Pages

Tuesday, May 28, 2013

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...

මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය.
ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.
------------------------------------------------------------
ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.htmlබෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව හින්දු බෞද්ධ සමගිය සඳහා වූ පාලමක්‌ වේවා! - ධර්මසේකරතුමාhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_1236.html
බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.html
ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.html
ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
කෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]
------------------------------------------------------------
ඒ හිමියන්ගේ අපවත්වීමෙන් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද මතුවෙයි. වඩාත් අවශ්‍ය වනුයේ ඒ ගිමියන් ගින්නට මැදිවී සිටින ඡායාරූපයක් ගැනීම ද, එසේත් නැත්නම් ජීවිතයක් බේරා ගැනීමට ක්‍රියා කිරීම ද යන්න ශ්‍රී ලාංකාවේදී මතුවූ මුල් වතාව මෙයයි.
ඇමෙරිකාවේ 1982 දී මෙවැනි ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවේදී පළ වූ බහුතර මතය වූයේ ඡායාරූප ශිල්පියා සදාචාරය හා මානුෂික හැඟීම්වලින් තොරව ක්‍රියා කර ඇති බවයි.

(ඡායාරූප ලසන්ත නිරෝෂණ පෙරේරා)


(ඡායාරූප එච් එම්  අරුණ ශාන්ත)



http://www.lankadeepa.lk/index.php/articles/128532


ඉන්ද්‍රරතන හිමියන්ට අවසන් ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌ ගලයි

ගව ඝාතනය නතර කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක්‌ ඉල්ලා ඉකුත්දා මහනුවරදී සිය සිරුරට ගිනි තබා ගත් පසුව අපවත්වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය සඳහා කහවත්ත පොරෝනුqව සුගත විහාරයේ සිට පොරෝනුව මහජන ක්‍රීඩාංගණය වෙත සහෝදර භික්‌ෂුන්වහන්සේලාගේ කරමතින් වැඩම කරවූ අවස්‌ථාව. පිංතූර - කමල් බෝගොඩ

ප්‍රදීප් සමරකෝන්, එරික්‌ ජිනප්‍රිය, කහවත්ත - 
කේ. ඩී. ප්‍රේමසිරි, බලන්ගොඩ - එන්. එච්. පියසේන

ගව ඝාතනයට විරෝධය දක්‌වමින් මහනුවරදී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්‌වීම සඳහා ඊයේ (28 වැනිදා) සුදු වතින් සැරසී දස දහස්‌ ගණනින් ජනයා කහවත්ත පොරෝනුව ශ්‍රී සුගත විහාරස්‌ථානයට එක්‌රොක්‌ වූහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ ජනතා සෝ සුසුම් මැද සිදු කෙරුණු අතර ඒ නිමිත්තෙන් කහවත්ත නගරයේ සියලුම සුරාසල් සහ මස්‌කඩ වසා දමා තිබිණි. 

එසේම ප්‍රදේශය පුරා ඉන්ද්‍රරතන හිමියන්ගේ රුව සහිත ශෝක ප්‍රකාශ ද කහ පැහැති කොඩිවැල් ද දක්‌නට ලැබුණි.

අතිවිශාල ජනගඟ පාලනය කිරීමට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා විශාල පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණි.

මෙරට සිදුවන ගව ඝාතන නතර කරන ලෙසත්, බෞද්ධ ජනතාව අන්‍යාගම් වෙත යොමු කරවා ගැනීම නවතන ලෙසත් ඉල්ලමින් පසුගිය 24 වැනිදා ඉන්ද්‍රරතන හිමියෝ මහනුවරදී තම සිරුරට පෙට්‍රල් දමා ගනිමින් ගිනිතබා ගත්හ.

බරපතළ තුවාල ලද ඒ හිමියෝ හෙලිකොප්ටර් යානයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන විත් දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබූහ.

තිස්‌ හැවිරිදි වියේ පසු වූ ඉන්ද්‍රරතන හිමියෝ පසුගිය 25 වැනිදා කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.


දේහය පසුගිය 26 වැනිදා රත්නපුරයට රැගෙන යැමෙන් අනතුරුව එහි අවමංගල්‍ය ශාලාවකදී සකස්‌ කර, රථ පෙරහැරකින් කහවත්ත පොරෝනුව සුගතාරාම විහාරස්‌ථානය වෙත වැඩම කරවනු ලැබීය.
http://www.divaina.com/2013/05/29/news04.html

කතෲ සටහන -
බෝසත් මඟ යමින්, අපේ යතිවිරුවන් වහන්සේද, දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ සිදුවන 5000ක මහිෂ ඝාතනයටත්, අල්ලසින් බොදුනුවන්, නොබුදුනුවන් කරන කූට කුමන්ත්‍රණ වලටත් එරෙහිව, පරාර්ථය වෙනුවෙන් තම දිවි පූජා කළ සේක!

දැවෙන සිරුරින්, වේදනා විදිමින්, උන්වහන්සේ පැවසූයේද එම උතුම් කරුණුමය!
http://www.facebook.com/photo.php?fbid=317297855069932&set=a.160402140759505.35446.151417924991260&type=1&theater
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා! එතෙක් මේ පින් බිමම උන්වහන්සේගේ ජන්ම භූමිය වේවා!

නිවසේ කහ කොඩියක් ඔසවා උන්වහන්සේගේ පැතුම් ඉටුවන්නට පතමු!

1 comments:

Anonymous said...

sadhu, sadhu, sadhu.