Pages

Sunday, July 28, 2013

ගව ඝාතනය තහනම් කරන නීති හදන්න ජනපතිගෙන් උපදෙස්

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබ තිබේ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකු සඳහන් කෙළේ එම කටයුතු ඉදිරි මාස දෙකේදී අවසන් කෙරෙනු ඇති බවයි. මීට පෙර ජනාධිපතිවරයා සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් ඇතුළු හිමිවරුන්ට පොරොන්දු වී තිබුණේ මාස දෙකක් ඇතුළත ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කරන බවටයි.

ජනාධිපතිවරයා මේ පොරොන්දුව ලබා දී තිබුණේ ගව ඝාතනයට එරෙහිව සිහළ රාවය සංවිධානය පැවැත්වූ පා ගමනින් පසු එම සංවිධානයේ නායක හිමිවරු හමු වූ අවස්ථාවේදීය.

එසේම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිටත් පිටරටින් ගව මස් ආනයනය කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස වෙළෙඳ අමාත්‍යංශයටද උපදෙස් දී ඇති බවයි.

ශාලික විමලසේන
http://www.mawbima.lk/34-30957-news-detail.html

සබැඳි ලිපි -
[
ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]

1 comments:

Anonymous said...

MINISSU MARANA EKA THAHANAM KARANA NEETHI HADANNA THAWA KAL YAYIDA?