Pages

Monday, May 20, 2013

පළාත් සභා ඕනද? එපාද? … ජනමත විමසුමකට රජය සැරසේ

13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්ථාපිත කර ඇති පළාත් සභා තව දුරටත් මෙරටට අවශ්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජනතාවගේ මතය දැන ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මෙම ජනමති විචාරණය උතරු පළාත් මැතිවරණයට පෙර පැවැත්වීමට සාකච්චා කෙරෙමින් ඇති අතර රජයේ ප‍්‍රබල ඇමතිවරුන් රැසක්ද ඊට සහය දක්වයි.

මේ සම්බන්ධයෙන් වාර්තා වූ වහාම දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රිවරුන් අතර දැඩි කැළඹීමක් හටගෙන ඇති අතර ආර් සම්බන්ධන් මහතා හොර රහසේ ඇමරිකා තානාපතිනි මිෂෙල් සිසොන් මහත්මිය මුණගැසී ඇතැයිද පැවසේ.

May 18, 2013 at 10:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94449/

ආණ්‌ඩුව ජනමත විමසුමකට සැරසේ!

මෙරටට පළාත් සභා අවශ්‍ය ද නැද්ද යන්න ගැන ජනතාවගේ මතය දැනගැනීම උදෙසා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට රජයේ අවධානය යොමු වී ඇත.

පළාත් සභා ක්‍රමය මෙරටට අවශ්‍ය නැති බව දක්‌වමින් ටැමිල්ස්‌ පෝ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති අරුන් තම්බිමුත්තු ඇතුළු ද්‍රවිඩ විද්වතුන් 300 ක්‌ විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සන්දේශයක්‌ යවමින් ඒ සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන්නැයි ඉල්ලා තිබේ. පළාත් සභා සුදු අලියකු බවත් ඒවා නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 400 ක්‌ යන නිසා ඉන් ජීවන වියදම අඩු කළ හැකි බවත් එම සන්දේශයේ දන්වා ඇත. 

ද්‍රවිඩ සංධානය නියෝජනය කරන්නේ උතුරේ සියයට 15 ක්‌ වූ ද්‍රවිඩ ජනතාව බවත් රටේ වෙනත් ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ ජනතාව ඔවුන් නියෝජනය කරන්නේ නැති බවත් එම සංවිධානය සිය සන්දේශයේ තවදුරටත් දක්‌වා ඇත.

මෙම ජනමත විචාරණයට රජයේ ප්‍රබල ඇමැතිවරු රැසක්‌ ද සහාය දක්‌වන බව ආරංචි මාර්ග දක්‌වයි.

හිටපු ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ දූ පුතුන් හා කැනඩාව, බ්‍රිතාන්‍යය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශය යන රටවල ද්‍රවිඩ විද්වතුන් මේ සංවිධානයට එක්‌ වී තිබේ.

මෙකී ජනමත විචාරණය උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර පවත්වන ලෙස ද එකී සන්දේශයෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමුවීමත් සමග ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් අතර දැඩි කැළඹීමක්‌ ඇති වී ඇති අතර ආර්. සම්බන්ධන් මහතා ඇමරිකානු තානාපතිනි මිචෙල් සීසන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/19/news01.html

0 comments: