Pages

Sunday, May 26, 2019

මුස්ලිම් ඇමැති බලපෑම් එපා...! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු; ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!


* අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති... ආචාර්ය ගොඩගම මංගල නාහිමි

එදා අතීතයේ උඩරට සිංහලයේ අවසන් රාජධානිය අවස්ථා කිහිපයකදීම විදේශීය බලවේගයන්ට නතුකොට ගත නොහැකි වූයේ සිංහල බෞද්ධ ආගමික බැඳීමේ සහ එවකට විසූ සියලූ ජාතීන් අතර තිබූ එකමුතුකම නිසාය.
 
  1812 සිට 1815 දක්වා කාලයේ කන්ද උඩරට අවසන් රාජධානියේ දිසාවේ මහාධිකාරම්ලා සහ රජු අතර විරසකය ඇති කළේ ජෝන් ඩොයිලි ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ජාතිකයින්ය. සිංහල ජනතාව සැමවිටම එකමුතුව පන්සල සමග බද්ධ වී සිටින බවත් සංඝයා වහන්සේලාගේ අනුශාසනා උපදෙස් ලබන බවත් දැන ගත් ජෝන් ඩොයිලි කූට ලෙස රජු සංඝරත්නයේ උපදෙස් ප‍්‍රතික්ෂේප කොට තීරණ ගන්නා තැනට උපක‍්‍රම යෙදුවේය. සිංහල භාෂාව උගත් ජෝන් ඩොයිලි උඩරට රදලයින් අතර බේද භින්න ඇති කළේ එකිනෙකා පරයමින් වහසිබස් හා කේලාම් කීමෙනි. ඒ අන් කිසිවකටත් නොව බල තණ්හාව සහ පාලනය සියතට නතු කර ගැනීම පිණිසය. එ පරිදි ඉතිහාස යළි වත්මන ප‍්‍රතිනිර්මාණය වී ඇත්තේය.
 
  එදා ඉංග‍්‍රීසින්ට යටත්ව උඩරට පාවා දුන් සිහලූන්ට අද සිදුව ඇත්තේද නායකයින්ගේ අධම තීරණ සහ විදේශීය බලවේගයන්ට නතුවීම මත ජාතිය පාවා දෙන්නටය. වක‍්‍රව සිදුවන මෙම ජාතික ව්‍යසනය පිළිබඳව අවබෝධයෙන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමින්වහන්සේ, අමරපුර මහා නිකායේ උත්තරිතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ සහ ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ මහානායක නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ සිව් නම එක්ව ඒකමතික තීරණයෙන් ඒකාබද්ධ නිවේදනයක් මගින් ප‍්‍රකාශ කොට සිටියේ, සියලූ ආගමික ජාතික සමගිය සමාදානය තහවුරු වනසේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයන් සතු බලවත් වගකීම වුවද, බලය මුල්කර ගනිමින් ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමේ චේතනාවෙන් එම පිරිස් කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවය. මෙම තත්ත්වය ඉස්මතු වන මුල් කාල වකවානුවේදීම රටේ පාලකයින්ටත් නායකයින්ටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේලා විසින් උපදෙස් අනුශාසනා ලබා දුන් නමුත් ඒ කිසිදු උපදෙසක් නෑසූ කනින් හුන් පාලකයින්ට අද සිදුව ඇත්තේ වෙනත් බලවේගයන්හි අතකොලූවක් බවට පත්ව සිටීමට බවද උන්වහන්සේලා අවධාරණය කර තිබිණි. අ¥රදර්ශීව ක‍්‍රියාකරන වත්මන් පාලකයින්, පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව එහි වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය නීතියේ සාධාරණත්වය තහවුරු කරනු වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණ. නිසි කලට නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් යළි ඇති වීමට හේතු වී ඇත. මෙය රටට උචිත තත්ත්වයක් නොවේ. දැන් සිදු කළ යුතු වන්නේ, රටේ ජාතික සමගිය ඇතිකරනු පිණිස කටයුතු කිරීමයි...” යන්ත ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා සිව්නම ඒකමතිකව ප‍්‍රකාශ කොට ඇත්තාහ.
 
  අතීතයේ පටන් ශ‍්‍රී ලංකාද්වීපයේ පාලකයින්ට උපදෙස් අනුශාසනා දෙමින් රට සමෘද්ධිමත් කරනු වස්, කටයුතු කළ මහා සංඝරත්නය කළ එම ප‍්‍රකාශය ද සුසැදිව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ රටේ වත්මන් තත්ත්වය විග‍්‍රහ කරමින් මෙසේ පැවසූහ.
 
  ”ශී‍්‍ර ලංකාද්වීපය පාලනය කරන වත්මන් පාලකයින් හට අද වන විට පෞද්ගලික අවශ්‍යතා ඇති තරම් ඇත. දැනට ජනපතිට සහ අගමැතිට අවශ්‍යව ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයක් ලංකාවේ බිහිකිරීමට ඇති ඉඩකඩ අහුරාලීම නොව, ප‍්‍රතිත‍්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය වාතාවරණයක් සකසා ගැනීමටය. එය ජාත්‍යන්තරයට වී ඇති පොරොන්දුවකි. ඒ මගින් ජාතිමාමක සහ දේශමාමක සංවිධාන මර්දනය කරමින් ජාත්‍යන්තරයට අවශ්‍ය කුමන්ත‍්‍රණ මෙරට ක‍්‍රියාත්මක කිරීමට පසුබිම සැකසීමක් සිදුවන්නේය. ඒ මගින් මෙම දේශපාලනඥයන් අදහස් කරන්නේ එවැනි කුමන්ත‍්‍රණ තත්ත්වයන්ගෙන් පසුව, ඇමරිකාවේ අවශ්‍යතා ඉටු කළ විට තමන්ට යාවජීව නායකත්වයක් ලංකාව තුළ සුරක්ෂිතව තබා ගත හැකි බවය. මේ පිළිබඳව යම් අවබෝධයකින් විමල් වීරවංශ, ප‍්‍රතිභා මහානාම, විජේදාස රාජපක්ෂ ආදීන්ට යම් කිසි අවබෝධයක් ඇතිව තිබෙන අතර ඉස්ලාමික් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට දැනට ඇති නීති ප‍්‍රමාණවත් බවක් ඔවුහු කියා සිටින්නේය. අගමැතිවරයා දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් ආකාරයටම ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට ද ඉඩ ඇත්තේය. ඒ අතර දැනට, පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රබල මුස්ලිම් නායකයින් ඉස්ලාමික ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයූ බවට තොරතුරු අනාවරණය වුවත්, ඔවුනට කිසිදු අවස්ථාවක දඬුවම් ලබා දීමට හෝ ඔවුනගේ තොරතුරු අධීක්ෂණය කිරීමට පරීක්ෂණ පැවැත්වීමට පියවර නොගත් බව පැහැදිලිය. ත‍්‍රස්තවාදයට කිසිදු සම්බන්ධතාවයක් නැති සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීමක් මේ වන විට සිදුව ඇති අතර, ත‍්‍රිවිධ හමුදාවේ නිසි නායකත්වයක් ඇති උදවිය මන්දෝත්සාහී කිරීමට විවිධ උපක‍්‍රම අනුගමනය කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බවට ජනතාව අතර කසුකුසුවක් ඇත. හේතු සාධක ඇතිව අත්අඩංගුවට ගත් ත‍්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමටත් ඇප ලබා දීමටත් කටයුතු දිගින් දිගටම සිදුවෙමින් පවතී. නැවත වතාවක් මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ බලපෑම වරින් වර සෘජුව හා වක‍්‍රාකාරව ඇති වන බව ද දක්නා ලැබේ. එමෙන්ම මුස්ලිම් අන්තවාදය පතුරවන උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් නියාමනයට විධිවිධාන සැලසීමට මුස්ලිම්වරුන්ටම භාරදී ඇති ආකාරය පැහැදිලිවම පෙනෙන්නේය. මෙයින් දක්නා ලැබෙන්නේ රටේ නායකයින් ජාත්‍යන්තර ඉස්ලාමයට යට වී තම පෞද්ගලික අභිලාශයන්ට අනුව කටයුතු කරන බවත් රටේ අනාගතයට ඉස්ලාමයට හැරවීමට අවශ්‍ය වන වාතාවරණය සම්පාදනය කරන බවත්ය.
 
