Pages

Wednesday, July 31, 2013

මාතලේ පන්සල් 75ක්‌ වැසී යැමට ආසන්න වෙලා. නමුත් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා. - ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ විහාරස්‌ථාන 375 ක්‌ තිබෙනවා. ඉන් 75 ක්‌ම ප්‍රදේශයේ දේශපාලනඥයන් සිය වගකීම් ඉටු නොකිරීම නිසා අවාසනාවන්ත ලෙස වැසී යැමට ආසන්න වෙලා. පසුගිය වසර තුනක කාලය තුළ මම විහාරස්‌ථාන 60 ක්‌ සංවර්ධනය කිරීමට ආධාර උපකාර කර තිබෙනවා. මේ වසරේ පමණක්‌ ලක්‌ෂ 200 ක්‌ පුද්ගලික මුදල් ලබාදී තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ නායක ස්‌වාමීන් වහන්සේලා ඊට සාක්‌ෂි දරනවා ඇති. දැන් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා යෑයි මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංවර්ධන කමිටු සභාපති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එම අදහස්‌ පළකළේ පසුගියදා ගලේවෙල, මැදබැද්ද බෝධිමලු විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සංඝාවාසයේ ඉතිරි වැඩ කොටසේ වැඩ කටයුතු කිරීම සඳහා මුල්ගල් තැබීම හා ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවවලට සහභාගි වීමෙන් අනතුරුව පැවැති රැස්‌වීමකදීය. 

ඇතැම් දේශපාලනඥයන් තම නිවසට වඩින භික්‌ෂුන් වහන්සේලාට දොර වසා දමනවා. දඩයක්‌ ගහන්න එන්නේ කියනවා. ඒ විදියට නින්දිත කටයුතු කරන දේශපාලනඥයන් ඉන්නවා. භික්‌ෂුන් වහන්සේලා වැඩිම පිරිසක්‌ මා හමුවීමට එන්නේ දඹුල්ල, මාතලේ හා රත්තොට ප්‍රදේශවලින්. උන්වහන්සේලාගේ පන්සල් සංවර්ධනය කිරීමට මට හැකි අන්දමින් උදව් උපකාර කරනවා. දේශපාලනඥයකු වශයෙන් නොව බෞද්ධයකු ලෙස ඉදිරියටත් මම එම කටයුතුවලට සහාය දෙනවා. 

ගලේවෙල ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය වටවල ජනානන්ද, පූජ්‍ය මහඔය නන්දිස්‌සර යන හිමිවරුද මෙහිදී අනුශාසනා පැවැත්වූහ. දහම් පාසල් සිසුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මන්ත්‍රීවරයා ඇතුළුÊආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි. විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

ගලේවෙල විශේෂ - ජී. ගුණතිලක
http://www.divaina.com/2013/07/31/provin11.html

0 comments: