Pages

Wednesday, September 12, 2012

අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?

අක්‌කරපත්තුව මොට්‌ටයාගල කන්ද ඉපැරණි පුදබිමේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු දාගැබක්‌ කිසියම් පිරිසක්‌ විසින් පසුගියදා ඩෝසර් යොදා මුළුමනින්ම විනාශ කර දමා ඇත.

ක්‍රිස්‌තු පූර්ව යුගයට අයත් යෑයි සැලකෙන විවිධ පුරාවස්‌තු මෙම දාගැබ ආසන්නයේ පිහිටි විශාල ගල්තලාවේ දැකගත හැකිව තිබිණි. ඩෝසර් කිරීමේදී ඒවාට ද බරපතළ ලෙස හානි සිදු වී තිබේ.

මේ අපරාධය සම්බන්ධයෙන් 119 ඔස්‌සේ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පසු දින අක්‌කරේපත්තුව පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ නමුත් මේ දක්‌වා කිසිදු පියවරක්‌ ගෙන නැතැයි අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් මහතා "දිවයින" ට පැවසීය.

මේ වන විට මෙම ඓතිහාසික පුදබිමේදී වී වගා කිරීමට සුදුසු බිම් සකස්‌ කර ඇති බවත් අක්‌කරපත්තුව යුද හමුදා කඳවුරට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු එම ස්‌ථානයට හමුදා ආරක්‍ෂාව යොදා ඇති බවත් සමන් මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී පුරාවිද්‍යා චක්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවසුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්‌ථානවලට විවිධ තර්ජන මේ කාලයේ එල්ලවෙමින් තිබෙන බවයි.

මූලාශ්‍රය - http://www.divaina.com/2012/09/12/news05.html

දෙවන ලිපිය -
සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම පාරේ සිට මෙම තැනට මීටර් හාර පන්සියයක්‌ ඇත. දැන් අපගේ යතුරුපැදි ගමන් කරන්නේ වී වගාවට බිම සැකසූ කුඹුරු හා නියරවල් උඩින්ය. බයිසිකල් දෙකම ආපු පැත්තට හරවලා තියන්න. තව ටිකෙන් අලි මෙතනට එනවා. ඈතින් අලින්ගේ කුංචනාදයක්‌ ඇසුණු සමන් පැවසීය.

කෝ කොතැනද ඩෝසර් කරපු දාගැබ තියෙන්නේ යනුවෙන් මම ඔවුන්ගෙන් විමසද්දී වී වගාවට තැනූ ලියෑදිවල නියර උඩින් ඔවුන් මා කැටුව මදක්‌ ඉදිරියට යන ලදී. අඩි දෙක තුනක්‌ උසට සැදූ නියරවල තිබුණේ ඉපැරැණි විවිධාකාර හැඩවලින් යුක්‌ත ගඩොල්ය. මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ සමන් පැවසීය. මාහට ඇස්‌ අදහාගත නොහැකිය. වසර සිය දහස්‌ ගාණක ඈත අතීතයේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ මුවින් නික්‌මුණු ධර්මය ශ්‍රවණය කරන එකල බොදු ජනතාව සාධු නාදයෙන් වන්දනා මාන කරන්නට ඇති දාගැබ් වහන්සේ හොරු අරගෙන ගොස්‌ ඇතිසේය. එය සිත්පිත් නැති මිනිසුන්ගේ ඩෝසර්වල තලයට හසුව ටිකෙන් ටික තල්ලු වී ගොස්‌ මුළුමනින්ම බිමටම සමතලා වී තිබිණි. ඒ දුටු අප දැඩි තිගැස්‌සීමට හා දැඩි වේදනාවකට පත්වුණි. මෙලෙස විනාශව ගොස්‌ ඇත්තේ හෙට දිනයේ පරපුරට දැකගන්නට තිබෙනා අපේ ඉතිහාසය නොවේදැයි අපට සිතුණි.

මෙන්න මෙතන තමයි දාගැබ තිබුණේ. මේ තියෙන්නේ බිම තිබ්බ ගඩොල් කැට ත්‍යාගරාජා අපට පැවසීය. එක්‌ පසෙක කඩා බිඳ දැමූ ගල් කරුවෙකි. දාගැබේ තිබූ විවිධ හැඩයේ ඉපැරැණි ගඩොල් තැන් තැන්හි විසිරී ඇත. මෙහි තිබුණු පස්‌ හා ගඩොල් යොදා නියරවල් සකසා වී වගාවට ලියෑදි 02 ක්‌ සකසා ඇත. දාගැබ්හි ධාතුන් තැන්පත් කර වසා දමා තිබුණායෑයි සිතිය හැකි ගඩොලින් සහ බදාමයෙන් සකස්‌ කළ පුවරුවක්‌ද දාගැබ තිබූ ස්‌ථානයේ සිට මීටර් 50 කට අධික දුරකට රැගෙන ගොස්‌ දමා තිබිණි. එම සෑරදුන් අසලින් ඉහළට එසවී තිබුණු තල්ගස්‌ දෙකද ඩෝසරයේ පහරින් ඉදිරී බිමට වැටී එකක්‌ නියරකට දමා ඇත. අනෙකද ඈතට ගොස්‌ දමා ඇත. තවත් කෙතරම් නම් ඉපැරැණි උරුමයන් මෙලෙස ඩෝසර් පාරට හසුව විනාශයට පත්වන්නට ඇත්ද? තවත් කෙතරම් නම් ප්‍රමාණයක්‌ මිනිසාගේ දෙනෙතින් වසන් කරලන්නට මෙම පස්‌ තලාවට ඔවුන් යටකරලන්නට ඇත්දැයි අපට ඒවා දකිද්දී සිතිනි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් වන අක්‌කරපත්තුව පදිංචි එච්. සමන් මහතා "දිවයින"ට අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. මම පසුගිය 31 වැනිදා පෝය දිනයේ මෙම මොට්‌ටයාගල දාගැබ අසලට පැමිණ ඡායාරූප ලබාගත්තා. නමුත් ඊට දින 03 කට පමණ පසුව මෙම ස්‌ථානයෙන් යනවිට මම දැක්‌කා මෙම ස්‌ථානයේ තිබ්බ තල්ගස්‌ නොමැති බව. මම බයිසිකලය නතර කර බලද්දී මට පෙනුණ මෙතන ඩෝසර් කරලා තිබෙන අයුරු. මමත් ත්‍යාගරාජාත් දෙදෙනා ඒ වෙලේ එතනට ගොස්‌ බලද්දී තමයි අහස පොළොව නුහුලන මෙම මහා විනාශය සිදුකර තිබෙන අයුරු දුටුවේ. පස්‌සේ 119 දුරකථන අංකයෙන් අම්පාර පුරාවිද්‍යා පොලිසියටත් දැනුම් දුන්නා. පස්‌සේ අක්‌කරපත්තු=ව පොලිසියෙන් හවස ගෙදරට ඇවිත් මාව මුණගැසී මාත් සමග මොට්‌ටයාගල මෙම ස්‌ථානයට පැමිණියද කළුවර වැටී තිබුණු නිසා එම ස්‌ථානය පරීක්‍ෂා කරන්න බැරිවුණා. මට පසුදා අක්‌කරපත්තුව පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ දාන්න කීවා. මම පසුවදා ගිහින් පැමිණිල්ලක්‌ දාන්න හදද්දී ඊට පසුවදා ජනාධිපතිතුමා අක්‌කරපත්තුවට එන නිසා පොලිසියේ නිලධාරීන් විවිධ වැඩ නිසා මට පැමිණිල්ලක්‌ දාන්න බැරි වුණා.

අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා. නමුත් දිගාමඩුළු පුරවරයේ තිබෙන මෙම උරුමයන් අපි රැකගන්න ක්‍රියා කළහොත් ඒවාට නොදෙවෙනි උරුමයන් අම්පාරේ තිබෙන බව ලෝකයට පෙන්වන්න පුළුවන්. මේවා ත්‍රස්‌තවාදී කලබල සමයේදීවත් විනාශ වුණේ නැහැ. යුද හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේවා ඒ කාලෙත් රැකීමට කටයුතු කළා. මිනිසුන්ද කොටින්ට බයේ වනාන්තරවලට නොයැම නිසාද මේවා ආරක්‍ෂිත වුණා. මේවා අතීත බෞද්ධ උරුමයන්. සද්ධාතිස්‌ස රජ කාලේ මේවා අස්‌වැද්දුවේ ඒකාලේ සිංහලයෝ. නමුත් මේවා සිංහලයෝ කළා කියලා කිසිම අයිතියක්‌ මෙහේ දැන් ඉතිරි වෙලා නැහැ. අක්‌කරපත්තුවේ බොහෝ සිංහල අය පසුගිය කොටි කලබල සමයේ මෙහෙන් ගොස්‌ නැවත යුද්ධය නිමාවීමෙන් පසුයි පැමිණියේ.

දැන් අපි මෙහි සිටින සිංහල පවුල් 100 ක්‌ එකතුකොට අක්‌කරපත්තුව සිංහල සංවිධානය පිහිටුවා මෙහි සිංහල ජනතාවගේ ගැටලු වලට විසඳුම් සෙවීමට සමිතියේ සභාපති වන ධනපාල මහතාත් සමග කටයුතු කරමින් සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර අතීත උරුමයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ඉපැරැණි පුරාවස්‌තූන් වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙන ලෙසයි යනුවෙන් සමන් මහතා වැඩිදුරටත් "දිවයින"ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් කවුරුන්ගේ වුවද ජාති භේද තුළ භේද නොමැතිව තමුන්ගේ සියලුම අතීත උරුමයන් රැකගත යුතුව ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් අම්පාර මානව හිමිකම් සංවිධානයේ දිස්‌ත්‍රික්‌ අධ්‍යක්‍ෂ එන්. ත්‍යාගරාජා මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

මෙය මුස්‌ලිම් කෙනෙක්‌ කළ බවට තහවුරු වෙනවා. කාගේ වුවත් ආගමකට ගරුකළ යුතුයි. ඕනෑම ආගමක හෝ ජාතියක උරුමයන් රැකිය යුතුයි. නමුත් මේ වාගේ බෞද්ධ උරුමයන් විනාශවීම නවතාලිය යුතුය. නැගෙනහිර පළාතේ සිංහල දෙමළ උරුමය විනාශ වී යනවා. සිංහල දෙමළ ගම්බිම් විනාශ වී යනවා. මින් ඉදිරියටත් ජනාධිපතිතුමා හරහා මෙවැනි විනාශයන් සිදුවීම වැළැක්‌වීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. මොට්‌ටයාගල පුදබිමට කර තිබෙන හානිය දකිද්දී ඉමහත් වේදනාවක්‌ ඇතිවෙනවා. අනාගත පරපුර වෙනුවෙන් අපි මේවා ආරක්‍ෂා කළයුතුව ඇතැයි එන්. ත්‍යාගරාජා මහතා අදහස්‌ දක්‌වමින් පැවසීය.

මූලාශ්‍රය - දිවයින





මූලාශ්‍රය - http://www.insidelanka.com/2012/09/wlalrmafo-bmerks-mqo-iul-odenla-fvdai.html


ඉරුදින ලිපිය -




3 comments:

Anonymous said...

එල් මේධෝ, දණ්ඩ තේරෙන්නේ ලෝක හොරෙකුට උස්ස උස්සා දීමේ විපාකය. බලාගෙන හිටපියවූ. බල ලෝභී ගන්කබරයා තම්බින්ට මුළු නැගෙනහිරම දීලයි පස්ස බලන්නේ.

Anonymous said...

can we start to write letters to all MPs to bring laws to curtail the spread of islam in Sri Lanka. This has to be done thru laws

Anonymous said...

"LOKKA KARUNATA PIN DEELA" ? PRABATA ? " GAHALA" DAN THAMBIYATA DOHOTH MUDUN DE WANDALA %%%% NAGENA HIRA BARA DENNA YANNE (PANAMA" NILAWELI" arugAMBE (NAvy) CAMP EKA THULA SADANA 5***** HOTALAYAY? THAWATH RAHASH DEWAL ETIRIKARA ) >>>>>>>>>>KUMAK>>>KARAMUDHA>>>>APE>>>KOND......pana NATHE JATIYAK???????????. MANDHA APA NIDAGENAMA ENNA NISA HRRRRRRRRRRRRRRRRRRRR .......TOOOOOOOOOOOOOS.