  මෙය තේරුම්ගෙන ජාතියේ මුරදේවතාවුන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. ඒ උදෙසා භික්ෂුන් වහන්සේලා පෙනී සිටිය යුත්තේ පක්ෂය හෝ පුද්ගලයා හෝ පාටක් පක්ෂයක් ගැන හෝ සලකා බලා නොව රට ගැන සහ සිංහල ජනතාව ගැන සිතමින් පමණකි. ජාතියට රැකවරණය දිය යුත්තේ භික්ෂුව විසිනි. එහිදී දැනට පවතින භික්ෂු සංවිධාන පෞද්ගලික න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කිරීමට ගියවිට, ශක්තිමත්ව සංවිධානය විය හැකි ඉඩකඩ ඇහිරෙනු ඇත. මෙම සියලූම සංවිධාන එක් අරමුණකට හෙවත් සිංහල ජාතිය නගාසිටුවීමටත් බෞද්ධාගම ආරක්ෂා කිරීමටත් රටේ සුරක්ෂිත භාවය ඇති කිරීමටත් මතු අනාගත පරපුරට නිදහස් නිවහල් රටක් ඉතිරි කර දීමටත් අවශ්‍ය පසුබිම තනන ශක්තිමත් භික්ෂු නායකත්වයක් දැන් රටට අවශ්‍යව ඇති බව අවධාරණය කළ යුතු වේ. මහානායක හිමිවරු ප‍්‍රමුඛ ආගමික නායකයින්ට පැවරෙන වගකීම අතිමහත්ය. අප මුලින් කියා සිටි කිසිදු අනුශාසනාවක් ඒ පරිද්දෙන් කිව් පමණින් ප‍්‍රශ්න සියල්ල විසඳිය නොහැක. නායකයින් උපදෙස් අනුශාසනා නොඇසූ බව කියමින් අපට අත සෝදා ගත හැකි නොවන්නේය. නායකත්වයට ප‍්‍රබල අවවාද දිය හැකි ශක්තිමත් පවුරක් ලෙස සංඝයා වහන්සේලා පෙළගැසී සිටිය යුතුය. මෙය බෞද්ධ රාජ්‍යයක් බැවිනි.
 
  මහානායක හිමිවරුන්ට හිමි වන කාර්යය භාරය දැන් ඉදිරියට පැමිණ කටයුතු කිරීමය. මහානායක ස්වාමින්වහන්සේලා සියලූම සිංහල බලවේගයන් සම්බන්ධ කරගනිමින් නිවැරදි ප‍්‍රතිපත්තියක සිට රටේ අභිවෘද්ධිය උදෙසා අනුශාසනා කළ යුතුය. තනි තනිව නැගී සිටීමට ඉඩ නොතැබීමට කටයුතු කළ යුතුය.
 
  විවිධ සංවිධානවල ඇතැමුන්ගේ අරමුණු සහ ජනප‍්‍රියභාවය ඉස්මතු කරගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නේය. සුදුසු වන්නේ එය නොවේ සියල්ලන්ගේම එකමුතුකමය. සියලූම සිංහල බලවේග එක්වී කටයුතු කිරීම තරම් ශක්තිමත් පවුරක් තවත් නැති බව සෑම සියලූ දෙනාම අවබෝධ කර ගත යුතුමය. රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම පිණිස සිංහල බලවේගයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු වන්නේ එබැවිනි.
 
  එහි ආරම්භක පියවර ලෙස යථෝක්ත සංවිධාන ඒකමතිකව ගෙන පළාත් නායකවරු එක්තැන් කොට ජනතාව ප‍්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමට ඇති ඉඩ කඩ පළාත් පාලන වැඩ පිළිවෙලකට යා යුතු වන්නේය. බලලෝභී දේශපාලනඥයින්ට අද අවශ්‍යව ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයෙන් බලය ලබා ගැනීමට සහ බෞද්ධයින් ජාත්‍යන්තරයේ අවඥාවට ලක් කිරීමටය. ඊට මග පාදන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න ඇතුළු ඇතැම් ප‍්‍රබල යැයි කියාගන්නා මහජන නියෝජිතයින් පිටු දැකීමට දැන් මහජනතාව පෙළගැසිය යුතුමය. තරුණ සිංහල ප‍්‍රජාවගේ මනසට ඉස්ලාම් අන්තවාදීන් ඇතුල් කළ සිංහල සංහාරයෙන් සමූල ඝාතනයෙන් බිහිකරවන ඉස්ලාම් රාජ්‍යයක් යන සංකල්පයට විය යුතුය.
 
  මුස්ලිම් ජනතාව තුළ ඇති මේ මන:කල්පිතය ඒ සමාජයෙන් ඉවත් කිරීමට මුස්ලිම් ජනතාවට වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර සියලූම මුස්ලිම් ජාතිකයන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් නොවුණ ද ඔවුනට මුස්ලිම් රාජ්‍යත්වයක සිහිනයක් ඇති බව පෙනෙන්නේය. නීතිය ඒකාකාරී විය යුතුය. සැමට සමාන විය යුතුය. කැරලිකරුවන්ට ඇප ලැබෙන විට සිංහල සැකකරුවන්ට ඇප නොලැබෙන ක‍්‍රමවේදයක් සහ දස වසරක සිර දඬුවම් හිමිවන ක‍්‍රමයක් තුළ සිංහල ජනතාව අසරණභාවයට අද පත් කොට ඇත. ඔවුන් නිතරම සිතනුයේ, තම ¥ දරුවන්ගේ අනාගත ඉරණමය. ලිබියාවට සහ සිරියාවට සිදු වූ විනාශයත් බංගලාදේශයට සහ ඉන්දුනීසියාවට අත් වූ ඉරණමත් සිංහල ජනයා දැක ඇත්තේය.
 
  දිනෙන් දින හමු වන අවි ආයුධ හා ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ අයවළුන් පිළිබඳ මාධ්‍ය අවහිරතා හේතුවෙන් හිතාමතාමත් සිංහල ජනතාවට අසහනකාරී තත්ත්වයක් උදා කොට ඇති අතර, පාස්කු ඉරිදා ශෝචනීය තත්ත්වය විමර්ශනය කිරීමේදී ඇමරිකාවේ සම්බන්ධයන් පිළිබඳව තොරතුරු සහ නිර්නාමික ලිපි පැමිණීමත් දැනට සිටින තානාපතිනිය, සිටි සෑම රටකම ඉරණම ශෝචනීය තත්ත්වයට පත්වීමත් පිළිබඳව විමල් වීරවංශ කී තොරතුරු අප සුළුවෙන් තැකිය යුතු නොවේ. විදෙස් හමුදාවක් යටතට අප රට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොකිරීමට අවැසි වැඩපිළිවෙළක් සැකසීමේ වගකීම බලධාරීහු විසින් දැරිය යුතුය.
 
  ලිබියාවට සහ සිරියාවට අත්වූ ඉරණම අප තේරුම් ගත යුතු අතර බංගලාදේශයට සහ ඉන්දුනීසියාවටත් එහි බෞද්ධයින්ටත් අත්වූ ඉරණම අප සිහියේ තබා ගත යුතු වෙයි.
 
  ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරගැනීම ත‍්‍රස්තවාදි බෝම්බය ගැසූ දිනට පසුදින සම්බන්ධන් කියා සිටින්නේ වහාම අපට දුන් පොරොන්දු ඉටු කර දෙන ලෙසත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර දෙන ලෙසය. එම ඉල්ලීම සලකා බලා කමිටුව රැස්කරන අගමැතිවරයා පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ ඉටු කර දීම පිණිස කටයුතු කරන බවක් පෙනෙන්නේය. ඒ හැර ත‍්‍රස්තවාදී ඉස්ලාමික අන්තවාදය ඉදිරියට දමමින් කටයුතු කිරීම ලජ්ජා සහගත ය.
 
  මේ ලෝකයේ එකම දෙවියන් පමණයි සිටින්නේ ඒ අල්ලා දෙවියෝය යන ඔවුන්ගේ දැක්ම අප තරයේ අත්හළ යුතුය. අපේ පාලකයින් එහි අරුත වටහා ගත යුතුය.
 
  මේ සිදුවෙමින් පවතින්නේ මර්දනයකි. එය අද රටට සුදුසු ක‍්‍රියාදාමයක් නොවේ. ආරක්ෂක වැඩපිළිවෙළ මන්දගාමී ත‍්‍රස්තවාදීන් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේ තිබුණු තත්ත්වය සහ අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙමින් පවතින්නේය. ත‍්‍රස්තවාදීන් මෙල්ල කරනු වෙනුවට අද වරදක් නැති සිංහල බලවේග සහ සිංහල තරුණ කොටස් මෙල්ල කිරීමක් සිදුකරන බවක් පෙනෙන්නට ඇත්තේය. ඉන් යළි සිදුවන්නේ රටේ සාමය සමගිය ආරක්ෂාව නොසිතු නොවිරූ දිශානතියකට ගමන් කිරීමය. බල කාමයෙන් කටයුතු කරන බලධාරීන් දෑසේ බැඳ ඇති දැල දැන් ඉවත් කළ යුතුය. එසේ නොවන කල, මහමුහුදට එලන මාදැල ට හසුවූ මාළු රැල සේ, ලොකු පොඩි හොඳ නරක සියලූම මාළුන් දැලට හසුවන්නේය. ජීවිත අවදානමට ද නතු වන්නේය.
 
  අද පාලකයින් කළ යුතු වන්නේ එවැන්නක් නොවේය. ඉතිහාසයේ අපට වැරදුණු තැන් ආදර්ශයට ගෙන රට ගොඩනැගීමය. ජාතීන් අතර ආගම් අතර සමගිය ඇති කොට එකාවන්ව නැගී සිටීමට ශක්තිය ලබා දීමය. ඒ වෙනුවෙන් සර්ව සාධාරණ ක‍්‍රියා මාර්ග ගැනීමට පියවර ගැනීමය. එහෙත් අද පාලකයින් ගැත්තන් සහ ජාත්‍යන්තරයේ ඉත්තන් ලෙස කටයුතු කිරීම මත, ඉස්ලාමික බලවේගයක් මේ අවස්ථාවේ හිස ඔසවනු ඇත.
 
  මංගල සමරවීර මෙය බෞද්ධ රටක් නොවේ කියන කාරණය පිළිබඳව රටේ නායකත්වය පියවර ගත යුතුය. බෞද්ධ නායකත්වය ඔහු කැඳවා ප‍්‍රශ්න කළ යුතුය. එවන් නායකයින් ඉවත් කළ යුතුය.
 
  අගමැතිවරයාට ඕනෑ වී ඇත්තේ බලය රැකගැනීමේ අතිශය උවමනාවම පමණකි. ඔහුගේ අභිමතය පරිදි ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කර ගැනීම මත, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තේරුම් නොගත් එක් ප‍්‍රධාන කරුණක් ඇත. එනම් සිංහල ජනතාව පක්ෂ දේශපාලනයෙන් ඉවත් වීම ශීඝ‍්‍රයෙන් සිදුවන බවත් ත‍්‍රස්ත ක‍්‍රියාවන් හා සම්බන්ධ ස්ථාන හා මුස්ලිම් දේශපාලනඥයින් අතර මිත‍්‍රශීලීත්වය රටේ අනාගත ඉරණමට හානි කර බවත් ය. දැනට සිටින ඉහළ දේශපාලන නායකත්වය තම බලය රැකගැනීම ප‍්‍රමුඛකොට ගෙන ජාතිය පිළිබඳව නොතකන බවත් ජනතාව අවබෝධ කර ගෙන ඇත. එබැවින් රටට නිසි නායකත්වයක් ජනතාවට නොමැති බවත් සක් සුදක් සේ පැහැදිලි වී ඇත. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් සිදු වන්නේ එදා ඩොයිලි පසුපස ගිය කැප්පෙටිපොළට සිදු වූ පරිදි රට ද අතහැර යෑමටය. එසේ නැතිනම් ජීවිතයෙන් සමුගැනීමටය.
 
සමන්තී වීරසේකර

http://divaina.com/sunday/index.php/visheshanga1/9915-2019-05-24-15-29-5

0 comments: