Pages

Saturday, May 11, 2013

උතුරේ ඡන්දය මොන නැකතකින් තිබ්බත් අපි දිනනවා – TNA

තමන්ටත් මනෝ ගනේෂන්ටත්, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නටත්, සිරිතුංග ජයසූරිය මහත්වරුන්ටත් මර ර්‍ණය තර්ජන එල්ල වී ඇති බවත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කොටගෙන දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට ආණ්ඩුව තැත් කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කීය.

සුමන්තිරන් මහතා මේ බව පැවැසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.

‘අරාබිකරයේ තියෙන ෂරියා නීතියටත් වඩා දරුණු සහ වැඩි බලතල තිබෙන පනතක් ළඟ තබාගෙන තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඇප බලාපොරොත්තුවෙන් නඩු පවරා අත් අඩංගුවට ගනු ලැබීමෙන් වැළකී සිටීමේ ක‍්‍රමය වැනි අධිකරණ වාරණ නියෝග ලබා ගැනීමත් දැන් අහෝසිකොට තිබෙනවා.

ආණ්ඩුව දැන් ගමන් කරන්නේ ඒකාධිපතිවාදය කරායි. මේ ආණ්ඩුව උතුරුකරයේ ජනතාව පදිංචිව සිටි ඉඩකඩම් පවා ඔවුන්ට අහිමි කරනවා. ආණ්ඩුව 13 වැනි සංශෝධනය අනුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප‍්‍රකාශ කෙරුවත් තවම එය පැවැත්වීම පිළිබඳ කතාවක් නැහැ.

උතුරු පළාත් සභා මැතිවරණය ආණ්ඩුව විසින් මොන නැකැතට තිබ්බත් ඒක ජයගන්නට ආණ්ඩුවට බෑ’

May 11, 2013 at 4:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94151/

0 comments: