Pages

Wednesday, May 15, 2013

බ්‍රසීල මායා පිරමීඩය මහා මාර්ගයක් ඉඳිකිරීමක් නිසා වැනසෙයි

ඉතාමත්  පැරණි සහ ප‍්‍රසිද්ධ පිරමිඩයක් ගොඩනැගීම් ආයතනයක් විසින් ඒ අවට ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මාර්ගයකට අවශ්‍ය කලූ ගල් සෙවිම් අතරතුර දී විනාශ කර ඇත.

බුල්ඩෝසර සහ බැකෝ යන්ත‍්‍ර භාවිතා කරමින් මෙම විනාශය සිදුකර ඇති බව බලධාරීන් පවසා සිටී. මුලදී එහි පැත්තකින් කොටසින් කොටස කඩා ඉවත් කර ඇති අතර පසුව එය මුලූමනින්ම කඩා විනාශකර දමා ඇත.

බ‍්‍රසීලයේ පුරාවිද්‍යා නිලධාරියෙකු වන ජෙයිම් අවේ පවසා සිටිනුයේ මෙම ගොඩනැගීම් කටයුතු පිළිබදව දැනුවත්වූයේ මීට සතියකට පෙර බවය. උතුරු බ‍්‍රසීලයේ මෙක්සිකෝවට මායිම්ව ඇති මෙම ගොඩනැගිල්ල දැනට ගණන් බලා ඇති පරිදි වසර 2300ක් පමණ පැරණිය.

මෙය මායන් වරුන් ගේ පූජා සහ උත්සව පවත්වන්නට ඇතැයි සැක කරන ස්ථානයක් වන අතර මෙය නොහුමුල් සංකීර්ණය ලෙස හැදින් වේ. මෙය පෞද්ගලික උක් ගස් වත්තක් මධ්‍යයේ පැවති බව ජෙයිම් අවේ පවසා සිටී.

මෙම පිරමිඩය ආසන්නයේ මෙය පුරාවිද්‍යා ස්ථානයක් යැයි සදහන් පුවරුවක් වත් නොතිබුන බව සදහන් වේ. නමුත් මෙය ඉදිකර ඇති අකාරය අනුව එය පුරාවිද්‍යාත්මක ස්ථානයක් යැයි අවබෝධ වේ. මෙම පිරමිඩය අඩි 100ක් පමණ උස මෙන්ම තැනිතලාවක පිහිටා ඇත.

ඒ හේතුවෙන් මෙහි සේවය කල පුද්ගලයන් ගේ නොදුනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවුවායැයා පැවසිය නොහැකිය.

බ‍්‍රසීලයේ මෙවැනි මායන් ශිෂ්ඨාචාරයන් වලට අයත් පිරමිඩ ඇති ස්ථාන විශාල ප‍්‍රමාණයක් ඇත. මෙවායින් බොහෝමයක් පිහිටා ඇත්තේ වනාන්තර තුලය.

එවා අවට 350,000ක් පමණ ජනගහණයක් පවතීගදැනට මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත. මෙය පෞද්ගලික ඉඩමක පිහිටා ඇතත් බ‍්‍රසීල නීතියට අනුව පුරාණස්ථාන හා ඒවාට අදාල කොටස් පිහිටා ඇති ස්ථාන රජයට අයත් ලෙස නම් කර ඇත.


මායා පිරමිඩය ගොඩනැගිලි සාදන අයතනයක් විනාශ කරයි
May 15, 2013 at 9:17 am | lanka C news

0 comments: