Pages

Tuesday, May 28, 2013

“ඉන්දියාවට යට නොවී 13 ඉවත දැමිය යුතුයි….” – ගෝඨා

ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් වුවත් එවා නොසලකා වහාම ඉන්දියානු මැදිහත්වීමෙන් බලහත්කාරයෙන් පැවටූ 13 වන ව්‍යවස්ථා සංශෝදනය හෑ බැඳුනු බලය බෙදීමේ ක්‍රියාවලිය ඉවත දැමිය යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි Indian Express පුවත් අඩවිය වාර්ථා කරයි.

“ඉන්දියාව හෝ වෙනත් රටක් තරහ ගනීවි කියල අපේ රටට හොඳක් වන දෙයක් ක්‍රියාත්මක නොකර ඉන්න අපට බෑ” යනුවෙන් ඔහු පැවසූ බව සුඩරෝලි පුවත්පත උපුටා දක්වමින් එහි සඳහන්ය.

සැප්තැම්බරයේ පැවැත්වන්නේ යැයි කියන උතුරේ මැතිවරණයෙන් එල්ටීටීඊ හිතවාදී දෙමළ සංධානය බලයට පත් වුවහොත් ඉන් පසු ඉඩම් හා පොලිස් බලතල ඉල්ලීම හරහා රටේ ඒකීය භාවය මෙන්ම ජාතික ආරක්ෂාවද අරතුරේ වැටෙන බවත් එසේම 13 වන ව්‍යවස්ථා සංශෝදනය සඳහා ජනතා කැමැත්තක් නැති බව පෙන්වාදෙන ආරක්ෂක ලේකම්වරයා එය හඳුන්වාදුන් 87 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් රටම ගිනි තැබූ බවත් ප්‍රභාකරන් පවා එම බලය බෙදීම ප්‍රතික්ෂේප කල බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“හුදු ඉන්දියාවේ උවමනාව වෙනුවෙන්ම බලෙන් පැටවූ එය අප විසින් ක්‍රියාත්මක කල යුත්තේ ඇයි?” දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.

සමහර බලවේග පොලිස් හා ඉඩම් බලතල විමධ්‍යගත කිරීම හරහා ලංකා රජයේ මධ්‍ය සතු බලය දුර්වල කිරීමේ උවමනාවෙන් ක්‍රියා කල බව පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වාධීන කොමිෂන් සභා ඉල්ලීම හරහාද ඉටු කලේ එම උවමනාව බවද පවසයි.දෙමළ සිංහල මුස්ලිම් සියලු දෙනා 13 වන සංශෝධනය යටතේ බලය බෙදීම අමතක කර දැමිය යුතු බව පවසන  ඔහු මේ සඳහා  යුක්ති සහගත විසඳුමක් පිළිබඳ සිතා බැලිය යුතු යැයිද යෝජනා කරයි.

Indian Express  පුවත
http://newindianexpress.com/world/Lanka-cant-toe-India-line-on-13th-Amendment-Gotabaya/2013/05/27/article1607688.ece

- යටියන ප්‍රදීප් කුමාර
May 28, 2013 at 10:15 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94790/

0 comments: