Pages

Monday, May 13, 2013

කේ.පී.ගේ සහ රුද්‍රකුමාරන්ගේ ආධාරකරුවන් ගැටේ

ලබන මැයි 18 දා හඳුන්වාදීමට සූදානම් වන ‘දෙමළ ඊළාම් නිදහස් ව්‍යවස්ථාව’ සම්බන්ධයෙන් කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. ගේ ජාත්‍යන්තර ආධාරකරුවන් පිරිසක් රටින් බැහැර ඊළාම් රාජ්‍යයේ අගමැති බව කියා ගන්නා වී. රුද්‍රකුමාර්ට විරෝධය පළකර ඇත.

කේ.පී.ගේ ආධාරකරුවන්ට අමතරව ජාත්‍යන්තර කොටි පාර්ශ්ව කිහිපයක්ම මේ සම්බන්ධයෙන් දැනට රුද්‍රකුමාර්ට විරෝධය පළ කිරීමට පටන්ගෙන තිබේ.

ඇන්ටන් බාලසිංහම් කොටි න්‍යායාචාර්යවරයා විසින් සකස් කළ දෙමළ ඊළම නමැති ලියවිල්ල මෙතෙක් කොටි ව්‍යවස්ථාව ලෙස පිළිගත්තේය. නව දෙමළ ඊළාම් නිදහස් ව්‍යවස්ථාව හඳුන්වාදීමත් සමග දේශපාලන වශයෙන් තිබූ න්‍යායාත්මක තත්ත්වයන් වෙනස්වීම මෙම අර්බුදයට හේතු වී තිබේ.

ප්‍රභාකරන්ගේ අරමුණු රුද්‍රකුමාර්ගේ ව්‍යවස්ථාවෙන් බිඳ වැටී ඇති බවට කොටි පාර්ශ්ව ඔවුන්ගේ විවිධ ප්‍රචාරක වබේ අඩවි ඔස්සේ ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත.

ඒ අනුව නව දෙමළ ඊළාම් නිදහස් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී කොටි පාර්ශ්ව අතර ගැටුම් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

- Lakbima

May 13, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94236/

0 comments: