ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ ඈත ඉතිහාසයේ මෙතෙක් සැඟවී තිබූ අතිවිශාල පුරාවිද්‍යාත්මක සාධක සම්භාරයක් බළන්ගොඩ කූරගල පුරාවිද්‍යා රක්‌ෂිතයේ කැණීම්වලින් සොයාගෙන ඇත.
පසුගිය අප්‍රේල් මස 25 දින කූරගල පරීක්‌ෂණ කැණීම් ආරම්භ කළ අතර පසුගිය මස 06 වන දින සිට පුරාවිද්‍යාත්මක සාධක මතු වෙමින් පවතී.
ප්‍රාග් ඓතිහාසික මානවයා කූරගල ප්‍රදේශයේ ජීවත්වූ බවට සාධක හමු වී ඇති අතර මෙම කැණීම්වලින් ප්‍රථම වරට මානව ඇටසැකිල්ලක් මතු වෙමින් තිබේ. එසේම ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසය කූරගල බවත් මෙහි ගල් ලෙන් ජනාවාස මෙන්ම එළිමහන් ජනාවාස යන අංග දෙකකින් යුත් ජනාවාස තිබී ඇති අතර මෙහි අතිවිශාල ජනගහනයකට වාසස්‌ථාන පැවැති බවට අනුමාන කරති.
කැණීමෙන් පසු හමුවූ කොටස් ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු පුරාවිද්‍යා කණ්‌ඩායම කැණීම් කරන අයුරු
මෙම කැණීම්වලින් හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික සාධක අතර ප්‍රාග් ඓතිහාසික මානවයාගේ අස්‌ථි කැබලි, ජ්‍යාමිතික හැඩයෙන් යුත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්, මිනිස් අස්‌ථි කොටස්, ආහාරයට ගත් ගොඩබිම, මුහුදෙයි වසන බෙල්ලන්, මසුන් හා ගෝනා, මුවා, දඬුලේනා වැනි සතුන්ගේ අස්‌ථි කොටස්, ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත්ව සිට වඳවී ගිය බවට විශ්වාස කරන වල්ගවරාගේ යයි සිතිය හැකි අස්‌ථි කොටස්, ශිලා, මෙවලම්, ඇටකටු, පබළු, මුහුදු කලපු වල වෙසෙන කකුළුවකුගේ ඉදිරි අඬුවක කොටසක්‌ද, මේ අතර මළවුන්ගේ අස්‌ථි වර්ණ ගැන්වීමට සහ විවිධ ආභරණ සඳහා භාවිත කර ඇතැයි අනුමාන කෙරෙන ගුරු ගල්, ඇඹරුම් ගල්ද කූරගල කැණීම්වලින් සොයාගෙන ඇත.
මෑත යුගයේ මෙතරම් නිරවුල් වූ ඓතිහාසික මානව සාධක හමු වී නැති බව පවසන කැණීම් නිලධාරීන් මේ සොයාගෙන ඇති පුරාවස්‌තු කිසිවක් කාල නිර්ණය කර නැති අතර එම නිසා කූරගල මානව ජනාවාස කොතෙක් දුරට පැරණිද යන්න ගැන නිශ්චිතව කීමට බැරි බව පවසයි.
නාගරික සංවර්ධන හා ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ මඟ පෙන්වීම මත ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්ම මහත්මීන්ගේ අධීක්‌ෂණය යටතේ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා කැණීම් මෙහෙයවන අතර කැණීම් භාර නිලධාරි කමල් නන්ද සිරිසේන හා සත්ත්ව විද්‍යා කටයුතු පිළිබඳ විශේෂඥ ජූඩ් පෙරේරා යන මහත්වරු කැණීම් සඳහා එක්‌ව සිටිති.
ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම ස්‌ථානයෙන් ඉවත්වූ පසු මහා සංඝරත්නය මෙම භුමිය භාවිත කළ බවට සාධක මෙම ස්‌ථානයෙන් දැකිය හැක. ක්‍රි.පූ. 2-1 සියවස් අතර කාලයේ ගල් ලෙන් ආශ්‍රමයක් ලෙස පැවැති, කූරගල බෞද්ධ පූජනීය පුදබිමකි. පශ්චාත් අනුරාධපුර යුගයේ දී කූරගල ලෙන්වල වැඩ සිටි භාවනානුයෝගි භික්‌ෂූන් වහන්සේලා බුඳුගල පඨනාඝර ආරණ්‍ය සේනාසනයට වැඩම කර විනය කර්ම කටයුතුවල නිරත වූ බවට සාධක ඇත. කූරගලට නුදුරුව පිහිටි බෙල්ලන් බැඳි පැලැස්‌සත් එළිමහන් සොහොන් බිමෙන් සොයා ගත් මානව අවශේෂ හා මෙවලම් අදින් වසර
6500 කට වඩා පැරණි බවට කාල නිර්ණය කර ඇත. කූරගල පාමුල පිහිටි බුඳුගල ප්‍රාග් ඉතිහාසය දක්‌වා අතීතයට දිවෙන කූරගලට ආසන්නම පූජනීය ස්‌ථානය වේ. ජනප්‍රවාදවලට අනුව මෙහි පැරණි නම කුහරගලයි. හිටුවන්ගල පර්වත මුදුනේ නැගෙනහිර බෑවුමේ පිහිටි ගල් දෙබොක්‌කාව කුහරයක් ලෙස පිහිටා තිබීමය.
මෙම කූරගල පූජනීය ස්‌ථානයේ පාලක විහාරාධිපති ලෙස සබරගමු පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්‌ඩිත වටද්දර Æණිස්‌සර නාහිමියන් 1972 පත්කර ඇත.
බෙලිහුල්ඔය - සේනකපුගේ, බලන්ගොඩ අතිරේක හර්බට් චින්තාමණි
http://www.divaina.com/2013/05/21/provin04.html
[
සබැඳි ලිපි -
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

0 comments:
Post a Comment