Pages

Monday, May 13, 2013

මවු බසින්ම වෙබ් අඩවිවලට යන්න ඉඩ...

සිංහල හා දෙමළ භාෂාවලින් කටයුතු කරන ජනතාව වෙත පරිගණකය හා අන්තර්ජාලය තවත් සමීප කරවීම පිණිස වෙබ් අඩවි ලිපිනයන් සිංහල හා දෙමළ භාෂාවලින් සඳහන් කර වෙබ් අඩවිවලට පිවිසීමේ පහසුකම දැන් ලෝක වාසී සැමට ලැබි ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ඒ සමඟම පරිගණක හා අන්තර්ජාල භාවිත කිරීමේදී දේශීය භාෂාවන්ගෙන් එම කටයුතු කර ගැනීමේ කටයුතු කරන බව එහි විධායක නිලධාරී රොෂාන් දේවපුර මහතා පවසයි.

සිංහල දෙමළ යතුරු භාෂා පුවරු හඳුන්වාදීම සිංහල සහ දෙමළ යුනිකේත හඳුන්වාදීම අකුරු ප්‍රමාණ සංවර්ධනය සඳහා පුහුණුව ලබාදීම ඇතුළු පියවර රැසක් මේ වෙනුවෙන් දැනටමත් ගෙන ඇති බව ද දේවපුර මහතා සඳහන් කරයි.

අන්තර්ජාලයේ තිබෙන බොහොමයක් දේ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් යුක්ත වීම නිසා විශ්ව දැනුම ලබා ගැනීමේදී ඇතිවන අපහසුතා මේ ඔස්සේ අවම කිරීමට සේම පරිගණකය පහසුවෙන් භාවිත කිරීමට ද මෙමඟින් සිංහල හා දෙමළ භාෂා පාවිච්චි කරන සැමට හැකි වනු ඇතැයි ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය සඳහන් කරයි.
- ICTA

May 13, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94235/

0 comments: