Pages

Monday, May 20, 2013

ජයලලිතාට බය ඉන්දීය ආණ්ඩුව ලංකාවට ගොරවයි. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ද?

ශ්‍රී ලංකාවේ උතුරු පළාත් සභා මැතිවරණයට පෙර 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා වෙත ලබා දී ඇති ඉඩම් හා පොලිස් බලතල ඉවත් කරන්නේ නම් ඊට තම දැඩි විරෝධය පළ කරන බව ඉන්දියාව පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් පවසන්නේ උතුරු පළාත් සභා මැතිවරණයට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමේ සූදානමක් පවතින බවට වාර්තා පළවී ඇති බවත් මැතිවරණයේ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බවත්ය.

13 න් පොලිස් ඉඩම් බලය ගලවනවාට ඉන්දීය දැඩි විරෝධය
May 18, 2013 at 8:50 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94446/


උතුරට ඉඩම්-පොලිස්‌ බලතල දෙන්න - ඉන්දියාව කියයි

උතුරු පළාත් සභාවෙන් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කිරීමෙන් වළකින ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවට උපදෙස්‌ දී ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂීඩ් මහතා දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතා අමතමින් මේ කරුණු දැනුම් දී ඇත.

13 වැනි සංශෝධන යටතේ පළාත් සභාවලට ලබාදී ඇති බලතල ඉවත් කිරීම පිළිබඳව ඉන්දියාව සතුටු නොවන බව කුර්ෂීඩ් මහතා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

චතුර පමුණුව
http://www.divaina.com/2013/05/20/news01.html

[
චීනයද? ඉන්දියාවද?]

0 comments: