Pages

Thursday, July 4, 2013

මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට

මාළිගාවත්ත ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් ප්‍රබල පාතාල නායකයෙකු වූ මාමස්මි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ජීප් රථයක නංවාගෙන යන අතර තුර ඔහු රථය පැද වූ නිලධාරියාගේ ගෙල සිර කිරීමට උත්සහ දරා ඇති අතර රථයේ පිටුපස සිටි විශේෂ කාර්ය බලකා සෙබලෙකු විසින්කල වෙඩි තැබීමකදී සැකකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මාමස්මි සතුව තිබූ බව කියන තවත් ගිනිඅවි සෙවීම සඳහා යමින් සිටියදී සැකකරු රියදුරුගේ ගෙල සිරකර ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

සිදධියෙන් තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල්ගතකර ඇති ජීප් රථය මාරගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුළු ශරීරයම ආවරණය වන ගැහැණු ඇඳුමක් තුල සැඟවී සිට ඇතැයිද පැවසේ.

සැඟවූ අවි පෙන්වන්න ගිය ‘මාමාස්මි’ STF වෙඩි පහරින් මරුට
July 4, 2013 at 7:47 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/96771/

0 comments: