Pages

Sunday, September 30, 2012

ඒ විරිය දනන්ට මූල්‍යමය ශක්තියක් වූ ශ්‍රේෂ්ට හෙළ දූ පුතුනි, ඔබට 'දෙනෙත්' හි ප්‍රණාමය!



රුදුරු ත්‍රස්ත ප්‍රහාර වලට ළය දී, මිනිස් පවුරක් ලෙස සිට, දිවි පරදුවට තබා, ත්‍රස්තයන් දකුණට සංක්‍රමණය වීම වැළක්වූවෝ ඔවුන්ය.

එකා පිට එකා තම ඥාති හිතවතුන් මැරෙද්දීත්, තම උපන් බිම් රැක ගත්, සිවිල් දන විරුවෝ ඔවුන්ය.

පලා යාමට වඩා, තම රුධිරය මව් බිමට පොහොර කර, උපන් බිමෙහි මරණය උතුම් ලෙස තෝරාගත් ඒ විශිෂ්ට මිනිසුන් ඔවුන්ය.

පලමු අදියර වශයෙන්, මුහුදු මහ වෙහෙර ප්‍රදේශයේ දිරිය දනන් සවිබල ගැන්වීමට 'දෙනෙත්' අපහටද දායක වීමට හැකි විණි.


ඒ විරිය දනන්ට මූල්‍යමය ශක්තියක් වූ දහඩිය මහන්සියෙන් උපයන රුපියල් වලින් හැකි පමණ ඔවුන් හා බැඳුනු ශ්‍රේෂ්ට හෙළ දූ පුතුනි, ඔබට 'දෙනෙත්' හි ප්‍රණාමය!

ඔබේ උත්තම පූජාවේ රූප පෙළහර දක්වා ඇති සැබැඳියෙන් ...

http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260?sk=photos_stream


නැගෙනහිර කියන්නෙ පෙර උඩරට රාජ්‍යයේ කොටසක්. සස්‍රීක කෘෂි පද්ධතියක් සහ පුළුල් ලෙස පැතිරුණු බොදු වෙහෙර විහාර සංකීර්ණ සහිත, රහතුන් වැඩසිටි ගල් ලෙන් සහිත, බොදු උරුමයේ සාක්ෂි බොහොමයක් ඇති ප්‍රදේශයක්. එල්ලාවල මේධානන්ද හාමුදුරුවො ලියපු, 'උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය' කියන පොතේ මේ ගැන සෙල්ලිපි, ඡායා රූප සහිතව, හොඳින් පැහැදිලි කරල තියෙනවා. යුද්ධයට පෙර, නැගෙනහිර පලාතෙ ඉඩම් වල අයිතියෙන් 50%කට වඩා තිබුනෙ සිංහලයන්ට. නමුත්, අද ඔවුන් ඉතා අසරණ වෙලා. ඔවුන්ගෙ උරුමය රැකගන්න නායකත්වය දෙන්න පෞර්ෂවත් සිංහල නායක පිරිසක් නැගෙනහිරින් බිහිකරගනිමු. නැගෙනහිර සිංහලයා තනි නොකර රැකගමු! ඔවුන්ට ශක්තියක් වෙමු! උවදුරකදී ඔවුන්වෙත ඉක්මනින් ලංවෙන්න, දිරිදෙන්න, ඔවුන් රැකගන්න වැඩපිලිවෙලක් හදමු!

ස්ථිර, ශක්තිමත් ක්‍රියාදාමයකට මුල පුරමු!  හෙළ විරු දරුවනි, ඒ සඳහා අප සමඟ සම්බන්ඳ වන්න.
deneth.harinna@gmail.com

දෙවන අදියර ලෙස, වැලිකන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දුප්පත්, අසරණ ඥාතීන් වෙත අපේ හඳ ගැස්මේ උණුසුම සේන්දු කරමු!


2 comments:

Anonymous said...

comant karanne natthe salli ellana nisane. ekawath therum ganna baha ane manda.

Anonymous said...

me wage deyayakata coment karanna kammali.....onna aye kothanaka hari bombayak pipuronoth::::::::ehemath nathinam oya gammane langa randila colombo 7 walata motar ekak hari ewwoth ;;;;;;;;;;;;onna ape geeme. nathnam ape rate kothanaka oya wage than tiyenawadha kiyala ape danne naha meya. onanam 20y20 ta salli ellanna ona ganak dennam mokada?????ape>>>>sri lankans>>la nisa