Pages

Saturday, May 25, 2013

ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලය

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් ගෙන් උදෑසනම දුරකතන ඇමතුමක්‌ ලැබුණි. එම පුවතින් මම දැඩිසේ කම්පාවට පත් වූවේය. එම පණිවිඩයෙන් දැනගැනීමට ලැබුණේ නිධන් සොරුන් විසින් නිධන් ගැනීම සදහා තවත් විශාල ප්‍රමාණයේ දාගැබක්‌ විනාශ කර ඇති බවයි. ආරංචියට අනුව තිරික්‌කෝවිල් පොලිස්‌ බල ප්‍රදෙශයේ සාගම වෙම්බිඅඩිකුළම් ප්‍රදේශයේ ඉපැරණී දාගැබක ගර්භය බි`ද දමා ඇති බවය. ඒ වන විට සමන් තිරික්‌කෝවිල් පොලීසියේ සේවය කරන බුද්ධි අංශ නිලධාරිවරයකු වන පො.සැ. (164119) ජයසේකර තිලකපාල සමගින් එම ස්‌ථානයට පිටත්ව ගොස්‌ තිබිණි.

මෙම වෙම්බිඅඩිකුළම් ප්‍රදේශය පිහිටා ඇත්තේ සාගම වැවට ඉහළින් මහ වන මැදය. පසුගිය යුධ සමයේ නම් මෙම ප්‍රදේශය අරක්‌ගෙන සිටියේ කොටි ත්‍රස්‌තවාදින් පමණකි. දැන් මෙම සාගම වැව ඉස්‌මත්තේ දිනපතාම වාගේ ගැවසෙන්නේ හරක්‌ බලනා මිනිසුන්ය. වනගත ප්‍රදේශයක්‌ බැවින් දවස පුරාම පාලුවට යන මෙම ප්‍රදේශයේ උරුමක්‌කරුවන් වන්නේ මහා වනාන්තරයේ ඔද තෙද පතුරනා හස්‌ති සේනාවන්ය. නමුත් ලැබුණුq තොරතුර මත සමන් සහ තිලකපාල එම ස්‌ථානයට සෙමින් සෙමින් ලං වූහ. ඉතා අසීරුවෙන් ඉදිරියටම පා ඔසවද්දී එක්‌ වරම එම දාගැබ දෙසින් ශබ්දයක්‌ ඇසෙන්නට විය.


ඒ සමගම ඇසෙනා මිනිස්‌ කට හඬවල් කිහිපයකි. ඒ පුරාවස්‌තු සොයනා
කාලකණ්‌ණි පිරිසකි. එතැන කීප දෙනෙක්‌ වූහ. ඔවුහු කිසිවෙකුට නොහැෙ`ගන පරිදි පොලීසියට දුරකථන ඇමතුමක්‌ දුන්හ. තිරික්‌කෝවිල් පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක උදයන තෙන්නකෝන් තම පොලිස්‌ නිලධාරින් සමගින් සිවිල් ඇ`දුමෙන් සැරසී එම ස්‌ථානයට ඉතා ඉක්‌මනින් පැමිණියේය. එහෙත් ඒ වනවිට අපරාධකාරයින්ට ඔත්තුව ලැබී තිබිණි.

සොරු තිබු බඩු මුට්‌ටුද අතහැර දමා පලා ගියහ. අලවංගු, බාල්දි, උදලු ඇතුළු උපකරණ රැසක්‌ පොලිසිය විසින් එම ස්‌ථානයේ තිබී අත්අඩංගුවට ගන්නා ලදි.

පොලීසිය එම ස්‌ථානයට යන විට මේ ඓතිහාසික දාගැබ්වහන්සේ සිත් පිත් නැති පුරා වස්‌තු කොල්ලකරුවන් විසින් මුළුමනින්ම වාගේ විනාශ කර දමා තිබුණි.

දාගැබේ මුදුනේ සිට අඩි 20 ක්‌ පමණ ගැඹුරට කළ කැණීමකි. දාගැබේ පිටත සිට ඇතුළට දාගැබ එක්‌ පසක්‌ දෙපලු වන්නට හාරා විනාශ කර ඇත. එයින්ද නොනවතිනු මේ කාලකණ්‌ණින් මෙම දාගැබ මැද සිට අඩි 15 ක පමණ දෝනාවක්‌ද හාරා තිබුණි. යුද්ධයෙන් අනතුරුව අප නැගෙනහිරදී දකින්නේ තිරිසන් පුරාවස්‌තු සංහාරයකි. පසුගිය වකවානුව පුරා ජීවමාන බුදුන් පුදන්නාක්‌ සේ බෞද්ධයාගේ වන්දනාවට ලක්‌වූ, සර්වඥ ධාතූන් වහන්සේලා නිධන්කොට උත්තම පූජාවට ලක්‌ කර සිංහලය එකෙළිකළ රජ දරුවන් විසින් නිර්මාණය කරන ලදුව පසුකාලීනව නටබුන්ව ගිය ඓතිහාසික දාගැබ් සියල්ලක්‌ම පාහේ මේ නින්දිත අපරාධකරුවන් පසුගිය කාලය තුළ ඩෝසර් කර විනාශ කර තිබුණි. මෙම දාගැබ මිනිස්‌ ශ්‍රමයෙන් හාරා තිබුණේ වන මැදට ඩෝසරයක්‌ ගෙන යැමට නොහැකි වූ නිසාය.
මෙම දාගැබ අවට ප්‍රදේශයේ මහා ඓතිහාසික වටිනාකමක්‌ සහිත පුරාණ ආරාම සංකීර්ණයක නටබුන් විසිරුණු පෙදෙසකි. එහි ඇති නටබුන් ප්‍රමාණය දුටුවන් තිගස්‌වන සුළුය. තැනෙක අඩි 12 ක්‌ පමණ දිගින් යුතු අඩි 05 ක්‌ පමණ පළලක්‌ සහිත විශාල ප්‍රමාණයේ ආසනයකි. එම ආසනය සහිත භූමියද පුරාවස්‌තු සංහාරකයින් විසින් හාරා තිබිණි. ආසනය පිහිටුවා තිබූ බව පෙනෙනා ගොඩනැඟිල්ලේ ශේෂ වූ ගල් කණු පාමුලද හාරා තිබුණි. දකින දකින පුරාවස්‌තු සහිත ස්‌ථාන හාරා තිබිණි. මේ කාලකණ්‌ණි සාගම පුරාණ පුදබිම මුළුමනින් හපකර දමා ඇති ආකාරය හදවත කම්පා කළේය.

දාගැබට මදක්‌ නුදුරෙන් පිහිටි ගල් තලාවක්‌ මත සෙල් ලිපියක්‌ සහ පිය ගැට පෙළක්‌ විය. පාදම් ගල් විසිරී තිබිණි. ඒ අතර මනරම් කැටයම් සහිත ගල් පුවරුවක්‌ විණි. දාගැබ ආසන්නයේ වන පියස තුළ නටබුන් වූ පුරාණ ආරාමික ගොඩනැඟිලිවල ශේෂ වූ ගල් කණු සිය ගණනක්‌ විසිර පැවතිනි. ඒවාටද අමතරව මෙම ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් පුරාණයේ විසූ මහා රහතුන්ගේ සොහොන් කොත් සහිත බිමක්‌ ඇතැයි පැවසිනි. මේ සියල්ල හුවා දක්‌වන්නේ පුරාණ සිංහල බෞද්ධයාගේ අප්‍රමාණ භක්‌තියේ ස්‌වරූපයය. හෙළ කලාකරුවා ජාතියට උරුම කළ වාස්‌තු උරුමයේ ප්‍රභාවය. ජන්මීය අවගුණය පිළිබ`ද සිහිගන්වනා කාලකණ්‌ණි පුරාවස්‌තු සංහාරකයින් විසින් ගොදුරුබිම් කොට ඇත්තේ මේ උත්තුංග පුදබිමය.

විසිරී ඇති සාධක අනුව මේ පුදබිම ක්‍රිස්‌තු පූර්ව යුගයට දිවෙන්නකි. එතැන සිට අඩුම තරමේ සියවස්‌ හයක්‌ මේ බිම්පෙත පුරාණ බොදුනුවන්ගේ වන්දනාවට ලක්‌ වී තිබේ. මෙහි ප්‍රකට වන බොහෝ මනරම් කැටයම් ක්‍රි . ව. 05 වන සියවස දක්‌වා අයත් පැරණි පුරා වස්‌තුවලින් යුක්‌තය. නැගෙනහිර පළාත් සහකාර පුරා විද්‍යා අධ්‍යක්‌ෂක ඩබ් .එච්. ඒ. සුමනරත්න පවසන ආකාරයට මෙය මාහැ`ගි පුරාවිද්‍යා උරුම භූමියකි. ඔහුට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ මීට පෙර ඩෝසර්කර විනාශ කළ දාගැබ නැවතත් ප්‍රතිසංස්‌කරණය කර ඇත. එහෙත් මේ වනවිට පවත්නා සම්පත් හි`ගය නිසා වහාම ක්‍රියාත්මක විය නොහැකි වුවද දාගැබ කේන්ද්‍රගතකොට මේ පුරාවිද්‍යා උරුමය සංරක්‌ෂණය කිරීමට කටයුතු කරන බව හේ පවසයි.

මේ අපරාධය සැලවන විට එම ස්‌ථානයට ප්‍රදේශයේ ප්‍රභූවරු පැමිණියහ. දිගාමඩුල්ල පුරවරයේ උරුමය රකින්නට පෙරමුණගත් අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, උතුරු නැගෙනහිර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‌ෂක, ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවල සෝමරතන හිමියන් ඇතුළු මහා සඟරුවන වැඩම කළහ. සිදුකර තිබෙන මහා විනාශයෙන් කම්පා වී අධිෂ්ඨාන පූජාවක්‌ද කළහ.

මේ මෑතකදී දිගාමඩුල්ලේ සිදුවූ දැවැන්තම කාලකණ්‌ණි අපරාධය නොවේ. මීට මාස කිහිපයකට පෙර අක්‌කරපත්තුව පොලිස්‌ බල ප්‍රදේශයේ මොට්‌ටයාගල ඓතිහාසික පුද බිම පා මුලවූ පුරාණ දාගැබක්‌ මුළුමනින්ම ඩෝසර් කර බිමට සමතලා කර තිබුණි. එම පිරිස අත් අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරින්ට කිසිදු උනන්දුවක්‌ තිබුණේ නැත. නමුත් මාධ්‍ය මගින් මේ පිළිබ`දව දිගින් දිගටම ප්‍රචාරය වීමත් සමගම එම දාගැබ ඩෝසර් කළ අය අත් අඩංගුවට ගන්නට පොලීසියට සිදුවිය. නමුත් අත් අඩංගුවට ගත් දාගැබක්‌ වැනසූ පාදඩයින් දෙදෙනාට ලැබුණේ රුපියල් 25,000 බැගින් වූ දඩයකි. එම දාගැබ සංරක්‌ෂණය කිරීමට වැයවන මුදල රුපියල් මිලියන ගණනකි. ඒ සංරක්‌ෂණය ස`දහා මේ වනවිටත් වැඩපිළිවෙලක්‌ නැත.

ඊට මාස දෙකකට පමණ පසු දුටුවන් කම්පා කරමින් තිරික්‌කෝවිල් ප්‍රදේශයේ දාගැබක්‌ ඩෝසරයක්‌ යොදා දෙපලු කර දමා තිබිණි. එහි තැන්පත් කර තිබුණු පුරා වස්‌තු ද සමග ඒවා රැගෙන ගොස්‌ සිටි සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුචට ගැනීමට අම්පාර විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ටත් අම්පාර පුරාවිද්‍යා විශේෂ විමරශන පොලිස්‌ ඒකකයේ නිලධාරීන්ටත්, තිරික්‌කෝවිල් පොලිසියේ නිලධාරීන්ටත් හැකියාවක්‌ ලැබුණා. නමුත් මේ කාලකණ්‌ණි සංහාරය මේ මොහොත වන විටත් ක්‍රියාත්මකය.

දිගාමඩුල්ලේ ඇත්තේ මහා බෞද්ධ උරුමයකි. ඒ උරුමය අනුරාධපුරය හා පොලොන්නරුව කේන්ද්‍ර කරගත් ජාතියේ ඓතිහාසික උරුමය තරම්ම මහත්ය. එපමණම පූජනීයය. එපමණම වටිනාකමක්‌ සහිතය. වරෙක අශ්රොෆ් ඇමැතිවරයා අම්පාර දිස්‌ත්‍රික්‌කයේa දේශපාලන නායකයාව සිටි අවදියේ දීඝවාපියේ පරිවාර දාගැබක්‌ ඩෝසර් කළ විට මේ රටම ඒ අපරාධයට එරෙහිව පෙළ ගැසුණේය. මේ මොහොත වනවිට ජාතිය උදෙසා වූ ඒ සංවේදන මිනිස්‌සුන්ගෙන් මැකී ගොස්‌ය. අම්පාර අවට මහා පුරාවස්‌තු කොල්ලය මේ ලියන මොහොත වනවිටත් ක්‍රියාත්මකය. මේ වනවිට බොහෝ ඓතිහාසික දැගැබ් දැදුරුවී හමාරය. එහි ගැබ් කර තිබූ උත්තුංග සර්වඥ ධාතූන්වහන්සේලා කාණු පල්ලේ දමා පුරාවස්‌තු සංහාරකයෝ කර`ඩු විකුණමින් සිටිති. නොබෝ දිනකින් මුළු දිගාමඩුල්ලේම උරුමය පිළිබ`දව වන ඓතිහාසික සලකුණු වියෑකී යනු ඇත. තවත් අඩසියවසක්‌ යනවිට දිගාමඩුල්ල පිළිබ`ද ලියෑවිය හැකි අලුත් ඉතිහාස කතාව ලියෑවෙන්නේ මේ ඓතිහාසක සාධක සියල්ල අතුගා දැමීමෙන් අනතුරුවය.

අප මේ රටට කියන්නේ මේ මහා ව්‍යසනය පුරාවස්‌තු සංහාරකයන්ගේ කොල්ලයක්‌ පමණක්‌ නොවන බවය. ක`ද බඩ සහිත තල්ගස්‌ සේ වැඩෙනා මුග්ධයන් ගැලරියට කරනු ලබනා සිල්ලර ප්‍රකාශ වලට සීමා නොවී ජාතියේ උරුමය රැකගන්නා ජාතික වැඩපිළිවෙලක්‌ දැන් මේ රටට අවශ්‍යය. එය දිගාමඩුල්ලෙන් අරඹෙනතුරු මේ රටට ආදරය කරනා මිනිසුන් බලාගෙන ඉන්නේය.

පූජ්‍ය කිරිඳිවල
සෝමරතන හිමිපාණෝ

මේ වන විට නැගෙනහිර පළාතේ දිනෙන් දිනම පුරා වස්‌තු විනාශ වි යෑම ඉතාමත් බරපතළ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. මේලෙස මෙම දාගැබ විනාශ කිරීම දුටු විට සැබැවින්ම අප කම්පාවට පත් වූවා. මීට පෙරද මෙලෙසම මෙම ප්‍රදේශය ආසන්නයේ මෙවැනි දාගැබ් දෙකක්‌ ඩෝසර් කර විනාශ කර දැමුවා. මාස කිහිපයක්‌ ඇතුළත මේ ආකාරයෙන් විනාශ කරන ලද තුන් වන දාගැබ මෙයයි. මෙලෙස මෙ මාහැඟි වටිනා පුරා වස්‌තු විනාශ කරන්න ගියොත් අනාගත පරම්පරාවට මේවා දකින්නට ලැබෙන්නේ නැහැ . අපට හැමදාමත් මේ ආකාරයෙන් මෙම පුරා වස්‌තු විනාශ කරන විනාශ කරන මොහොතක්‌ පාසා මේ ආකාරයෙන් විරෝධතාවයන් ප්‍රකාශ කර කර සිටින්නට නොහැකියි. එම නිසා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අපේ අතීත මුතන් මිත්තන් ලේ දහඩිය කඳුළෙන් ගොඩ නැගු මෙම උරුමයන් රැක ගන්නට දැන්වත් නිසි වැඩ පිළිවෙළක්‌ සකස්‌ කරනා ලෙසයි.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන්

මේ වන විට අපගේ අතීත උරුමයන් දිගින් දිගටම විනාශ වෙමින් තිබෙනවා. මේ පිළිබඳව බලධාරින් දැඩි අවධානය යොමුකළ යුතුයි. එය එසේ නොවුණහොත් තව නොබෝ දිනකින් අපට නැගෙනහිර අතීත උරුමය දකින්නට වෙන්නේ නැහැ. මෙම වනාන්තරවලට යට වෙලා තව කොපමණ නම් වෙහෙර විහාර දාගැබ් තිබෙනවාද? ඒවා කොපමණ නම් මේ වන විට විනාශ වෙලා තිබෙනවාද?. අපි මේ කිසිවක්‌ හරියටම දන්නෙ නෑ. අප සතුව නිවැරදි වැඩපිළිවෙලක්‌ තිබිය යුතුයි. මාසෙකට දෙකක්‌ තුනක්‌ දාගැබ් විනාශ වෙනකොට මේ උරුමයට මොකද වෙන්නෙ?. මේවා රැක ගන්නට පුරා විද්‍යා නිලධාරින් හා ඔවුනට ඇති ගැටලුවලට විසඳුම් ලබාදී මෙම උරුමයන් දැන් දැන්ම රැක ගැනීමට කාලය එළඹ තිබෙනවා.

සුසන්ත අමර බන්දු - විශේෂ ස්‌තුතිය, ගල්ඔය වැවිලි සමාගමේ ඉඳුනිල් විඡේසිංහ මහතාට

http://www.divaina.com/2013/05/26/feature01.html

[
සබැඳි ලිපි -
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසති
http://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
]

0 comments: