Pages

Wednesday, May 15, 2013

බෞද්ධ විහාරස්‌ථානවලට අපහාස කිරීමට ඇතැම් ගුවන් විදුලි නාලිකා පවා යොදාගෙන - සරණතිස්‌ස හිමි

"කතරගම ප්‍රදේශයේ දී බෞද්ධාගමට එල්ලවන තර්ජන වැඩිවෙලා

කතරගම ප්‍රදේශයේ දී බෞද්ධ ආගමට මෑත කාලයේදී දැඩි ලෙස තර්ජන එල්ලවෙමින් පවතිනවා. විවිධ පුද්ගලයන් මුදල් ගෙවා බෞද්ධ විහාරස්‌ථානවලට විවිධ අයුරින් අපහාස කිරීමට ඇතැම් ගුවන් විදුලි නාලිකා පවා උපයෝගී කරගෙන තියෙනවා යෑයි රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියෝ පැවැසූහ.

වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කතරගම නගරය හා පුදබිම අලංකාර කිරීම පිණිස ප්‍රදේශයේ විහාරස්‌ථානවලට අයත් විහාරාධිපතිවරුන් හා රාජ්‍ය ආයතන නිලධාරීන් හමුවේ සරණතිස්‌ස හිමියෝ මේ බැව් පැවසූහ. කතරගම ශාසන ආරක්‌ෂක බල මණ්‌ඩලයේ පැවැති රැස්‌වීමේදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේදී උන්වහන්සේ මෙම අදහස්‌ දැක්‌වීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමි, ආගම මුලට දමාගෙන ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ළමා නිවාස මේ වන විට ප්‍රදේශයේ සංස්‌කෘතිය, සාරධර්ම නැති කරලා තියෙනවා. කිතු දහමට පවා නිද්දා කරමින් කිසිදු ආගමකට නොමැති මෙම අන්තවාදීන් ළමයින් ලවා ඌරු මස්‌ කඩයක්‌ කරවූවා. එම ළමා නිවාසය පිළිබඳ මාධ්‍යවේදී දේවප්‍රිය මහතා ඉදිරිපත්වී රටට කරුණු හෙළි කළා. "දිවයින" පුවත්පතට මේ පිළිබඳව ස්‌තුතිය පුද කළ යුතුයි. කිතුණුවන්ද මෙම කූට ජාවාරම්කරුවන් පිළිබඳව සොයාබලා තම ආගමට සිදුකරන අවනම්බුව පිළිබඳ සොයා බැලිය යුතුයි.

මෙම අන්තවාදීන් කතරගම පවතින අඩුපාඩු රැසක්‌ පවතිත්දී විහාරස්‌ථාන මුල්කර ගනිමින් මිනිසුන් අසන්නේ නැති ගුවන් විදුලි මගින් විහාරස්‌ථානවලට පහර ගහනවා. මේවා බලා නොසිටිය යුතුයි. මේ පිළිබඳව කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා සොයාබැලිය යුතුයි.

මෙම අවස්‌ථාවට ජයසුමනාරාමාධිපති නාවිමන නාලක, කතරගම ශ්‍රීවාල්ලි විහාරාධිපති මලිත්තේ ඤාණානන්ද, කතරගම කිරිවෙහෙරවාසී මිද්දෙණියේ උදිත ඇතුළු ප්‍රදේශයේ විහාරස්‌ථානවල හිමිවරුද, කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී. එම්. අතපත්තු මහතා ඇතුළු රජයේ හා ව්‍යාපාරික පිරිසක්‌ද එක්‌ව සිටියහ.

http://www.divaina.com/2013/05/15/news24.html

0 comments: