Pages

Wednesday, May 29, 2013

අවස්‌ථාවාදී චාටුකථා අවසන් කර ජාතික ඉතිහාසය මත කෙළින් සිට ගනිමු

විදේශීය ආක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික, ආගමික, සංස්‌කෘතික උරුමය රැකගත් අපි අභිමානවත් විමුක්‌තිකාමී ඉතිහාසයක හිමිකරුවෝ වෙමු. විදේශීය ආක්‍රමණ දාසයකට මුහුණ දී තම උරුම රැකගන්නට සමත් වූ ලොව එකම ජනතාව ලක්‌වැසියන් බව ඓතිහාසික සත්‍යයකි. මවුබිම අතහැර නොගොස්‌ වසර දෙදහස්‌ තුන්සිය ගණනක්‌ තිස්‌සේ තම උරුමය පරසතුරු ආක්‍රමණවලින් බේරාගන්නට සමත් වූ එකම ජනතාව ලක්‌වැසි අප බව ලොවට හඬගා කියන්නට අප එඩිතර විය යුතුය. එසේම අපේ ජාතික හා අන්‍ය ආගමික රට වැසියන් කෙරේ මිත්‍රත්වයෙන් මෛත්‍රී සිතින් කටයුතු කරමින් මුස්‌ලිම්, හින්දු හා කතෝලික ලාංකිකයන් ආරක්‍ෂා කළ සිංහල බෞද්ධ බහුතරය සුළු ජනකොටස්‌වල අයිතීන් සුරකින බව ලොවට හඬගා කියන්නට අපට ඇති හැකියාව අප ජාත්‍යන්තර ප්‍රජාවට පහදා දිය යුතුය. දාසය වැනි සියවසේ ආසියා අප්‍රිකා රටවල් ආක්‍රමණය කළ ලෝක බලවතා වූ පෘතුගීසින්ට එරෙහිව අවුරුදු එකසිය හතළිස්‌ ගණනක්‌ තිස්‌සේ සටන්කරමින් පරංගි කාලතුවක්‌කු සේනා අභිබවා ජයගන්නට සමත් වූ අප පෘතුගීසි විරෝධී මුස්‌ලිම්වරුන් හා හින්දුන්ද ආරක්‍ෂා කරගත් බව පැහැදිළි කළ යුතුය. පෘතුගීසින්ට මෙන්ම ලන්දේසීන්ටද එරෙහිව ලෝක ඉතිහාසයට එක්‌වන ජයග්‍රහණයන් ලැබූ අප තමිල්නාඩුවේ තර්ජනවලට, ඉන්දියානු අධිපතිවාදයට හෝ නව යටත් විජිතවාදී බටහිර බලවතුන්ට හෝ හිස නැමිය යුතු නොවේ. ලෝකයේ ශ්‍රේෂ්ඨතම විමුක්‌තිකාමී ජනතාව වූ අප බලවතුනට අවනත බව පෙන්වීමේ අවස්‌ථාවාදී චාටුකථා වලින් සතුරන් සනසන්නට උත්සාහ කළයුතු නොවේ.

වසර දෙදහස්‌ දෙසිය ගණනකට පෙර සේන, ගුත්තික ප්‍රමුඛ ඉන්දියානු ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කර ජයගත් අපි දෙවනුව ආ උපායශීලී ආක්‍රමණික ඉන්දීය බලවතා වූ එළාරගේ හමුදා බලය පරදා ජයගත්තෙමු. ඒ මහා ජයග්‍රහණයේ ලෝක ප්‍රකට සංකේතය වන්නේ විශ්වන්තරවාදී චින්තනයේ සුවිසල් සුදු නිර්මාණය වූ රුවන්වැලිසෑයයි. විජයග්‍රාහී දුටුගැමුණු රජතුමා, ග්‍රීකයන් පරාජිත හෙක්‌ටර්ට නිග්‍රහ කළාක්‌ මෙන් එළාරයන්ට නින්දා අපහාස කළේ නැත. දුටුගැමුණු රජතුමා පරාජිත එළාරයන් කෙරෙන් පළවූ යහගුණයන්ට ගෞරව කරන ලෙස ජයග්‍රාහී ජනතාවට උපදෙස්‌ දුන්හ. දුටුගැමුණු රජතුමාගේ ඓතිහාසික ජාතික සංස්‌කෘතික ප්‍රකාශය ලෙස ජනතා සිත්සතන් තුළ ගැඹුරින් සටහන් වී ඇත්තේ, "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සඳහා මිස රජසැප පිණිස නොවේ" යන්නයි. රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ලෝවාමහා ප්‍රාසාදය වැනි මහා දාගැබ් විහාර කරවූ දුටුගැමුණු රජතුමාගේ සුඛවිහරණය සඳහා මහා මාළිගා තැනවූයේ නැත. දුටුගැමුණු රජතුමා තම පුතණුවන් වෙනුවෙන් කරවූයේ පරිසරහිතකාමී සාලිය උයනයි. දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න හා කඩුව හොයන බලකාමීන් කිසිවෙකුට තබා පුරා විද්‍යාඥයකුටවත් එතුමන් තමා වෙනුවෙන් කළ මාළිගාවක නටබුන් පවා හමුවූයේ නැත. දුටුගැමුණු රජතුමාගේ ආදර්ශය අනුව ගිය වලගම්බාවෝ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා පරසතුරු ආක්‍රමණකයින් පරදා ජයගෙන දුෂ්කර අවදියේ තමන්ට පිහිට වූ මහාතිස්‌ස හිමියන් ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා සඳහා අභයගිරි විහාර සංකීර්ණය කරවූහ. ගඩොළින් කළ ලොව ලොකුම දාගැබවූ අභයගිරි චෛත්‍යය වටා කරවූ විහාර සංකීර්ණයේ පන්දහසක්‌ නේවාසික භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටියහ.

තමන්වහන්සේ අභයගිරි විහාරයේ වැඩසිටි කාලයේ එම විහාර සංකීර්ණයේ නේවාසික භික්‍ෂුන්වහන්සේලා පන්දහසක්‌ වැඩ සිටි බව සඳහන් කර ඇති චීන ජාතික පාහියන් හිමියන්ගේ ඓතිහාසික ප්‍රකාශය පුරාවිද්‍යා ගවේෂණවලින් තහවුරු වී ඇත. අක්‌කර සිය ගණනක්‌ පුරා පැතුරුණු අභයගිරි විහාර සංකීර්ණය තුළ සන්ථාගාර, වැසිකිළි, කැසිකිළි, දාන ශාලා, කැඳඔරු බෙහෙත් ඔරු ආදිය හමුවුවත් පුරාවිද්‍යා කැණීම්වලින් වළගම්බා රජු තමන් වෙනුවෙන් කළ මාළිගාවක නටබුන් ආදියක්‌ හමුවූයේ නැත. දුටුගැමුණු රජතුමාගේ, වලගම්බා රජතුමාගේ මෙන්ම යෝධ ඇළ කරවූ ධාතුසේන රජතුමාගේද, මාළිගා පුරාවිද්‍යා කැණීම්වලින් පවා සොයාගත නොහැකි වූයේ ජනතාව සඳහා වැව්වල රැස්‌කළ ජලය තම ධනය යයි ප්‍රකාශ කළ එතුමා තමන්ගේ සුඛවිහරණය සඳහා මහා මාළිගා නොතැනූ හෙයිනි. තම පියරජු දවස ලංකාවේ වස්‌තුව කොල්ලකාගෙන ගිය කරිකාලන් නමැති දෙමළ රජුට නීලමහයෝධයා ප්‍රමුඛ සේනාබලය පෙන්වා ලංකාවෙන් ගෙනගිය වස්‌තුවත් කොල්ලකාගෙන ගිය වස්‌තුවට වන්දිත් මෙරටින් ගෙනගිය තරුණ ශ්‍රමිකයන් දොළොස්‌ දහස වෙනුවට දෙමළ ශ්‍රමිකයන් විසිහතර දහසක්‌ ගෙන අභිමානවත් ගජබා රජතුමාගේ සුඛවිහරණය සඳහා මහා මාලිගා තැනවූ බවට ඓතිහාසික සාධක කිසිවක්‌ හමු නොවේ. එහෙත් සේනා රැගෙන දෙමළ දේශයට ගිය ගජබා රජු තම රට ආක්‍රමණය කළ වරදට දුන් දඬුවමක්‌ වශයෙන් පත්තිනි සළඹ ලංකාවට ගෙනා බව "සීලප්පදිකාරම්" නමැති පැරණි දෙමළ ග්‍රන්ථයේ සඳහන් වේ.

අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කර සිංහල රජු මරා රජුගේ සොහොයුරෙකු වූ දාඨා කුමාරයාත් මැරවූ දාඨිය, පීඨිය, පාරින්ද, නිරිතර ආදීන් ප්‍රමුඛ ආක්‍රමණිකයන්ට එරෙහිව මහානාම හිමියන්ගේ රැකවරණ ලබමින් විමුක්‌තිසේනා සංවිධානය කළ ධාතුසේන කුමාරයා පරසතුරන් පරදා අදත් රළ නගන කලා, බළලු වැව් හා යෝධ ඇළ ඇතුළු වැව් ඇළවේලී පද්ධතියක්‌ කරවූ බව අපේ පරපුරේ ඇස්‌පනාපිට පෙනෙන සත්‍යයකි. යුනෙස්‌කෝව මගින් ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශ කළ යෝධ ඇළ ඇතුළු වැව් ඇළවේළි පද්ධතියක්‌ කරවා සීගිරිය වැනි තවත් ලෝක උරුමයකට අවශ්‍ය ආර්ථික පදනම ගොඩනැංවූ ධාතුසේන රජතුමා තමාගේ සුඛවිහරණය සඳහා මහ මාළිගා කරවූයේ නැත. තමාගේ වස්‌තුව ලෙස රජතුමා ප්‍රකාශ කළේ ගොවි ජනතාව සඳහා වැව්වල රැස්‌කළ ජලයයි. අනුරපුර ස්‌වර්ණමය යුගයේ අපේ රජවරු රටත් ජනතාවත් ජාතික, ආගමික, සංස්‌කෘතික උරුමයත් වෙනුවෙන් කැපවුණු ශ්‍රේෂ්ඨයෝ වූහ. අවුරුදු එක්‌දහස්‌ පන්සියයක දිගු ඉතිහාසයකට හිමිකම් කියන අනුරපුර ස්‌වර්ණමය යුගයේ මහාමේඝ වන උද්‍යානය වැනි පරිසර හිතවාදී උයන්, වැව් හා විහාර දාගැබ් කරවූ ජනහිතකාමී රජවරුන් තමන්ගේ සුඛවිහරණය උදෙසා සුඛෝපභෝගී මහා මාළිගා නොකළේ සකල ලෝකවාසී සියලු සත්වයින්ට සෙත සලසන විශ්වාන්තරවාදී බුදු සසුනේ චිරස්‌තිථිය මිස රජසැප එතුමන්ලාගේ ප්‍රධාන අරමුණ නොවූ හෙයිනි. එසේ වුවත් ඡේ. ආර්. ජයවර්ධන යුගයේ දී අරලියගහ මන්දිරය සුඛෝපභෝගී මාළිගයක්‌ බවට හැරවූ ප්‍රේමදාස අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ පටන් ලක්‌වැසි අප එළඹ සිටින්නේ කළුගඟේ පිරිසිදු ජලය නිකරුණේ මුහුදට යද්දී ආසනික්‌ ආදී වසවිස මිශ්‍ර ජලයෙන් රෝගාතුරව අකාලයේ මියයන ජනතාව ගැන නොසිතා සුඛෝපභෝගී මහ මන්දිර ගොඩනැගෙන අවදියක්‌ වීම ෙ€දජනකය. කළ යුත්තේ ඔනාසීස්‌ හා හිටපු ප්‍රංශ ජනාධිපති සාර්කෝසි ආදීන් අනුව යන කාමාතුර බටහිර අනුකාරකයන් නොවී රටේ ඒකීයභාවය ස්‌වාධිපත්‍යය හා ජනතා යහපත උදෙසා කැපවීමයි.

මාරාන්තික වකුගඩු රෝග ආදී රෝගාබාධවලට ගොදුරුවෙමින් සිටින වයඹ, උතුරු මැද හා උතුරේ ජනතාව සඳහා කළුගං ජලකඳ රජරටට ගෙනයන මගක්‌ තනනවා වෙනුවට අධිවේග මාර්ග ජාලයක්‌ තනන්නට කැසකවන බටහිර අනුකාරක මානසිකත්වයේ ප්‍රතිඵලය වී ඇත්තේ නව යටත් විජිතවාදී තර්ජන හමුවේ ජාතියේ ස්‌වාධීනත්වයට හා රටේ ඒකීයභාවයට හානිකරමින් බුදු සසුනට කණකොකා හඬවන, ජනතාව ණය උගුලේ හා බෙදුම්වාදී අවුලේ පටලන පිළිවෙතකට ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල යොමුවීමයි. කළ යුත්තේ නව යටත් විජිතවාදී කුමන්ත්‍රණකාරී බටහිර බලවතුන්ගේ හා ඉන්දියානු අධිපතිවාදී නායකයන්ගේ සිත් සසල කිරීමට සමත්වන අපේ ඉතිහාසය මත පදනම් වූ නිවහල් අදීන අභීත පිළිවෙතක්‌ අනුගමනය කරමින් දේශප්‍රේමී රණවිරු ලෙයින් එක්‌කළ මව්බිමේ ඒකීයභාවය ජලය මගින් තහවුරු කරන ස්‌ථිරසාර පිළිවෙතක්‌ ක්‍රියාත්මක කිරීමයි. නව යටත් විජිතවාදී බටහිර බලවතුනට හා ඉන්දියානු අධිපතිවාදීනට අවනතභාවය පෙන්වන අවස්‌ථාවාදී නැළවිළි කථා වෙනුවට අපේ නිදහසේ දේශයේ උදාර ඉතිහාසය හා සියලු ජනකොටස්‌ අතර මිත්‍රත්වයේ හා මෛත්‍රියේ ඓතිහාසික පිළිවෙත මගින් සතුරු බලවේගයන් දමනය කිරීම අපේ යුගයේ ජාතික අවශ්‍යතාව වී තිබේ. දහසය වැනි සියවසේ ආසියා අප්‍රිකා රටවල් ආක්‍රමණය කළ කාලතුවක්‌කුකාර ලෝක බලවතා වූ පෘතුගීසින්ට එරෙහිව වසර එකසිය හතළිහකුත් දාහත්වැනි සියවසේ අගභාගයේ හා දහඅටවැනි සියවසේ මුල් භාගයේ පෙරදිග බලය පැතිරූ උපායශීලී වාණිජවාදී ලන්දේසි ආක්‍රමණිකයන්ට එරෙහිව වසර සියයකට වැඩි කාලයකුත් හිරු නොබස්‌නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලයට එරෙහිව එක්‌දාස්‌ අටසිය හතළිස්‌ අට දක්‌වා අඩසියවසකට වැඩි කාලයකුත් මිෂනාරිවාදී ආධ්‍යාත්මික සංස්‌කෘතික ආක්‍රමණයට එරෙහිව සියවසකට වැඩි කාලයකුත් අධිෂ්ඨාන සහගතව නැගී සිටි අප, ඒ උදාර ඉතිහාසයේ සත්‍යය මගින් බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණකාරී උපාය උපක්‍රම පරාජය කළ යුතුය.

අධිපතිවාදී ඉන්දියානු නායකයන්ටත් තමිල්නාඩුවේ ජාතිවාදීන්ටත් පෙන්විය යුත්තේ ලක්‌වැසි අප සේන, ගුත්තිකගේ පටන් ආර්ය චක්‍රවර්තිවරුන් දක්‌වා වූ දකුණු ඉන්දියානු ආක්‍රමණ දොළහකට මුහුණදී ජයගෙන ඇති බවයි. ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයටත් චීන සේනාපති චෙං හෝගේ ආක්‍රමණයටත් මුහුණදුන් අප ඉන්දියාවට හෝ ඉන්දියාව සමඟ එක්‌ව අපට එරෙහි කූටෝපාය මාර්ග අනුගමනය කරන බටහිර බලවතුනට හෝ යටත් නොවන බව අභීතව අවධාරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේ සුළු ජාතික හා සුළු ආගමික කොටස්‌ බහුතර සිංහල බෞද්ධයන්ට එරහිව කූටෝපායික ආකාරයෙන් යොදාගන්නට උත්සාහ කරන නව යටත් විජිතවාදී බටහිර බලවතුන්ට මෙන්ම නව යටත්විජිතවාදී කුමන්ත්‍රණවලට ගොදුරු විය හැකි සුළු ජාතික හා සුළු ආගමික කොටස්‌වලටද ලෝ දනන් සිත් සනසන අපේ රටේ සත්‍ය සිංහල බෞද්ධ ඉතිහාස අත්දැකීම්වල විශ්වාන්තරවාදී සුවිශේෂත්වය ගෙනහැර දැක්‌විය යුතුය. පෘතුගීසි ප්‍රහාරක බලයට ගොදුරු වී විනාශවෙන්නට ගිය ශ්‍රී ලංකාවේ මුස්‌ලිම්වරුන් හා හින්දු භක්‌තිකයන් මහසඟරුවනේ උපදෙස්‌ අනුව කටයුතු කළ සිංහලේ රජවරුන් ප්‍රමුඛ දේශප්‍රේමීන් විසින් රැකගන්නා ලද ආකාරය ලොවටත් ලංකාවේ ඉස්‌ලාම් භක්‌තිකයන්ටත් දෙමල හින්දුන්ටත් පහදාදෙන්නට සිංහල බෞද්ධ අප දක්‍ෂ විය යුතුය. නොඑසේව බටහිර බලවතුන් හා ඉන්දීය අධිපතිවාදීන් සනසන්නට අවනතභාවය පළ කිරීමේ අවස්‌ථාවාදී චාටුකථා කීමේ ප්‍රතිඵලය වන්නේ නව යටත්විජිතවාදී හවුල්කාර බෙදුම්වාදී බලවේග ශක්‌තිමත් වීමයි.

අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ව තිබී නිදහස්‌ වූ නයිජීරියාවේ "අල්හාඡ් අබුබකර් තෂාවා බලේවා" වැනි ඉස්‌ලාම් භක්‌තික නායකයන් අගමැතිධුරයට පවා පත්වෙද්දී එහි අසල්වැසි සුවිශාල රට වූ ඇංගෝලාවේ මුස්‌ලිම්වරුනට කිසිදු අවස්‌ථාවක්‌ නොලැබුණේ එය පෘතුගීසි යටත් විජිතයක්‌ වූ නිසාය. අරාබිකරයට හා පකිස්‌තානයට කිට්‌ටුවෙන් පිහිටි නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික්‌ හි මුස්‌ලිම් බලයකට කිසිදු ඉඩක්‌ නොලැබුණේ අවුරුදු පන්සියයක්‌ තරම් දීර්ඝ වූ පෘතුගීසින්ගේ කෲරතර යටත් විජිත ප්‍රතිපත්තිය නිසාය. ලෝක බලවතෙක්‌ වූ චීනයටද මුස්‌ලිම්වරුන්ගේ ආගමික අන්තවාදය ප්‍රශ්නයක්‌ වී ඇතත් චීන කලාපයට අයත් මැකාවෝ දූපත් මුස්‌ලිම්වරුනට කිසිදු ඉඩක්‌ නොලැබුනේ මැකාවෝ දූපත දිගු කලක්‌ තිස්‌සේ පෘතුගීසි යටත් විජිතයක්‌ ලෙස පවත්වාගෙන ගිය පෘතුගීසීන්ගේ දැඩි ඉස්‌ලාම් විරෝධී පිළිවෙත නිසාය. ලෝක යථාර්ථය එබඳු වුවත් පෘතුගීසීන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ ලංකාවේ මුස්‌ලිම්වරුනට මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය ලැබූ උඩරට සිංහලේ රජවරුන්ගේත් සිංහල බෞද්ධ ජනතාවගේත් රැකවරණ හා ආධාර ලැබිණි. ලන්දේසීන්ගේ ප්‍රහාරයට ලක්‌වූ ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන්ටත් පෘතුගීසි ප්‍රහාරයට ලක්‌වූ උතුරේ හින්දු භක්‌තික දෙමළ ජනතාවටත් සිංහලේ රැකවරණ හා ආධාර උපකාර ලැබිණි. තම පියා මැරවූ සීතාවක රාජසිංහ රජුට බියෙන් පෘතුගීසීන් සමඟ එක්‌ව සිටි උඩරට සිංහලේ රාජ්‍ය උරුමක්‌කාරිය වූ කුසුමාසන දේවි (දොaන කැතරිනා) ජමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්) යුවළ හා දොන් ජුවන් කොනප්පු බණ්‌ඩාර ප්‍රමුඛ සිංහල සේනාවන් සමඟ මහනුවරට ආ පෘතුගීසීන්ට සිංහලේ රාජධානිය යටත්කරගත නොහැකි වූයේ දොන් ජුවන් කොනප්පු බණ්‌ඩාරයන් දෙවනගල රතනාලංකාර නාහිමියන්ගේ උපදෙස්‌ පිළිගෙන කටයුතු කළ නිසාය.

තම ජීවිතය පරදුවට තබා පෘතුගීසි පක්‍ෂය ගෙන සිටි කොනප්පු බණ්‌ඩාරයන්ගේ කඳවුරට රාත්‍රියේ වෙස්‌වලාගෙන පැමිණි දෙවනගල රතනාලංකාර නාහිමියන්ගේ දේශප්‍රේමී ජාතිහිතෛෂී, ශාසනමාමක ක්‍රියාමාර්ගය නිසා නොවන්නට අස්‌වාභාවික අන්දමින් සිදුවූ දොන් පිළිප්ගේ (ජමසිංහ බණ්‌ඩාරගේ) මරණයත් සමඟ දොaන කැතරිනා කුමරිය (කුසුමාසන දේවිය) පෘතුගීසි නායකයෙකුට විවාහ කරදීමේ පරංගි කූටෝපායික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු නිසැකය. එසේවී නම් මුළු ලංකාද්වීපයම පෘතුගීසින් සතුවී බුදුසසුනත් සිංහල කමත් විනාශවී ලතින් අමෙරිකානු කලාපයේ මායාවරුන් හා ඉන්කා ජන කොටස්‌ විනාශ වී සුවිශාල බ්‍රසීලය පෘතුගීසි බස කථා කරන කතෝලික ආගම අදහන රටක්‌ වූවා මෙන් ඉන්දියන් සාගරයේ මර්මස්‌ථානයක පිහිටි සිංහල බෞද්ධ දේශය පෘතුගීසි බස කථාකරන කතෝලික ආගම අදහන රටක්‌ වන්නට ඉඩ තිබිණි. එසේ වී නම් ආසියා, අප්‍රිකා රටවල කුරුස යුද්ධයේ පෙරමුණ ගෙන සිටි පෘතුගීසීන් අතින් ලංකාවේ මුස්‌ලිම්වරුන් මුළුමනින් විනාශ වනු ඒකාන්තය. ඒ විනාශයෙන් ලංකාවේ මුස්‌ලිම්වරුන් ආරක්‍ෂා වූයේ, දෙවනගල රතනාලංකාර හිමියන්ගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වූ කොනප්පු බණ්‌ඩාරයන් පෘතුගීසි සේනාව වනසා දොන් ජුවන් නමත් කතෝලික කමත් අතහැර යළි බුදුදහම වැළඳගෙන දොaන කැතරිනා කුමරියද විවාහ කරගෙන විමලධර්මසූරිය නමින් රජවී ගෙනගිය දේශප්‍රේමී, ජාතිහිතෛෂී ශාසනමාමක ක්‍රියා මර්ගය නිසාය.

පෘතුගීසීන්ගෙන් ලංකාවේ මුස්‌ලිම්වරුනුත් හින්දුනුත් ලංදේසීන්ගෙන් ලංකාවේ කතෝලිකයනුත් ආරක්‍ෂාකර ගත්තේ ජාතියේ මුරදේවතාවුන් වූ මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය අනුව කටයුතු කළ දේශප්‍රේමී සිංහල බෞද්ධයන් නිසාය. මේ සත්‍යය ශ්‍රී ලංකාවේ මුස්‌ලිම්වරුන්ටත් හින්දුන්ටත් කතෝලිකයන්ටත් ගැඹුරින් අවබෝධ කරදී සියලු ආගමික හා ජනවාර්ගික කොටස්‌ කෙරේ මිත්‍රත්වයෙන් මෛත්‍රී සහගත සිතින් කටයුතු කළ ධර්මද්වීපයේ ඓතිහාසික ක්‍රියාමාර්ගය අධිපතිවාදී ඉන්දියානු නායකයන්ට මෙන්ම නව යටත්විජිතවාදී බලවතුන්ටද හොඳින් පහදා දෙනවා වෙනුවට ජාතියේ සතුරු බලවේග සනසන නැළවිළි ගී වලින් හෝ අවනතභාවය ප්‍රකාශ කිරීමේ නිවට නියාලු පූචානම් කතාවලින් පලක්‌ නොවේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාව ජාතික විමුක්‌තියේ ස්‌වාධීනත්වයේ දේශය බවත් සියලු ජන කොටස්‌ කෙරේ මිත්‍රත්වය පතුරන මෛත්‍රියේ දේශය බවත් සියලු සත් හට හිතකරවූ විශ්වාන්තරවාදී දහම් පණිවිඩය බෙදාදෙන ධර්මද්වීපය බවත් ලෝකවාසී සියලු ජාතීන්ට අයත් ජනතාවන් හමුවේ අවංකව අභීතව කියාපානවා විනා මාතෘදේශයේත් ජාතියේත් ජාතික, ආගමික, සංස්‌කෘතික උරුමයේත් ආරක්‍ෂාවට වෙන අන් මගක්‌ නැත. ලොව සියලු ජනතාවන් අතර සාමය, සමගිය උදාවේවා· සාමකාමී සහජීවනය, මිත්‍රත්වය හා සහෝදරත්වය පැතිරේවා··· සියලු සත්වයෝ සුවපත් වේවා···

අනගාරික ධර්මසේකර
http://www.divaina.com/2013/05/29/feature04.html

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: