Pages

Sunday, May 26, 2013

ඇමරිකා ජනපතිටත් අරාබියේ ඌරු මස් තහනම්. එසේ නම් මේ බොදු පිම් බිමේ ගව මස් තහනම් කරන්නට අපට නොහැකි ඇයි...???

අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්‍රශ්න නොකරමු. හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි.ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්‍යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල යුත්තේ රටේ ජනතව මිස, අරාබිය නොවේ. අරාබියේ මගුල් වලට අපි අත නොදානවා මෙන්ම, අපේ මගුල් වලට අරාබිය හෝ එයින් පැමිනි කුළී කාරයන් අත නොදැමිය යුතුය. කාගේදෝ වස්සෙක්ගේ status එකක, ඉන්ද්‍රරත්න හිමියන් දෙවුදත්තට සමාන කර තිබුණි. දෙවුදත්තගේ list එකේ පැවිද්දන්ට මස් කෑම තහනම් කිරීමට තිබුනලු, නමුත් බුදුන් එය ප්‍රතික්ෂේප කොට කැමති කෙනෙක් කාපුදෙන් අකමැති කෙනෙක් නොකාපුදෙන් කියල දේශනා කලාලු.බුදු හාමුදුරුවෝ එහෙම කියුවේ හේතුවක් මතය. දෙවුදත්තය කියපු විදිහට බුද්ධ ශාස්නේ පටන් ගත්ත ගමන්, ඔය වගේ නීති රීති මාලාවක් දාන්න ගියානම් බුදු දහම ලප් තැනම ලොප් වෙනව. දෙවු දත්තට ඕනේ උනේ අන්න ඒ වැඩේ කර ගන්න. බුදුන් වහන්සේ කිසි සේත්ම සත්ව ඝාතනය හෝ මස් කෑම අනුමත කලේ නැත, නමුත් බුදු දහම යනු ඒ කාලේ අලුතෙන් ඇති වූ සංකල්පයකි. ඉන්දියාවේ ඒ වෙනවිට මුල් බැසගිය ආගම් රාශියක් තිබුණි. ඒ නිසා අලුත් ආගමක් ඉන්දියාවේ ඒ දවස් වල ප්‍රචාරය කිරීම, සම කල හැක්කේ අරාබියේ අද දවසේ වෙනත් ආගමක් ප්‍රචාරය කරනවා වැනි වැඩකි. ඒ නිසා බුදුන් වහන්සේගේ සමහර තීරණ එදා කාලෝචිත වුත් බුද්ධිමත් වුත් තීරණය. අද මේ ලංකාවේ බහුතරයකගේ ආගම බුදු දහමයි, ඒ නිසා අද ගව මස් කෑම නතර කිරීම වැනි දෙයක් සිංහලයාට ගේමක් විය යුතු නැත. අද ඒක ගේමක් කියන්නේ, තව අවුරුදු 40ක් යන තැන, පන්සලක් තබා ගැනීමත් ලොකු ගේමක් වනු ඇත, එදිනටත් මේ නපුන්සක රැල බුදුන්ගේම දහමින් මෙසේ දෙසනු ඇත: බුදුන් කියුවේ ධර්මය පිළිපදින්න කියා මිස පන්සල් හදන්න නොවේ, නිවන් යන්න මොන පන්සලද?

උදාර කුලරත්න මුහුණු පොතේ තතු යාවත්කාලීනයෙන් | From Udara Kularatne's FB status update - 
http://www.facebook.com/voiceagainstanimalcruelty?hc_location=stream

8 comments:

Anonymous said...

boru kiyanna epa sahodaraya arabiye american camp wala ona tharam uru mas thiyenawa

Unknown said...

GIYAADA balanna

keerthi raterala said...

ඔව් ! ARAMCO camp අැතුලේ උෟරු මස් විතරක් නොවෙයි, විස්කි, බ්‍රැන්ඩි ඒහෙමත් තියෙනවා.

Anonymous said...

අනේ මෝඩ මිනිහෝ,

අනිත් මිනිස්සුන්ගේ දෙනෙත් අරින්න කලින් උඹේ ඇස් ඇරගෙනද මේ වගේ කුණු ගොඩවල් ලියන්නේ?

උඹ මේ ලියන දේවල් වලින්ම පෙනෙන්නේ උඹ කිසි දිනෙක ලංකාවෙන් පිට නොගිය, යමක් කියවීමෙන් හෝ ඉගෙනගෙන නැති ලිං මැඩියෙකු බවයි.

සවුදියේ ඌරු මස් සහ මත්පැන් සාමාන්‍ය ජනතාවට අලෙවි කරේ නැති වුනත් එහි වෙසෙන විශේෂ අමුත්තන්ට (.......) ඒවා ලබාගන්න පුළුවනි. සවුදියේ කාලයක් ජීවත්වූ මම ඒබව හොඳින් දන්නවා.

හොඳයි එසේ නැතැයි සිතමු. එතකොට සවුදියේ මිනිස්සුන්ට වරදට දඬුවම් දෙන්නේ අත් පා කපා දමලා, මරන්නේ ප්‍රසිද්ධියේ බෙල්ල කපලා. එතකොට ලංකාවෙත් එහෙම කල යුතුද? සවුදියේ පවතින නීති අල්ලාගෙන ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට පහර ගහනවා. දැන් සවුදියේ වගේ මස් තහනම් කරමු කියනවා.

එතකොට බුද්ධාගමේ අනිත් මස් වර්ග කන එක හොඳයි කියල තියෙනවද? අපි දන්නා බුද්ධාගමට අනුව හරකා, කුකුළා, මාළුවා, හෝ වෙනත් ඕනෑම සතෙක් මැරීම පවකි. එහෙනම් තොපි වගේ එවුන් හරක් මැරිල්ල නවත්වන්න යන්නේ ඒ උඹලාගේ ජාතිය වඳවීගෙන යන නිසාද?

ජයසිංහ

keerthi raterala said...

ඉන්ද්‍රසාර හිමියන්ගේ ඝාතනය (මා ඒය දකින්නේ ඝාතනයක් ලෙසයි) තවත් බෞද්ධ මුස්ලිම් ගැටුමක් නිර්මානය කිරීම සදහා සැලසුම් සහගතව පාලකයින් විසින් සිතාමතාම සිදු කරන ලද්දකි.දැන් දැන් සිදුවන දේ අනුව ඒ බව මනාව පැහැදිලිවේ.
කොටින් විසින් 1983 හමුදා සෙබළුන් දහතුන දෙනෙකු ඝාතනය කිරීම නිසා අැතිවූ ජාතවාදී කොලාහලය මෙන් මෙම සිද්දීයද අර්බුධයක් බවට පත්වනුඅැත.
දැන් දැන් ජනතාවට ඉහල ගිය විදුලි බිල පිලිබදව මෙලෝ සිහියක් නැත.
කොලඹ වරායේ තිබූ ලොකුම ගුදම ගිනිගත් බව වත් වැැඩි දෙනෙක් දන්නේ නැත. මහ නුවරදී අනතුරට පත් ස්වාමීන් වහන්සේ කොළඹට ගෙනෙන්න තිබුනු ක්‍රියාශීලිත්වය වරයේ ගින්න නිවා දැමීම සදිහා තිබුනේ නැත. කෙළඹ අවට ගිනි නිවීම් ඒකක පහක් පමණ තිබියදී ගබඩාව සම්පූර්ණයෙන්ම දැවී යන තුරු ගින්න මැඩ පැවැත්විය නොහැකිවීම තුලින් ගම්‍ය වන්නේ ඉන්ද්‍රරතන හිමි ඝාතනය මෙන්ම මෙම ගින්නද සැලසුම් සහගතව සිදුකල ඒකක් බවයි. පසුගිය දා සිදුවූ කොළඹ කච්චේරියේ ගින්නද ඒවැනිම සිදුවීමකි.
ඊ ලගට සිදුවන්නේ කොහේ හෝ මුස්ලිම් මස්කඩයකට පහර දීමය . ඉන්ද්‍රරතන හිමියන්ගේ වියෝව දරාගත නොහැකි වූ උන් වහන්සේ ගේ අනුගාමිකයින් විසින් කරන ලද්දක් ලෙස හුවා දක්වමින් පාලකයින් අැග බේරා ගන්නවා අැත. ඒවිට අපේ මෝඩ ජනතාවට සියළු ප්‍රශ්න අමතක වෙයි.

Anonymous said...

Matto Uba araka hodata kiyawala therun ganin me-harako
(ohu kiyanne arabiye kisima deyak mahata one ne kiyala)

Anonymous said...

american camp wala arabi neethiyata anukulawa neme kama bia,hama deyak ma sidda wenne,tamange rate tamanta purudu widiyatai,cam eken pita wenath rakiyawak karana american jathikayin ta pawa masa kipayakata warak thamnta awashya kama beema anawum kara laba ganna puluwan,urumas witarak neme,onama sara beema jathiyak tamange kamatta paridi laba ganna puluwan,thanapathi karayala haraha me dewal sidda wenawa,american sodaduwan pawa tamage mawu rate akarayata kama bima ganna awatawa tinawa nam apita kiyanna ba akisima kaama bimak arabi neethiyata anuwa amrecan janadi pathi ta wath laebbe na kiyala.
mehema kiyanne api arabi ratawal wala wada karala american arabi jathikayo asuru karala e ayage jiwan ratawa gana danna nisa,
apita hithawath american jathikayin magin api alcohol adamgu sara beema waraga ha uru mas athulu noyek arabi muslim neethiyata anuwa thahanam dewal parobojanaya karala tinawa arabi ratedima

දෙනෙත් හරින්න ! said...

ජයසිංහ කියන ලේබලය යටතේ මෙහි ප්‍රතිචාර දක්වා ඇති Anonymous අන්ධ මිනිසා, මට දෙනත් හරින්නට යයි පවසයි. ලිපිය අසම්පූර්ණව කියවා, එහි අන්තර්ගතයද තේරුම් ගත නොහැකිව දඟලයි. ලිපියේ කතෲ කව්දැයි හඳුනා ගත් නොහී තරමටම ඔහු අන්ධය. පලමුව කිවයුතෙතේ, මෙම ලිපිය ලියූ පුද්ගලයා හඳුනා ගන්නා ලෙසයි. දෙවනුව කීමට ඇත්තේ, ලිපිය මඟින් අදහස් කර ඇත්තේ එම රටේ සම්ප්‍රදායයි. එහි, හමුදා කඳවුරක හෝ වෙනයම් ගුබ්බෑයමක සිදුවන දෙය නොවේ! ඇමරිකානු ජනපතිට වුව, ප්‍රසිද්ධ සම්මත්‍රණ්යකදී වැනි අවස්ථාවකදී එසේ සංග්‍රහ නොකෙරේ. දෙවනුව මෙම ප්‍රතිචාර දක්වන්නා යහපත් දෙය සහ අයහපත් දෙය හඳුනා ගෙන යහපත ජීවිතයට එක් කරගන්න නොදන්න මුග්ධයෙක් බව පසක් කර තිබෙනවා! කිසිම සතෙක් මරණ එක අනුමත කරන්න බැහැ. අයෙත් ලිපිය හරියට කියවන්න, ඔබත් මහීෂයෙක් වෙන්නෙ නැතුව - "ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි."