Pages

Wednesday, May 22, 2013

අනුරුද්ධ ප‍්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පළිගැනීමක් : ජපුර ආචාර්ය සංගමය

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකුවූ අනුරුද්ධ ප‍්‍රදීප් මහතා වසර අටක් තුළ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු අවසන් නොකළ බවට අසත්‍ය දින වකවානු ඉදිරිපත් කරමින් චෝදනා කරමින් සේවයෙන් නෙරපීම පැහැදිලි ලෙසම දේශපාලන උවමනාවක් මත පදනම් වූ පළිගැනීමක් බව අද දින රැස්වූ විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ විශේෂ මහා සභාව ඒකමතිකව තීරණය කළේය.

හිතා මතාම දින වකවානු විකෘත කිරීම, අධ්‍යයනාංශ ප‍්‍රධාන හා පීඨාධිපතිගේ නිර්දේශ නොතැකීම, පාලක සභාව උපකුලපතිවරයා හා ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශ යනාදිය සැලකීමේදී මෙම තීරණය පූර්ව සැලසුමක් මත කි‍්‍රයාත්මක වූ පළිගැනීමක් බව ඉතා පැහැදිලි වන බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.

අනුරුද්ධ ප‍්‍රදීප් මහතා වහාම යළි සේවයේ පිහිටුවීමට උපකුලපතිවරයාට සහ විශ්විද්‍යාලයේ පාලක සභාවට බල කිරීමටත් ඒ සඳහා ඔවුන්ගෙන් සුභදායක පිළිතුරක් නොලැබුණහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමටත් සියලූ සාමාජකයන්ගේ එකඟත්වය මත එම රැස්වීමේදී වැඩිදුරත් තීරණය විය.

May 22, 2013 at 8:36 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94587/

[
සබැඳි ලිපි -
සිහළ බොදු හඬ ජපුර පැතිරූ අනුරුද්ද ප්‍රදීප් උපකුලපතිගේ දංගෙඩියටhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_20.html
]

0 comments: