Pages

Thursday, May 30, 2013

සුබ උපන් දිනයක් අම්මේ..!

මගේ මුළු ජීවිතේම මා පිටිපස්සෙන් සෙවනැල්ලක් වගේ හිදපු මගේ අම්මගේ උපන්දිනය අදයි. මට මතක් වෙනවා ඉස්සර වගේම අදත් පොඩි ඔලුවේ කැක්කුමක් හැදුනත් සැරෙන් සැරේ ඔලුවට ඔඩිකොලෝන් ප්ලාස්ටර් දාලා එකට කැපවෙන හැටි. ඉස්කෝලේ යනකන් හැමදාම පාන්දර 2 ට නැගිටලා අය්යටයි මටයි බත් උයන හැටි. වෑන් එකට පරක්කු වෙන නිසා සපත්තු දෙක දාන ගමන් බත් කටවල් 2ක් කවා ගන්නත් මගේ අම්මට අමතක වෙන්නේ නෑ. ඒත් පොඩි පොඩි ඒවාට ටිකක් කේන්ති ගියාම අම්මට පොඩි සද්දයක් දන එකත් මට මේ වෙලේ මතක වෙනවා. ඒ නිසාද කොහෙද ඇස දෙක පොඩ්ඩක් තෙත් වෙලා තියෙන්නේ. අපි අම්මලට කොච්චර ආදරේ උනත් ඒක පෙන්වන්නේ නැහැ. ඒත් එයාලා ඒක බලාපොරොත්තු වෙනවා. අම්මලට සලකන්න වයසට යනකන් බලන ඉන්න එපා. ඒ වෙද්දී අපේ රත්තරන් අම්මලා ජීවත් වෙයිද දන්නේ නෑ. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම දුකෙන් ඉන්න වෙයි අම්මට සැලකුවේ නෑ කියලා. ඒ නිසා මම හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාලගෙත් රත්තරන් අම්මට පණවගේ හිතේ තියන ආදරේ ටිකක් පෙන්වන්න කියලා. ඒක තමයි අපි කරන්න ඕනේ එකම දේ. අපිට කවදාවත් ආර්ථිකමය ගැටළුවක් ඇති වෙන්න අපේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. කෑම බීම අඩුවකුත් තිබිලම නෑ. ඒත් සමහර වෙලාවට අපිට කවුරු හරි හිතවත්කමට ගෙනත් දෙන කෑමක්[වෙඩින් කේක් කැල්ලක් වගේ] කට්ටියටම මදි වගේ දැනුන වෙලාවල් තිබුනා. ඒ වෙලාවට මගේ අම්මා කියනවනේ "මේ මට නම් ඔය කේක් එපා. මම මේ ඕවා කන්නේ නෑ. බඩට හරි නෑ කියලා". මම හොදටම දන්නවා අම්මා ඒවාට කැමති කියලා. මේවා මතකක් වෙද්දී නිකන් පිස්සු වගේ. ඔයාලා හැමෝටමත් මේ වගේ අත් දැකීම ඇති. මතක තියා ගන්න දුප්පත්ම අම්මලා විතරක් නෙවේ හැම අම්මම දරුවා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා කියලා. කොයි අම්මගෙත ආදරේ එකයි. තද උනාම දරුණු ඒවා කියල බැන්නට උයලා ඉවර උන ගමන් කෑම හරි කියල කියන්නත් මේ අම්මා කියන දෙව්දුවට පුළුවන්. අයෙත් කියන්නේ ඔයාලා හැමෝම අම්මට ආදරේ කරන්න. ඒක පෙන්වන්න.

අද වැනි දිනකදී ඉපදුනේ මගේ පෙම්බර අම්මා...
දුකක් මිසක් නැහැ සැපතක් වින්දේ මගේ අම්මා..
නොකළ දෙයක් වේද මා හට මැණිකයි මගේ අම්මා..
යළිත් වෙතොත් උපතක් මට, ඔබයි එදත් මගේ අම්මා...

උපුටා ගැනුම | දිනේෂ් මධුරංගගේ මුහුණු පොතෙන්
http://www.facebook.com/photo.php?fbid=10151124800786896&set=a.273400251895.144694.572786895&type=1&theater

0 comments: