Pages

Tuesday, May 28, 2013

බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි

සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම්වලට නිසි පිළියමක් කිරීම සදහා ප‍්‍රමාණවත් කොන්දක් ඇති රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පත්කළ යුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පවසති.

එසේ නොවන්නේ නම් බෝවන්තේ ඉන්ද්‍රරතන හිමියන් මෙන් ජාතියේ හා ආගමේ නාමයෙන් දළදා වහන්සේ අභියසදී තවත් ජීවිත පරිත්‍යාග කිරීම සිදුවිය හැකියැයි උන්වන්සේ ප‍්‍රකාශ කළහ.

ඤාණසාර හිමියෝ  මෙසේද  පැවසූහ.

‘බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අපවත්වීම ගැන අප බොහෝ සේ කම්පාවටා  පත්වී සිටිනවා සිංහල බෞද්ධයා  වෙනුවෙන් සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වෙනුවෙන් මහා සංඝරත්නය කළ හැම අරගලයකටම උන්වහන්සේ දායකවුණා. නමුත් මේ ප‍්‍රශ්ණ වෙන්වුෑන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ මේ අවසන් තීරණය ගනු ලැබුවේ කිසිම පුද්ගලයෙකු සාක්ෂිකරුවෙක් ලෙස සදහන් කර නොගනිමින්.

අවසන් වරට ලියා තිබූ ලිපි දෙකෙහිවත් කිසියම් නමක් හෝ සංවිධානයක් නමක් හෝ සදහන් නොකිරීමෙන් පෙනී යන්නේ උන්වහන්සේගේ තිබූ දැඩි අධිෂ්ඨානයයි.

උන්වහන්සේ අවසාන මොහොතේ සදහන් කර සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ජාතියේ හා ආගමේ නාමයෙන් දළදා හාමුදුරුවෝ ඉදිරිපිටදී ජීවිත පූජා කරන බවයි අනේ මාව බේරාගන්න කියා රෝහලට ගෙනයන අවස්ථාවේදිවත් ඉල්ලා සිටියේ නැහැ. ඒ අවසන් මොහොතේදීත් උන්වහන්සේ ඉල්ලා සිටියේ ගව ඝාතනය තහනම් කරන හැටියටයි.

උන්වහන්සේ දිවි නසා ගත්තා. එය බුද්ධාගමට  අනුව සම්පූර්ණයෙන්ම විරුද්ධ ක‍්‍රියාවක් බව අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු අර්ථ දක්වන්න පුළුවන් උන්වහන්සේ මෙම ක‍්‍රියාවට සම්බන්ධවුණේ කුමන සන්ධර්භයක් තුළද කියා මෙනෙහි කරන හැටියට ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ විසින් ගෙනගිය අරගලවලට නිසි විසදුමක් ලබාදීමට අපොහොසත් වූ පුද්ගලයින් උන්වහන්සේගේ මෙම ක‍්‍රියාවට වෙනත් අර්ථකථනයක් දෙන්නට මඩ ප‍්‍රචාරයක් දියත් කරන්නට සැලසුම් කර තිබෙන බවත් අපට ආරංචියි.

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව යම් පුද්ගලයෙක් වෙනුවෙන් තවත් පුද්ගලයෙක් ශරීරයේ කොටස් පරිත්‍යාග කළ හැකියි. එය තමයි දානපාරමිතාව බෝඅත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ සම්පූර්ණ කළේ එම පාරමිතාවයි’

ආරක්ෂක ලේකම්ට බුද්ධ ශාසන අමාත්‍යංශයත් දෙන්න
May 28, 2013 at 4:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94785/


සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: