Pages

Wednesday, September 5, 2012

අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?

අන්‍යාගමිකකරණයට එරෙහි පනතට ඇතැමුන් මෙතරම් බය ඇයි? අන්‍යාගමිකකරණයට එරෙහි පනත මඟින් වළකනු ලබන්නේ බලෙන්, හුදු වරප්‍රසාද දීමෙන්, පුද්ගල භෞතික අවශ්‍යතා ඉලක්ක කරගනිමින්, ආගම ප්‍රචාරය කිරීම වැළැක්වීමයි.

මූලධර්මවාදී ක්‍රිස්තියානීන්/කතෝලිකයන්, මිල මුදල් සහ වෙනත් වරප්‍රසාද ලබා දෙමින්, මුසා බස් දොඩමින් දුප්පත් බොදුනුවන් (සහ අල්ප වශයෙන් හින්දූන්) තම ආගමට හරවා ගනු ලැබේ.

විවිධ මූලධර්මවාදී සංවිධාන නියෝජිතයෝ, අනුගාමිකයයෝ සහ ඒවා මත යැපෙමින් තම දිවි සරි කරගන්නෝ මෙම පනත සම්මත වීම වැළැක්වීමට තම පූර්ණ වෙර යොදති. මෙම පනත ගැන අවධානය යොමුකරන, බලධරයන්ගේ අවධානය යොමුකරවන භික්ෂූන්ට අපහාස කිරීමේ ක්‍රියා මාර්ගයක්ද අනුගමනය කරති. අති ගෞරවනීය අපවත් කල වදාල ගංගොඩවිල සෝම හිමියන්ටද අපහාස කරති. සෝම හිමි අපවත්කිරීම අදටත් අභිරහසකි. උන්වහන්සේ නිදා සිටි ජාතියක් අවධි කල සේක. ඒ නිසාම මූලධර්මවාදීහු උන්වහන්සේට අදටත් වෛර කරති.

තම කැමැත්තෙන් ආගම වෙනස් කිරීම තහවුරු වූ මිනිස් අයිතියකි. එහි කිසිඳු ප්‍රශ්නයක් නැත. මෙහිදී මතු කරනුයේ, මූලධර්මවාදීගේ මුතුන් මිත්තන් කල සේ, හුදු ලාභ ප්‍රයොජන අපේක්ෂාවෙන් ආගම බලෙන්ම වැළඳගැනීම වැළැක්වීමයි. මූලධර්මවාදීගේ මුතුන් මිත්තන්, ඉංග්‍රීසි ආණ්ඩුවෙ රක්ෂා, ඉංග්‍රීසි අධ්‍යාපනය වැනි වරප්‍රසාද වලට ආගම මාරු කලේ, ආගමේ හරය තේරුම් ගෙන නොවේ. දැනුදු NGO පිරිස්, අහිංසක දුප්පත් මිනිසුන්ගෙ බඩගින්න, සෙවණ, බෙහෙත් හේත් වැනි මූලික අවශ්‍යතා දඩමීමා කරගෙන අවිචාරවත් ලෙස තම ආගමට මිනිසුන් හරවා ගනිති. මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා වැළැක්වීමට අන්‍යාගමිකකරණයට එරෙහි පනත වැනි පනතක් අත්‍යාවශ්‍යය.

මූලධර්මවාදීනි, නුඹලා ඊට විරුද්ධ වන්නේ ඇයි? මේ නීච, නුසුදුසු ක්‍රම මඟින් ආගම පතුරුවන්නට උත්සාහ ගන්නේ ඇයි? සත්‍යයෙන්, තර්කයෙන් සහ බුද්ධියෙන් ඔබේ ආගම ප්‍රචාරය කළ නොහැකි නිසාද?

[
සබැඳි ලිපි -

බෞද්ධයන් අන්‍යාගමට හරවන ඉවැන්ජලිකල් කල්ලියක්‌
http://denethharinna.blogspot.com/2012/10/blog-post_14.html
NGO අන්‍යාගමික කරණයේ
http://denethharinna.blogspot.com/2013/03/ngo.html
රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට 'ගාමිණීපුර' පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා
http://denethharinna.blogspot.com/2013/03/10.html
මූලධර්මවාදී කණ්ඩායම් ඇවිත් ආදිවාසින් අන්‍යාගම්වලට හරවනවා - ආදිවාසි නායක
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2.html
]

0 comments: