Pages

Thursday, May 30, 2013

කළුතර බෝධියෙන් මොණරාගලට මහ පින්කමක්

මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඈත දුෂ්කර විහාරස්ථාන 130ක වැඩ වෙසෙන භික්ෂුන් සඳහා අටපිරිකර පූජාවක් සහ එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමට කළුතර බෝධි බාරකාර මණ්ඩලය ඉදිරිපත් වී සිටී.

මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවෙනේදී එම පූජාව සිදුවිය.
මොණරාගල රාජ්‍ය වෙසක් උත්සවය හා ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ දිනය නිමිතිකර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙම පිංකමට දායකත්වය දුන්නේය.

මෙම පිංකම සඳහා කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති අජිත් ද සොයිසා, අෂාන් ද සොයිසා, විවේන්ද්‍ර ලංකා තාටවෙල මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා, මහතා පැවසුවේ, අග නගරය ප‍්‍රධාන කර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විවිධ පිංකම් සිදු කර ඇතත්, ප‍්‍රාදේශීය වශයෙන් මෙවැනි පිංකමක් සංවිධානය කළ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. ඉදිරියේදී මෙවැනි පින්කම් වෙනත් දුෂ්කර දිස්ත‍්‍රික්කවල ද සිදුකිරීමට කළුතර බෝධිභාර කාර මණ්ඩලය බලාපොරොත්තු වන බව ඒ මහතා තවදුරටත් පැවසයි.
මෙම පිංකම සඳහා වැඩම කළ මොණරාගල දිස්ත‍්‍රික්කයේ දුෂ්කර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දිවා දානය ද පිරිනැමීමට කළුතර බෝධිභාර මණ්ඩලය කටයුතු කළේය. ඊට අමතරව වටිනා ධර්ම පුස්ථක ප‍්‍රධානයක් ද එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් දස දහස බැගින් මුදල් ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.

මෙම පිංකම මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවනේ පරිවේනාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දඋඩ පංගුවේ සුධම්ම නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම පිංකම සංවිධානය කර තිබුණේ මොණරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාිරී පූජ්‍ය බුද්දම නන්දසාර හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
මෙම උත්සව අවස්ථාව සඳහා මොණරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

http://www.lankadeepa.lk/index.php/articles/129438

0 comments: