Pages

Wednesday, May 22, 2013

රනිල්ගේ මුස්ලිම් කරුණාව සිංහලයන්ට නැත්තේ ඇයි? - JHU

විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මුස්ලිම් ජාතිකයන්ට දක්වන සැලකිල්ල බෞද්ධයන්ට දක්වන්නේ නැත්තේ ඇයි දැයි ජාතික හෙළ උරුමය ප‍්‍රශ්න කරයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා සිටී.

නිවේදනයේ මෙසේද දැක්වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මුස්ලිම් ජනාතාවට සිදුවන හිරිහැර අසාධාරණකම් ගැන සොයාබැලීමේ කමිටුවක් පත්කර ඇති බව මාධ්‍ය වාර්තාකර තිබුණි. ඒ සම්බන්ධව අපගේ විරුද්ධත්වයක් නොමැති මුත් සිංහල බෞද්ධයන්ට මේතාක් සිදු වූ සිදුවෙමින් පවතින හිරිහැර අසාධාරණකම් සම්බන්ධව සොයා බැලීමට එක්සත් ජාතික පක්‍ෂ නායකයාට සිත් පහළ නොවූයේ මන්ද යන සාධාරණ ප‍්‍රශ්නය මෙරට සිංහල බෞද්ධ ජනතාවට පැන නගී. ඒ සම්බන්ධව අපගේ කනස්සල්ල කණගාටුව පලකර සිටින අතර, මුස්ලිම් ජනතාව වෙනුවෙන් තම හදවත උණු වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට සිංහල බෞද්ධයන් අන්‍යාගමිකරණය කිරීම, උතුරු-නැගෙනහිර ඇතුළු ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාර අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් අත්පත් කරගෙන තිබීම (උදා :- මුහුදු මහා විහාරය, දීඝවාපිය, කූරගල) උතුරෙන් පලවා හැරි 25,000 ක් වූ සිංහල ජනතාව නැවත පදිංචි කරවීම, 91% ක් වූ මුස්ලිම් නොවන ජනතාව වෙත බලහත්කාරයෙන් පටවා ඇති හලාල් උවදුර වැනි දෑ එතුමාට නොපෙනෙන්නේ මන්ද යන්න අප ප‍්‍රශ්න කර සිටී.

ඉහත කාරණයන් සම්බන්ධව මහා සංඝ රත්නය ඇතුළු බෞද්ධ සංවිධාන දිගින් දිගටම හඬනැගූ මුත්, වගකිව යුතු විපක්‍ෂයක් ලෙස මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටී. තවද මහා සංඝ රත්නයට ඇතැමුන් කරන උපහාස අපහාස සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තම ස්ථාවරය දක්වා නැත. අවසාන වශයෙන් අප එක්සත් ජාතික පක්‍ෂයේ නායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් වෙනුවෙන් දක්වන සැලකිල්ල, අවධානය සිංහල බෞද්ධයන්ගේ ප‍්‍රශ්න හමුවේද දක්වන ලෙසයි.

May 22, 2013 at 1:47 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94609/

2 comments:

Sarathchandra said...

If you guys identify any discrimination against Sinhalese why didn't you bring forward to the authorities?

දෙනෙත් හරින්න ! said...

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව...?