Pages

Thursday, May 23, 2013

අන්තවාදී ගෝත්‍රික නීතියේ මහිමයෙන්, ඉරාන කාන්තාවන්ට ජනාධිපතිවරණයට තරග කිරීම තහනම්!

ලබන ජුනි මස 14 වෙනිදා පැවැත්වීමට ඉයමිත ඉරාන ජනාධිපතිවරණයට කාන්තාවන්ට තරග කිරීම සදහා ඉඩ නොදීමට ඉරානීය ව්‍යවස්ථාදායක  භාරකාර කවුන්සිලය පියවර ගෙන තිබේ. එම ක්වුන්සිලයේ සාමාජික යස්ඞ් සදහන් කළේ කාන්තාවන් ජනාධිපතිවරණයට තරග කිරීම ව්‍යවස්ථාවෙන්ම බැහැර කර ඇති බවය.

ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂිකාවන් ලෙස ඉරාන කාන්තාවන් තිස් දෙනෙකු ලියාපදිංචිව සිටින  සිටින අතර ජනාධිපතිවරනයට තරග කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු පළව තිබේ.

නිරීක්ෂකයන් සදහන් කරන්නේ  ජනාධිපතිවරණයට කාන්තාවන් තරග කිරීම සම්බන්ධයෙන් වූ ඉරාන ව්‍යවස්ථාව ව්‍යාකූල වූවක් බවය. කෙසේ වුවද ඉරාන කාන්තාවන්ට පාර්ලිමේන්තු මැතිවරණ සදහා තරග කළ හැකිය.

වර්තමාන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙඅජඞ් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස  686 දෙනෙකු ලියාපදිංචිව  සිටින අතර අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අවසන් අපේක්ෂක ලැයිස්තුවට අපේක්ෂකයින් කිහිප දෙනෙක් පමණක් ඇතුළත් වනු ඇත.

2009 වසරේදී ජනාධිපතිවරණයට 475 ක් ලියාපදිංචිව සිටි අතර ඉරානීය ව්‍යවස්ථාදායකය  භාරකාර කවුන්සිලය එය අපේක්ෂකයින් 4 දක්වා අඩු කර තිබුණි.

ඉරාන කාන්තාවන්ට ජනාධිපතිවරණය තහනම්
May 21, 2013 at 3:25 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/94551/

0 comments: