Pages

Tuesday, May 28, 2013

බෞද්ධ විරෝධී ජ.වි.පෙ. රතු සේනාවද පරාජය කළ යුතුයි

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත්වීමට සැලැස්වුයේ ජාතික හෙළ උරුමයේ පටු දේශපාලනය හා දේශපාලන බඩ ගෝස්තරවාදය බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා කර ඇති ප‍්‍රකාශයට ජාතික හෙළ උරුමය ප‍්‍රතිචාර දක්වයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් පවසන්නේ බෞද්ධ විරෝධී බටු මාර සේනාවක් මෙන් ජවිපෙද පරාජය කල යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

බෞද්ධ  විරෝධී පවිටු මාර සේනාවන් මෙන් ජ.වි.පෙ. රතු සේනාවද පරාජය කළ යුතුයි.

ඉන්ද්‍රරතන හිමියන් අපවත්වීමට සැලැස්වුයේ ජාතික හෙළ උරුමයේ පටු දේශපාලනය හා දේශපාලන බඩ ගෝස්තරවාදය බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මව්බිම දිනපතා පුවත්පතට පවසා ඇත. එපමණකින් නොනැවතී බිමල් රත්නායක ජාතික හෙළ උරුමයට අවවාද සහ උපදෙස් ගණනාවක්ද ලබා දී ඇත. ඒ අනුව හෙළ උරුමය තමන්ගේ පක්‍ෂය ශක්තිමත් කරගත යුතු බවත් රට දේශීය හා විදේශීය හොරුන්ගෙන් බේරාගැනීමට කටයුතු කළ යුතු බවත් ප‍්‍රකාශ කර ඇති අතර, බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත්වීම පිළිබදව කණගාටුවද පලකර ඇත. මෙම ප‍්‍රකාශ දුටු විට අප මතකයට නැගෙන්නේ වැද්දන් බණ කියනවා හා සමාන තත්වයකටය. තම දේශපාලන අරමුණ වෙනුවෙන් මිනිසුන් මරන්නට කටයුතු කරපු පක්‍ෂයක්, භික්‍ෂූන් වහන්සේලා සිය ගණනක් අමු අමුවේ මරා දමපු පක්‍ෂයක්, දළදා මාළිගාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ පක්‍ෂයක් ජාතික හෙළ උරුමයේ දේශපාලනය ගැන කතා කරන්නට ඒම, තමන්ගේ ප‍්‍රචණ්ඩ, මිනීමරු දේශපාලන සංස්කෘතියේ බංකොලොත්බව සහ හෙළුව ප‍්‍රදර්ශනය කිරීමකි. තමන්ගේ මාක්ස් ලෙනින්වාදී දේශපාලනය වෙනුවෙන් තරුණ භික්‍ෂූන් වහන්සේලා සිය ගණනින් කඬේ යවමින් බිල්ලට දුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කුමක්ද යන්න ගැන මේ රටේ බෞද්ධ ජනතාවට අමතක නැත. නායක හිමිවරුන් අමු අමුවේ පන්සල් තුළ මරා දැමූ හැටි, ගෝල හිමිවරුන් අතට ගල්කටස්, ටී 56 දී තම ගුරු හාමුදුරුවන්ට වෙඩි තැබූ ආකාරය, සිවුර පාවඩයක් කරගෙන ආයුධ ප‍්‍රවාහනය කළ ආකාරයත් මේ රටේ ජනතාවට අමතක නැත. සිංහල බෞද්ධ තරුණයන් හට මාක්ස්වාදී විෂ පොවා වෛරයෙන් මිනිසුන් මරන්නට පෙළඹූ ආකාරයත්, එම තරුණයින් දහස් ගණනින් දංගෙඩියට දැක්වූ ආකාරයත් ඒ භීෂණ යුගයත් මේ රටේ ජනතාවට අමතක නැත.

මාක්ස් ලෙනින්වාදයෙන් මනස විකල් කරගත් සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක ලෙස බිමල් රත්නායක අදද කරමින් සිටින්නේ ඒ සමාජ වෛරයට තරුණයන් පෙළ ගැස්සීමයි. නොදන්නා දේවල් කතා කරන්නට ගොස් වරිගෙ නහගත්තා සේ බුදු දහමට අදාල යහපත් ප‍්‍රතිපත්ති ගැන කතා කරන බිමල් රත්නායකගෙන් අපට ඇසීමට ඇත්තේ, බුදු දහමේ ඇති අයහපත් ප‍්‍රතිපත්ති මොනවාදැයි රටට පෙන්වා දී අප පක්‍ෂයටද ටියුෂන් පන්තියක් පවත්වා කියා දෙන ලෙසය. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් මිනිසුන් මරන්නට හෝ සතුන් මරන්නට කටයුතු කළේ නැත. උන්වහන්සේ කටයුතු කළේ මිනිසුන්ට පමණක් නොව අනෙකුත් සියළු සතුන්ටද ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමය. ඒ වෙනුවෙන් කිසිවෙකුටත් හිංසා කරන්නට ගියේ නැත. අවිහිංසාවාදීව තම අරමුණු වෙනුවෙන් උත්තම ජීවිත පූජාවක යෙදුණේය. මාකස්වාදයෙන් හිස ඔද්දල් කරගත් අයට සමාජ වෛරය, ක්‍රෝධය කරපින්නාගත් අයට ඉන්ද්‍රරතන හිමියන්ගේ උත්තම ජීවිත පූජාව වටහාගත නොහැකි අතර, මිනිසුන් මරණ, ඔළු පලන, අත පය කඩන දේශපාලනයක නිරත වූ ජ.වි.පෙ ට ජිවිත පූජා කරමින් පොදු යහපත අරමුණු කරගත් දේශපාලනය ඔහුට තේරෙන්නේම නැත. සියදිවි නසා ගෙන කරන්න  ඕනෑ දේශපාලනයක් මේ රටේ නැතැයි ප‍්‍රකාශ කිරීම තුළම පොදු සමාජ අරමුණක් වෙනුවෙන් ජීවිත පූජා කිරීමේ උත්තම ගුණය ඔහුටත්, ඔහුගේ දේශපාලනයටත් තේරෙන්නේ නැත. නමුත් මිනිසුන් මරන, තලන, පෙළන දේශපාලනය නම් ජ.වි.පෙ. අතීතයේත්, වර්තමානයේත් අඩු වැඩි වශයෙන් ඉතාම හොදට කර ඇත.

ජාතික ශාසනික අරමුණු වෙනුවෙන් තම ජීවිතය අත්හල බෝධිසත්ව ගුණ ඇති හිමිවරුන්ගේ, ජාතිමාමකයින්ගේ කි‍්‍රයාකාරීත්වය ඔවුන්ට පෙනෙන්නේ පටු දේශපාලන අරමුණු ලෙස හා ප‍්‍රචාරක ව්‍යාපෘති ලෙසය. එය මාක්ස්වාදී මනසේ ක්‍ෂද්‍රභාවයේ ප‍්‍රශ්නයක් මිස සිංහල බෞද්ධ ජාතික සම්ප‍්‍රදායේ හා බුදු දහමේ ප‍්‍රශ්නයක් නොවේ. එබැවින් තමන්ට සුපුරුදු දේශපාලන කුහකත්වයෙන් මෙවැනි කසිකබල්, තුට්ටු දෙකේ ප‍්‍රකාශ නිකුත් කරමින් කාලය නාස්ති කරනවාට වඩා මේ වෙසක් සමයේ වල්පොල රාහුල හිමියන්ගේ භික්‍ෂුවකගේ උරුමය හා ජාතක කතා පොතේ සස ජාතකය සහ දහම් සොඬ ජාතකයන් කියවා ගන්නේ නම් එය තමන්ගේ මෙලොවටත් පරලොවටත් සුගතියක් වනු ඇත. මෙවැනි පවිටු කතාවලින් ජාතික හෙළ උරුමයටවත්, උත්තම ජීවිත පූජාවක යෙදුණු බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජාතික ශාසනික අරමුණු වලටවත් අඹමල් රේණුවකටවත් හානි කළ නොහැකි බව අවධාරණය කරන අතර, ජ.වි.පෙ වැනි ජාතික ශාසනික විරෝධී පවිටු මාර සේනාවක් පරාජය කිරීම, රට දේශීය හා විදේශීය හොරුන්ගෙන් බේරාගැනීමට සමානවම කළ යුතු ජාතික කාර්ය භාර්යයක් වන්නේය.

May 28, 2013 at 1:47 pm | lanka C news http://lankacnews.com/sinhala/news/94812/

හෙළ උරුමය, ඉන්ද්‍රරතන හිමිගේ සිද්ධියට වග කිව යුතුයි – JVP

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට වෙසක් පොහෝදා ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට සැලැස්වූයේ ජාතික හෙළ උරුමයේ පටු දේශපාලනය හා දේශපාලන බඩගෝස්තරවාදය යයි ජනතා විමුක්ති පෙරමුණ බවසයි.

එම පක්‍ෂ මධ්‍යම කාරක සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ‘මවුබිම’ පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් මේ බව බවසා ඇත.

‘බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අපවත් වීම පිළිබඳ අපට තිබෙන්නේ විශාල කනගාටුවක්. උන්වහන්සේ ගිනි තබාගැනීම සම්බන්ධයෙන් ඇති කනගාටුව වගේම සමාජයේ පොදු අරමුණක් වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම පිළිබඳ අපට යම් අගය කිරීමක් තිබෙනවා.

නමුත් ගව ඝාතනය වෙනුවෙන් වගේම සිය සිරුරට ගිනි තබා ගනිද්දී උන්වහන්සේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් කිරීමේ කනගාටුවෙන් පසුවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේකට සැබෑ සහ ප්‍රධාන හේතුව වන්නේ කැසිනෝ,ගණිකා මඩම් මේ රටේ විවෘත කෙරෙද්දී නිහඬව ඉන්න ජාතික හෙළ උරුමය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජීවිත දීමට ජනතාව මෙහෙයවීමයි. ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවේදී කැසිනෝ, ගණිකා වෘත්තිය පිළිබඳ නීතිවලට එකඟ වන බොහොම සුළුතරයක් සහිත සංවිධානයක්. කුමන හෝ සංවිධානයක සටන් පාඨය ජාතිවාදය වුණහම ඒ පස්සෙ දුවනවා. තවත් කවුරුහරි ගව ඝාතනය එපා කිව්වම ඒ සටන් පාඨය ගන්නවා.

සිය දිවි නසාගෙන කරන්න ඕන දේශපාලනයක් මේ රටේ නැහැ. තමන්ගෙ පක්ෂෙ ප්‍රචාරක ව්‍යාපෘති වෙනුවෙන් පටු දේශපාලන අරමුණු ඉදිරියට ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. එවන් දූෂිත දේශපාලනයකට ජාතික හෙළ උරුමය යට වෙලා. හෙළ උරුමය කරන්න ඕනෙ තමන්ගෙ පක්ෂය ශක්තිමත් කරගෙන මේ රට දේශීය, විදේශීය හොරුන්ගෙන් බේරා ගැනීමට කටයුතු කිරීමයි’ යයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

May 28, 2013 at 1:00 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94811/

1 comments:

Anonymous said...

JVP mattu karanna apu data thami umbala mattu wenne.