Pages

Monday, May 27, 2013

ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR

රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්‍ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තම සංවිධානයේ ඉල්ලීම නොතකා කහවත්ත ප‍්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවට ගෙන එන හෝ නොවන බව සෘජුව කියන ලෙසත් මේ වන විටත් සංශෝධනයන්ට ලක්ව ඇති ඝව ඝාතන පනත් සඳහා නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි උන් වහන්සේ බලධාරීන් ඒවාට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් අදහස් වන්නේ තවත් හාමුදුරුවරු දෙතුන් නමක් ගිනි තියා ගන්නා තෙක් බලාසිටින බව යයිද කීහ. සිංහල රාවය සංවිධානය තුල තවත් දහස් ගණන් පිරිසක් ජීවිතය දන් දී සාසනය රකින්න සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සඳහන් කලහ.

මෙහිදී අදහස් දැක්වූ  සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ සඳහන් කලේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිතය නැති වුවද උන් වහන්සේගේ අරමුණු ඉෂ්ට විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් තවත් හාමුදුරුවරු දෙතුන් නමකගේ ජීවිත අහිමි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.

May 27, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94745/

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: