඈත්වෙන්නද යන්නේ?
 
  පිළිතුර - නැහැ. මෙයින් මිදිලා යන්න බැරිකමක් මට තිබෙනවා. වහාබ්වාදී අනතුර සමනය කර ගැනීමට මට දෙන්න පුළුවන් දේ උපරිමයෙන්ම දෙනවා. කොතරම් මහන්සි වුණත් කොතරම් කලකිරීමක් තිබුණත් එය කරන්න ඕනෑ යැයි පෙළඹවීම මාගේ හද පතුලේ තිබෙනවා. එය කොතරම් යටපත් කරන්න හැදුවත් මේ රටේ දරුපැටවු ගැන උපනූපන් පරපුර ගැන මතක් වෙද්දී ඒ කරුණාව මට තියෙනවා.
 
  ප‍්‍රශ්නය - බොදුබල සේනාවේ ඊළ`ග පියවර කුමක්ද?
 
  පිළිතුර - අපිට තිබෙන්නේ එක අරමුණයි. මේ රටට එක නීතියක් ගෙනෙන්න ඕනෑ. 2012 මැයි 07 වැනිදා පටන්ගත් බොදුබල සේනාවේ අරමුණු තවදුරටත් එලෙසම තිබෙනවා. ඒ අරමුණු ජයග‍්‍රහණයෙන් කෙළවර කිරීමට කළයුතු කැප කිරීම් සියල්ල කරන්න අප සූදානම්.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේලා කිවූ සියලූ දේ අද ඇත්ත වී තිබෙනවා. මෙවන් මහා විනාශයක් කළ සහරාන් පිළිබඳ ඔබ වහන්සේට තරහක් තිබෙනවාද?
 
  පිළිතුර - කිසිදු වෛරයක්, තරහක් ඔහු පිළිබඳව නැහැ. මේ පංචස්කන්ධයක් පිළිබඳව කිසිදු වෛරයක්, තරහවක්, ක්‍රෝධයක් අපිට නැහැ. හැබැයි ආගමේ නාමයෙන් මිනී මරන්න දෙන්න බැහැ. එය උන්මත්කයි. සහරාන්ල බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡු ඉගැන්වීම මතයි. හේතුව නොනසා පුපුරන එක නවත්වන්න බැහැ. අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමට.
 
  ප‍්‍රශ්නය - මේ ඇතිවී තිබෙන තත්ත්වයට වගකිවයුත්තන් කවුද?
 
  පිළිතුර - දේශපාලනඥයෝ සියල්ලෝම මේකට වගකියන්න ඕන.
 
  ප‍්‍රශ්නය - ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනකුටත් එල්ල වී ඇති චෝදනා බැහැර කරන්න බැහැ.
 
  පිළිතුර - ඇත්තටම මුස්ලිම් දේශපාලනඥයෝ පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. සහරාන්ල ගැනත් හරිනම් සතුටු වෙන්න ඕන. වැරදි වුණත් ඔවුන්ගේ ආගම වෙනුවෙන් කැපවෙන්න මිනිස්සු ඉන්නවා. මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් කැපවෙන දේශපාලනඥයෝ ඉන්නවා. නමුත් අපි වෙනුවෙන් කැපවෙන දේශපාලනඥයෝ ඉන්නවද? මේ ප‍්‍රශ්නයේදී අපේ දේශපාලනඥයෝ හැසිරෙන විදිහ කොතරම් පිළිකුල් සහගතද? මෙතරම් ව්‍යසනයක් සිදුව තිබියදීත් ප‍්‍රතිපත්තියක් හදාගන්න අපේ කට්ටිය එක තැනකට එකතු වෙනවද? අපේ එකෙකුට එකෙක් නැහැ. මොන කාලකණ්ණිකමක් ද මේ. අපේ උන් මෙහෙම කුලල්කා ගනිද්දී දෙමළ, මුස්ලිම් නායකයෝ ගැන අපි සතුටුවෙන්න ඕන. තමන්ගේ ජාතියට වැඩ කරන්න ඕනේ කොහොමද කියලා ඔවුන්ගෙන් අපි ඉගෙන ගන්න ඕන.
 
  ප‍්‍රශ්නය - ඉස්ලාම් වහාබ්වාදී අනතුරෙන් රටට ගැලවීමක් තිබෙයිද?
 
  පිළිතුර - වහබ්වාදී අනතුර කියන්නේ පිළිකාවක්. මේ පිළිකාව දැන් අපිට වැළඳී අවසන්. මෙය සියයට සියයක් දැන් නැති කරන්න කොහොමත් බෑ. මෙය අපට පාලනය කර ගැනීම පමණයි දැන් කිරීමට ඉතිරිව තියෙන්නේ. 2011 දී මෙය වැළඳෙන බව අපි රටට හඬගා කීවා. එදා ක‍්‍රියාත්මක වුණානම් ඊට උත්තර සොයන්න තිබුණා. මුස්ලිම් සමාජයට නිකරුණේ තඩිබා ඔවුන් අන්තවාදය දෙසට තල්ලූ නොකළ යුතුයි. මුස්ලිම් සමාජයට සිංහල මහා සමාජයෙන් වෙන් වෙන්න නොදී තබාගත යුතුයි.
 

http://divaina.com/sunday/index.php/main-news/9912-2019-05-24-09-23-64

0 comments: