Pages

Monday, May 13, 2013

කුණාටුවට ‘මහසෙන්’ නම දැම්මේ ඇයි? විරු රජදරුවන්ට අපහාස එපා. ප්‍රභාකරන් කියල දාන්න. - රාවණා බලය

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ ස්ථානගව වී ඇති සුළි කුණාටුවට ‘මහසෙන්’ යන නම භාවිත කිරීම පිළිබඳ ‘රාවනා බලය’ සංවිධානය විරෝධය පළ කරයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ මහසෙන් වැනි රජතුමකුගේ නමක් මෙවැනි විනාශකාරී සුළි කුණාටුවට නොයොදා ‘මහසෝනා’ හෝ ‘ප්‍රභාකරන්’ වැනි නමක් ඊට යොදා ගත්තේනම් වඩා යහපත් බවයි.

ලංකාව අසන්නයේ ඇති කුණාටුවට කාලගුණ දෙපාර්තමේන්තුව දාලා තියන නම ‘මහසෙන්’.  මහසෙන් කියන නම ඔවුන් මොන හේතුවක් නිසා පාවිච්චි කලාද දන්නේ නැහැ. ඉතිහාසය පිළිබඳව හරියට නොදන්නා අයගේ මෝඩකමක් හැටියටයි අපි එය දකින්නේ.

ඕකට ‘මහසෝනා’ කියලා දැම්මනම් කමක් නැහැ. එහෙමත් නැත්නම් ‘ප්‍රභාකරන්’ කියලා යොදා ගත්තනම් වඩාත් හොදයි.

නමුත් නමක් යොදනකොට ඉතිහාසය පිළිබඳව හරි අවබෝධයක් ඇතිව යොදන්න ඕන. එනිසා රාවනා බලය සංවිධානය විදියට අපි, රට පාලනය කල රජවරුන්ගේ නම් එක එක විනාශකාරී දේ වලට යොදා ගැනීම පිළිබඳව අපගේ දැඩි පිළිකුල හා අප්‍රසාදය  කාලගුණ දෙපාර්තමේන්තුවට පළකර සිටිනවා’ යයිද උන් වහන්සේ කියා සිටිති.

කුණාටුවට ‘මහසෙන්’ නම දැම්මේ ඇයි… ප‍්‍රභාකරන්, මහසෝනා නම් දාන්න තිබුණා
May 13, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94231/

0 comments: