Pages

Wednesday, May 22, 2013

උතුරේ මැතිවරණය පැවැත්වීමට ඉඩ දෙන්නේ නෑ – BBS

කිසිසේත්ම උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමන් ඉඩ දෙන්නේ නැතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ 13වන ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම සඳහා හඬනගන  ඕනෑම කණ්ඩායමක් සමග එක්වීමට තමන් සූදානම් බවයි.

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කිසිසේතම නොකල යුතු බවත් පැවසූ උන් වහන්සේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසි කල යුතු යයිද සඳහන් කරති.

තම මතය නොතකා රජය විසින් උතුරේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කලහොත් ඊට එරෙහිව රට පුරා මහජනයා පෙළගස්වන බවද පැවසූ උන් වහන්සේ උතුරේ සහ නැගෙනහිර සිංහලයන් පදිංචි කර ඉන් පසු මැතිවරණයක් පැවැත්වීම සාධාරණ යයිද අවධාරණය කලහ.

May 22, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94590/

0 comments: